Thursday, June 15, 2017

හදිසි අනතුර 2................................පන්තියේ ඉගෙනීමේ කටයුතු නොමැති අවස්ථාවල නාට්ටියට තෝරාගත්  සැමදෙනාටම පුහුනුව සදහා රංග  ශාලාවට යෑමට සිදුවිය. අපි මෙන්ම වෙනත් පන්තිවල ලමුන්ද නැටුම් ගායනා ආදිය පුහුනුවීමට පැමින සිටි අතර අපේ නාට්ටිය පුහුනු කිරීමට පැමිනියේ කලා විෂය  භාර ගුරුතුමා වීම විශේසත්වයක් විය. මා රගපා පුරුද්දක් නොමැති ගැහැනු ලමයාගේ චරිතයට හුරුකරවීම සදහා ගුරුතුමාට මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය.....දින කිහිපයකට පසු.....ඔයකරන්නෙ නියමෙට....දැන් නිලන්තට දුවගෙ චරිතෙ හොදට හුරුවෙලා වගේ.......මාදෙස බැලූ ගුරුතුමා සතුටින් පවසන්ට විය........කොහොමත් නිලන්ත කෙල්ලෙක් වගේනෙ ඉතින් ඒ චරිතය එයා හොදට අල්ලගනියි සර්.......කටකාර නිමල් විහිලුවට මෙන් පවසනවිට අනිත් ලමුන්ද මාදෙස බලා සිනාසෙන්ට විය.....හා.... හා ...ඔය ළමයි  හිනාව නවත්තගන්නව නිලන්ත කරන්නෙ රගපෑමක් විතරයි එයා ගෑනුලමයෙක් වගේ නෙවෙයි........ගුරුතුමා පවසනවිට සියලුදෙනා නිශ්සබ්ද වුවද  මා කෙල්ලෙක්වගේ  යයි ඔවුන් පැවසීම මගේ සිතතුල ලැජ්ජා සහගත ගතියක් මතුවිය. එහෙත් මට මේ චරිතයෙන් ඉවත් වීමට හැකියාවක් නැත.
               දැන් කලා දිනය ලගයි. ඒ හින්ද මේ නාට්ටියට ගැලපෙන ඇදුම් පැලදුම් උපකරන දැම්ම ලෑස්ති කරගන්න ඕනැ. අද මම ඔය ලමයින්ට අව්සය දේවල් වෙනවෙනම ලියල දෙනව ඒව ලෑස්තිකරගන්න.....මේව ලෑස්ති කරගන්න අපහසු කෙනෙක් ඉන්නවනම් සදුද  උදේට අම්ම හරි තාත්ත  හරි එක්ක ඇවිල්ල මාව මුනගැහෙන්න.....පැවසූ ගුරුතුමා අපිට විස්තර ලියූ කොල බෙදන්ට විය.......මා ඇද සිටිය යුතු ගවුමේ රූප සටහනක් ද එහි ඇද තිබුනු අතර පැළදිය යුතු ආභරන සම්භන්දවද සටහන් තිබුනි......ඔය අම්මටයි දුවටයි රගපාන දෙන්නට ගැහැණු චරිතයට හරියන කොන්ඩ නැති හින්ද අම්මගේ දිග හවරියක් තියෙනවනම් ඉල්ලගෙන එන්න..ඒක අපිට කොන්ඩෙට ගන්න පුලුවන්. එහෙම හවරි නැත්නම්  මට කියන්න......ගුරුතුමා පැවසුවේය.....සර් එයාලට විග් එකක් හොයල දුන්නොත් ඊට වඩා හොද නේද. .....ලමයෙක් යෝජනා කලේය......ඒකනම් හොද අදහස ඒත් ඒව ටිකක් ගනන්......පුලුවන්නම් කඩෙන් ගන්න. ........ගුරුතුමා කීවේය.....
              මට  ඒ කෙල්ලගෙ චරිතය රගපාන්නනම් පුලුවන් ඒත් කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න එකයි අවුල.....ඔක්කොම කොල්ලො ටික මා දිහා බල හිනාවෙයි....මට කෙල්ලෙක් කියල කොලොප්පන්කරයි......මටනම් මේ වැඩේට ලැජ්ජවෙ බෑ.....ඒත් මේක කොහොමහරි කරන්නත් වෙනව......මා පාසැල අවසන්වී ගෙදර යන අතර තුර කල්පනා කලෙමි....
              නිවසට ගිය මා ගුරුතුමා දුන් උපදෙස් පත්‍රිකාව අම්මාට දුන්නෙමි......ෂා ලස්සන ගවුමක්නෙ මහන්න තියෙන්නෙ.....ඔකට ගවුමක් මහන එක අපරාදෙනෙ අම්මෙ අම්ම අදුනන ගැහැනු ලමයෙක් නැද්ද ඉල්ලගෙන එන්න.......දැන් කාලෙ මේවගෙ ගවුන් අදින ගෑනු ලමයි නෑනෙ ....උන් ඔක්කොම අදින්නෙ කලිසම්නෙ.....නැත්නම් විස්චූරන ඇදුම් .මේගවුම ගමේ ගැහැනු ලමයි අදින ගවුමක්......අපිට මේක මහගන්නම වෙනව.....අම්මා  කොලය දෙස බලාගෙන පැවසුවාය......හෙට සෙනසුරාද හින්ද මේ ගවුමට රෙදි අරගෙන මහන්න දෙමු......අම්මා යෝජනාකලාය........සර් කිව්ව කොන්ඩෙට අම්මගෙ හවරියක් ඉල්ල ගන්න කියල......විග් එකක් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි කිව්ව......එහෙනම් විග් එකකුත් ගම්මු....ඔයාට ඕන කරන මාල වලලු මා ළඟ ඇති ඒව ගන්න ඕනැ නෑ. හැබැයි කරාබු දෙක තමයි අවුල....ටික වෙලාවක් කල්පනා කල ඇය...මා ගාව තියෙනව  එල්ලෙන කරාබුදෙකක් ඒව පේන්නෙ නැතිවෙන්න කන් පෙතිවල එල්ලමු..........අම්මා මෙසේ පවසනවිට ඇය මගේ මෙම චරිතයට දැඩි උනන්දුවක් දක්වනබව  පෙනෙන්ට තිබුනි......මටත් වඩා අම්මටනෙ ඕනැ වෙලා තියෙන්නෙ මාව ගැහැනු ලමයෙකුට අන්දවන්න......ඒකටත් ඉතින් සාධාරණ හේතුවකුත් තියෙනව......අම්මට ඉන්නෙ පුත්තු දෙන්නෙක් විතරනෙ.......ඒ හින්ද එයාටත්  හිතෙනව ඇති දුවෙකුත් හිටියනම් හොදයි කියල.  මේවෙලාවෙ මාව දුවෙකුට අන්දල හැඩ බලන්න හිතෙනවද දන්නෙ නෑ .....මා අම්මා දෙස බලා කල්පනා කලෙමි.
                 විශාල වියාපාර කිහිපයක අයිතිකරුවෙකු වන අපේ තාත්තාට මුදල් අතින් කිසිම ගැටලුවක් නොතිබුනි. මේ නිසා අපිට කිසිම අඩුපාඩුවක් නොතිබීම අපේ වාසනාවක් විය. අපි පවසන දේවල් අම්මාට ඉස්ටකිරීමට හැකිවී ඇත්තේ මේ නිසාය.
              ලොකු  පුතේ ටවුමට යන්න ලෑස්තිවෙන්න......ඔයගෙ බඩුටික ගන්න ඕනැ නේද......අම්මා ලෑතිවෙමින් මට කියනු ඇසුනි.......මා ලෑස්තිවී එලියට එනවිට පොඩිපුතේ ඔයාට දග කරන්නෙ නැතුව ගෙටවෙලා ඉන්න.....උයන ඇන්ටිත් ඉන්නවනෙ........මල්ලීට පැවසූ අම්මා.....මා සමග මිදුලට බැස්සාය. අම්මෙ කාර් එකේ නෙවෙයිද යන්නෙ.......ඇය වාහනය දෙසට නොයනු දුටු මා ඇසුවෙමි.......මේ අඩිදෙකට මොන කාර්ද ලමයො......ටිකක් වියායාමෙටත් එක්ක පයින් යමු.....ඇය මට ඉස්සර වූවාය. අපේ නිවස පිහිටා තිබුනේ ටවුම පේන සීමාවේ නිසා එතැනට යෑමට වාහනයක අවශ්‍යයතාවයක්  නොතිබුනි.......
              රෙදි සාප්පුවකට ගොඩවූ අම්මා චිත්ත ගවුමකට සුදුසු රෙදි තේරීමට පටන්ගත්තාය. මල් වැටුනු රෙද්දක් තෝරාගත් ඇය එයින් ගවුමකට අවශ්‍යය් ප්රමානය අරගත්තාය....මීලගට ඇය ගියේ ගැහැනු ඇදුම් තිබෙන පැත්තටය...නාට්ටියට..මේ ඇදුම් හරියන්නෙ නෑ අම්මෙ.....මා පැවසුවෙමි.......ඒක මන් දන්නව මේයන්නෙ මට අදින්න මොනවද  අලුත් මෝස්තර තියෙන්නෙ කියල බලන්න.......අම්මා එසේ පවසන විට ........අපිට වගේ නෙවෙයිනෙ ගැහැනු අයට අලුත් මෝස්තරවල ඇදුම් අදින්න ඕනැනෙ......මා කල්පනා කලෙමි.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: