හදිසි අනතුර 25......................................මම ගවුම ගලවන්නද......අම්මාගෙන් ඇසුවෙමි......මම ඕක ගලවන්න කිව්වෙ නෑනෙ පුතේ.......නාට්ටිය ඉවර වෙනකන් ඔයා ඕනැතරම් වෙලාවක් ඔය විදියට ඇදගෙන ඉන්න......ඇත්තම කියනවනම් මාත් ආසයි ඔයා කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්නව බලන්න.....ඒවගෙම ඔයාට දුවෙකුට වගේ සලන්න.....ඒත් මම දන්නෙ නෑ ඔයා ඒකට කැමතිද කියල......අම්මා දුකෙන් මෙන් පවසනු අසාසිටි මා.....අම්ම කැමතිනම් මාත් කැමතියි.......මම කීවෙමි. අම්මා මාව තුරුලට ගෙන මුහුන සිපගන්ට වූවාය......යන්තම් ඇති නාට්ටිය ඉවරවෙනකන් මට කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන්.....මා සතුටින් කල්පනා කලෙමි. ......ඔයා බොරුවට දෙබස් වරද්දන්න ඕනෙ නෑ ඔයා කැමතිනම් ඕනැ ගවුමක් ඇදගෙන මගේ දුව වගේ ඉන්න......මට ඇහුන මල්ලිත් කියනව ඔයා කෙල්ලෙක් විදියට ඇදගෙන ඉන්නව බලන්න ආසයි කියල......එයාටත් ඉතින් අක්ක කෙනෙක් නෑනෙ......අම්මා කිවාය....අම්මා මට කෙල්ලෙක් ලෙස සැරසී සිටීමට අවසර දීම ගැන මා ඇයට සිතින් ස්තූති කලෙමි. .......පුතේ ඔයා ඕනැතරම් වෙලා ඔය විදියට ඉන්න ඒත් රෑට තාත්ත ගාවට යනකොට කොල්ලෙක් වගේ ඇදගෙන එන්න......නැත්නම් තාත්ත මට බනියි ඔයාව කෙල්ලෙක් වගේ හදන්න හදනවද කියල......අම්මා පැවසූ දෙය ඇත්ත යයි පිලිගත් මා එසේ කිරීමට පොරොන්දු වුනෙමි......දැන් ඉතින් පාඩම් කරන්නකො........තව පොඩ්ඩකින් මල්ලිව එක්කගෙන එන්නත් තියෙනව....වෙලාව බැලූ අම්මා ඇගේ කාමරයට ගියාය......දෙබස් කොලටික කාමරයේ තබා පාඩම් පොත් සාලයට රැගෙන විත් පාඩම් කිරීමට පටන්ගත්තෙමි.......ටික වේලාවකට පසු.....දුව......මම මල්ලි එක්කගෙන එන්නම්...දොරවහගෙන ඉන්න......අම්මා මට දුව යනුවෙන් ඇමතීමට තිරනය කර ඇති නිසා මගේ සිත බොහෝසේ පිනාගොස් තිබුනි.....ඇය දෙස ආදරයෙන් බැලූ මා ඇය පසුපස ගොස් ඉදිරි දොර වසා ගත්තෙමි......ශා මට දැන් මාර ජොලි.....මට දැන් දිගටම කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන්....සාලයේ තනිවුනු මා උඩපනිමින් නැටුවෙමි.....මම දැන් මගේ අම්මගේ දුව.. මල්ලිගේ අක්ක...මේ ගෙදර ඉන්න ගැහැනුලමය...... හඩනගා කී මා.....මාව ඇත්ත කෙල්ලෙක් උනානම් කොච්චර ජොලිද......කල්පනා කලෙමි..........කුසියට ගිය මා....මම කෙල්ලෙක් වෙලා උපන්නනම් උයන හැටිත් ඉගෙන ගන්න තිබුනනෙ......මට හරිම ආසයි කෙල්ලෙක් විදියට කුස්සියට වෙලා කෑම හදන්න......අම්ම කරනව වගේ රෙදි හෝදන්න ගෙදර අස්පස්කරන්න......මා ගැහැනු ලමයෙක් ලෙස කුස්සිය අතුගාමින් කල්පනා කලෙමි. ......වාහනයේ සබ්දය ඇසුනු බැවිම් මා ඉදිරි දොර ඇරියෙමි.......ගෙට ගොඩවන විට මාව දුටු මල්ලී......අක්කේ.....කියමින් මගේ අතේ එල්ලුනේය......අම්මා ඒ දෙස සිනාසෙමින් බලා සිටියා මිස මට අක්කෙ යනුවෙන් ඇමතීම නිවැරදි කලේනැත......මා ඔහුව තුරුලට ගෙන ආදරයෙන් හිස අතගෑවෙමි........දාඩියයි අක්කෙ.....ඇදුම් මාරුකරගන්න ඕනැ......පැවසූ ඔහු මා අසලින් ඉවත්වූවේය. මට කිසිම ගැටලුවක් නොමැතිව කෙල්ලෙක් මෙන් සිටීමට අව්සර ලැබීම නිසා කිසිම බියක් චකිතයක් නොමැතිව නිවස තුල නිදහසේ හැසිරුනෙමි......එහෙත් තාත්තා පැමිනි විට අම්මා පැවසූ පරිදි කලිසම සහ කමිසය ඇදගත්තෙමි........මොකද ඔයා ආයෙත් පිරිමි ඇදුම් ඇදගත්තෙ....අක්කෙ.....මල්ලී මෙසේ පවසන විට ඔහුගේ මුව මගේ අතින් වැසූ මා......තාත්ත ඉන්න කොට අක්ක කෙනෙක් වගේ ඉන්න බෑනෙ මල්ලි .......තාත්තට ඇහෙන්න එහෙම මට අක්ක කියල කියන්න එපා ......ඒකත් ඇත්ත....මල්ලී මගේ ඉල්ලීම පිලිගත්තේය.......තාත්තා සමග කෑම ගත් මා කාමරයට පැමින නැවත ගවුම ඇදගත්තෙමි......පුතේ....අම්මාගේ කට හඩ ඇසුනු මා අඩවල් කර තිබුනු දොර දෙස බැලුවෙමි......එවිටම දොර ඇරුනි......අම්මා කාමර තුලට පැමිනෙනු දුටු මට බියක් ඇතිවිය .....රෑටත් ගවුන් අදින්නෙ ඇයි කියල අහයිද දන්නෙ නෑ......චකිතයක් ඇතිවිය......මා ඇද සිටි ගවුම දෙස සිනාසෙමින් බැලූ ඇය.......ඕක ඇදගෙන නිදාගන්නද හදන්නෙ......ගෑනු ළමයි රෑට නයිට් ගවුන් ඇදගෙනනෙ නිදාගන්නෙ.....ඔයාට ඉතින් නයිට් ගවුමක් නෑනෙ..ඇදගන්න.....කමක් නෑ ඔය විදියට ඉන්න......කී ඇය කාමරයේ මා ඇද කිලිටුවූ ඇදුම් ටික එකතුකරගෙන යන්ටවිය......පුතේ අද දොර ලොක් කරගෙන නිදාගන්න .....බැරිවෙලාවත් තාත්ත ආවොත්.......කාමරයෙන් පිටවීමට පෙර කීවාය.....අම්මා පරන පිරිමි ඇදුම් ටික සේදීම සදහා රැගෙන ගිය නිසා.....මගේ ඇදුම් රාක්කයේ පිරිමි ඇදුම් වලින් හිස් විය.....එහි තිබුනේ.....හෙට පාසැලට ඇදිය යුතු නිල් කොට කලිසම සහ සුදු කමිසය පමනි........මේ දෙකත් ඇහැට පේන්නෙ නැති තැනක තියාගන්න පුලුවන්නම් හොදයි ... මා ඒවා පොත් කබඩය දා වැසුවෙමි.......දැන් මගේ කාමරය පිරිමි ඇදුම් වලින් හිස්වී ඇත තිබෙන්නේ ලමා සාරියත් ඇදගෙන සිටින ගවුමත් පමනි.... දොර අගුලු දැමූ මා අදේ ඇලවුනෙමි..........අදනම් කිසි බයක් නැතුව කෙල්ලෙක් වගේ නිදාගන්න පුලුවන් මා ඇදෙහි එහෙට මෙහෙට පෙරලෙමින් කල්පනා කලෙමි.......
No comments:
Post a Comment