Tuesday, June 20, 2017

හදිසි අනතුර 11 ......................................සමන්මලී නැමති ඒ දියණියගේ චරිතයට පන පෙවූ නිලන්ත ජයවර්ධන.. එය ගැහැණු ලමයෙකුගේ චරිතයක් වුවද ඔහු ඉතාමත් දක්ෂ ලෙස රගපෑම ඉදිරිපත්කල නිසා ඔහුට සහතික පතක් පිරි නැමීමට ගුරු මන්ඩලය තීරනය කලා....ඒ අනුව හොදම නලුවාට හිමි සහතික පත නිලන්ත දරුවා විසින් දිනා ගන්නවා ඇත.....මා නැවත වේදිකාවට ගොඩවී සහතික පත ලබාගන්නා විට අත්පොලසම් නාදයෙන් ශාලාව දෙදරුම් කන්ට විය.
අපි ගෙදර ගියපසු මගේ හපන්කම ගැන අම්මා තාත්තාට පවසන්ට විය......මේ වැඩත් හොදයි ඒවගෙම ඉගෙනීමේ වැඩත් හොදින් කරගෙන යන්න ඕනැ....තත්තා මට අවවාද කරන්ට විය. මා ඇන්ද ගවුම විග් එක අම්මා ඇගේ කාමරයේ තබා ගත්බව දුටු මට දුකක් ඇතිවිය. ආයෙත් මට කවදවත් ඒවගෙ ඇදුමක් නම් අදින්න හම්බවෙන්නෙ නෑ......මා කල්පනා කලෙමි.
පසුදින පාසැල් ගිය මට සමහර කොල්ලන් සමන්මලී යන නාමයෙන් විහිලුකරන්ට විය......ගුරුවරු මගේ රගපෑම ගැන ප්‍රසංසා කරන්ට විය.....අපේ පන්ති භාර ගුරුතුමිය වන තමරා මිස් මට කතා කලාය......ඇය අසලට ගියමට.....පුතේ ඔයා ඊයෙ නාට්ටිය හොදට රගපෑව ....මටනම් හිතා ගන්නවත් බෑරි වුනා ඒ රගපාන්නෙ පිරිමි ලමයෙක් මද කියල.....හැබයි ඔයාගෙ පොඩි පොඩි අඩුපාඩු කම් ටිකක් තිබුන ඇවිදිනකොට තව ටිකක් ගැහැනු ලමයෙක් වගේ ඇවිදින්න පුරුදු වුනානම් හරි.......ඒත් කමක් නෑ ඔයා හුගක් හොදට කලා....ඇය මට ප්‍රසංසා කලාය.....මාව පෑසැල තුල ජනප්‍රිය වීමටත් ඒවගේම ක්හරදර ඇතිවීමටත් මේ චරිතය බල පෑ බව හිතා ගැනීමට නොහැකි විය....දිනෙන් දින මට ඇතිවන කරදර වැඩිවිය....මාව නිතර විහිලුවලට භාජනය වන්ට විය..... ඉහල පන්ති වල සමහර ලමුන් මට අයුතු යෝජනා කරන්ට විය......දිනක් අයියා කෙනෙක් මා අසලට පැමින........මල්ලි යමුද අපේ ගෙදර අපේ ගේ තියෙන්නෙ මේලග මට ඉන්නව නන්ගි කෙනෙක් ඔයාට පුලුවන් නන්ගිගෙ ගවුන් ඇදගෙන ඉන්න....දවල්ට කවුරුවත් ගෙදර නෑ ඒහින්ද අපිට නිදහසේ විනෝද වෙන්න පුලුවන්......පැවසුවේය....මේ අයියෙ ඔයාට ඕනෙ නම් ඒව ඇදගෙන ඉන්න මට ඕනෙ නෑ.....මොහුට කීවෙමි.... මට මෙවැනි යෝජනා විටින් විට එන්ට විය......මට ඇතිවී තිබුනු මේ විහිලු තහලු නිසා පන්තියේ ලමුන්ද මාව කොන්කරන්ටත් හිරි හැර කරන්ටත් විය........මා ගෙදරින් ගෙනයන කෑම ටිකද ඔවුන් උදුරාගෙන කෑම පුරුද්දක් විය.....මේ නිසා ම්ට පාසැල් යෑම පවා එපා වී තිබුනි...... එහෙත් මා මේබවක් කිසිවෙකුටවත් පැවසුවේ නැත.
මාස තුනක් පමන ගතවිය. දිනක් අප පන්තියට පැමිනි සවුන්දර්ය විශය භාර ගුරුවරයා......මේ පාසැල් කලාපය තුල පාසැල් නාට්ටිය තරගයක් තියෙනව......මම මේ ගැන මුල්ගුරුතුමා එක්ක කතාකලා...එයා කිව්ව එදා කලා උලෙලේදී මේ පන්තියෙන් ඉදිරිපත් කල නාට්ටිය ඉදිරිපත් කරන්න සුදුසුයි කියල ..මාත් ඒක අනුමත කරනව...... ඒ හින්ද නැවත පුහුනු වෙන්න ඕනැ......මම හිතාගෙන ඉන්නව ඒකෙ පොඩ්ඩක් වෙනස් කරන්න.....එදා අපිට ලැබුනෙ විනාඩි දහයක කාලයක් විතරයි ....ඒත් මේකට විනාඩි විස්සක කාලයක් තියෙනව....ඒ හින්ද තව දෙබස් එකතු කරන්න වෙනව......අපි හෙට ඉදම්ම ඒක පටන් ගම්මු.......ඔහු පවසන්ට විය......ඒ චරිතමද සර් අපිට හම්බවෙන්නෙ......නිමල් ඇසුවේය.......ඔව් ඔව් ඒවම තමයි ......හැබැයි දෙබස්වැඩිවෙයි......ගුරුතුමා කීවේය......එක පාරක් ගැහැනු චරතය කරල මට කොල්ලො කරදර කරනව ..ආයෙත් කරන්න වෙනවද .....මා කල්පනා කලෙමි......
කෙතරම් අපහාස කරදර විදින්න සිදුවුවද මා එම සමන්මලීගේ චරිතයට කැමැත්තක් දැක්වූවෙමි......එය නැවත රග පෑමට අවස්ථාව ලැබීම ගැන සිත ඇතුලෙන් සතුටට පත්වුනෙමි....ආයෙත් මට අර ගවුම අදින්න පුලුවන්...... සතුටින් කල්පනා කලෙමි.
අම්මෙ අපිට ආයෙත් අර නාට්ටියම රගපාන්න වෙනවනෙ.....එදින ගෙදරට ගොඩවූ මා අම්මාට පැවසුවෙමි.......ඒ කවද්ද.....අම්මා ඇසුවාය.......පාසැල් කීපයක තරග වලට අපේ නාට්ටිය තේරිලා.....ලගදිම තියෙනව කියල සර් කිව්ව........මම අම්මාට විස්තර කීවෙමි......අයෙත් ඇදුම් මහන්න ඕනෙ නෑනෙ ඒ ගවුම තියෙනවනෙ.....අම්මා කීවාය.
පසුදින අපිට කතාකල ගුරුතුමා දෙබස් පිටපත් ලබාදෙන්ට විය........දැන් මේකෙ සමහර චරිත තියෙනව දෙතුන් පාරක් ඇදුම් මාරු කැරගන්න වෙනව.......සමන්මලීගෙ චරිතය කොටස් තුනකට තමා අරන් තියෙන්නෙ.....ඒ හින්ද ඒක ටිකක් අපහසු චරිතයක් වෙයි.....ඒත් නිලන්ත දක්ශ දරුවෙක් හින්ද මට හිතෙනව ඒක එයාට කරන්න පුලුවන් වෙයි කියල.......ඒත් සමහරුන්ට දෙපාරයි ඇදුම් මාරු කරගන්න තියෙන්නෙ.......ඔහු අපගෙ චරිතවල ස්වභාවය විස්තර කරන්ට විය......නිල න්තට තුන් පාරක් ඇදුම් මාරුකරගන්න වෙනව......එක තැනක උත්සවයකට හරියන්න ඉන්න ඕනැ ඒකට උත්සවේට ගැලපෙන ගවුමක් ගන්න වෙනව අනිත් තැන පින්කමකට සැරසිල ඉන්න ඕනැ......ඒකට ලමා සාරිය තමා ගැලපෙන්නෙ......ඔයාට තියෙන අභියෝගය තමා මේ ඇදුම් ඉක්මනින් මාරුකර ගන්න එක ...ඒක ඔයා හොදට හුරුවෙන්න ඕන.......ගුරුතුමා කීවේය

Transgender body swap ගේ ඡායාරූපය

No comments: