Friday, June 30, 2017

හදිසි අනතුර 36.....................................වාහනය තුලට ඇතුල්වී  දොරවසාගත් මා ඇදගෙන සිටි හැට්ටය ගලවා ගවුමට යටින් අඳින්න ගෙනත් තුබුනු කාන්තා වෙස්ට් එක ඇඳ ඊට උඩින් ගවුම ඇදගත්තෙමි........ලමා සාරියේ රෙද්ද ඉවත්කලවිට තිබුනු යට සාය ගවුමේ ප්‍රමාණයට ගැලපෙන බැවින් එය වෙනස්කිරීමට අවශ්‍යයතාවයක් නොතිබුනි.......ගවුම හරියට සකස්කරමින් වාහනයෙන් බැස්සෙමි.......ඔය ඇදගෙන තියෙන්නෙ  අපූරුවට......අම්මා කීවාය......මා ඇදගෙන සිටි ලමා සාරිය බෑක් එකකට දැමූ අම්මා....වාහනයේ දොරවසා  තාත්තා සිටින දෙසට මාසමග ගමන් කලෙමු. වෙරළ දෙසට කිට්ටු වනවිට සුලගේ වේගය වැඩිවන බව තේරුනි......එක වරම ගවුමේ සාය ඉස්සෙන්ට විය........දුවේ හුලග සැරයි ගවුමෙ  සාය ඉස්සෙන්ට නොදී අල්ලගන්න . අම්මා කීවාය......මා සායට අත තබාගෙන සෙමින් සෙමින් වෙරල කිට්ටුවට ගියෙමි......එන්න අක්කෙ අපි රැල්ල පාගමු........මාව දුටු මල්ලී මා අසලට දුවගෙන ඇවිත්......මගේ අතින් ඇදගෙන රැල්ල කිට්ටුවට ගියේය......එකවරම විශාල රැල්ලක් ඇවිත් අපිදෙදෙනා නෑවුනි......බලාගෙන පොඩි පුතේ වැඩිය ලගට යන්න එපා......මුහුදේ රැල්ලේ හඩ අතරින් අම්මාගේ කටහඬ ඇසුනි......තවත් රැල්ලක් පැමින මගේ සාය තෙත් විය.......මල්ලි වැඩිය ලගට යන්න එපා මෙහාට එන්න.....මා ගැහැනු කටහඬ ආරූඩ කරගෙන හයියෙන් කීවෙමි......හයියෙන් රැල්ල ආවට ගැඹුර නෑ අක්කේ......ඔහු තවත් ලගට ගියේය.......මා ඔහු අසලට දුවගොස් අනිත් රැල්ල පැමිනීමට ප්‍රථම....අතින් අල්ලා ඇදගෙන ගොඩට ආවෙමි.......ආපෝ අක්ක හරි බයයිනෙ......ඔහු කීවේය...මම බයවුනාට කමක් නෑ....මල්ලි දගලන්න එපා ඔහොම ඉන්න.......අක්ක කෙල්ලෙක් උනාට මම කොල්ලෙක්නෙ......පැවසූ ඔහු......නැවත දුවන්ට විය......පුතේ මෙහාට එනව......තාත්තා මල්ලීට සැරෙන් කතාකරන හඩ ඇසුනි.......මල්ලී ඔහු දෙසට සෙමින් ගමන් කරනු දුටුවෙමි........මගේ ගවුමේ සාය තෙත බරිතවී  පහලට බරවී ඇති බැවින්  සුලගේ වේගයට එය එසවීම නැවතී තිබුනි........සුලග හමන විට ගැහැනු ලමුන්ගේ සායවල් උඩයන බවත් ඔව්න් එය ඉතා අමාරුවෙන් නවතා ගන්නා බවත් මා මින් පෙර නොයෙක් වර දැක තිබුනි.......කොල්ලෙක් වූ මටද එම අත්දැකීම විද ගැනීමට ලැබීම අරුම පුදුම කාරනාවක් විය.......තාත්තා මල්ලීට සරුන්ගලයක් අරන්දී ඇති බව ඔහු මා අසලට ඇවිත් පෙන්වනවිට දැක ගැනීමට ලැබුනි......ඔහු එය තාත්තා සමග එකතුවී උඩ අරින බව දුටුවෙමි......පුතත් ආසයි නේද සරුංගල්  අරින්න ඇයි අද පැත්තකට වෙලා ඉන්නෙ.......තාත්තා මටද අඩගැසුවේය..........මා සරුංගල් ඇරීමට ආශා කලත් දැන් මා සිටින්නේ ගැහැනු වේශයෙනි......ගැහනු කම ආරූඩ කරගත් මට පිරිමි කරන සෙල්ලම් ගැන තැකීමක් නොතිබුනි......එන්නකෝ අක්කෙ........මල්ලීද අඩගැසුවේය.......ඔයා අරින්නකෝ.....මම කීවෙමි........පුතාටත් එකක් අරන්දෙන්නද......තාත්තා මගෙන් ඇසුවේ......මල්ලීට සරුංගලයක්  අරන්දී මට නොදීම ගැන මා දුකෙන් පසුවන වා යැයි සැක සිතී බව මට වැටහුනි. ඕනෙ නෑ තාත්තෙ මේ ගවුන් ඇදගෙන එහෙට මෙහෙට දුවන්න බෑනෙ. මා කීවෙමි.......අම්ම ඔයාට දීල තියෙන දඩුවමනම් මරු.....තාත්තා සිනාසෙමින් පැවසුවේය....... අම්ම මට දුන්න මේ දඩුවම හැමදාටම දෙනවනම් කොච්චර දෙයක්ද ......කල්පනා කල මා මෙය දඩුවමක් නොව තෑග්ගක්ලෙස  තේරුම්ගෙන තිබුණි ...... අම්මාගේ නියම දඩුවම ලැබෙන්නේ මේ  අවසන් වීමෙන් පසුව බව මා හොදින් අවභෝද කරගෙන සිටිමි. සෙල්ලම් කලා ඇතිනේ යමුනේද අම්මා මල්ලීට පවසනු ඇසුනි.........මුහුද අයිනේ ගලක් උඩ වාඩිවී සිටි මේ කාලය තුල මගේ තෙමුනු ගවුම හොදින් වියලී තිබුනු නිසා නැගිටින විට සාය නැවත වතාවක් සුලගට උඩයන්ට  විය.......ගැහැනු ලමුන් මේ වෙලාවට හැසිරෙන ආකාරයටම මටද හැසිරීමට සිදුවිය.......මේ වෙලාවට කොල්ලො කෙල්ලො දිහා බලා ඉන්නෙ හරිම ආශාවෙන් මා දිහාත් මේ වෙලාවෙ කොල්ලො ඒ විදියට බලනව ඇති.......මේ ගැන අත්දැකීමෙන් දන්නා මා කල්පනා කලෙමි......මා ලැජ්ජාවෙන් වටපිට බැලුවෙමි......මට මේ දැන් ආව ලැජ්ජාව මේ වෙලාවට කෙල්ලන්ටත් එනව ඇති......සායේ උඩයෑම අමාරුවෙන් නවතාගෙන කල්පනා කලෙමි.......
               ලොකු පුතාට අම්ම දුන්න දඩුවම හින්ද හරියට එන්ජෝයි කරන්නත් බැරිවුනා නේද.......වාහනයට ගොඩවූ තාත්තා ඇසුවේය......එන්ජෝයි වගේ නෙවෙයි හරියට නාට්ටිය කරගන්න බැරිවුනොත් එහෙම.....අම්මා කීවාය......මට හිතෙනව අද ගත්ත එක්ස්පීරියන්ස් එක නට්ටියට බොහොම වැදගත් වෙයි කියල......අද කිසිම ලැජ්ජාවක් බයක් නැතුව කෙල්ලෙක් විදියට හිටියනෙ...පැවසූ තාත්තා.....ආයෙත් ඉතින් මේ විදියට ගවුන් ඇදගෙන ඉන්න ඕනැ වෙන එකක් නෑ........කීවේය....ආ...පෝ .....තාත්ත වැඩේ කෑව.....ඔහු මෙසේ පවසන විට මගේ සිහින ලෝකය කඩා වැටෙන බව තේරුනි.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: