ඔන්න දුවේ මම ඔයාට තාත්තගේ අවසරෙත් ලබා දුන්න.....දැන් ඔයාට තාත්තට පේන්න කලිසම් කමිස අදින්න ඕනෙ නෑ.... ගවුම් ඇදගෙනම කෙල්ලෙක් වගේ ඉන්න........ගෙදරට පැමිනි පසු තාත්තාට නොඇසෙන සේ අම්මා මට කීවාය......මුහුදු වතුර සහ වැලි නාගෙන සිටි අපි ගෙදර පැමිනි ගමන්ම නාගත්තෙමු......නා ගත් මා වෙනත් ගවුමක් ඇදගත්තෙමි.........ඔන්න අද ඉදම්ම මම මෙයාට අර දඩුවම දුන්න.......අද ඉදන් ගෙදරට ගවුන් ඇදගෙන කෙල්ලෙක් වගේ ඉන්න කිව්ව......මා ගවුන් ඇදගෙන සිටින අයුරු පෙන්නූ අම්මා.... තාත්තාට පැවසුවාය......නියම වැඩේ ..පැවසූ..තාත්තා මා දෙස බලා සිනාසුනේය.......රාත්‍රි කෑමගෙන කාමරයට ගිය මා සුපුරුදු පරිදි දොර අගුලු දාගත්තෙමි......ටික වෙලාවකින් අම්මා කතාකරන හඬ ඇසුනි......මා දොර විවුර්ත කර බැලුවෙමි.....දැන් දොර ලොක් කරගෙන නිදාගන්න ඕනෙ නෑ දුවේ....ඒ හින්ද අඩවල් කරගන්න......අම්මා කීවාය......දැන් මට බියවීමට කාරනාවක් නොමැති නිසා දොර අගුලු නොදා සිටීමෙන් ගැටලුවක් නොමැත......නයිටිය පිටින් ඇදේ ඇලවූනු මා කෙල්ලෙක් ලෙස දවස ගතකල ආකාරය සිහිපත් කලෙමි......අද දවස පුරා අමුතුම ලොවක ජීවත්වුනා සේ සිහිවිය ඇත්තටම ඒක සුරන්ගනා ලෝකයද......කෙල්ලෙක් වෙලා ජීවත්වෙනව කියන්නෙ සුරංගනා ලෝකෙට ගියාවගේ නේද......මා දවස පුරා ගතකල එම ගැහැනු ලොව ගැන මතක් කරමින් සතුටුවුනෙමි.....
උදෑසන අවදිවුනු මා සුපුරුදු පරිදි නයිට් ගවුම ගලවා කලිසම ඇදගත්තෙමි.......මොකක් ද ලමයො ආයෙත් ඔයා කලිසමක් ඇදගත්තෙ......ඕක ගලවල දාල ගවුම ඇදගන්න.......ස්කෝලෙ යනකොට ස්කෝලෙට අදින සූට් එක විතරයි ඔයාට ඇදින්න පුලුවන් අනිත් හැම වෙලාවෙම ගැහැනු ලමයෙක් විදියට ඇදගෙන ඉන්න ඕනැ.......අම්මා වෙනදා නොමැති අධික ශබ්දයකින් පවසන්ට වූවාය....පුතේ මම ඔයාට හයියෙන් කතා කලේ තාත්තට ඇහෙන්න......ඔයා ඒව ගනන් ගන්න එපා....අම්මා සෙමින් මට කීවාය....දැන් ඇදුම් මාරුකරන්න ඕනෙ නෑ ස්කෝලෙයන්න ඇදගන්න......ඇය කීවාය.
ලබන සතියෙ ඇදුම් ඇදගෙන පුහුනු වෙන්න ඕනැ....ඒ හින්ද හැමෝම තම තමන් සූදානම් කරගෙන තියෙන ඇදුම් අරගෙන එන්න ඕනැ.....නාට්ටිය පුහුනු කරන ගුරුතුමා පැවසුවේය.......නිලන්තගෙ ඇදුම් ටික හරිද ...ඔහු මගෙන් ඇසුවේය.....හරි සර්....මා කීවෙමි. ඔයාට තමා අමාරුම චරිතෙ තියෙන්නෙ ඒ හින්ද හොදට කරන්න ඕනැ.....ඔහු මා දෙස බලා කීවේය......
දැන් මට ගෙදරදී ඕනෑම තරම් කාලයක් ගැහැනු ලමයෙකු ලෙස සිටීමට හැකි නිසා පාසැල් ඇදුම් හැර මට තිබුනු කිසිම පිරිමි ඇඳුමක අවසයතාවයක් නොතිබුනි.....දිනෙන් දින මගේ කාමරයද ගැහැනු ලමයෙකුගේ කාමරයකට පරිවර්තනය විය.......මේ පරිවර්තනය තව සති දෙකකටත් අඩු කාලයක්නෙ තියෙන්නෙ.....එය සිහිවෙන සෑම වාරයකදීම සිතතුල දැඩි වේදනාවක් දැනුනි.....
No comments:
Post a Comment