Wednesday, June 28, 2017

හදිසි අනතුර 28.................................මේ පුතේ ඔයා ඔහොමම කාමරේට ගිහින් අර නාට්ටියේ දෙබස් ටික පාඩම් කරන්න.......මම දොර අරින්නම්.......අම්මා දොර අසලට ගිය අතර මා කාමරය තුලට ගොස් පුටුවේ වාඩිවී නාට්ටියේ දෙබස් කියවන්ට වුනෙමි........ටික වෙලාවකින් පුන්චි අම්මා නිවස තුලට පැමිනෙනු ඇසුනි........කෝ අක්කෙ පුතාල.......පුන්චි අම්මා අසන හඬ ඇසුනි.......පුඩි පුතා පන්ති ගියා නන්ගියෙ එයාගෙ සිස්සත්වෙ විභාගෙත් ලගයිනෙ.......ලොකු පුතා ස්කෝලෙ නාට්ටියක් පුරුදු වෙනව......ඒ ස්කෝලෙ ගැහැනු ලමයි නැති හින්ද පුතාට තමයි ගෑනු ලමයෙකුගෙ චරිතය කරන්න වෙලා තියෙන්නෙ.......එයා ඒකට කැමති නේම නෑ  .... පස්සෙ එයාගෙ සර් තමා බලෙන් වගේ මේකට අරන් තියෙන්නෙ......ඉතින් මේක කොහොම හරි කරන්නත් ඕනැනෙ.......ඉතින් මම කිව්ව පුතාට තියෙන ලැජ්ජාව යන්නත් එක්ක ගැහැණු ලමයෙක් වගේ ඇදගෙන පුරුදු වෙන්න කියල.........අම්මා මෙසේ මම ගැන ගොතා කියනවිට ....... අම්මට කොහෙන් මේ වචන සෙට් එක ආවද මන්ද......මා කාමරේ සිටිමින් කල්පනා කලෙමි.......කෝ දැන් පුතා......පුන්චී ඇසුවාය.......කාමරේ ඉන්නව ගෑනු ලමයෙක් වගේ ඇදගෙන ඉන්න හින්ද එලියට එන්න ලැජ්ජාවෙ ඉන්නෙ......එහෙනම් මට බලන්නම ඕනෙ......සිනාසෙමින් කී පුන්චී මගේ කාම්රය දෙසට එනු ඇසුනි.......මටනම් දැන් ලැජ්ජාවෙ පනයනව.......අම්මගෙ පිස්සු වැඩනෙ......මා අම්මට සිතින් දොස් කියමින් ලැජ්ජා සහගතව සිටියෙමි.....අනේ ඇත්ටම පුතානම් ගැහැනු ලමයෙක් වගේමයි.........මගේ මුහුන දෙස හොදින් බැලූ පුන්චී සිනාසෙමින් කීවාය........මා ලැජ්ජාවෙන් ඇබරුනෙමි.......ලැජ්ජ වෙන්න එපා පුතේ.....නාට්ටිය කරන කොට ඔහොම තමා.....අහුවෙන ඕනැම චරිතයක් කරන්න පුලුවන් වෙන්න ඕනැ.......ඇය පවසන්ට වූවාය........දැන් මාස කීපයකට කලින් ඔය චරිතෙ කරල මෙයාට හොදම නලුවට හම්බවෙන සහතිකේ කුත් හම්බවුනා...ඒහින්ද ස්කෝල කිහිපයක තරගෙකටත් මෙයාව තෝරගෙන....පැවසූ අම්මා .....පුන්චිට පෙන්නන්න පුතේ ඒ සහතිකේ......පුටුවෙන් නැගිට්ට මා ලාච්චුව ඇර සහතිකය එලියට ගෙන ඇයට පෙන්නුවෙමි.......හොදයිනෙ.... පුතා දක්ශයෙක්නෙ......ඇය මගේ හිස අතගෑවාය.......දිග කොන්ඩයක්නෙ තියෙන්නෙ කොන්ඩෙ කොහෙන්ද හොයාගත්තෙ.....ඇය ඇහුවාය.......කඩෙන් ගත්ත නන්ගියෙ..මේවගෙ දෙයක් කරන කොට හරියට තියෙන්න ඕනැනෙ........අම්මා කීවාය........කන්දෙකත් විදල කරාබු දෙකකුත් දැම්මනම් ආයෙත් කොල්ලෙක් කියල හොයන්න බෑ........පුන්චි අම්මා මගේ කන්පෙති අතගාමින් කීවාය........ඒකනම් ඇත්ත මෙයා කොල්ලෙක් හින්ද ඒක කරන්න බෑනෙ......නැත්නම් මම මෙලහට මෙයාට කරබු දෙකකුත් දාල........අම්මා සිනාසෙමින් කීවාය. ......පුතා නිතරම ඔහොම ඇදගෙනමද පාඩම් කරන්නෙ.....අනතුරුව පුන්චි ඇසුවාය.......මගෙ ලැජ්ජ ගතිය අඩුවෙන්න ඕනැ හින්ද අම්ම කිව්ව කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න කියල........ඒක හොදයි නැත්නම් ඔයාට වේදිකාවට නගින්න බැරිවෙයි.......ඇය කීවාය.........අම්මා ඇය සමග සාලයට ගියාය.......අම්මෝ යන්තම් ඇති.......මගේ සිත සැහැල්ලු කරගත්තෙමි......සුලුවෙලාවක් ගතවිය......පුතේ මෙහෙ එන්න......අම්මාගේ කටහඩ ඇසුනි.......පුතා කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න හින්ද එලියට එන්න ලැජ්ජ ඇති අක්කෙ.....පුන්චී පවසන හඩ ඇසුනි.......ලැජ්ජනම්  එයාට නාට්ටියෙ රගපාන්නත් බෑනෙ ......අම්මා පවසනු ඇසුනි.........මා සෙමින් සෙමින් ඔවුන් අසලට ගියෙමි.........අනේ අක්කෙ පුතා ඇවිදින කොටත් ගෑනු ලමයෙක් වගේමයි........මා දෙස ඕනෑ කමින් බැලූ ඇය කීවාය........මටනම් පුතාට ආදරේ බෑ...හරිම හුරතල් පෙමුමක් තියෙන්න අනේ .........මා අසලට පැමිනි පුන්චි අම්මා ......අම්මා මාව තුරුලුකර ගන්නා සේ තුරුලුකර ගත්තාය.........මම කෙල්ලෙක් වගේ ඇන්දම මෙයාලට මා ගැන මෙච්චර ආදරේ හිතෙනව නම් මාව කෙල්ලෙක් වෙලා උපන්නනම් කොයිතරම් ආදරේ කරයිද.......අනේ මගේ තියෙන අවාසනාවට මට කෙල්ලෙක් වෙලා උපදින්න බැරිවුනානෙ.......ලබන ආත්මෙවත් කෙල්ලෙක් වෙලා උපදින්න කියල මේ ආත්මෙදිවත් ගොඩක් පින්කරල ප්‍රාර්ථනා කරන්න ඕනැ......මා ඇගේ තුරුලට වී කල්පනා  කලෙමි.......පුතා පුන්චිත් එක්ක ඔහොම ඉන්න ......මම උයන අම්මට කියල එන්නම් තේ ලෑස්ති කරන්න කියල......අම්මා අපි අසලින් නැගිට ගියාය........පුතාට අමාරු නැද්ද ඔහොම ගවුම ඇදගෙන ඉන්න කොට......ඇය ඇසුවාය......එහෙනම් ඉතින් පුන්චිලටත් අමාරු ඇතිනෙ.......මා කීවෙමි........අපි ඉතින් කොහොමත් ගෑනුනෙ පුතේ......අපිට ඉතින් අමාරුයි කියල පිරිමි ඇදුම් අදින්නයෑ......ඇය පිලිතුරු දුන්නාය......මටනම් හිතෙන්නෙ පිරිමි ඈදුම්  වලට වඩා මේ  ඇදුම් ඇඟට  සනීපයි කියල........මම කීවෙමි.......පුතා මොකද කියන්නෙ......පුන්චි අසල කතාකරමින් සිටි මා දෙස බලා අම්මා ඇසුවාය......මෙයා ආසයි කියන්නෙ මෙහෙම ඇදගෙන ඉන්න......පුන්චි කීවාය........ඒකනම් ඇත්ත මෙයාගෙ තියෙන්නෙ කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න එකේ ලැජ්ජ ගතිය මිසක් ඇදගෙන ඉන්න අපහසුව නෙවෙයි.......අම්මා කියනවිට.....මටනම් හිතෙන්නෙ පුතා පිරිමි ඇදුම් ඇදගෙන ඉන්නවට වඩා මේ ඇදුම් ඇදගෙන ඉන්න කැමතියි වගේ...පුන්චි මගේ සිත කියවන්නාසේ පැවසුවාය....මටත් එහෙම හිතෙනව.....කී අම්මා අන්තිමට පුතා දුවෙක් වෙයිද දන්නෙ නෑ.....පවසා සිනාසෙන්ට වූවාය.....ඒසමගම පුන්චිද සිනාසෙමින් ..එහෙම වුනොත්..අක්කට ඉතින් දුවෙක් නැති හින්ද දුවෙකුත් හදාගන්න පුලුවන්.....කීවාය.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: