හදිසි අනතුර 27...................................අද දිනද නයිට් ගවුම ඇදගෙන නින්දට ගියෙමි. මා ගැහැනු ඇදුම් වලට හුරුවෙමින් සිටි නිසාදෝ අද වැඩි වෙලාවක් නොගොස් නොදැනුවත්වම නින්දගොස් තිබුනි......මම කබඩ් එකට දාල හැන්ගුව පිරිමි ඇදුම් ටික පාන්දරින්ම ආයෙත් රාක්කෙ තියන්න ඕනැ. නැත්නම් අම්ම ඇදුම් ටික කෝ කියල හොයයි......තාමත් පාන්දර දෙකයි ....දැන්ම ඕනෙ නෑ පාන්දර පහට විතර තිබ්බම ඇති..... සිතූ මා නැවත නින්දට වැටුනෙමි ......මා නැවත ඇහැරෙන විට උදෑසන හය පමන වී තිබුනි.....කලබලවී ඇදෙන් බැස්ස මා ඉක්මනින්ම හැන්ගූ ඇදුම් ටික රාක්කයට දැමුවෙමි.......එවිටම පුතේ යන අම්මාගේ කටහඬ ඇසුනි.....මා ගවුම පිටින්ම ගොස් දොර ඇරියෙමි.......ඕක ගලවල කලිසම ඇදගෙන ගිහින් මූන කට හොදගෙන ස්කෝලෙ යන්න ලෑස්තිවෙන්න......අම්මා සුපුරුදු පරිදි කියන්ටවිය......මේක හරිම කරදරයක් නෙ.....පිරිමි ඇදුම් අදින්න ගියාම එපා වෙනව.....අනේ මාව කෙල්ලෙක් වෙලා උපන්නෙ නෑනෙ හැමදාම ගැහැනු ඇදුම් අදින්න......මා දුක්බරව ඇද සිටි ගවුම ගලවා ක්ලිසම ඇදගත්තෙමි.
පාසැලේදී විවේක තුබුනු හැම විටම නාට්ටිය ශාලාවට ගොස් නාට්ටිය පුහුනු වන ලෙස නාට්ටිය පුහුනු කරන ගුරුතුමා අපට අවසර දී තිබුනි.....මේ නිසා ඔහු ඇතත් නැතත් අපි රංග ශාලාවට ගොස් පුහුනු වීම් කටයුතුවල යෙදුනෙමු .......මුල් ගුරුතුමා පැමිනි නිසා අපි පුහුනු වීම මදකට නැවැත්තුවෙමු.....නවත්වන්න එපා පටන්ගන්න ....ඔහු පැවසුවේය.....බොහොම හොදයි ලමයිනේ ඔයාල හුගක් කැපවීමකින් මේ නාට්ටිය පුහුනුවෙන බව පේනව.....මේ කැපවීමේ ප්රතිඵල අපේ පාසැල වෙනුවෙන් පෙන්වන්න ඕනැ.......අපේ පුහුනුවීම දෙස ටික වෙලාවක් බලා සිටි මුල් ගුරුතුමා පැවසුවේය....
මට දැන් නාට්ටියේ ගැහැනු චරිතය හොදින් පුහුනු වී ඇතත් ගෙදරට ගොස් ගැහැනු ඇදුම් ඇදගත්තේ කෙල්ලෙක් ලෙස හැසිරීමට තිබුනු බලවත් ආශාව නිසාය. අම්මාද එයට අවසර දී තිබීම මගේ වාසනාවට හේතුවිය.....එහෙත් මේ වාසනාව හිමිවන්නේ තවත් සති දෙකක පමන කාලයක් බව සිහිවන විට .සිත තුලට දුක්බර හැගීම් මතුවිය......එතකන් වත් පුලුවන්තරම් කාලයක් කෙල්ලෙක් විදියට ඉන්නව.....මා කල්පනා කලෙමි.....අද ඔයාගෙ පුංචි අම්ම එනව කිව්ව පුතේ....මා ගෙදර ගොස් නා ගැනීමට සූදානම් වනවිට අම්මා පැවසුවේය......හරි වැඩේ වෙන්නෙ මට අද කෙල්ලෙක් වගේ ඉන්න හම්බවෙන්නෙ නෑ.....ඒකත් මගේ වෙලාව......මා කල්පනා කලෙමි.....මොකද කල්පනා කරන්නෙ.....ගිහින් නාගෙන කෑමටික කාල ගවුමක් ඇදගන්න....ඔන්න මම වෙන ගවුන් ටිකක් තියල ඇති......අම්මා පැවසුවාය.......පුන්චිල එනවනම් මට පුලුවන්ද අම්මෙ ගවුන් ඇදගෙන ඉන්න......මා ඇසුවෙමි......ඔයා ඒව ඇදගන්නකො පුන්චි එක්ක මම ඒක බලාගන්නම්.......අම්මා සිනාවෙමින් පවසන විට......අම්ම මොනව කරන්න හදනවද මන්ද......මා නා ගැනීමට නාන කාමරයට ගියෙමි.....කෑමෙන් අනතුරුව ගවුම ඇදීමට බියපත්ව කලිසම පිටින් සිටිනු දුටු අම්මා........මොකද ගවුම ඇන්දෙ නැත්තෙ.....පුන්චිලට පෙනවනෙ අම්මේ....මා කීවෙමි.......මම ඒව බලාගන්නම් කිව්වනෙ ....ඔයා බය නැතුව ගිහින් ඇදගෙන එන්න.......අම්මා මට ගැහැනු ඇදුම් ඇදගෙන ඒමට බලකලාය.......කමරයට ගිය මා.....කලිසම ගලවා ගැහැනු ඇදුම් කට්ටලය ඇඳ විග් එකද හිසට දාගත්තෙමි.......දැන් හරිනේ.....ඔයා බය නැතුව ඉන්න .....ඔයා දැන් මගේ දුවනෙ......මාව තුරුලු කරගත් අම්මා මගේ හිස අතගාමින් කීවාය.......දුවගෙ කොන්ඩෙ අවුල් වෙලානෙ ඕක හොද ලස්සනට හදා ගම්මු.......පනාව ගත් ඇය කොතා තිබුනු කොන්ඩය ලෙහා අලුත්ම හැඩයකට කොන්ඩය සකස්කරන්න වූවාය......අම්ම මේ මොනව කරන්න හදනවද මන්ද ......අම්ම එයාලට කියයිද දන්නෙ නෑ මාව එක පාරටම කෙල්ලෙක් උනා කියල........එහෙම කිව්වොත් මට මාර ලැජ්ජාවක් ....මේක එයාල හැමෝටම කියයි......මේ අරුම පුදුමෙ බලන්න ගොඩක් අය එයි .....මම කොහොමද මෙයාලට මුහුන දෙන්නෙ.......මා බිය මුසු හැගීමකින් යුතුව කල්පනා කලෙමි.......මට බයයි අම්මෙ පුන්චිලා එනකොට මේ විදියට ඉන්න......එයාල මොනව කියයිද මන්ද.....ඒ හින්ද එයාල එනකොට මේව ගලවල කලිසමයි කමිසෙයි ඇදගන්නව.......මා බියමුසුව පැවසුවෙමි........මන් කීපාරක් කිව්වද ඒක බලාගන්නම් කියල ඔන්න මේව ගලවන්නෙ එහෙම නෑ.......ඒත් මට ලැජ්ජයි අම්මෙ......මා නැවත කීවෙමි.......ලැජ්ජ වෙලා කොහොමද සෑහෙන ගානක් ඉස්සරහ මේ විදියට ඇදගෙන රඟපාන්නේ .....ඔය ලැජ්ජවත් අයින් කරන්න........අම්මා දැඩි ස්වරයෙන් කීවාය.....සුලු වේලාවක් ගතවිය.......පුන්චි අම්මලා පැමිනි බව දුටුවෙමු......
No comments:
Post a Comment