මොකද බන් උඹ ගවුම ගෙනාවෙ නැත්තෙ......පුහුනුව අතර තුල සුලු විවේකයේදී සැමදෙනාම අසන්ට විය......අමතක උනා......මා බොරුවක් කීවෙමි......ගෙනාවනම් උඹේ ලස්සන බලන්න තිබුන........එක්කෙනෙක් පැවසු අතර.... ඔව් බන් හෙට අරගෙන වරෙන්.....තවකෙනෙක් කීවේය.........බලපන් සන්ජීව සාරියක් ඇන්දට කිසි ගතියක් තියෙනවද කියල.......ඒවුනාට උබ ගවුමට ලස්සනට හිටියි බන් ......තාත්තාට රගපාන.....රුමේශ් පවසන්ට විය.....මේ අතර සාරිය පටලවාගෙනම අපි අසලට පැමිනි සන්ජීව.......මොකක්ද උබල මගෙ නම කියල කතාවුනේ....... ඇසුවේය.........ඔහු දෙස බැලූ රුමේෂ්..... උබට වඩා ලස්සනයි බන් කෙසෙල් කොටයක් සුද්ද කරල සාරියක් අන්දල ගත්තනම්.......අනේ පලයන් බන් යන්න සාරියක් ඇන්ද කියල මට ගෑනියෙක් වෙන්න බෑනෙ......ඔහු සැරෙන් මෙන් පැවසුවේය.....බලපන් හෙට නිලන්ත ගවුම ඇන්දම කොහොම හිටියිද කියල......එක්කෙනෙක් කීවේය.......මෙයා ගවුම ඇන්දත් උබල මට කියපු දේම කියයි.....මොකද අපි ගෑනු ඇදුම් ඇන්ද කියල කෙල්ලො වගේ ලස්සන වෙන්නෙ නෑනෙ.....නේද නිලන්ත....මාදෙස බැලූ සන්ජීව පවසන්ට විය...ඔය කතා නවත්වල ආයෙත් පටන්ගම්මු.....ගුරුතුමා පවසනු ඇසුනු අපි නැවත පුහුනුවීම ආරම්භ කලෙමු. ........නිලන්ත ....හෙට එනකොට ඇදුම් ලැස්ති කරගෙන එන්න ඕනැ.....ඔන්න අමතක උනා කියල කියන්න එහෙම එපා .....හොදයි සර් ...පැවසූ මම......විග් එක මිලදී ගත් බවද පැවසුවෙමි......බොහොම හොදයි හෙට එනකොට ඒකත් අරන් එන්න......ඔහු කීවේය. ....දැන් ඉතින් හෙට කොහොමත්ම කෙල්ලට අදින්න වෙනව......මා කල්පනා කලෙමි.
පසු දින විග් එක සහ ගවුම බෑග් එකට දාගත්තෙමි......පුතේ ඕක පොඩිකරගන්න එපා.....ඔය නවල තියෙන විදියටම දාගන්න......මා ගවුම අසුරනු බලාසිටි අම්මා පැවසුවේය......පුතේ ඔය විග් එකේ කොන්ඩෙ ගොතාගත්තනම් ඔයාට ලේසියි නේද.......කෝ මෙහාට ගේන්න ඕක ගොතල දෙන්න.....මා එය ඇයට දෙන විට එය මගේ හිසට පැලද වීමට සූදානම් විය......මම ස්කෝලෙදි දාගන්නම් අම්මෙ දැන් ගොතල දෙන්න......මා එයට විරුද්ධ වී පැවසුවෙමි....මේක ඔලුවට දාන්නෙ නැතුව කොහොමද ගොතන්නෙ......පැවසූ ඇය එය මගේ හිසේ පැලදුවාය.....එහි කොන්ඩය මගේ ඉන දක්වාම දිගට තිබුනු නිසා අම්මා කෙස් සෙමින් පීරා ගොතන්ට විය......මේදෙස බලා සිටි මල්ලී.......අයියව අක්ක කෙනෙක් කරල ස්කෝලෙ යවන්නද හදන්නෙ......ඇසුවේය.....ඇයි
ඒයි නිලන්ත උඹ අදවත් ඇදුම් ටික ගෙනාවද.......මාව දුටු රුමේශ් ඇසුවේය.....ගෙනාවෙ නැත්නම් අදත් සර් ගෙන් හොදටම බැනුම් අහන්න වෙනව.......මා කීවෙමි......අපි නාටකය පුහුනුවීම සදහා රංගන ශාලාවට ගියෙමු........නිලන්ත අද ඇදුම් ටික ගෙනාවද.....මා දුටු ගුරුතුමා ඇසුවේය...... ඔව් සර්......මා ඇදුම් බෑගය පෙන්වා පැවසුවෙමි......බොහොම හොදයි දැන් ලෑස්තිවෙන්න.......ඔහු පැවසුවේය......ගවුම එලියට ගෙන අම්මා කියාදුන් පරිදි එහි ඉදිරිපස හොයාගත් මා ඇදීමට සූදානම් වනවිට......මා අසලට පැමිනි සන්ජීව ....මොකක්ද බන් සර්ට් එක පිටින්ම අදින්නෙ ඕක ගලවල ඇදහන්කො.......මාත් හැට්ටෙ ඇන්දෙ සර්ට් එක ගලවලනෙ.......මා සර්ට් එක පිටින් ගවුම අදිනු බලාසිටි ඔහු කීවේය....හරියට ඇද ගත්තෙ නැත්නම් සර් බනිනව.....උබට මතකනෙ ඊයෙ මට සර් බැන්න සාරිය හරියට ඇදගන්න ඉගෙන ගෙන එන්න කියල......ඔහු තව දුරටත් පවසන්ට විය.....
No comments:
Post a Comment