හදිසි අනතුර 34....................................අම්මා වටපිට බලනවිට අක්කේ යනුවෙන් අමතමින් මල්ලී මගේ අතේ එල්ලුනේය. මා ඔහු දෙස බලන විට තාත්තාද ඔහු අසලම සිටියේය......අපි විහාරය වදිමින් එහි බිත්තිවල සිතුවම් කර තිබුනු බිතුසිතුවම් නැරඹුවෙමු......තාත්තා අපිට එම බිතුසිතුවම් ගැන විස්තර කියාදෙන්ට විය.....සෝලියස් මැන්ඩිස් නැමැති සිත්තරුවා විසින් සිතුවමට නගා තිබුනු ඒවා ඉතා අලංකාර ලෙස නිමවා තිබුනි. හේමමාලා කුමරිය දන්ත ධාතූන් වැඩම වීමත් සංඝමිත්තා මහ රහත් තෙරණිය ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ ලංකාවට වඩමවීමත් මගේ සිත්ගත් සිතුවම් විය. අනේ මටත් මේවගේ ශ්‍රේෂ්ඨ කාන්තාවක් වෙන්න ඇත්නම් යන සිතුවිල්ල ඇතිවිය. මා වැදගෙන ...අනේ මාවත් උපදින උපදින ආත්මයක් පාසා මෙවැනි ශ්‍රේෂ්ථ කාන්තා රත්නයන් වී ඉපදේවා.....සිතින් පැතුවෙමි......විහාරයෙන් එලියල ගිය අප අවසානයට දේවාලයට ගියෙමු.....එහිදී දෙවියන්ට පින්දුන් මා....... මේ කල පින් වලින් රූමත් ගුනවත් කාන්තාවක් වී ඉපදේවායි නැවතත් ප්‍රාර්ථනා කලෙමි.
අපි වාහනය දෙසට ගමන් කරන විට විසිතුරු බඩු ඇති කඩ කිහිපයක් දුටු අම්මා ඒ දෙසට යන්ට වූවාය.......මේ ගෑනුන්ට ඕවගෙ දේවල් දැක්කම ඉවසිල්ලක් නැනෙ......තාත්තා මුමුනනු ඇසුනි......ඇය මා සමඟ කාන්තා බෑක් එල්ලා තිබුනු කඩයකට ගොස් එම බෑක් තෝරන්ට වූවාය......මේ පෙමන්ට් එකෙන් ගන්න ඕන නෑනෙ සාප්පුවකට ගියාම හොද ඒව ගන්න පුලුවන්නෙ......තාත්තා අම්මාට පවසනු ඇසුනි......මේවගේ ඒව සාප්පුවල නෑ අනේ ..පැවසූ ඇය තවදුරටත් බෑග් තෝරන්ට වූවාය....ඇය බෑග් තෝරන දෙස බලා සිටි මා.....අන්න ඒක හොදයි වගේ අම්මෙ.....මම කීවෙමි......මටත් හිතගියේ ඒකට.......ඇය මාදෙස බලා සිනසී කීවාය......දැන් මෙයාටත් ගෑනුන්ගෙ දේවල් හොදට තෝරන්න පුලුවන් වගේ......අපේ දෙබස අසා සිටි තාත්තා සිනාසෙමින් පැවසුවේය......තාත්තේ අර කාර් එක අරන්දෙන්නකෝ......අසල සෙල්ලන් බඩු කඩය දෙස බලා මල්ලී කියනු ඇසුනි......පොඩ්ඩක් ඉන්නකො පුතේ අම්ම මේ බඩුටික ගන්නකන්......එතකන් ගිහින් බලමුකො.......මල්ලී ඇවිටිලි කරනවිට......මෙයාගෙන් බේරෙන්න බෑනෙ.....කී තාත්තා.....අපි අර කඩේට යනව..... අපිට පැවසූ තාත්තා මල්ලී සමග එම කඩයට දෙසට ගමන් කාන්ට විය..... එම බෑගය මිලදී ගත් අම්මා ඔයාටත් බෑක් එකක් අරන්දෙන්නද ඇසුවාය......මා කිසිවක් නොකියා සිනාසුනිමි.....මගේ සිතැඟි තේරුන් ගත් අම්මා.......මේක ඔයාට ගැලපෙනව.....ඔයා පොඩි හින්ද ලොකුබෑක් හරියන්නෙ නෑ.....මේකෙ පාටත් ඔය ඇදුමට ගැලපෙනව.......එය මගේ කරේ එල්ලා හැඩ බලමින් පැවසුවාය......බෑක් දෙක මිලදී ගත් පසු එහි සිටි ඇන්ටී ඒවා බෑගයක දමා දීමට සූදානම් විය........පොඩි එක මෙහාට දෙන්න.....මගේ බෑගය ඉල්ලා ගත් අම්මා එය මගේ අතට දී කරේ එල්ලා ගන්න ලෙස දැන්වූවාය.......මා පලමු වරට කාන්තා අත් බෑගයක් කරේ එල්ලා ගත්තේ අද දිනයේ දීය......බෑගය එල්ලා ගත් මා අම්මා සමග ගැහැනු ලමයෙකු ලෙස තාත්තා සිටින ස්ථානයට ගියෙමි.....මෙයත් බෑක් එකක් කරේ එල්ලගෙනනෙ.....මා දෙස බැලූ තාත්තා කීවේය......එපා කියද්දි අරන් දුන්න අනේ.....මේක දාගත්තම ලස්සනනෙ......අම්මා කීවාය......පොඩි පුතා මොනවද මේ තෝරන්නෙ.......මල්ලී සෙල්ලන් බඩු තෝරන දෙස බලා සිටි අම්මා ඇසුවාය.......කාර් එකක් අම්මෙ.....පැවසූ ඔහු රිමෝට් එකෙන් වැඩකරන කාර් එකක් අරගත්තේය........ඔයාට මොනවද ඕනෙ දුවේ......අම්මා මගෙන් ඇසුවේය........මෙයාට බෝනික්කෙක් අරන්දෙමු තාත්තා මා දෙස බලා විහිලු කලේය.......ටෙඩි බෙයා කෙනෙක් අතට ගත් අම්මා එය පරීක්ශා කරන්ට වූවාය. ඒ අසල තිබුනු බොනික්කද අතට ගත් ඇය.......මේකනම් ලස්සනයි.......ඇයට අන්දවා තිබුනු ගවුමේ සායේ තිබුනු රැලි අතගාමින් ....පැවසුවාය.......එය මා අතට දුන් අම්මා ලස්සනයි නේද ඇසුවාය.......මා අතේ තිබුනු බෝඔනික්කා දෙස බැලූ තාත්තා.....මම විහිලුවට කිව්වෙ මම හිතුවෙ නෑ බෝනික්කෙක් අරන් දෙයිකියල.......කීවේය......අක්කලා ඉතින් බෝනික්කන්ට මිසක් අපි වගේ කර් වලට ආශ නෑනෙ.......මල්ලී කීවේය......මා මෙලෙස කෙල්ලෙක් ලෙස ඇද පැලද සිටින විට ගැහැනු ලමුන් කැමති දේවලට හිත යොමුවෙනවා මිස පිරිමි ලමුන් කැමති දේවලට හිත යොමු නොවීම මහත් පුදුමාකාර දෙයක් විය..මගේ වයසේ කොල්ලන් ආශාකරන....සෙල්ලම් කාර් හෙලිකොප්ටර් වැනි දේවල් කොපමන තිබුනත් මගේ හිත ගියේ අම්මා තෝරා දුන් බෝනික්කා වෙතටය.......ම්ල්ලිට කාර් එකක් සහ මට බෝනික්කෙක් මිලදී ගත් පසු අපි වාහනය තිබෙන දෙසට පිය මැන්නෙමු. මා ගැහැනු ලමයෙකු ලෙස හෑන්ඩ් බෑගය කරේ එල්ලාගෙන බීනික්කාද පපුවට තුරුලු කරගෙන සෙමින් සෙමින් වාහනය දෙසට ගමන් කරන අයුරු බලා සිටි තාත්තා අමුතු ලෙස සිනාසෙනු දුටුවෙමි.
......
No comments:
Post a Comment