එලියට ගිය මට අම්මා තෝරාගත් ගවුම අත තබාගෙන තවත් ගවුන් තෝරන අයුරු දුටුවෙමි. ඒගවුන් නන්ගිට හරි නැද්ද......ෂාප්පුවේ වැඩකරන අක්කා කෙනෙක් මා අසලට පැමින ඇසුවාය. එකක් තෝරගත්ත..අක්කෙ....මා කීවෙමි......මා සමග සිනාසුනු ඇය තව අලුත් මෝස්තර තියෙනව නංගි බලන්න......ඇය කීවාය......එම අක්කා මට නන්ගී යනුවෙන් අමතන විට මට අමුතුම හැගීමක් ඇතිවිය......මතෙක් කලක් මට මල්ලී යනුවෙන් අමතනු අසා තිබුනු මට නන්ගී යනුවෙන් ඇමතීම.....හිත තුල අමුතුම සුන්දර හැගීමක් මතුවන්ට විය.......මාව කෙල්ලෙක් උනානම් හැමදාම අහන්න වෙන්නෙ ඒ සුන්දර වචනෙනෙ......ඒත් දැන් මාව කෙල්ලෙක් උනොත් හරි වැඩේ වෙන්නෙ......පත්තරෙත් දායි කොල්ලෙක් කෙල්ලෙක් වෙලා කිය ඒ මදිවට රූපවාහිනියෙනුත් පෙන්වයි.....එහෙම උනොත් මම කොහොමද පාරෙ බැහැල යන්නෙ.... මම මෙහෙම බය වුනාට කෙල්ලො අදින ඇදුම් ඇන්ද කියල කොල්ලො කෙල්ලො වෙන්නෙ නෑනෙ.......කල්පනා කල මම මගේ සිතේ තිබුනු බය අඩුකරගත්තෙමි.......
දුවේ මේ ගවුමත් බලන්න....කවදාවත් නැතුව..අම්මා මට දුව යනුවෙන් ඇමතීම මට අදහා ගැනීමට නොහැකිවිය........අන්න නංගිට අම්ම අඩගහනව මා අසලසිටි අක්කා කීවාය. මා ඇය අසලට ගියෙමි........මේ මම ඔයාට දුවේ කියල කතාකලේ අර අක්ක ඔයාගාව හිටිය හින්ද.......අම්මා රහසින් මෙන් කීවාය......මා සිනාසී බිම බලාගතෙමි......අම්මයි තාත්තයි මට දුව කියනවනම් ඒකත් කොච්චර සුන්දර වචනයක්ද......ඒත් ඒ සුන්දර වචනෙ අහන්න තරම් මට වාසනාව තිබුනෙ නෑනෙ.
මේකත් ඇදල බලමුද ඇය එම ගවුමද මට දුන්නාය. ......නොයෙක් නොයෙක් හැඩ ඇති ගවුම් ඇදීමට කැමැත්තෙන් සිටි මා එම ගවුම ඇදීමට ආශාවෙන් අතට ගත්තෙමි.......මෙවර තනියම කාමරයට ගිය මා එය ඇද එලියට පැමින අම්මාට පෙන්නුවෙමි....මේකත් වැරැද්දක් නෑ..... ගම්මු නේද ....එයද මිලදී ගැනීමට සූදානම් වූවාය......එකක් ඇතිනෙ අම්මෙ මා පැවසුවෙමි......නෑ දෙකම ගම්මු එතකොට ඒ වෙලාවට සුදුසු ගවුම අදින්න පුලුවන්නෙ.....ඇය කීවාය......
ගවුන් දෙක මිලදී ගත් අපි මීලගට ගියේ පාවහන් කඩයකටය.......අම්මා මා වෙනුවෙන් ගැහැනු ලමුන් පලදන සෙරෙප්පු ජොඩුවක් තෝරන්ට වූවාය......මේක දාල බලන්න ඇය කීවාය....පුටුවේ වාඩිවූ මගේ පාදවලට..වෙලද සේවිකාවක් එම සෙරෙප්පු ජෝඩුව පැලද වීය. ගැහැනු ලමුන් මෙවැනි සෙරෙප්පු පැලද ගෙන යන අයුරු මැවී පෙනෙන්ට විය. මේවගෙ ගවුන් ඇදගෙන මේවගෙ සෙරෙප්පු දෙකක් දාගෙන යනකොට එයාල කොයිතරම් ලස්සනද......අද මටත් වාසනාව ලැබුනනෙ එයාල වගේ ලස්සනට ඇවිදින්න......එවා පලදවා අව්සන්වූ පසු මට ඇවිද බලන ලෙස දැන්වූවාය......තරමක් උස්ව තිබුනු විලුබ බිම තබන විට තරමක අපහසුවක් ඇතිවුවද ටිකක් වෙලා ඇවිදිනවිට හුරුවිය හැකිබව හිතුනි......හරිනේද.....නන්ගි.....මගෙන් ඇසූ සේවිකාව.....පෙට්ටියට දාල දෙන්නද...... ඇසුවාය. .....ඕනෙ නෑ එයා ඕක දාගෙන යන්නෙ.......අම්මා කීවාය.....මා පැලදගෙන ආ පරන සෙරෙප්පු දෙක පෙට්ටියට දමා දින්නය. උ
දැන් ඒ වැඩෙත් හරි දැන් තියෙන්නෙ ඔයාගෙ අතට හරියන වලලු ටිකක් ගන්න.....රත්තරන් වලලු ඕනෙ නෑ රත්තරන් පාට වලලු ටිකක් ගම්මු.....පැවසූ ඇය මාව කාන්තා ආභරන තිබෙන සාප්පුවකට එක්ක ගියාය.......මගෙ අතේ ප්රමානයට හරියන රන් පැහැති වලලු හතරක් මිලට ගත් ඇය ඒවා මගේ අතට පැලන්දුවාය.....මේ යන විදියට අම්ම මගෙ කන්පෙති දෙකත් විදල කරාබු දෙකකුත් දායිද මන්ද......මා වලලු පැලදූ දකුනු අතින් කන්පෙති අතගෑවෙමි......අත ඉහලට ගෙන පහත් කරනවිට ඈත්වූ වලලු එකිනෙක ගැටෙන්ට විය......මා ආශාවෙන් අතගාමින් ඒවා එකින් එක ගැටෙන්ට සලස්වසා එහි නැගෙන සිරින්..හඩ ආශාවෙන් ශ්‍රවණය කලෙමි .මල් වැලක රටා මවා ඇති ඒවායේ රන්පැහැති දිලිස්නය දෙස බලා සිටියෙමි. ......නැවත කන් පෙති අත ගැවෙමි......මා දෙස බැලූ අම්මා මොකද කන්පෙති අල්ලන්නෙ ...කරාබු දෙකකුත් ඕනැද ....ඇසුවාය.......හා කිව්වොත් ඇත්තටම අම්ම මගෙ කන් පෙති විදියිද දන්නෙ නෑ......මා කල්පනා කලෙමි.
No comments:
Post a Comment