හදිසි අනතුර 15 ..............................නැ......මම හඬ පිටනොකර කටින් කීවෙමි........සිනාසුනු ඇය එක් එක් වර්ගයේ කොන්ඩයට පලද වන කටු සහ හෙයා බෑන්ඩ් ගත්තාය......ඉන් එකක් ඇය මගේ හිසේ පැලදුවාය.....සාප්පුවේ තිබුනු කබඩ් වල වීදුරුවෙන් මගේ හිසේ මලක් ගැසුවා සේ දිස්වෙන අයුරු දුටුවෙමි......අම්ම හදන්නෙ මාව පුලුවන්තරම් ලස්සන කෙල්ලෙක් කරන්න......මොනව කරන්නද..අම්මගෙත් ආශාවනෙ ...අම්මටත් ඉතින් දුවෙක් ඉන්නවයෑ ලස්සන කරන්න.....ඒහින්ද මේ වෙලාවෙ මාව දුවෙක් විදියට සරසල එයාට දුවෙක් නැති දුක මා දිහා බලල තුනී කරගන්නව ඇති........මා අම්මා දෙස කනගාටුවෙන් බලා කල්පනා කලෙමි.......යමු නේද......බඩුටික ගත් අම්මා සාප්පුවෙන් පිටවූවාය......වාහනය පදවන අතර මාදෙස කිහිපවරක් බැලූ අම්මා .......මාත් ආශයි පුතාගෙ කන්පෙති දෙක විදල කරාබු දෙකක් දාල ලස්සන බලන්න......ඒත් පුතා කොල්ලෙක්නෙ මම කොහොමද එහෙම කරන්නෙ......ඇය දුක්බරව කියනු ඇසුනි........දැන් පුතාට ලමා සාරියකුත් මහ ගන්න ඕනැ නේද......හදිසියේ මතක් උනා සේ මගෙන් ඇසූ අම්මා......ඒකට සුදු රෙදි මීටර කීයක් ඕනැ වෙයිද දන්නෙ නෑ......පොඩ්ඩක් ආපහු ගිහින් අහල බලමුද......අම්මා මගෙන් ඇසුවාය......අම්මගෙ කැමැත්තක් මා කීවෙමි.....අම්මා කාරය ආපසු හැරෙවුවාය.........අපි ගොඩවූවේ රෙදි තිබෙන සාප්පුවකටය. එහි සිටියේ කාන්තාවකි......මේ දුවට ලමා සාරියක් මහගන්න ඕනැ කොච්චර විතර රෙදි යයිද.......අම්මා මාව පෙන්වා ඇසුවාය.......දුවගෙ මිනුම් දීල ගියොත් මට ඕනැනම් මහල දෙන්න පුලුවන්......ඇය කීවාය......වෙනදට මහත්තය තමයි මේ කඩේ ඉන්නෙ .......මම කරන්නෙ මහන එක ......අද එයා ගමනක් ගියා එනකන් ඉන්නව......ඇය පවසන්ට වූවාය.......අම්මෙ රීට ඇන්ටි ගාවට යනවට වැඩිය මෙහෙට දුන්නනම් හොඳයි නේද.....මා එසේ අසුවේ දිගටම රීට ඇන්ටිගෙන් මට ගැහැනු ඇදුම් මහන්න ගත්තොත් මාව වැරදියට තේරුම් ගනීවි යයි සිතුනු නිසාය......එහෙනම් අපි මෙහෙට දීල යමු.......අම්මා එකඟ වූවාය. එහෙනම් දුවගෙ මිනුම් ගන්න...........මිනුම් පටිය සහ පොතක් රැගෙන මා අසලට පැමිනි ඇය මගේ මිනුම් ගන්ට වූවාය.....දහම් පාසැල් යන්නද......මිනුම් ගන්නා අතර ඇය මගෙන් ඇසුවාය ......ඔව් අනේ තියෙන ඇදුම කොටවෙලා ඒකයි අලුතෙන් මහන්නෙ......අම්මාගේ පිලිතුරෙන් මා පුදුමයට පත්වුනෙමි.....මම කොල්ලෙක්නෙ මට කොහෙන්ද වෙන ලමා සාරි.......මා කල්පනා කලෙමි......ඔව් මේ වයසට ඉතින් ගැහැනු ලමයි උසයන කාලෙනෙ.........කී ඇය.........තාම කිරිබත් කෑල්ලක් කන්න බැරිවුනාද....කට කොනකින් සිනාසුනු ඇය අම්මාගෙන් ඇසුවාය.......තාමනම් බැරිවුනා.......අම්මා සිනාසෙමින් පිලිතුරු දුන්නාය.......අම්ම කියන බොරු අද උදෙත් අපි කිරිබත් කාල ආවෙ......දවස් තුන හතරකට වතාවක් උයන අම්ම කිරිබත් හදනව. අම්ම ඒව කකා කියනව කිරිබත් කෑල්ලක් වත් කෑවෙ නෑ කියල. ........මාව කෙල්ලෙකුට අන්දවන්න ගිහින් අම්මගෙ ඔලුවත් නරක් වෙලාද කොහේද.....මා අම්මාගේ මුහුන දෙස බලා කල්පනා කලෙමි......
ඔයා හරි ලකී මැඩම්.......ඇය මගේ ඉන මනිමින් කීවාය.......ඇයි ඒ.....අම්මා ඇසුවාය.....කවද හරි..දුවට ලොකු දෑවැද්දක් දෙන්න වෙන එකක් නෑ.......ඇය පිලිතුරු දුන්නාය......ඒ මොකද එහෙම කියන්නෙ..අම්මා..නැවත ඇසුවාය.....මේ වගේ ලස්සන දුවෙක් මේ පලාතෙවත් දැකල නෑ.....ඇය එසේ පවසන විට ඇය රැවටී ඇතිබව තේරුම් ගත් අම්මා අමුතු ආකාරයකට හිනාවුනාය.........සතියකින් විතර එන්නකො මම මහල තියන්නම්.....අව්සානයේ ඇය පැවසුවාය.......වාහනය පදවන අතර තුර අම්මා තනියම සිනාසෙනු දුටු මා ඇය දෙස බැලුවෙමි.......මට හිනා ගියේ අර කඩේ ගෑනු එක්කෙනා රැවටුනු රැවටිල්ල ගැන........කාටවත් ඔයාව කොල්ලෙක් කියල හදුන ගන්න බෑනෙ......අම්මා නැවත සිනාසෙන්ට විය......අම්ම එයාට තව බොරුවක් කිව්වනෙ......මා කීවෙමි.....ඒ මොකක්ද ඇය ඇසුවාය......ගෙදරදි කිරිබත් කකා කිරිබත් කෑල්ලක් කෑවෙනෑ කියනව.....ඒ එයා ඇහුවෙ එහෙම දෙයක් ගැන නෙවෙයි පුතේ ගෑනු ලමයින්ට වෙන එකක් ගැන......ඒ මොකක්ද ....මා කුතුහකයෙන් යුතුව ඇසුවෙමි.......ගෑනු ලමයින්ගෙ කොටහලු මගුල ගැන......ඔයාව තාම කොටහලු වුනේ නැද්ද කියල ඇහුවෙ.......කොල්ලො කොටහලු වෙනවයෑ...ලමයෝ....ඇය නැවත සිනාසුනාය.....
අම්මෙ ඇදුම් ටික ගලවන්නද.......ගෙදරට ගොඩවූ මා අම්මාගෙන් ඇසුවෙමි........ඇයි ඕව දිගටම ඇදගෙන ඉන්නද කල්පනාව.......ඇය ඇසුවාය......දිගටම ඇදගෙන ඉන්න තියෙනවනම් හොදයි ඒවුනාට මම කොල්ලෙක්නෙ ඒ හින්ද ගැහැනු ඇදුම් ඇදගෙන ඉන්න සමාජය අවසර දෙන්නෙ නෑනෙ........මා කිසිවක් නොකියා කල්පනා කරමින් කාමරයට ගොස් නැවත කොලු පෙනුම ගැනීම සදා ඇදුම් මාරුකර ගැනීමට පටන්ගත්තෙමි........
No comments:
Post a Comment