හදිසි අනතුර 5......................... .....ටිකවෙලාවක් ගතවිය පැමිණි අය ආපසු ගොස් ඇතිබව නිශ්සබ්දතාවයෙන් වටහා ගත්තෙමි. මාසිටි කාමරයේ දොර ඇරුනි.......අක්කේ මේ ගවුම ඇන්දම ඔයගෙ පුතානම් දුවෙක් වගේමයි......මාව දුටු රීටා ඇන්ටී සතුටින් පවසනවිට මා ලැජ්ජාවෙන් ඇබරුනෙමි.......ඔය ගවුමෙ ඉනහරිය ලොකුයි වගේ පොඩ්ඩක් බලන්න. අම්මා පවසනු ඇසුනි. මා අසලට ආ ඇන්ටී ගවුමේ ඉන පෙදෙස පරීක්ෂා කලේය.....කොල්ලන්ගෙ ඉන ලොකු හින්ද මම ටිකක් ලොකුවට මැහුව ඒත් මේ පුතාගෙ ඉන හිනි නිසා තව ටිකක් පොඩිකරමු......එතකොට ගවුමෙ හැඩේ හොදට පෙනෙයි....... මැසීමට අවස්ය හරිය සලකුනු කර ගත් ඇය......අත් දෙක තද වැඩිද පුතේ.......බෝරිච්චි අත් යොදා මසා එවහිබුනු අත් කටෙහි ඉලාස්ටික් පටියෙන් ඇද ඇසුවා.........නෑ ඇන්ටි..... මා කීවෙමි......එහෙනම් ගලවල දෙන්න.....පැවසූ ඇය අම්මා සමග කාමරයෙන් එලියට ගියාය......මා ගවුමේ සායෙන් උස්සා හිසෙන් එලියට ගැනීමට සූදානම් වන විට එය හිසට තදවෙන බව තේරුනි......නැවත පහත් කල මා නැවතත් උත්සාහ කලෙමි.....එහෙත් ගවුමේ කර හිසෙහි හිරවෙනවා මිස ගැලවෙන බවක් නොපෙනුනි.......හරි වැඩේනෙ මේක දැන් ගලවන්නෙ කොහොමද.......මා ගවුමේ කරවටා අතගෑවෙමි.......ඉස්සෙල්ල කලිසම ඇදගෙන ආයෙත් ට්රයි කරල බලන්න ඕනැ...... කලිසම ඇදගත් මා නැවත උත්සාහ කලෙමි......නැවත ගවුමේ කර හිසේ හිරවුනි........තාම ඕක ගලව ගන්න බැරිවුනාද.......අම්මාගේ කටහඬ ඇසුනු මා අත්දෙක හිසට ඉහලින් ඔසවාගෙන ගවුම ඉහලට අදිමින් ඇය දෙස බැලුවෙමි......අයියෝ පුතේ ඕක ඔහොම නෙවෙයි ගලවන්නෙ......මා අසලට පැමිනි අම්මා ගවුම නැවත පහතට ඇද්දාය.....තව පොඩ්ඩෙන් ගවුමත් ඉරාගන්නව......පැවසූ ඇය......ඔයා දැක්කෙ නැද්ද කර පිටපස්සෙ බොත්තමක් දාල තියෙනව.....ඒ බොත්තම ගලවන්න ඕනැ.....ඇය බොත්තම ගලවන අතර තුර........ඔයා ඉතින් කවද ගවුමක් ඇදලද.......පැවසූ අම්මා ගවුම හිසෙන් අහකට ගෙන රීටා ඇන්ටී අසලට ගියාය......මා නැවත කමිසය ඇදගෙන එලියට ගියෙමි......ආයෙත් කමිසෙ ඇද ගත්තද......පොඩ්ඩක් ඉන්න මේක හැදුවට පස්සෙ ආයත් ඇදල බලන්න ඕනැ.......මා දෙස බැලූ අම්මා කීවාය.......ඕනෙ නෑ අක්කෙ.......ඒත් ඇදල බැලුවම ඔයාලට විස්වාසනෙ......රීටා ඇන්ටි ගවුම මසමින් කීවාය.......දැන් බලන්නකෝ......රීටා ඇන්ටී මගේ කරමතට ගවුම දමා කීවාය......මා ගවුම රැගෙන නැවත කාමරයට ගියෙමි......කමිසය ඉවත් කල මා අම්මා ඇන්දවූ පරිදි ගවුම හිසෙන් පහලට ගෙන අත් දෙක රින්ගවා සායෙන් හින පෙදෙසට ඇද්දෙමි......එහෙත් එහි අමුත්තක් ඇති බව මට තේරුනි......මැහුවට පස්සෙ වෙනස් වෙලා වගේ මා ගවුම දෙස බලා කල්පනා කරන විට ....අම්මා පැමිනියාය......ඒ සැරේ ඉස්සරහ පස්ස මාරු කරගෙන නේද ඇඳල තියෙන්නෙ ....අම්මා නැවත ගවුම ගලවා නිවැරදි ආකාරයට ඇන්දුවාය.....කාමරයට පැමිනි අන්ටී.......දැන්නම් ගවුම හැඩට පේනව නේද අක්කෙ .....ඇසුවාය....දැන් ලස්සනයි........එහෙනම් ගලවල සර්ට් එක ඇදගන්න......පැවසූ අම්මා රීටා ඇන්ටී සමග කාමරයෙන් පිට වූවාය......මෙයාල කියන්නෙ ඇත්තද මේ ගවුම දැන් ඉස්සෙල්ලට වඩා ලස්සනද.....ගවුම ගැලවීමට පෙර කන්නාඩියෙන් නැරබීමට ආශාවක් ඇතිවිය.......කන්නඩිය අසලට ගිය මා එහි රෙද්ද මෑත් කර බැලුවෙමි......ගවුම ඉස්සරට වඩා හැඩට දිස්වෙන බව මටද දැක ගැනීමට ලැබුනි....... මෙවර පිටුපස බොත්තම දමා නොතිබුනු නිසා ගවුම ලේසියෙන් ගැලවීමට හැකිවිය......මේ කමිස කලිසම් වලට වඩා ගවුමක් ඇදගෙන ඉන්න තියෙනවනම් කොච්චර ලස්සනද......මා ගෙදර යන අතර තුර කල්පනා කලෙමි.......
පසුදින පාසැල් යනවිට මා ගවුමද රැගෙන ගොස් ගුරුතුමාට පෙන්නුවෙමි. එය මගේ සිරුර මත තබා බැලූ ඔහු .........මම හිතුවටත් වඩා හොදට මහල තියෙනවනෙ......ඔහු ගවුම ගැන ප්රසංසා කලේය. ....විග් එකකුත් ගන්නව නේද මගෙන් ඇසුවේය........ඒකට කොළඹ යන්න වෙනවලු සර්......මා කීවෙමි........කොලඹටම යන්න ඕනෙ නෑ නුගේගොඩත් ඇති.....ඔහු කීවේය....
මා ගෙදර ගොස් ගුරුතුමා පැවසූ දේ අම්මාට කීවෙමි......තාත්තගෙනුත් අහල බලමු......අම්මා කීවාය.දවස් දෙකක් පමන ගතවිය......තාත්ත කිව්ව හෙට හවස ඔයාගෙ වැඩේට කොලඹයන්න කියල . එයාට එන්න විදියක් නැති හින්ද හොදට දන්න ඩ්රිවර් කෙනෙක් එවන්නම් කිව්ව.....හෙට හවසට යන්න ලෑස්ති වෙන්න. මේ අනුව පසුදින අපි කොළඹ බලා පිටත්වුනෙමු.....ටිකක් වයසක කෙනෙක් වන රියඩුරු මහතා හොදින් සාප්පු ගැන දන්නා නිසා අපිට විග් එකක් සොයා ගැනීම පහසු විය.......මගේ හිසේ ප්රමාණය කුඩා නිසා සරිලන එකක් සොයා
ගැනීම තරමක අපහසුවක් ඇතිවිය.....එහෙත් අවසානයේ දී මගේ ප්රමාණය ට ගැලපෙන එකක් ලැබුනි.......එහි කොන්ඩයද ඉතා දිගුවට තිබීම අපගේ වාසනාව විය.....

No comments:
Post a Comment