හදිසි අනතුර 31........................................ගෙදරට පැමින සුපුරුදු පරිදි ගැහැනු ලමයෙක් ලෙස ඇදගත් මා දවසේ කාලය ගතකලෙමි......අද රෑටත් මගේ පිරිමි ඇදුම් ටික එලියට දානවද......කාමරයේ තිබුනු පිරිමි ඇදුම් දෙස බැලූ මා කල්පනා කලෙමි.......ඒවා එලියේ තබා තිබූවිට කුමක් හෝ වුවහොත් යන ඇටලුව ඇතිවිය.....මේටික වෙනද වගේ ඇදුම් කබඩ් එකේ දාල හංගනව...මා තීරනය කලෙමි.....එක අතකට මේරාක්කයෙ මෙච්චර පිරිමි ඇදුම් තියාගෙන ඉදලත් වැඩක් නෑනෙ....හෙට ස්කෝලෙට අදින ඇදුනුයි...රෑට තාත්ත තාත්ත ආවහම අඳින්න කලිසමකුයි කමිසෙකුයි තියාගත්තම ඇතිනෙ..........කල්පනා කල මා ඉතුරු ඇදුම් ටික නවා පොත් මේසය මත තැබුවෙමි........අම්ම කාමරේට ආවහම මේ මොකද කියල අහයි.......එතකොට මම කියනව රාක්කෙ ගවුන් ටික තියාගන්න ඕනැ හින්ද රාක්කෙන් අයින් කලා කියල.......ඊට පස්සෙ අම්ම මොකක් හරි කියයිනෙ.......මා සිතුවෙමි.......මා සිතූ පරිදිම කාමරයට පැමිනි අම්මා........මොකද පුතේ මේ ඇදුම් ටික මේසෙ උඩ ගොඩගහල......ඇසුවාය.......ඕව මේ දවස්වල අදින්නෙ නෑනෙ අම්මෙ.......ඕව අයින් කලාම රාක්කෙ ගවුන් ටික තියාගන්න පුලුවන්.....මා කීවෙමි....මේ රාක්කෙ ගවුන් ගොඩක් තියෙනවයෑ ඔය ඇදුන් ටික තියාගන්න බැරිවෙන්න......අම්මා ඇසුවාය......අම්ම ගාව තියෙන ඉතුරු ගවුන් ටිකත් දැන් මේකෙ තියාගන්න පුලුවන්නෙ......එතකොට නිතර අම්මගෙන් ගවුන් ඉල්ලන්න ඕනෙ නෑනෙ......මා කීවෙමි.....හිස සැලූ අම්මා......ඒකත් ඇත්ත.....පවසා ......නවා තිබුනු ඇදුම් ටික අතට ගෙන .......එන්නකො ඒ ටික දෙන්න......පවසා කාමරයෙන් පිටවූවාය......මා ඇය පසුපස ගියෙමි........මගෙත් මල්ලිගෙත් ඇදුම් දමන කබඩය තුලට ගෙනා ඇදුම් දමා එහිතිබුනු ගවුන් ටික මගේ අතට දුන්නාය......නාට්ටිය දවසට අදින්න වෙන්කරල තිබ්බ ගවුන් දෙකත් ඕකෙ තියනව.....ඒ ටික පරිස්සම් කරගන්න......කීවාය......මා ඒවා රැගෙන කාමරයට යනවිට අම්මා මා පසුපස පැමිනෙනු දුටු මා ඇය දෙස බැලුවෙමි.........මේ ආභරන පෙට්ටියයි ....සෙරෙප්පු දෙකයි කාම්රේ තියාගන්න.......පැවසූ ඇය ඒවා මේසය මත තබා.......මා ගවුන් ටික රාක්කයේ තබන අයුරු බලා සිට .....එහි ඉතුරුකල පිරිමි ඇදුම් ටිකද ඉවත් කරන්න වූවාය.........මම මේටිකත් කබඩ් එකට ගිහින් දාන්නම් ඕනැවුනාම ඒකෙන් අරන් ඇදගන්න........මගේ සිතැඟි තේරුම් ගත්තාක් මෙන් ඇය ඒ ඇදුම් ටිකද කාමරයෙන් ඉවත් කලාය......එම ඇදුම් කබඩය තිබුනේ මල්ලීට වෙන්කර තිබුනු කාමරයේය......එහි ඇදක්ද තිබුනත් මල්ලී එහි නිදා ගැනීනට අකමැති වූවේය ඔහුට අවශ්‍ය වූවේ අම්මලාගේ කාමරයේ නිදා ගැනීමටය......මේ නිසා එහි කිසිවෙකු නොසිටියේය........අම්මා අපේ ඇදුම් එම කබඩයේ දමා තිබුනි. අපිට අවශ්‍ය ඇදුම් එයින් අරන් දුන් නිසා එම කබඩය ඇරීමට අපිට අවසය තාවයක් නොවුනි......... එහෙත් අම්මා එයින් ඇදුම් රැගෙන ඇදගන්නා ලෙස පැවසුවේ මගේ කාමරය තුල එකඳු පිරිමි ඇදුමක් හෝ නොමැති නිසා යයි මා තේරුම් ගත්තෙමි.......පිරිමි ඇදුම් වලින් හිස්වූ මගේ කාමරය කෙල්ලෙකුගේ කාමරයක් බවට පත්කර ගැනීමට හැකිවිය......මා සිහිනයකින් වත් නොසිතූ මෙම සිද්ධිය ගැන පුදුමයෙන් කල්පනා කලෙමි. පිරිමි ඇදුම් ටික එලියෙ දාල නැති උනානම් එහෙම හරි වැඩේ වෙන්නෙ......ඊට වඩා කොයිතරම් හොදයිද මේ අම්ම කරපුදේ........මා සතුටින් කල්පනා කලෙමි.......
තාත්තා ගෙදර පැමිනි විට අම්මා මට කලිසමක් සහ කමිසයක් ගෙනත් දී ඒවා ඇදගෙන එනලෙස දැන්වා......මේව මම ගෙනත් දෙනකන් ඉන්න එපා ඔයා ගිහින් කබඩ් එකෙන් අරන් ඇදගන්න කීවාය.....ඒවා ඇදගත් මා තාත්තා නින්දට යනවිට නයිට් ගවුම ඇඳ .....ඇඳ සිටි ඇඳුම් ගෙන ගොස් කබඩය තුලට දමා වැසුවෙමි........දැන් මම ඉන්නෙ තනිකරම කෙල්ලෙකුගේ කාමරේක.....මම දැන් කෙල්ලෙක්...... මා සතුටින් ඇදේ දිගාවී ඒ මේ අත පෙරලුනෙමි......උදෑසන අවදිවූ මට තාත්තා අව්දිවීමට පෙර ඇදුම් මාරුකරගන්නා ලෙස අම්මා දැන්නුවාය......
පුතේ හෙට පෝය දවස හින්ද කොහේ හරි දුර පන්සලකට යමු කියල තාත්තට කතා කලා.....එයා කැමති වුනා......මා පාසැල ඇරී ගෙදර පැමිනි විට අම්මා කීවාය......තාත්තත් එක්ක යනවනම් මට පිරිමි ඇදුම් නේද ඇදගෙන යන්න වෙන්නෙ......මා කනගාටුවෙන් ඇසුවෙමි......ඒකනම් ඇත්ත .....පැවසූ අම්මා......මම හිතල බලන්නම්කො ඔයාව කෙල්ලෙක් විදියට එක්ක යන විදියක් ගැන......අම්මා කීවාය......
No comments:
Post a Comment