මා මුලදී අකමැතිවුවද අම්මා මාව ගැහැනු ලමයෙකු ලෙස පුංචි අම්මාට හදුන්වා දීම ගැන බොහෝසේ සතුටට පත්වුනෙමි.....ඇය මාව සුරතල් කල ආකාරය සිහිපත්කලෙමි......අනේ මාව කෙල්ලෙක් වෙලා ඒ හුරතලේ හැමදාම විදගන්න ඇත්නම් .....මා කල්පනා කලෙමි.......පන්ති අවසන්වූ මල්ලීද ගෙට ගොඩවූවේය......තාත්තා ඔහුගේ ප්‍රවාහනයට රියදුරු මහතෙකු සමග වාහනයක් ලබා දී තිබුනු බැවින් අම්මා ඔහුව පන්ති එක්ක ගියේ කලාතුරකින් දවසකය......ඒනිසා අම්මාට මා සමග නිවසේ සිටීමට හැකිවිය......ගෙට ගොඩවූ මල්ලී සුපුරුදු පරිදි අක්කේ කියමින් මගේ අතේ එල්ලුනේය.......මා ඔහුව තුරුලට ගෙන හිස අතගෑවෙමි.....මම කෙල්ලෙක් වගේ ඉන්න වුනාට පස්සෙ මේ ඔක්කොමල මට පුදුම ආදරයක්නෙ තියෙන්නෙ.......අපරාදෙ මාව කෙල්ලෙක් වෙලා උපන්නෙ නැත්තෙ......නැවතත් කොල්ලෙක් වී ඉපදීම ගැන දුකක් ඇතිවිය. අද පුන්චි අම්මත් දැක්කනෙ පොඩිපුතේ අක්ක ඔය විදියට ඇදගෙන ඉන්නව...අම්මා ඔහුට කීවාය....ඒ කොහොමද අද පුන්චි මෙහෙ ආවද....මල්ලී ඇසුවේය.....ඔව් මල්ලි...... අද දවල් ආව......මා කීවෙමි.......එතකොටත් ඔයා ඔය විදියට ඇදගෙනද හිටියෙ.......ඔහු මගෙන් ඇසුවේය.......ඔව්.....මම කීවෙමි.......අපෝ ඇයි ඒ..... කම්මුලට අත තබාගෙන විශ්මයෙන් මෙන් කී මල්ලී......පුංචි හොදටම ඔයාට කොලොප්පන් කරන්න ඇති.......කීවේය.....අනේ නෑ මල්ලි.....මම මෙහෙම ඉන්නවට එයා ගොඩක් සන්තෝසවුනා......මාව තුරුල් කරත් ගත්ත.......මම කීවෙමි.....ඇත්තට.....පුදුමයිනෙ......ඔහු පුදුමයට පත්වූ ලෙස කීවේය......පුදුම වෙන්න දෙයක් නෑ පොඩි පුතේ ....අන්තිමට පුංචි..... දුවේ කියල අක්කට කතා කලේ.......අම්මා කීවාය.......අක්කගෙ ලස්සන දැක්කම පුංචිටත් ආදරේ හිතෙන්න ඇති......පැවසූ මල්ලී ඇදුම් මාරු කිරීමට ගියේය.
අද රෑට මේ පිරිමි ඇදුම් ටික කොහාට හරි විසිකරන්න ඕනැ.....කාමරේවත් තියාගන්න හොදනෑ.....කාමරේට ගිය මා පිරිමි ඇදුම් දෙස බලා කල්පනා කලෙමි. කොහාටද දාන්නෙ පාන්දරට ආපහු ගන්න පුලුවන් තැනකට ඕනැ දාන්න නැත්නම් අම්ම ඇදුම් ටිකට මොකද උනේ කියල බලයි......මා තව දුරටත් කල්පනා කලෙමි......ගෙදර තිබුනු සුන්බුන් දැමීමට කාමරයක් තිබුනු අතර එය තිබුනේ කුස්සිය කිට්ටුව නිසා රාත්‍රියට එහි යෑම අනතුරු දායක විය......කාමරයේ ජනේලය ඇර බැලුවෙමි.....ඇදුම් ටික එකතුකරල බෑක් එකකට දැම්මොත් ජනේලෙන් පිටින් තියල උදේට ගන්න පුලුවන්. ජනේලය අසලට ගොස් පිටත බැලූ මට ලොකු සිලි බෑගයක් සොයා ගැනීමට අවශ්‍ය විය. කුනු දාන කලු බෑග් එකකට දැම්මොත් හරි අවසානයේ තීරනය කලෙමි..........ඒවා තිබුනේ කුස්සියේ නිසා ඉන් එකක් ගෙන ඒමට කුස්සිය දෙසට ගියෙමි.......තවමත් උයන අම්මා කුස්සියේ වැඩකරමින් සිටිනිසා මට ඒ දෙසට යෑමට නොහැකිවිය..........රෑවෙලා හරි ගිහින් ගේනව......කල්පනා කල මා ඇය කුස්සියෙන් ඉවත්ව යනතුරු සිටීමට සිදුවිය......රාත්‍රී තාත්තා පැමිනි විට කලිසමට මාරුවීමට සිදුවන බව දන්නා මා ඒ වෙලාවට කලිසම ඇදගෙන. ගිහින් රැගෙන ඒමට සිතාගත්තෙමි ...
No comments:
Post a Comment