හදිසි අනතුර 20.................................................ඇය තෝරාගත් බ්‍රෙසියර් ප්‍රමාණයෙන් විශාල ඒවාවිය. .....මේව මට අන්දන්න පුලුවන් ඒව නෙවෙයි අම්මගෙ සයිස් එකේ ඒව ....මා ඒවා දෙස බලමින් කල්පනාකලෙමි.....මම තාම පොඩි ලමයෙක් හින්ද මගේ වයසෙ ගැහැනු ලමයින්ට ලොකු අක්කලගෙ වගේ පපුව ඇවිල්ල නෑ......ඒ හින්ද මටත් ඒව අඳින්න අවශ්‍යතාවයක් නෑ.......මට රගපාන්න වෙන්නෙත් පොඩි ගැහැනු ලමයෙකුගෙ චරිතයක් හින්ද පපුවෙ ප්‍රමාණය ගැන හිතන්නම ඕනැ නෑ.....ඒත් සන්ජීව රගපාන්නෙ අම්මගෙ චරිතය හින්ද එයාටනම් ඕනැ වෙයි......මා කල්පනාකලෙමි.....ඇදුන් ගත් අපි සාප්පුවෙන් පිටත්වූවෙමු ......අපි මීලගට ගියේ ලමා සාරිය මහන්න දුන් සාප්පුව වෙතය......එහි වයස හැටක පමන පෙනුමක් ඇති පුද්ගලයෙක් සිටිනු දක්නට ලැබුනි......ඔහු අසලට ගිය අම්මා පැමිණි කාරනාව සැලකලාය......ඇතුලත දොරක් පෙන්නූ ඔහු එය ඇරගෙන ඇතුලට යනලෙස දැන්නුවේය.......අපි කාමරය තුලට යනවිට මහන ඇන්ටී ඇදුමක් මහමින් සිටියාය......ඔයාල ආවද......ඉන්න මම හොයල දෙන්නම් .....ඇදල බලනව නේද......ඇසුවාය.......ඇදල බැලුවොත් හොදයි .....අම්මා පිලිතුරු දුන්නාය.......එම ඇදුම් කට්ටලය සොයාදුන් ඇය.....මට ඇද බලන ලෙස දැන්වූවාය......ඔය ගවුම ගලවල ඇදල බලන්න දුවේ....නැත්නම් හරියට බලන්න බෑ.....මා ගවුම පිටින් එහි හැට්ටය ඇදීමට සූදානම් වනවිට ඇන්ටී පැවසුවාය.......මෙතැන ගවුම ගැලවුවොත් මාව කොල්ලෙක් කියල අහුවෙයිද දන්නෙ නෑ .....මා බියපත්ව ඇඹරුනෙමි.......මෙයා ටිකක් ලැජ්ජ කාරි ඒකයි ඔය.....ඇන්ටී...මා ඇඹරෙන අයුරු බලා සිටින බව දුටු අම්මා පැවසුවාය......පොඩි කෙල්ලන්ගෙ මොනව දකින්නද දුවේ......සිනාසෙමින් පැවසූ ඇන්ටී ......ඔය තරම් ලැජ්ජනම් අන්න අර මුල්ලට ගිහින් මාරුකරන්න......කීවාය.......මා එම මුල්ලට යනවිට අම්මත් එතැනට ආවාය........ඇය හිසේ තිබුනු විග් එක ඉවත් නොවන ලෙස සීරුවෙන් ගවුම උස්සා හිසෙන් ඉවත්කලාය.......ඉන්පසු ඇය මට හැට්ටය ඇන්දුවාය........කිසිම දිනක මෙවැනි ඇදුමක් ඇද නොමැති මට අමුතුම හැගීමක් දැනෙන්ට විය......හැට්ටෙනම් හරිවගේ පැවසූ අම්මා සුදු පැහැති රෙදද ඉනවටේ ඔතා එහි තිබුනු රෙදි පටියෙන් ගැටයක් ගසා යටකලාය........ඔය තියෙනෙ අපූරුවට මා දෙස බැලූ ඇන්ටී කීවාය.......අම්මා මාව ඇන්ටි අසලට එක්ක ගියාය......ඇය මා ඇද සිටි හැට්ටයේ යටිකොටස අල්ලමින් මේ හරිය ගොඩක් හිරයිද ඇසුවාය........කමිස මෙන් බුරුලට නොතිබුනත් ගැහැනු ලමුන් අදින හැට්ටවල මැවැනි හිර ගතියක් ඇතිවිය හැකිබව ඔවුන් දෙස බැලීමෙන් තේරුම් ගෙන තිබුනු මා......නෑ ඇන්ටී.....කීවෙමි......හදන්න දෙයක් නෑ වගේ නේද.... ....මා ඇදසිටි රෙද්දේ වාටිය සකස් කමින් අම්මා ඇසුවාය.......ඇත්තටම හැමදාම මට මේ ලමා සාරිය ඇදින්න ඇත්නම්........එම ඇදුම තුලින් සිතට ඇතිවුනු අමුතු හැගීම නිසා කල්පනා කරන්ට වුනිමි......ඒත් නාට්ටිය ඉවර වෙනකන් විතරෙනෙ.....කනගාටුවක්ද ඇතිවිය...........නැවත ඇදුම ගැලවූ අම්මා ....ඇදගෙන ආ ගවුම ඇන්දුවාය........ඇදුම් කට්ටලය පිලිවෙලට නැවූ ඇන්ටී.....එය බෑග් එකක් තුලට දමා දීමට සාප්පුව තුලට ආවාය.......මේ මම ඔයාට කිව්වෙ ඇදුමක් මහන්න දෙන්න ලස්සන දුවෙක් ආව කියල....... මේ එයා තමයි.......අන්ටී මාව පෙන්නා මුදලාලිට කීවාය.......මේ දුව දැක්කම මටත් හිතුනා මේ දුව ගැන තමයි ඔයා කියන්න ඇත්තෙ කියල......ඔහු මාදෙස බලා සිනාසෙමින් කීවේය........මේ ඇන්ටි නිතරම ඔයාගෙ ලස්සන ගැන වර්නා කරනව.......ඔහු තවදුරටත් පැවසුවේය........ඔයාලට දූල නැද්ද.......අම්මා ඇසුවාය......ඒක තමයි අපිට තියෙන දුක........අපිට ඉන්නෙ කොල්ලොම තුන්දෙනෙක් එයාල ඔක්කොමල්ල ඉන්නෙ පිටරට අපිව බලන්න එන්නෙ කලාතුරකින්........කොල්ලන්ට දෙමවුපියන් ඉන්නව කියල හැගීමක් නෑ......එයාල කරන්නෙ එයාලගෙ ගෑනු කියන දේවල්.......එයාලගෙ අයට තමයි අපේ අයත් සලකන්නෙ......අපිටත් දුවෙක් හිටියනම් ......මම දන්නව ඔය කොල්ලො තුන්දෙනාට වඩා අපිට සලකනව කියල......දුවෙක් නැති ගෙදර හරියට මල් පිපෙන්නෙ නැති ගස් වගේ.......කිසිම ලස්සනක් නෑ ......ඇන්ටී දුවලගේ අගය කියමින් දුකෙන් පවසනවිට අම්මාද දුක්බරව අසාසිටිබව මට පෙනුනි...... ඇය ඇදුම් පර්සලය අපිට දෙනවිට ...එය ඉල්ලාගත් මුදලාලි මොකක්ද පර්සලයක් එය තුලට දමා ...ඔන්න මගෙන් දුවට තෑගාක් කියමින් මගේ අතට පාර්සලය දුන්නේය.......ඒ අතින් මැඩම් නම් හරිම වාසනාවන්තයි.....අපි පිටත්වනවිට පැවසූ ඇන්ටී ......ආයෙත් එනකොට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.......කීවාය..... අපි ගෙදර බලා පිටත් උනෙමු.......වෙනදා මා සමග සතුටින් කතාකරමින් වාහනය පදවන අම්මා කිසිම කතාවක් නොමැතිව වාහනය පදවන අයුරු දුටුවෙමි.......අම්මටත් ඉන්නෙ කොල්ලො දෙන්නෙක් හින්ද ඒ ඇන්ටිලට උන දේ අම්මලාටත් වෙයි කියල හිතනව ඇති.......කල්පනා කල මා.....පවු නේද අම්මෙ ඒ ඇන්ටිල........මම නම් කොහේ ගියත් අම්මටයි ආත්තටයි සලකනව. ..... පැවසුවෙමි........ඔයාවත් එහෙම කලොත් අපිටත් දුවෙක් නැති අඩුව පේන එකක් නෑ........දිගු සුසුමක් හෙලූ අම්මා පැවසුවාය.........ඒක නෙවෙයි ඔයාගෙ ඇදුම් පාර්සලේට දැම්ම පාර්සලේ මොකක්ද දන්නෙ නෑ......ඇසුවාය........එලියට ගත් හෑගි පාර්සලය දිගහැරීමට පටන්ගත්තෙමි........
No comments:
Post a Comment