Thursday, June 29, 2017

හදිසි අනතුර 33........................................සාරිය ඇඳ අවසන් කල අම්මා මගේ කොන්ඩය පීරන්ටවූවාය.....කොන්ඩය එක් කැරැල්ලකට ගෙතූ ඇය එහි කෙලවර කලු පැහැති රිබන් පටියකින් ගැටගැසුවාය.......අනතුරුව මගේ මුහුණ මත පියරු ගල්වා ගැහැනු ලමයෙකුගේ මුහුනමෙන්  ලස්සන කරන්නවූවාය......කොන්ඩයට මල් ආකාරයට සකසා තිබුනු කොන්ඩා කටු ගසා තවත් ලස්සන කලාය......ගෙලට සුදු පැහැති පබලු මාලයක් බැන්ද ඇය මගේ ලස්සන බලන්ට වූවාය.......කන් දෙකටත් කරාබු දෙකක් දාන්න පුලුවන්කම තිබුනනම් ඔයාව තවත් ලස්සන කරන්න තිබුන .....අම්මා දුකෙන් මෙන් කීවාය......කන් විදින්නෙ නැතුව හයි කරන්න පුලුවන් කරාබු තියෙනවද දන්නෙ නෑ ටිකක් හොයල බලන්න ඕනැ.......අම්මා පවසන්ට වූවාය...... මාව සරසා අවසන් කල අම්මා......මල්ලී ඇදගත්තද දන්නෙ නෑ ටිකක් ගිහින් බලන්න........ මට කීවාය......මා මල්ලී බැලීමට යනවිට තාත්තා ලෑස්තිවී සැටියේ වාඩිවී සිටිනු දුටුවෙමි.......මාව දුටු ඔහු මාදෙස පුදුමයෙන් මෙන් බලා සිටිනු දක්නට ලැබුනි.......ලැජ්ජාවට පත්වූ මා ඉක්මනින් මල්ලී සොයා යන්නට උනෙමි.......තාත්තා මාදෙස බලා සිහින් සිනාවක් මුවට නගා ගන්නා අයුරු යන්තමට දක්නට ලැබුනි........මල්ලී ඇදගත්තද...... මා මල්ලිගේ කාමරය තුලට හිස යොමා ඇසුවෙමි. ඔහු කමිසය අදිමින් සිටින අයුරු දුටු මා ඔහුගේ කමිසයේ බොත්තම් දැමීමට උදවු කලෙමි.......ඔහොම යන්න එපා සර්ට් එක යටකරගන්න......උඩින් දමාගෙන සිටි කමිසය යටකර ගන්නා ලෙස පැවසුවෙමි.......අක්කවගේ ලස්සන අක්ක කෙනෙක් අපේ දහම් පාසැලේ නෑ ඔය ඇදුමට අක්ක හරිම ලස්සනයි.......මල්ලී කීවාය.....තෑන්ක් මල්ලි......පැවසූ මා ඔහුගේ අක්කා ලෙස සිතාගෙන මුහුන සිපගත්තෙමි .    ඔය ලොකු පුතා ඇදුම ඇදගෙන අපූරුවට ඉන්නෙ.......තාත්තා පවසනු අසුනි........හරි අමාරුවෙන් අනේ අන්ද ගත්තෙ.....අම්මා පිලිතුරු දුන්නාය......ඔන්න පිටදි ලොකු පුතාට නිලන්ත එහෙම කියල කතා කරන්න එපා......දුව කියල කතාකරන්න.....එයා අපේ දුව කියල හැගෙන්න ඉන්න ඕනැ..........මන් පුතාටත් කිව්ව කොල්ලෙක් වගේ එහෙම හැසිරෙන්න එපා කියල.......අම්මා තව දුරටත් කියනු ඇසුනි......හරි හරි......මමත් එයාට දුවෙක් විදියට සලකන්නම්කො.......තාත්තා සිනාසෙමින් කීවේය........පුතාල එන්න පරක්කු වෙනව.......අම්මා අපිට අඩගසනු ඇසුනු අපි ඒ දෙසට ගියෙමු.........අද  අක්ක හරි ලස්සනයි අම්මෙ.......මල්ලී අම්මාට පවසනු අසා සිටි තාත්තා.......ඒ අක්ක නෙවෙයි පොඩි පුතේ අයිය......පැවසූ තාත්තා ....හරි හරි කමක් නෑ .....අදට අයියට අක්ක කියල කතාකරන්න.......පිටදිත් ඔයා මෙයාට අයිය කිව්වොත් එහෙම මිනිස්සු බලයි මේ මොකද කියල........තාත්තා පවසන්ටයවිය.......අපි ගමන පිටත් වීම සඳහා තාත්තාගේ ජීප් රතයට ගොඩවුනෙමි.......අම්මා ඉදිරිපස වාඩිවූ අතර අපි දෙදෙනා පසුපස ආසනයේ වාඩිවුනෙමු......ලැජ්ජ වෙන්න එපා පුතේ ඔයාව කොල්ලෙක් කියල කාටවත් හදුන ගන්න බෑ......ඔයා මේ ගමන ගිහින් ඔය තියෙන ලැජ්ජ ගතිය අඩුකරගන්න........තාත්තා වාහනය පදවන අතරතුර පවසන්ටවිය.......ලැජ්ජ වුනා කියල ඔයාට දැන් අදින්න පිරිමි ඇදුම් නෑ......පන්සල් ගිහිල්ල ඉවර උනාට පස්සෙ ඇදගන්න ගවුමකුත් ගත්ත මිසක් කලිසම් කමිස ගත්තෙ නෑ......ඔන්න ගිහින් ලැජ්ජයි කියල කුරුකුරු ගාන්න එහෙම එපා.......එහෙම කලොත් ගවුන්ටික ගලවල නිර්වස්ත්‍රයෙන් තමා ඉන්න වෙන්නෙ........අම්මා එසේ පවසන විට තාත්තා හයියෙන් සිනාසී.......අම්ම දීල තියෙන්නෙ මාර දඩුවමක්නෙ........පැවසුවේය......
                අපි පලමුවරට ගියේ කැළණි විහාරයටය . දැන් ඉතින් බැහැල යමු......අම්ම....මට කීවාය.......අම්මෙ අක්කට ලැජ්ජයි වගේ...... බිමට බැස්ස මල්ලී කීවේය.......බහින්න බහින්න......අම්මා පවසනවිට මා වාහනයෙන් බිමට බැස්සෙමි........මින් පෙර ගැහැහැනු ලමයෙකු ලෙස සෙනග අතර ගැවසී තිබුනු මට එතරම් චකිතයක් නොදැනුනත් තාත්තාට හැගවීම සදහා යම් ලැජ්ජා බය ගතියක් ආරූඩකරගත්තෙමි......මල්ලී තාත්තා අසලින් ගමන් ගත් අතර මා ගැහැනු ලමයෙකු මෙන් අම්මා අසලින් ගමන් ගත්තෙමි....... නෙලුම් මල් සහ තෙල් පහන් මිලදී ගත් තාත්තා......ඒවා අම්මා අතට දුන්නේය........මල් කිහිපයක් අතට ගත්මා ඔව්න් සමග විහාරය දෙසට පියමැන්නෙමි.........ජීවිතයේ පලමුවරට  ලමා සාරියකින් සැරසී යුවතියක ලෙස කැළණි විහාරය වන්දනා කිරීමට ලැබීම මගේ ජීවිතයේ අමතක නොවන දිනයක් විය. චෛත්‍ය සහ බෝධීන්වහන්සේ  වන්දනා කල අපි විහාරයද වන්දනා කිරීම සදහා ගියෙමි........එහි සෙනග සිටි බැවින් විහාරය තුලට යෑම තරමක් අපහසුවිය......දුව මේ පැත්තට එන්න අම්මා මාව ඇයදෙසට ඇදගත් විට මා අසල තරුන පිරිමි ලමුන් කිහිප දෙනෙක් සිටිනු දක්නට ලැබුනි........මාදැන් ගැහැනු ලමයෙකු ලෙස සිටින බැවින් කොල්ලන්ගෙන් ආරක්ෂා කරගැනීම  සදහා අම්ම එසේ කලලබව තේරුම් ගත්තෙමි.....එහෙත් මා පැමිනි පැත්තේ සිටියේ ගැහැනු ලමුන් කිහිප දෙනෙකි.......ටික වෙලාවකින් මා ඔව්න් අතර හිරවිය........මා කොල්ලෙක් නම් ඔව්න් මාව ඔව්න්ගේ ගොඩෙන් අයින් කරන බව තේරුනත් ඔවුන් එසේ නොකලේ මාත් ඔවුන් වැනි ගැහැනු ලමයෙකු යයී සිතාසිටි නිසාය.......බලාගෙන නන්ගි ඔයා පොඩි හින්ද හිරවෙයි.....එක් අක්කා කෙනෙක් මට කීවාය.......මා අම්මා අසලට ගියත් සෙනග නිසා ඇය අසලට යාගැනීමට නොහැකිවිය.......මෙතෙන්ට එන්න නන්ගි මාව එම අක්කා අසලට ගෙන තුරුලු කර ගැනීමෙන් හිරවීම වලක්වා ගන්ට වූවාය........විහාරය ඇතුලදී තද බදය අඩුවී තිබුනු බැවින් අක්කාට ස්තූති කල මා අම්මා අසලට ගියෙමි........කෝ අම්මෙ තාත්තයි මල්ලියි......එයාල එනව ඇති වටපිට බලමින් පැවසූ ඇය එයාල කොහොම හරි ඇතුලට එයි එයාල ඉතින් පිරිමිනෙ.......ඇය එසේ පවසන විට මාත් අම්මා වැනි ගැහැනියෙක් යන හැගීමෙන් කතාකල බව තේරුනි.........
Transgender body swap ගේ ඡායාරූපය

No comments: