වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 31.................. කොහොමහරි ඉක්මනට බෙහෙත හොයාගෙන මාව මේ තත්වයෙන් ගොඩගන්න එක නේද කරන්න ඕනැ.....මම වික්‍රමට කිව්වම......කරන්න පුලුවන්නම් වික්‍රම ඒක කරලනෙ පුතේ....ඒ ළමයටත් අමාරු හින්දනෙ කියන්නෙ......අම්මා පැවසුවා.....අම්මත් හරි කතානෙ කියන්නෙ.....අම්මටත් ඕනැ මාව මේ තත්වයෙන්ම තියාගන්නද.....ඇය එහෙම කිව්වම කල්පනා කල මට ඇය කෙරෙහිද තරහක් ඇතිවුනා......මම දන්නව අම්මෙ ලසන්ත මේවිදියට ඉන්න කැමති නෑ කියල. ඒ හින්ද කොහොමහරි ඒක හොයාගන්න පරීක්ෂණ කරනව.....වික්‍රම අම්මාට බලාපොරොත්තු ඇතිකරමින් කිව්ව......ඔව් පුතේ ඉක්මනට මොකක්හරි කරන්න.....කිව්ව අම්මා....හොයල බලන්නෙ නැතුව අහුවෙන අහුවෙන දේ කටට දාගත්තම ඔහොම තමයි.....දැන් ඉතින් විඳවන එකයි තියෙන්නෙ......අම්මා මට එලෙස දෝෂාරෝපනය කරන කොට වික්‍රම ඇයට සියලු දේ පවසා ඇතිබව තේරුම් ගියා.....දැන් ඉතින් වෙන්න තියෙන දේ උනානෙ ඇන්ටි.... අපි දැන් මේකෙන් ගොඩයන ක්‍රමයක් ගැන කල්පනා කරමු.....වික්‍රම කිව්ව. චිත්‍රා දොරට තට්ටු කරන හඬ ඇසුනු මම දොර ඇරිය.....තේ ලෑස්තියි මැඩම්....මෙහාට ගේන්නද ඇහුව......මෙහෙට ගේන්න එපා අපි එන්නම්.....වික්‍රම කිව්ව. ......මේව චිත්‍රට දැනගන්න තියන්න එපා ඇන්ටි එයා හිතාගෙන ඉන්නෙ අපි කසාද බැදපු දෙන්නෙක් කියල.....එයා විතරක් නෙවෙයි ඇන්ටි... මේ ලේන් එකේ හැමෝම හිතාගෙන ඉන්නෙ එහෙමයි.... අම්මට කිව්ව වික්‍රම....අපිත් එක්ක තේ බොන්න ගියා......තේ මේසෙ බිස්කට් කේක් එහෙම තියල තිබුන ......අම්ම අලුව කෑල්ලක් අරන් කෑල්ලක් කඩාගෙන කාල.....හරි රසයිනෙ.....මේව හැදුවෙ චිත්‍රා ද.... ඇහුව.....අපි දෙන්න එක්ක නේද මැඩම්...ඇහුව චිත්‍රා ..ඉස්සර මැඩම්ට මේවගෙ කෑම ජති හදන්න බැරිවුනාට මම ආවට පස්සෙ දැන් ඕනැ කෑමක් හදන්න පුලුවන්.....ඇය අම්මා දෙස බලා සිනාසෙමින් කිව්ව....ඇත්තද.....ඔය ලමය හොද වැඩක්නෙ කරල තියෙන්නෙ.....කිව්ව. දවල් කෑම හරිද චිත්‍රා මම ඇහුව....බත් එක විතරයි මැඩම් ඉදෙන්න තියෙන්නෙ අනිත් ඒව හරි.....කිව්ව ඇය කුස්සිය දිහාට ගියා.
ඒ ලමය හොද කෙනෙක් වගේ පේන්නෙ...අම්ම කිව්ව....ඔව් අම්මෙ චිත්‍රා හරි හොඳයි හැම වැඩක්ම කම්මැලි නැතුව කරනව. මමත් බයක් නැතුව ඉන්නෙ එයා හින්ද.....මම කිව්ව.....ඔව් දැන් ඒවගෙ ගැහැනු කෙනෙක් තනියට ඉන්න එක හොදයි. නැත්නම් ඔයා වගේ ලස්සන ගැහැනු ලමයෙක් මේවගෙ තැනක තට්ට තනියම ඉන්න එක හොද නෑ....අම්මා කිව්ව.
මම නාගෙන එන්නම් වසන්ති.....අම්මටත් නාගන්න කියන්න.....වික්‍රම කියනකොට ...වසන්ති?....ඒ කවුද?.....ඇය මාදිහා බලල ඇහුව.....දැන් මට ලසන්ත කියන්න බෑනෙ අම්මෙ....වසන්ති කියල කතාකරන්නෙ.....මම කිව්වම....ඒකත් ඇත්තනෙ.... කියල හිනාවුනා....
වික්‍රම නාන කාමරේට ගියාට පස්සෙ අම්මටත් මගෙ කාමරේ බාත්රූම් එකට ගිහින් නාගන්න පුලුවන්.....මම කිව්ව....ඕනෙ නෑ පුතේ....කිව්ව ඇය....මේ ගේ වික්රමගෙද ඇහුව....ඔව් අම්මෙ එයා තමයි හදල තියෙන්නෙ.....මේක එයාගෙම ගේ....මම කිව්ව....කොළඹ මේවගෙ ලොකු ගෙයක් තියෙනව කියන්නෙ මට හිතාගන්නවත් බෑනෙ.....පුදුමයෙන් වගේ කිව්ව ඇය.....මේක ගොඩක් වටිනව ඇතිනේද ඇහුව.....ඔවු අම්මෙ කෝටිගානක් වටිනව ඇති.... මම කිව්ව.....වික්රමමලගෙ ගමේ ගේත් පොඩි එකක් නෙවෙයිනෙ මාලිගාවක් වගේ එකක්නෙ......එයාලට තියෙන ඉඩකඩනුයි බිස්නසුයි බැලුවම අපි මොක්කුද කියල හිතෙනව....වික්‍රමගෙ තාත්තටත් ඉන්නෙ වික්‍රමයි එයාගෙ මල්ලියි විතරනෙ......දැන් දෙන්නට ගෙවල් දෙකක් තියෙනවනෙ.....අම්මා ඔවුන්ගේ දේපල ගැන කතාකරන්න වුනා.... එයාලට මොනව තිබුනත් අපිට මොකටද අම්මෙ.....මම කිව්ව.....එහෙම කියන්න එපා පුතේ ඔයා දැ මේ ඉන්නෙත් එයාට මේවගෙ ගෙයක් තුබුන හින්දනෙ.....ඇය වටපිට බලමින් කිව්ව.....ඔව් මට මෙහෙම වෙන්න වුනෙත් මෙහාට ආපු හින්ද තමයි.....මම අමනාපයෙන් වගේ කිව්ව.....එහෙම කියන්න එපා පුතේ ....නරකක් උනාට ඒක ඇතුලෙ හොදකුත් තියෙන්න පුලුවන්......ඇය එසේ පැවසුවේ කුමක් හිතාගෙන දැයි මට හිතාගත නොහැකිවිය.....
No comments:
Post a Comment