සීයා 59........................ ......එදා මා කුසල් ලෙස ඉන්දිකාට ආදරය කලද මා ඔහුට කීමට යන මේ කතාව ඇසූ පසු කුසල් මා ගැන කුමක් සිතයිද යන සිතුවිල්ල මා තුල ඇතිවිය. .....මට හිතෙනව කුසල්..... දැන් ඒ කතාවෙන් වැඩක් නෑ කියල......සිත තුල තිබුනු චකිතය නිසා මා එය පැවසීමෙන් වැලකී සිටියෙමි......ඔයා එදා පොරොන්දු උනානෙ කියනව කියල. අපිට තිබුනු ප්රශ්න හින්ද ඒක ඊටපස්සෙ අහන්න බැරිවුනා අද තමා මට ඒක අහන්න ඕනැ කියල හිතුනෙ....වැඩක් ඇතත් නැතත් මට ඒ කතාව අහන්න ඕනැ......ඔහු තරයේ ඉල්ලාසිටියේය.......මේක කිව්ව කියල මාගැන වැරදියට හිතන්නෙ නෑ කියල පොරොන්දුවෙන්න.....මා ඉල්ලාසිටියෙමි......හරි හරී....මම පොරොන්දුවෙන්නම්.....ඔහු පැවසුවේය. එදා ස්කෝලෙ යනකාලෙ මම කුසල් වෙලා හිටිය දවස්වල මට ඔයාව දැක්කම පුදුම ආදරයක් ඇතිවුනා. මට හිතුන ඔයාව යහලුකරගන්න. ඒත් ඔයාගෙ චන්ඩිකම් දැක්කම මට බය හිතුන. ඒ හින්ද මට ඔයත් එක්ක කතාකරන්නත් බය හිතුන. මම ප්රදීප්ට මේ ගැන කිව්වම එයා මට හිනවුනා...මම වගේ දෙකටම නැති කොල්ලෙක් කොහොමද ඔයාවගේ ලස්සන කෙලෙකුට ආදරේ කරන්නෙ කියල හිතෙන් ඒ අදහස අතහැරගන්න කියල කිව්ව....ඉතින් ඔයා අදහස අත හැරිය......කුසල් ඇසුවේය......එයා කොච්චර එපා කිව්වත් මට බැරිවුනා ඒ අදහස අතහැරගන්න.....මම පැවසුවෙමි.....ඉතින් ඔයා පාරෙ යනකොට මාත් එක්ක අනම්මනම් කතාකරකර ගියා......ඔහු සිනා සෙමින් පැවසුවේය......ඒ වුනාට ආදරේ ගැන කියන්න බය හිතුන......ඊටපස්සෙ තමා ප්රදීප් කිව්වෙ කියන්න බැරිනම් ලියුමක් දෙන්න කියල.....මම ලියුමක් ලියාගෙන ඔයාට දෙන්න කීප දවසක් උත්සාහකලා ඒත් ඔයාව දකිනකොට බය හිතුන......එදා වැස්ස දවසෙ.... කොහොම හරි ලියුම දෙන්න කියල අතේ තියාගෙන හිටිය. එදා තමයි ඒ ලියුම මගේ අතේ තියෙනව දැකල ඔයා උදුරගන්න හැදුවෙ.....ඒත් ඔයා ඒක කියවල මට ගහයි කියල බය හිතුන.....මම ලියුම අතේ තියාගෙන දිව්වෙ ඒකයි......එදා මාව වැටුන පාරට ලියුම කානුවදිගේ වතුරට ගහගෙන යනව මම දැක්ක......දැන් ඔයාට ලිවුම කියවන්න ලැබෙන්නෙ නෑ කියල සතුටක් ඇතිවුනා ඒ වගේම ලියුම දෙන්න හම්බවුනේ නෑ කියල දුකකුත් ඇතිවුනා......මගේ මේ කතාව අසාගෙන සිටි කුසල්.......එදා ඒ ලියුම මට කියවන්න හම්බවුනේ නැති එක හොදයි..... සිනාසෙමින් පවසා .......කියෙව්වනම් එහෙම ඔයාගෙ ඉල ඇටටික කුඩුකරගන්න තමා වෙන්නෙ......කීවේය......ඒක හින්ද තමා මම ඒක නොදුන්නෙ.......මාව මඩ ගොඩේ වැටිල ලිවුම අතහැරුනෙ නැත්නම්......ඔයා කියපුදේ තමා මට ඇත්තටම වෙන්න තිබුනෙ......මම කීවෙමි....ඒ වුනාට උනේ වෙනදෙයක් නෙ......ඉල ඇට ටික කුඩුකරගෙන බේත් කරකර ඉන්නවට වඩා ඊට පස්සෙ උනදේ හොදයි කියල ඔයාට හිතෙන්නෙ නැද්ද......ඔහු ඇසුවේය........ඒ වුනදේට මුලදි අකමැති උනාට දැන්නම් හිතෙනව කුසල්..... ඒ හැමදේම උනේ අපි දෙන්නගෙ වාසනාවට කියල.....මම පැවසුවෙමි......ඒකනම් ඇත්ත මට කොල්ලෙක් වෙන්න පුලුවන්වුනා ඔයාට ලස්සන කෙල්ලෙක් වෙන්න පුලුවන් උනා.....ඒ කියන්නෙ අපේ හිත ඉල්ලපු ආත්ම දෙක අපිට ලැබුන.....කුසල් පැවසුවේය. ....ඔයා දැන් ගැහැහැනු ලමයෙක් විදියට..ඒ ලියුම ගැන මොකක්ද ඔයාට හිතෙන්නෙ......කුසල් මගෙන් ඇසුවේය.......ටිකක් කල්පනාකල මා ....ඒ කිව්වෙ.....මා ඇසුවෙමි.......ඒ ලියුම මම ඔයාට දුන්න කියල හිතමුකො......ඔහු කීවේය.....ඔයා දන්නෙ නෑනෙ ඒ ලියුමෙ මොනවද ලියල තිබුනෙ කියල.....මම කුසල්ට කීවෙමි. ....ඒ වුනාට දැන් ඔයා දන්නවනෙ ලිවුමෙ ලිව්ව ඒව.....අද මම ඒක ඔයාට දුන්න කියමුකො.....ඔයා මොකද කියන්නෙ....මගේ ඉල ඇට කුඩුකරනවද......ඔහු ඇසුවේය.....අපෝ නෑ මම ඔය ගහගැනිලි වලට නෑනෙ.......මම හොද......ඉතුරුටික හිතාගන්න......කී මම ඔහු දෙස ලැජ්ජාවෙන් බැලුවෙමි......කනේ පාරක් දෙනව.......ඔහු මගේ කියමන සම්පූරන කලේය.......දන්නෙ නෑ....මා සිනාසෙමින් කීවෙමි......ඔයාටනම් දැන් තියෙන්නෙ නියම ගැහැණු අදහස් හිතේ තියෙන එක කෙලින් කියන්නෙ නෑ.....ගෑනු ඔහොමම තමයි......මා ඔහු දෙස බොරුවට රවා බලා බිමබලාගෙන අතේතිබුනු ලේන්සුව ඇගිලිවල කරකවමින්..... ඔයාගෙ සීයනෙ මාව ගෑනියෙක් කලේ......කීවෙමි......ඉතින් ලමයො ඒකෙන් අපි දෙන්නට හොදක්නෙ උනේ.......මගේ අත සෙමින් අල්ලාගත් ඔහු කීවේය.
අපිට උපාධි ලැබී සති කිහිපයකට පසු රැකියාව ලැබුනි. මගේ වාසනාවකට මෙන් කුසල්ටද මා රැකියා කරන ස්තානයේම රැකියාව ලැබුනි......ප්රදීප් වෙනත් ස්ථානයකට රැකියාව සදහා ගියද ඔහු නිතර අපිව හමුවීම අමතක කලේ නැත. කුසල් හා මා අතර මිතුරුකම තවතවත් වැඩිවෙන්ට වූයේ අපි රැකියාව කරන අතර තුරේදීය. එය ආදර බැදීමක් ද දැඩි මිතුරු කමක් ද එසේ නැත හොත් අපි දෙදෙනා කලක් ජීවත්වූ සිරුරු වලට තිබුනු බැදීමක්ද යන්න තෝරාගැනීමට නොහැකිවිය. ටික දිනකින් අපි දෙදෙනාගේ ජීවිත වෙනස්වීමට පටන්ගත්තේ කුසල් නිසාය.
අපිට උපාධි ලැබී සති කිහිපයකට පසු රැකියාව ලැබුනි. මගේ වාසනාවකට මෙන් කුසල්ටද මා රැකියා කරන ස්තානයේම රැකියාව ලැබුනි......ප්රදීප් වෙනත් ස්ථානයකට රැකියාව සදහා ගියද ඔහු නිතර අපිව හමුවීම අමතක කලේ නැත. කුසල් හා මා අතර මිතුරුකම තවතවත් වැඩිවෙන්ට වූයේ අපි රැකියාව කරන අතර තුරේදීය. එය ආදර බැදීමක් ද දැඩි මිතුරු කමක් ද එසේ නැත හොත් අපි දෙදෙනා කලක් ජීවත්වූ සිරුරු වලට තිබුනු බැදීමක්ද යන්න තෝරාගැනීමට නොහැකිවිය. ටික දිනකින් අපි දෙදෙනාගේ ජීවිත වෙනස්වීමට පටන්ගත්තේ කුසල් නිසාය.
No comments:
Post a Comment