හදිසි අනතුර 32................................. රාත්රියේ අප කෑම ගන්නා අතරතුර පෝය දිනයේ යන ස්තානය ගැන සාකච්චා කලෙමු.......අපි කැලනි ගිහින් ඒ එක්කම කළුතරත් ගිහින් එමු......තාත්තා යෝජනා කළේය. එහෙනම් අපිට මුහුදෙ නාන්නත් පුලුවන්.....මල්ලී සතුටින් කීවේය ...... එහෙ මුහුදෙ නාන්න තැනක් නෑ පුතේ.......ඔයාගෙ සිස්සත්වෙන් පස්සෙ කොහේ හරි යමු........හැබැයි විභාගෙ හොදට පාස්වෙන්න ඕනැ......තාත්තා මල්ලීට නීතියක්ද දැම්මේය.......ඔහු හිස කසනු දුටු අම්මා......ඇයි පුතේ බැරි වෙයිද......ඇසුවේය......පුලුවන් ඒත් බැරි වෙලාවත් පාස්වුනේ නැත්නම් ......මොකද බැරි ඔයා පාස් වෙනව තාත්තා ඔහුව දිරිමත් කරමින් කතා කළේය. .......දැන් ලොකු පුතාගෙ නාට්ටිය වඩේ කොහොමද.......තාත්තා ඇසුවේය.....ඒක කරගෙන යනව තාත්තෙ......ලබන සුමානෙ විතරයි පුහුනු වෙන්න තියෙන්නෙ ....ඊලග සතියෙ නාට්ටිය තරගෙ තියෙනව කිව්ව......මා කීවෙමි.....දැන් හොදට පුහුනු වෙලාද ඉන්නෙ.......ඔහු ඇසුවේය......අනේ මන්ද මෙයාට තියෙන ලැජ්ජාවනෙ ඔක්කොටම මුල.......අම්මා කීවේය.....ඒ මොකද......තාත්තා මා දෙසත් අම්මා දෙසත් බලා ඇසුවෙය. .......පුතාට කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න ලැජ්ජයිලු............මා කිසි දිනක අම්මාට නොකී දෙයක් තාත්තට කියන්නෙ ඇයි...... කල්පනා කලෙමි.......අම්ම මොකක්කට හරි එන්න තමා හදන්නෙ.......අම්මා දෙස බැලුවෙමි......අම්මා තාත්තාට නොපෙනෙන්ට මට ඇසක් ගසා කිසියම් සංඥාවක් කලාය......අම්ම කියන්නෙ ඇත්තද.....ඔහු මගෙන් ඇසුවේය......මා ඔව් යනුවෙන් හිසෙන් පැවසුවෙමි....ඔයිට ඉස්සෙල්ලත් ඕවගෙ චරිතයක් කරල සහතිකේකුත් ගත්ත නේද...... ඔහු ඇසුවේය......මේ සැරේ ගොඩක් සෙනග ඉන්න හින්ද ලැජ්ජලු......අම්මා කීවාය.......ඕවට ලැජ්ජ වෙලා බෑ පුතේ තමන්ට ලැබෙන ඕනැ චරිතයක් කරන්න පුලුවන් වෙන්න ඕනැ......තාත්තා අවවාද දුන්නේය........මම පුතාට කිව්වෙ ගෙදරදි කෙල්ලෙක් විදියට ඇදගෙන ඉදල ලැජ්ජාව ටිකක් අඩුකරගන්න කියල......අම්මා කීවාය....ඒකනම් හොද අදහස කී තාත්තා......ඔයිට ඉස්සෙල්ලත් ගවුමක් අන්දගෙන කොහේද එක්ක ගියානේද.......අම්මාගෙන් ඇසුවේය.......ආ..පෝ... බොහොම අමාරුවෙන් එක්කගෙන ගියේ......ඇය උත්තර දුන්නාය......මෙයාට ලමා සාරිය ඇදගෙන කරන්න ඕනැ චරිතයක් තියෙනවනෙ.......ඒක මහගෙන ආවට තාම ඒක අන්දන්න බැරිවුනානෙ.......ඇයි අම්ම මෙහෙම කියන්නෙ අම්ම දැක්කනෙ මම ඒක කීප දවසක්ම ඇදගෙන ඉන්නව.......අම්මට මොනව වෙලාද මන්ද මේතරම් තාත්තට බොරු කියන්නෙ........මා කල්පනා කරමින් නිශ්සබ්දව සිටියෙමි......ඉතින් අදින්නෙ නැතුව නාට්ටියට යන්නෙ කොහොමද........තාත්තා ඇසුවේය........මම කල්පනා කලේ හෙට පෝය දවස හින්ද පුතාගෙ ලැජ්ජාව මග හැරෙන්නත් එක්ක ලමාසාරිය අන්දගෙන ගෑනු ලමයෙක් වගේ පන්සල් එක්ක යන්න.......අම්මා යෙදූ උප්පරවැට්ටියෙන් පැමිනෙන්ට උවමනා තැනට පැමින ඇති බව දැනගත් මා......එයට බොරුවට විරුද්ධ වී........අනේ මට බෑ අම්මෙ .....කවුරු හරි දැක්කොත් ලැජ්ජාවෙ බෑ......කීවෙමි......බෑ කියල හරියන්නෙ නෑ අම්ම කියන වැඩේ කරන්න.......ඔයා ගැනු ලමයෙකුට ඇන්දම මටවත් අදුන ගන්න බැරිනම් පිට අය අදුන ගන්නෙ කොහොමද.....තාත්තා දැඩි ස්වරයෙන් කීවේය......මා නිස්සබ්දව බිම බලාගත්තෙමි..........ඔයා ගැහැනු ඇදුම් ඇන්ද කියල ගැහැනු ලමයෙක් වෙන්න නෑනෙ.......නාට්ටියෙන් පස්සෙ ඒක ඉවරනෙ.......ඔහු තව දුරටත් කීවේය......එහෙනම් හෙට අදිනවද අම්මා ඇසුවාය.......මා සෙමින් හා යනුවෙන් පැවසුවෙමි...
මා නිදාගනීම සදහා කාමරයට ගිය පසු අම්මාද කාමරයට පැමිනි බව දුටුවෙමි......කොහොමද මගේ සැලැස්ම.......ඔයාට හෙට කිසි ගැටලුවක් නැතුව කෙල්ලෙක් විදියට ඕන දිහාක යන්න පුලුවන්.......ඇය මගේ පිටට තට්ටු කර කීවාය.......ඇය දෙස බැලූ මා සතුටින් සිනාසුනිමි.......
පන්සල් යන්න තියෙන හින්ද පුතාල දෙන්න උදෙම්ම නාගන්න.....අම්මා අපිට කීවාය........මල්ලීත් මාත් නාගත් අතර උදෑසන ආහාරයෙන් පසුව පන්සල් යෑමට සූදානම් උනෙමු...........පොඩි පුතේ ඔයා මේ සුදු පාට කලිසමයි සර්ට් එකයි ඇදගන්න........ඔයා ලමා සාරිය ඇදගන්න......අම්මා පවසන විට අයිය අක්කකෙනෙක් වගේද පන්සල් යන්නෙ.....මල්ලී ඇසුවේය.....ඔව් පුතේ ඇයි.....අම්මා ඇසුවාය......ශෝක්නේ......ඔහු සතුටින් කීවේය......ලමා සාරිය ඇදගත් මා විග් එක හිසේ දමාගෙන අම්මා සමීපයට ගියේ හිස පීරවා ගැනීමටය........ සුදු පැහති ඔසරියක් අදිමින් සිටි ඇය මාදෙස බලා ......පොඩ්ඩක් ඉන්න දුවේ කීවාය........ඇය ඔසරිය අදින ආකාරය දෙස මා හොදින් බලාසිටියෙමි........මාත් කෙල්ලෙක් වෙලා උපන්නනම් කවද හරි දවසක මේවගේ ඔසරියක් අදිනවනෙ........කල්පනා කලෙමි........මොකද බලන්නෙ සාරියකුත් අඳින්න හිතුනද.......විහිලුවට මෙන් කීවාය.......
No comments:
Post a Comment