හදිසි අනතුර 16 .............................නැවත කලිසම සහ කමිසයෙන් සැරසුනු මා......ඇදගෙන සිටි ගැහැනු ඇදුන් සමග විග් එක ගෙනගොස් අම්මාට භාර දුන්නෙමි......අක්ක ආයෙත් අයිය වෙලානෙ......මා දුටු මල්ලී කීවෙය.....අපරාදෙනෙ අයිය ඒ ඇදුම් ටික ගැලෙව්වෙ......මල්ලී දුකෙන් මෙන් පවසනු ඇසුනි......ඒ මොකද මම කෙල්ලෙක් නෙවෙයිනෙ... ඒව ඇදගෙන ඉන්න......මා සැරෙන් මෙන් කීවෙමි.......අයිය අක්ක කෙනෙක් වගේ ඇදගෙන ඉන්න කොට හරිම ලස්සනයි ....ඒකයි එහෙම කිව්වෙ......මල්ලී පැවසුවේය......ඒක නෙවෙයි ..මල්ලිට මොකක්ද අහගන්න ඕනැ කිව්ව නේද.......මම ඇසුවෙමි......ඔව්...කිව් මල්ලී පොත රැගෙන මා අසලට ආවේය.......මම කෙල්ලෙක් වගේ ඉන්නව බලන්න කවුරුත් ආසයි වගේ ඒත් මට පුලුවන්ද නිතරම කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න.....මම කොල්ලෙක්නෙ.......නැත්නම් මාත් කැමතියි මේ ඇදුම් වලට වඩා ඒ ලස්සන ඇදුම් ඇදගෙන ඉන්න....එතකොට මීට වඩා සතුටක් සැහැල්ලුවක් දැනෙනව.......මල්ලීට කියාදෙන අතර තුර කල්පනා කලෙමි... පුතේ හෙට මේ ඇදුම් ස්කෝලෙ ගෙනියන්න ඕනැද.......අම්මා ඇසුවාය.....ගේන්න කියල කිව්වෙ නෑ අම්මෙ තාම දෙබස් පුරුදුවෙනව......මා කීවෙමි......ගෙනියන දවසට ඉල්ලගන්න.......අම්මා කීවේය.......
පසුදින දම් පාසැල් දිනයක් විය.....අපි ගියේ නිවස අසල තිබුනු පන්සලේ දහම් පාසැලටය......තාත්තාත් අම්මාත් එම පන්සලේ සෑම දෙයකටම උදවු කරන නිසා අපිට එහි ඉහල පිලිගැනීමක් තිබුනි......ලමා සාරියෙන් සැරසී සිටි ගැහැණු ලමුන් දුටු විට ......මාත් අර මහන්න දුන්න ලමා සාරිය ඇදගත්තම මේවගේ ලස්සනට හිටියි....... සුදට සුදේ දිලිසෙන ඔවුන්ගේ ඇදුම් දෙස බලමින් කල්පනා කලෙමි.....මේ සරමයි සර්ට් එකයි වගේ නෙවෙයි ඒව කොච්චර ලස්සනද කොයිතරම් හැඩද......මා සිතන්ට පටන්ගත්තෙමි........මේ ආත්මෙදි බැරි වුනත් ලබන ආත්මෙදි හරි මේවගේ ලස්සන ඇදුම් ඇදගෙන ඉන්න කෙල්ලෙක් වෙලා උපදීවා කියල ප්රාර්ථනා කරන්න ඕනැ......උදෑසන බුදුන් වදිමින් මා එසේ ප්රාර්ථනා කලෙමි.....
පසුදින නාට්ටිය පුහුනුවන අතරතුර අපේ පන්ති භාර ගුරුතුමිය වන ඉනෝකා මිස් අප අසලට ආවාය......ඇයදෙසත් අපි දෙසත් බැලූ ගුරුතුමා.......සන්ජීවයි තිලිනයි මෙහාට එන්න......අප දෙදෙනාට කතාකලේය........ඔයාල ගැහැනු චරිතය කරන කොට පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනව......ඒක.... මේ මිස් කියාදෙයි ඔයාල දෙන්න එයාගෙන් අහගෙන ඒව හදාගන්න........ඔහු එසේ පවසන විට අපදෙදෙනා ඇය අසලට ගියෙමු..... ඔයාල හුගක් හොදට මේ චරිත කරනව.......ඔයාල ඇවිදින කොට මෙන්න මේ විදියට ඇවිදින්න.....ඇය කාන්තාවන් ඇවිදිනා ආකාරය ඇවිදිමින් පෙන්නුවාය.......දැන් ඒ විදියට ඇවිදින්න......මා ඇය ඇවිද්ද ආකාරයට ඉග සොලවමින් ඇවිද්දෙමි......නිලන්තනම් හරි සන්ජීවතමයි වැඩියෙන් පුරුදුවෙන්න ඕනැ.....අප ඇවිදින දෙසබලා සිටි ඇය කීවාය.......කිහිප වරක් ඇවිදින විට මට එම ගමන් රටාව හොදින් පුහුනුවීමට හැකිවිය......සන්ජීවට තමා බැරි......ගෙදර ගිහින් ටිකක් පුරුදුවෙන්න.......නිලන්තගෙ කට හඩ තව ටිකක් හීනි කර ගත්තනම් නියම ගැහැනු ලමයෙකුගෙ කටහඩ ගන්න පුලුවන්.......ඔයා අම්ම හින්ද සන්ජීවගේ කටහඬ හොදයි........අප තවමත් ලමා වයසේ පසුවන බැවින් ලොකු අයියලාගේ මෙන් කටහඩ ගොරෝසු නොවීම අපේ මෙම ගැහැනු චරිත වලට විශාල රුකුලක් විය....එහෙත් මා රගපාන ගැහැනු ලමාගේ චරිතය තව දුරටත් තාත්වික කරගැනීම සදහා කටහඩ සිහින් කර ගැනීමට සිදුවී ඇත. ....ඇය පවසන පරිදි මා කටහඩ වෙනස් කරමින් කතා කලෙමි..... හීනි වඩියි තවටිකක් අඩුකරන්න.....ඇයගේ ප්රමානයට කඩහඩ පැමිනෙන තුරු මා කටහඩ වෙනස්කරමින් කතා කලෙමි.....ඔයගාන හොදයි ඔයගානට දෙබස් කියන්න......මා දෙබස් කීමට ගත්තෙමි. ....එය අසා සිටි ඇය.......මේ ආකාරයට පුරුදු වෙනලෙස පැවසුවාය....තව වෙනස් කරගන්න ඕනැ දේවල් තියෙනව.......හෙට කියල දෙන්නම් .......පැවසූ ඇය.....අදට පුහුනුව අවසන් කලාය.
ගෙදර ගිය මා.....ගුරුතුමිය කියාදුන් ආකාරයට දෙබස් උච්චාරනය කරමින් සිටියෙමි.......මම මේ බැලුව කවුද ගැහැනු ලමයෙක් ඇවිත් කතාකරන්නෙ කියල.......මගේ වෙනස් කටහඬ ඇසී ඇති අම්මා කාමරයට එබිකම් කර පැවසුවාය......අපේ ටීච කිව්ව කඩහඩ ටිකක් වෙනස් කරල දෙබස් කියන්න කියල......මා කීවෙමි.....ටීච කිව්ව එක හරි ඔය කටහඩින් කතාකරන කොට ගෑනුලමයෙක් වගේමයි ......ඇය කීවාය.
පසු දින ඉනෝකා මිස් මට තව තවත් ගැහැනු ගති පුරුදු කරන්ට වූවාය.....ගැහැනු ලමයෙක් සහ පිරිමි ලමයෙක් කතාකරන සවරුපය පැහැදිලිකල ඇය ගැහනු ලමයෙක් කතාකරන ආකාරය පුහුනු කලාය.......මේ නිසා මීට පෙර මෙන් නොව දෙබස් ලතාවකට අදිමින් ගැහැනු ලමයෙකු මෙන් උච්චාරනය කිරීමට සිදුවිය.....පුලුවනම් ගෑනු ලමයෙක් විදියට ඇදගෙන පුරුදුවෙන්න එතකොට මේ චරිතය හොදට ඇගට ගන්න පුලුවන්.......ගුරුතුමිය උපදෙස් දුන්නාය......
No comments:
Post a Comment