Tuesday, June 13, 2017

සීයා 56............................කුසල් ඉන්දිකා ලෙස ජීවත්වූ කාලයේදී ඇය මා අද කල දේ කවදාවත් කර නැතුව ඇති. එසේ කර ඇත්නම් ඇය කවදාවත් ගැහැනුකම ප්‍රතික්ෂේප කරන්නේ නැත.ඇය එසේ නොකර සිටින්ට ඇත්තේ ගැහැනු ලමුන් මෙසේ කලවිට යම් අනතුරක් වේ යයි සමාජය විසින් හදුන්වා දී ඇති මතය නිසා බියට පත්වූ නිසා විය හැක. එහෙත් අද ඇය පිරිමියෙකි. පිරිමියෙක් බවට පත්වූ ඇයට මෙවැනි ඇත්දැකීම් ලැබීමට කිසිම බයක් නොමැති බව දැන් ඔහු වටහාගෙන සිටින බවට කිසිම සැකයක් නැත. එහෙත් ඔහු දැන් එම අත්දැකීම ලබන්නේ පිරිමියෙකු වශයෙනි.පිරිමියෙකු වශයෙන් ඔහු ලබන අත්දැකීම ඉතා උසස් යැයි කල්පනා කලද ගැහැණියක ලෙස ලබන අත්දැකීමට වඩා කුඩා බවත් වෙහෙසකාරී බවත් කාන්තවකගේ සතුටෙහි අත්දැකීමක් ලබා නොමැති ඔහු පිරිමියෙකු වශයෙන් එම මිහිර උසස් ලෙස සලකා අත්විදිනවා ඇත.
නඩු දිනවල අප දෙදෙනා ගේ සිරුර මාරු කර ගත් පසු මා ගෙදර නැවතුනු අතර මා නොඉවසිලිවත්ව බලා සිටියේ ඔහු නැවත ගෙදර පැමිනෙන තුරුය. එහෙත් මා පලමු දිනයට පසු විටින් විට මා කුසල් බවට පත්වූවත් පිරිමියෙකු වශයෙන් ලින්ගික අත්දැකීමක් ලබා ගැනීමට පෙලබුනේ නැත. ගැහැනු ලමයෙකු වසයෙන් මා ලබන සතුට එයින් නොලැබෙන බැවින් මා එම ක්‍රියාව අතහැර දැමුවෙමි. .....ඔය නඩුවෙ තීන්දුව දෙන්න තව කොච්චර කල්යයිද සීයෙ.....දිනක් මා සීයාගෙන් විමසුවෙමි........නඩු කියන ඒව ඉක්මනට ඉවර වෙන්නෙ නෑ ලමයො ...මට හිතෙන්නෙ තව අවුරුදු හතරක් පහක් යයි......සීයා පැවසූ විට ඔහුදෙස පුදුමයෙන් බලා සිටි මා.....එච්චර කල් යනවද.....ඇසුවෙමි.....ඔව්...බය වුනද.....සීයා ඇසුවේය.......බය උනේ නම් නෑ සීයෙ....ඒත් මට කුසල් එක්ක මාරු වෙන්න වෙන එකයි ඉවසන්න බැරි.....මා දුක්බරව කීවෙමි.....හයියෙන් සිනාසුනු සීයා.....ඒ දවස්වල මට බේරිල්ලක් නැති උනානෙ ඔය ලමයට ඉක්මනට කුසල් වෙන්න ඕනැ මැසින් එක ඉක්මනට හදන්න කියල.....ඇයි දැන් මේ ඉදල හිටලවත් කුසල් වෙන්න අකමැති.....ඇසුවේය......මට දැන් මොහොතකටවත් කොල්ලෙක් වෙන්න ආසනෑ සීයෙ.......මම කීවෙමි......ඇයි ඒ තරමටම පිරිමිකම එපාවුනේ......සීයා ඇසුවේය. ......අනේ මම දන්නෙ නෑ සීයෙ මට දැන් හිතෙනව අපරාදෙ මාව පිරිමියෙක් වෙලා උපන්නෙ කියල.......පැවසූ මා.........ඇස්දෙක පියාගෙන එසේ වීනම් කුඩා ගැහැනු ලමයෙකු වශයෙන් මා ගතකරන ඒ සුන්දර සැහැල්ලු ජීවිතය මෙනෙහි කිරීමට පටන් ගත්තෙමි.....මල් මල් ගවුන් ඇදගෙන මල් කුමාරියෙක් වගේ. ලස්සන මල් වත්තක දුව පැන ඇවිදින කොට මාවයි ලස්සන මලුයි අතර වෙනස හොයා ගන්න බැරි වුන සමනලයො මගෙ ඇඟ වටේ කැරකෙයි. සැන්දෑ වෙනකොට මේ ලෝකෙට එන ලස්සන සුරන්ගනාවියො මාව දැකල එයාලගෙ කෙනෙක් කියල මටත් එයාලත් එක්ක යන්න අඩගහයි.මටත් එයාලට වගේ සැහැල්ලුවෙන් පියාබන්න හිතෙයි.මාත් දැන් චූටි ලස්සන සුරන්ගනාවියෙක් නේද.....මටත් දැන් අහසේ පාවෙන්න පුලුවන් හරිම සැහැල්ලුයි.....මා දෑත් විදහාගෙන අහසේ පියාබන්ට පටන්ගත්තෙමි........මාව ගැහැනු ලමයෙක් උන හින්ද නේද මේ තරම් උඩට පියාබන්න පුලුවන් විදියට ඇගට සැහැල්ලුවක් ආවෙ......මා වලා කුලු අතරින් පාවෙන්ට උනෙමි......බැරි වෙලාවත් මාව කොල්ලෙක් උනානම් මෙච්චර සැහැල්ලු නෑ......එහෙනම් බිමට වෙලා සුරන්ගනාවියො උඩ පියාබන දිහා බලා ගෙන ඉන්නයි වෙන්නෙ. මොකද කොල්ලන්ගෙ ඇග බරයි එයාලට අපිට වගේ සැහැල්ලුවෙන් පියාබන්න බෑ.......මොකද දුවේ ඇස්දෙකත් පියා ගෙන හිනාවෙන්නෙ......සීයාගේ කට හඩින් සිහින ලෝකයේ චූටි සුරන්ගනාවියෙක් ලෙස පියාබමින් සිටි මා බිමට වැටුනි......නෑ සීයේ හීනයක් දැක්ක.....දෑස් විවර කල මා පැවසුවෙමි.........ලස්සන හීනයක් වෙන්න ඇති සීයා ඇසුවේය.......මාව චූටි ගැහැනු ලමයෙක් වෙලා ඉපදිලා ඉන්නව දැක්ක......මම කීවෙමි......දැන් ඉතින් ඔය පරන අතීතෙ අමතක කරල ඔයත් හිතා ගන්නකො ඔයා උපන්නෙත් ඉන්දිකා කියන හුරතල් ගැහැනු ලමය විදියට කියල........සීයා සිනාසෙමින් පැවසුවේය.
අවුරුදු කිහිපයක් ගෙවී ගියේය.අපගේ අවසාන විභාගයද ලන්වී තිබුනි. එහෙත් නඩුව තව දුරටත් විභාග වන බවින් අපි දෙදෙනාගේ ගැටලුව එය විය......අනේ මන්ද ඉන්දිකා මේ නඩුව කවද ඉවර වෙයිද කියල.....කවද ඉවර උනත් කමක් නෑ මට කෙල්ලෙක් වෙලා ඉන්න එක තමා කරන්න බැරිම දේ...දිනක් කුසල් පැවසුවේය........මටත් තියෙන්නෙ ඔය ප්රස්නෙම තමා.....මම කීවෙමි......කෙල්ලෙක් වෙලා ඉන්න එකද......කුසල් ඇසුවේය......නෑ අනේ කොල්ලෙක් වෙන එක.....මා කීවෙමි.......මේ නඩුවෙ ප්‍රතිඵලයක් දකිනකන් කොහොම හරි ඉවසමුකො......ඔහු කීවේය.
අව්සාන විභාගයෙන් අපි දෙදෙනාම උසස් ලෙස සමත්වී තිබුනු අතර අපගේ හොදම යහලුවා වන ප්රදීප්ද සමත්වී තිබුනි......මේ සමගම නඩුවේ අවසාන තීන්දුව ලැබෙන දිනයද ප්‍රකාශ විය.....නඩුවේ අවසන් දින කුසල් ඉන්දිකා බවට පත්විය........මාව කෙල්ලෙක් වෙන අවසාන දවස අදයි......මට ආයෙත් කවදාවත් කෙල්ලෙක් වෙන්න ඕනෙ නෑ......කුසල් සතුටෙන් පවසනු අසා සිටි මා......මාවත් ආයෙ කවදාවත් කොල්ලෙක්නම් වෙන්න්නෙ නෑ......මා සිනාසෙමින් පැවසුවෙමි.........ඔවුන් පිටවූ පසු කුසල් බවට පත්වූ මම ගෙදරට වී සිටියෙමි......අද විතරයි මට මේ විදියට කොල්ලෙක් වෙලා ඉන්න පුලුවන් . කොල්ලෙක් විදියට අවසන් වරට සතුටක් ලබනවද......කල්පනා කල මා කාමරයට ගියෙමි.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: