හදිසි අනතුර 19........................ ..........අපි ටිකදුරක් යනවිට තාත්තා පදවන වාහනය අපි දෙසට පැමිනෙනු දුට අම්මා වාහනය අයින් කර නැවැත්තුවාය.......තාත්තා.. ...කී ඇය..... පොඩ්ඩක් ඔයා ඔහොම ඉන්න... වාහනයෙන් එලියට බසිමින් කීවාය.......තාත්තාගේ ජීප් රථය අපේ වාහනයට ඉදිරියෙන් නැවැත්වීය........ඒ දෙස ගිය අම්මා තාත්තා සමග කුමක් හෝ පවසා.....අනතුරුව මට කතාකලාය......මම කොහොමද මෙහෙම ඇදගෙන තාත්ත ගාවට යන්නෙ......මා වාහනය තුලට වී ලැජ්ජාවෙන් ....බෑ යනුවෙන් සංඥා කලෙමි........ඇය නැවත නැවත මට කතා කරනු දුටු මා ලැජ්ජාවෙන් යුතුව සෙමින් සෙමින් ඔව්න් දෙසට ගමන් කලෙමි...අම්මෝ දැන් තාත්තා මොනව කියයිද මන්ද ......අම්මටත් ඔලුව හොදනෑනෙ මාව තාත්තට පෙන්වන්න හදන්නෙ.....කල්පනා කරමින් හිතේ ඇතිවූ බයත් ලැජ්ජා ගතියත් මුසු කරගෙන ඔහු සමීපයට ගියෙමි...මා දෙස හොදින් බැලූ තාත්තා .....හයියෙන් සිනාසී......හොදයි හොදයි ගිහින් එන්න......අම්මාට පැවසුවේය.....තාත්තා වාහනය පනගන්නවන විට අම්මා මාසමග අපේ වාහනය දෙසට ආපසු ආවාය ...අම්මත් මාර වැඩනෙ කරන්නෙ......මම කීවෙමි.....ඒ මොකද ඔයාගෙ හැඩ තාත්තට පෙන්නුවාම මොකද වෙන්නෙ.....අම්මා ඇසුවාය......මම හොදටම බයවුනා මේ විදියට ඇදගෙන ඉන්න කොට තාත්ත බනියි කියල......මම කීවෙමි......එයා බනින්නෙ නෑ මම තාත්තට පැහැදිලි කරල දුන්න අපි කරන්න යන වැඩේ.......ඇය කීවාය......ඒ මොකක්ද....මා ඇසුවෙමි......මම කිව්ව ඔයාට ලමා සාරියක් මහන්න දුන්න ඒක ගන්න ඕනැ හින්ද කෙල්ලෙක් වගේ අන්දගෙන යන්න වුනා කියල.......තාත්ත හිනාවුනා මිසක් මොකුත් කියන්නෙ නැතුව ඔයාව බලන්න ඕනැ කිව්ව....ඒ සැරේ තමා මම ඔයාට කතා කලේ......ඇය සිදුවූ දෙය පැහැදිලි කලාය......ලමා සාරිය මැහීමට දුන් සාප්පුව පසුකරමින් යනු දුටු මා.....අම්මෙ කඩේ පහුවුනා නේද........ ඇසුවෙමි.......මට හිතුන ඔයාට තව ගවුමකුයි යට ඇදුම් ටික කුයි අරගන්න........ඒ මොකටද.....පුදුමයට පත්වූ මා ඇසුවෙමි......ඔයා දැන් ගෙදෙද්දි පුහුනු වෙද්දිත් ගවුන් ඇදගෙනනෙ පුරුදු වෙන්නෙ....ඒ හින්ද නිතර අදින කොට ඒව සවුත්තු වෙනව......ඒ ගවුන් ටික නාට්ටියට අදින්න තියාගන්න අද ගන්න ඒව ගෙදෙද්දි අදින්න......පැවසුවාය.....අ පි අද දිනද ඇදුම් සාප්පුවට ගොඩවුනෙමු......ගැහැනු ඇදුන් තිබෙන ස්තානයට ගොස් ගවුන් තෝරන විට මට මුල්දිනවල තිබුනු ලැජ්ජා සීලී ගතිය අඩුවී ඇති බව තෙරුනි......මාද ඇය මෙන් ගවුන් තේරීමට පටන්ගත්තෙමි....දුවේ ඔයා කැමති ගවුන් ටිකක් තෝරගන්න.....මටත් ඇදුම් ටිකක් ගන්න ඕනැ .....අම්මා ඇයට ගැලපෙන ඇදුම් තෝරා ගැනීමට පටන්ගත්තාය...මට මෙහිදී දුවේ යනුවෙන් ඇමතීම එතරම් අමුත්තක් නොවුයෙ ඇය මට මගදී දුවේ යනුවෙන් අමතන වා යයි පවසා තිබුනු නිසාය.......මා තොරාගත් ගවුමක් රැගෙන ඇය දෙසට ගියෙමි......එය මගේ ඇගට තබා බැලූ ඇය තව දෙක තුනක් තෝරගෙන ඇඳ බලන්න ලෙස පැවසුවාය.......නංගි අදත් ඇදුම් ගන්න ආවද........ගවුමක් අතට ගෙන එහි හැඩබලවිට කටහඩක් ඇසුනි.......මා ඒ දෙස බලන විට ......පෙරදින මා සමග කතා කල සාප්පුවේ අක්කාබව දක්නට ලැබුනි.....ලස්සන ඇදුම් ටිකක් ඊයෙ ආව එන්නකො නංගිට පෙන්නන්න......ඇය වෙනත් ස්තානයකට එක්ක ගියාය.......එහි වෙනත් මෝස්තර වල ගවුන් තිබෙන බව දුටු මා ඒවා එකින් එක අතගා බැලුවෙමි......මේ ගවුන් ටිකක් ගනන් වැඩියි....ඒ වුනාට මහල තියෙන රෙදි හොදයි....අල්ලල බලන්නකො.......ඒවා අතගා බලනවිට දැනුනු සුමුදු බව මින් පෙර ගවුන් වල නොතිබුන බව මට සිහිවිය......මේව අදින්න ඕනෙ නෑ අතගාන කොටත් සනීපයි....මා ඒවා ආශාවෙන් අත ගාන්ට වුනෙමි......මේකෙන් ගවුමක් ගන්න ආශයි ඒත් ගනන් වැඩි හින්ද අම්ම අරන් දෙයිද දන්නෙ නෑ.......බැරි වෙලාවත් මමත් ඇත්ත ගැහැනු ලමයෙක් උනානම් අරන්දෙන්නත් ඉඩ තිබුන. ඒත් මම කොල්ලෙක් නෙ මේව අදින්න වෙන්නෙත් නාට්ටිය ඉවර වෙනකන් වෙනකන් විතරනෙ......තාවකාලිකව ගවුන් අදින මට මෙච්චර වටිනා ගවුමක් අරන්දෙයිද?......මා ගවුමක් අත තබාගෙන කල්පනා කලෙමි.......ආ දුව මෙතෙන්ට ඇවිත්නෙ මම මේ බැලුවෙ කොහාටද ගියේ කියල.......අම්මෙ ගවුමක්නම් ගත්ත ඒත් ටිකක් ගනන් වැඩියි......මා අත තබාගෙන සිටි ගවුම පෙන්නුවමි......එය අතට ගත් ඇය.....මේකෙ රෙද්ද හොදයි ඒකයි මෙච්චර ගනන් ....පැවසූ ඇය ඕනෙනන් අරගන්න.. ඇන්දම ඇගටත් සනීප හිටියි ....කීවාය.......මේ ගවුන් වල හැඩත් ලස්සනයි රෙද්දත් ඇගට සනීපයි ඒ හින්ද එකක් ගන්නව.......මා එයද අත තබාගෙන ඇදුම් මාරුකරන කාමරයට ගියෙමි......මිල අධික ගවුම පලමුවෙන් ඇද බැලූ මට එය සිරුරට ගැලපෙන බව දැක ගැනීමට හැකිවිය.........අනිත් ගවුන් දෙකද මට ගැලපුනි........මේ තුනම හරි අම්මෙ.....මා අම්මාට කීවෙමි.......එහෙනම් හොද ගවුමයි මේ ගවුමයි ගවුන් දෙකම ගන්න....මාරුවෙන් මාරුවට අදින්න පුලුවන්නෙ......ඇය කීවාය.......ඇය වෙනුවෙන්ද ඇදුම් කිහිපයක් තෝරාගෙන තිබුනු අම්මා මාව කාන්තා යට ඇදුම් තිබෙන පැත්තට එක්ක ගියාය.......මට තවත් යට සායවල් දෙකක් සහ කාන්තා යට කලිසම් දෙකක්ද ගත් ඇය බ්‍රෙසියර් තෝරන්ට වූවාය......මේ මොකද මට බ්‍රෙසියරුත් අන්දන්නද දන්නෙ නෑ හදන්නෙ.....ලැජ්ජවෙ බෑ....මා කල්පනා කලෙමි..
No comments:
Post a Comment