හදිසි අනතුර 18...........................................................................................පසැල ඇරී ගෙදර ගිය මා පලමුවෙන්ම හොදින් නාගත්තේ ගවුම ඇදීමෙන් අනතුරුව නා ගැනීමට නොහැකි වන නිසාය. ...මොකද පුතේ ආවගමන් නාගන්න හිතුනෙ.....අම්මා එසේ ඇසුවේ වෙනත් දිනවල මා නාගත්තේ සවස පහ පමන වූ පසු නිසාය.......ගවුම ඇදගත්තම ගලවන්න බෑනෙ අම්මෙ ඒකයි දැන්ම නාගන්නෙ......ඊයෙ ගවුම ඇදගෙන කාමරේටම වෙලා හිටිය මිසක් එලියටවත් බැස්සෙ නෑ නේද........මේ නාට්ටිය පුහුනු වෙනකන් එහෙම තමා අම්මෙ.....මා කීවෙමි.....නා ගත් මා කෑමගෙන අම්මාගෙන් ගවුම ඉල්ලුවෙමි.......සාප්පුවෙන් ගත් හොද ගවුම දුන් අම්මා මේක ඇඳගන්න..... කීවාය. ඇයි අම්මෙ හොද එක......අරක මම හේදුව තාම වේලිලා නෑ.......යට ඇදුම් ටික නම් වේලිලා ඇය යට ඇදුම් ටිකද දුන්නාය.....මේක සවුත්තු උනොත් නාට්ටියට අදින්නෙ කොහොමද ....මා ඇසුවෙමි......මොකුත් වෙන්නෙ නෑ ළමයො ඕක ඇදගන්න.....ඇය කීවාය.......අද දිනද පෙරදින මෙන් කමිසය සහ කලිසම ගැලවූ මා ඒවාට පා පහර. එල්ල කලෙමි...ඒවා ඇද යටට විසිවූනිසා අම්මාට පෙනීමට හේතුවක් නොමැත ...ගවුම ඇදගැනීමෙන් අනතුරුව ගවුමේ සැම තැනම ආශාවෙන් අතගෑවෙමි.......විග් එකෙහි කොන්ඩය ගොතා තිබුනු බැවින් මට තිබුනේ එය හිසෙහි පලදා ගැනීම පමනි....ගැහැනු ලමයෙකු ලෙස හිත හදාගත් මා පුහුනුවීම ආරම්භ කලෙමි .....මේ අතර සමහර ස්ථාන හිතා මතාම වැරැද්දුවෙමි........ඊයෙත් දවස පුරාම කරල තාමත් වරද්දනව නේද.....අම්මාගේ කට හඬ ඇසුනි......ටික දවසක් යනකොට හරියයි අම්මෙ මා කීවෙමි......
කාමරයට පැමිනි මල්ලී අයිය ඊයෙත් අක්ක වගේ ඇදගෙන හිටිය අදත් ඇදගෙන ඉන්නව......කීවේය......ඉතින් මොකද.....මා ඇසුවෙමි.......අයිය අක්ක කෙනෙක් වගේ ඉන්නව බලන්න මම හරි ආසයි......හැමදාම ඔහොම ඉන්නකෝ.....මල්ලී කීවේය. මේ නාට්ටිය පුහුනු වෙනකන් විතරනෙ මේ විදියට ඉන්න පුලුවන්......මා කීවෙමි.......ඊට පස්සෙත් ඉන්න.......අම්මත් කැමතියි මාත් කැමතිනෙ......ඔහු කීවේය......බලමු බලමු....මා ඔහුගේ සිත සනසමින් කීවෙමි......අද දිනද රාත්රී අට පමන වනතුරු ගවුම ඇදගෙන සිටියෙමි.
නාට්ටිය පුහුනුවන මේ දිනවලද මට නොහොබිනා කොල්ලන්ගෙන් හිරිහැර පීඩා විදීමට සිදුවිය. දිනක් විවේක කාලයේදී ......බලපන් මූ ඇත්තම කෙල්ලෙක්ද කියල .....පැවසූ ඔවුන් මගේ කලිසම ගැලවීමට සූදානම් විය......මා ඔව්න් සමග පොරකෑවෙමි.....එවිටම..... ඒයි මොනවද උබල කරන්නෙ.....සැර කටහඩක් ඇසුනි.......ඔවුන් මා අතහරින විට මා ඒ දෙස බැලුවෙමි.....ඔව්නුන්ට බැන ඇත්තේ පාසැලේ උප ප්රධාන සිස්ය නායක වන තරන්ග අයියාය........දුපල්ල ඔවුන් පන්නා මා අසලට පැමිනි තරන්ග අයියා.......මම දන්නව මල්ලිට කොල්ලන්ගෙන් කරදර තියෙනව කියල......ඒ හින්ද මම ඔයා ගැන ඇහැගහගෙන හිටිය........මල්ලි බයවෙන්න එපා මීට පස්සෙ මොකක් හරි හිරිහැරයක් උනොත් මට කියන්න........ඔහු පවසන්ට විය.....එදින සිට තරංග අයියා මගේ ආරක්ශාවට සිටීම තරමක අස්වැසිල්ලක් විය......ඔහු නිසා මට කරදර කිරීමට කොල්ලන් බියවිය.
මොකක්ද ලමයො දැන් කීදවසක් ඔය දෙබස් කියෙව්වද තාම වරද්දනව නේද....දිනපතා ගවුන් ඇද සිටීමේ ආශාව නිසා වරද්දමින් දෙබස් කියන බව නොදන්නා අම්මා ඇසුවාය.......අමාරුයි අම්මෙ....තව ටික දවසක් යනකොට හරියයි......දිගටම ගැහැනු ඇදුම් ඇදීමේ බලාපොරොත්තුවෙන් පැවසූවෙමි. ......දැන් ලමා සාරිය මහල ඇති මගෙ හිතේ .....එය මතක් කල අම්මා......හෙට සෙනසුරාද හින්ද ගිහින් බලමු.......පැවසුවාය.......ඒකත් ඇදල බලන්න ඕනැද අම්මෙ මා ඇසුවෙමි......නැතුව බෑනෙ පුතේ.....ඇය කීවාය.....හෙටත් ගෑනු ඇදුම් ඇදගෙනද යන්න වෙන්නෙ ......කෙල්ලෙක් විදියට නැතුව කොල්ලෙක් විදියට ගිහින් ලමා සාරිය අදින්නෙ කොහොමද....අම්මා ප්රස්නකලාය......හෙට දිනයේද මට ගැහැනු ලමයෙකු ලෙස නගරයට යෑමට හැකිවන බව සතුටින් කල්පනා කලෙමි.....
පසුදින අම්මා මට සාප්පුවෙන් ගත් අලුත් ගවුම ඇදගන්නා ලෙස පැවසුවාය.....එම ගවුම එදා ඇදගෙන ගිය සාය බ්ලවුසයට වඩා ලස්සන බව දුටු මගේ සිතට දැඩි සතුටක් ඇතිවිය......අම්මා මගේ විග් එකේ කෙස්පීරමින් නව රටාවකින් කොන්ඩය සකස්කලාය......එදා සාප්පුවෙන් ගත් කොන්ඩා කටුවලින් හිස සැරසූ ඇය මගේ හැඩ බලන්ට වූවාය.......මුහුනට පියරුදමා කෙල්ලෙක් මෙන් මුහුන පියකරුකල ඇය ඇගේ ඇදුම් ඇද ගැනීමට සූදානම් වූවාය......අම්මා පැමිනෙන තුරු මා සාලය පුරා කෙල්ලෙක් මෙන් ඉග සොලවමින් ඇවිදින දුටු අම්මා ....ශා මරුනෙ දැන් පුතාට කෙල්ලෙක් විදියට ඇවිදින්නත් පුලුවන්නෙ.......සිනාසෙමින් කීවාය......ඉනෝකා මිස් ඇවිදින හැටි කියල දුන්න හින්ද හොදයි......අම්මා මට ප්රසංසා කරන විට මා ඉනෝකා මිසට සිතින් ස්තූති කලෙමි......යමු නෙද ලැහැස්තිවී කාමරයෙන් එලියට ආ අම්මා කීවාය.......මල්ලී උදෙන්ම තාත්තා සමග පන්ති ගොස් සිටි නිසා ඔහු ගෙදර සිටියේ නැත......පෙර දිනයේ මෙන් නොව එලියට බසිනවිට එතරම් බියමුසු හැගීමක් හිතට නොනැගුනි......කවුරු හරි දකියිද දන්නෙ නෑ සිතුනු මට දැක්කත් මොකද මාව එයාලට හදුන ගන්න බෑනෙ එයාල හිතයි කවුරු හරි ගැහැනු ලමයෙක් කියල.......මා වාහනය දෙසට ගමන් කරන අතර තුර කල්පනා කලෙමි....වාහනයේ ඉදිරිපස ආසනයේ වාඩිවූ මා.....ආසනය පුරා විහිදුනු ගවුමේ සාය පය දෙපසට කර සාදා ගත්තෙමි......දැන් පුතාට ගවුම හදාගෙන වාඩිවෙන්නත් තේරෙනවනෙ.......මා ගැහැනු ලමයෙකු ලෙස පිලිවෙලකට වාඩිවී සිටිනු දුට අම්මා කීවාය.......පුතේ මම එහෙදි ඔයාට දුව කියල කතාකරන්නම් ...ඔයා මොකුත් හිතන්න එපා......ඇය කීවාය.......කමක් නෑ ...පැවසූ මම .....හැමදාම උනත් දුව කියන්නකො......අම්මාට සිතෙන් පැවසුවෙමි.....
No comments:
Post a Comment