Monday, July 9, 2018

ආත් අම්මාගේ පාඩම 192..............මෙම උත්සවයට සුරන්ජිත්ගේ නෑදෑයන් සහ  මිතුරු මිතුරියන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින බව දක්නට ලැබුණි. එහෙත් සුරනිමල පැමිණ සිටින බවක් නොදුටුවෙමි....සුරනිමල අයිය අපේ වෙඩින් එකටවත් හෝම්කමින් එකටවත් ඇවිත් නෑ නේද....සුරන්ජිත්ගෙන් ඇසුවෙමි....එයාට අපිට මුහුන දෙන්න බැරුව ඇති.....එයා හිතාගෙන ඉදල තියෙන්නෙ ඔයාට කිසි දෙයක් නැති කාත් කවුරුවත් නැති කෙනෙක් කියල....මටත් කිව්ව දුප්පත් අනාත කෙල්ලෙක් මොකට බදිනවද කියල...මමත් විහිලුවට වගේ කිව්ව දුප්පත් අහින්සක අයට තමා උදවු කරන්න ඕනැ කියල....ඒ පාර එයා මට ඔල්මාදද කියල දොස් කිව්ව......දැන් එයාට ඔයාගෙ ඇත්ත තත්වය ආරංචිවෙලා ඇති....සුරන්ජිත් කිවේය....අනිත් එක නංගි ...එයා එච්චර හොද කෙනෙකුත් නෙවෙයි....කෙල්ලෙක් දූෂණය කරන්න ගිහින් කේස් එකකුත් තියෙනව..ඔහු පැවසූවිට.....ඔය මනුස්සය මාවත් අමාරුවෙ දාන්න එහෙනම් කුරුමානම් අල්ලල තියෙන්නෙ හොදවෙලාවට මම බේරුනා....මා කල්පනා කලෙමි. නයෝමි අක්කා මාසමඟ කතාකලත් වෙනත් කිසිවක් නොකීවේ සෙනග සිටින නිසාදැයි මට සිතුනි. නැන්දා සහ පුංචි අම්මා මගෙන් පසුගිය තොරතුරු විමසන්ට විය....මා ගිය ගමන් ගැන විස්තර කියන්ට වුනෙමි.....ඔව්න් මේ දින කිහිපයේ නැවතී ඇත්තේ මගේ නිවසේය......පීතරමාමා...සහ ඔහුගේ බිරිද ඔවුන්ට උපකාර කලබව නැන්දා පැවසුවාය....අපි හරි සතුටුයි දුවේ ඔයා මේතරම් ඉහල තැනක ඉන්න එක....නැන්දලයි පුංචි අම්මලයි මට කල උදවු ගැන මම ස්තූති කරනව....මා කීවෙමි.....ඒව අපේ යුතුකම්නෙ දුවේ....ඔවුන් පවසන්ට විය.
                  දහවල් ආහාරයෙන් පසු සියල්ලෝම ගීත ගයමින් නටමින් විනෝද වන්ට විය.....සුපුරුදු පරිදි මටද ගීත කිහිපයක් ගායනා කිරීමට සිදුවිය.....ඉන් අනතුරුව සියලු දෙනාම අපිට නැටීමට බල කල බැවින් ඔවුන් සමග නැටීමට සිදුවිය....සවස් වනවිට අපේ උත්සවය නිමාවට පත්විය.....නෑදෑ හිතවතුන්ගෙන් සමුගත් අපි නිවස බලා පිටත්වුනෙමු...නෑන්දාගේ සහ පුංචි අම්මාගේ ගෙදර අයත් මගේ නෑදැයන් සහ නිමන්තිගේ නිවසේ අයත් අපේ ගෙදරට ඒමට පිටත්විය...සියලු දෙනාම අපේ නිවසට පැමිනි පසු තේපැන් වලින් සංග්‍රහ  කලෙමු.. මනමාලියෙක් නිවසට යනවිට ගෙනයා යුතු සියලුම දේවල් නැන්දා සහ පුංචි අම්මා විසින් පිලියෙල කර රැගෙන ඇවිත් තිබුනි.....මොනවටද මේව ගෙනාවෙ....අම්මා ඔව්න්ට පවසනු ඇසුනි.....මේව ඉතින් සම්ප්‍රදායනෙ අක්කෙ ....මේ දුවගෙ අම්ම තාත්ත නැතිවුනත් ඒව අඩුවක් නැතුව කරන්න ඕනැනෙ......ඔව්න් පැවසුවේය..... දුවට දැන් අම්මෙකුයි තාත්තෙකුයි  ඉන්නව ඒ මමයි මගෙ මහත්තයයි.....අම්මා පවසන්ට වූවාය....දුවේ අදත් අපි දුවගෙ ගෙදර ඉදල හෙට යනව....නැන්දා කීවාය....ඔයාල යන්න ඉසෙල්ල අපි එන්නම්...සුරන්ජිත් පැවසුවෙය...ඔවුන්ගේ දෙපාවැද සියල්ලටම සමුදුන් අපි මා සිටි කාමරය දෙසට ගමන්කලෙමි.......මල්ලි මේ කොහේද යන්නෙ...අක්කා සුරන්ජිත්ට පවසනු ඇසුනි.....ඔහු පුරුද්දට මෙන් ඉහල තට්ටුවට නැගීමට සූදානම් වනබව දුටුවෙමි...  දැන් ඔයාලට කාමර දෙකක් බෑ.... යන්න චතුරිකා නංගි හිටිය කාමරේට...සියලු දෙනාම ඔහුට සිනාසුනු බැවින්......සුරන්ජිත් ලැජ්ජවෙන් මෙන් මා පසුපස පැමිනෙන්ට විය....මා කාමරය තුලට ගියා පමනි.....කාමරය තුල වෙනදා නොමැති අමුත්තක් දුටුවෙමි.....වෙනදා තිබුනු ඇද වෙනුවට විශාල ඇදක් අලුතින් තබා තිබුනු අතර අලුත්ම මෙට්ට ඇඳ ඇතිරිලි දමා තිබුනි....තැනින් තැන මල් පෝච්චි තබා කාමරය අලංකාර කර තිබුනි.....අපි රැගෙන ගිය අදුම් බෑක් එය තුල තබා තිබුනි. මගේ සාරිය අයින් කිරීමට උදවු කිරීම සදහා අක්කා නයෝමි අක්කා සමග කාමරය තුලට පැමිනියෝය...දවස් දෙකේම..ඔයා හරිම ලස්සනට හිටිය නංගි .....පොටෝ ටිකත් ලස්සනට ඇති....සුද්ද කරල බලනකන් ඉවසිල්ලක් නෑ.....ඇය පැවසුවාය.
             ඇදුම් මාරුකරගෙන නාගත් අපි  ගෙදරට අදින ඇදුම් ඇදගෙන සාලය දෙසට ගියෙමු.......දැන් මගේ දුව නීතියෙනුත් මගෙම දුව වුනා....මටනම් දැනෙන සතුට කියාගන්න බෑ....මාව දුටු අම්මා කීවාය.....නංගී පොඩ්ඩක් මෙහාට එන්නකෝ.....නයෝමි අක්කා මට කතාකරන විට....මොකද නෑනට වෛද්‍ය උපදේශයක් වත් දෙන්නද  සුරන්ජිත් සිනාසෙමින් ඇසුවේය......නෑ මෙක අපි දෙන්නගෙ කතාවක්....නයෝමි අක්කා පැවසුවාය. අපි දෙදෙනා කිසිවෙකුට අපේ කතාව නොඇසෙන ස්ථානයක වාඩිවූ පසු.......මොකද්ද නංගි ආවට පස්සෙ කියන්නම් කිව්වෙ.....ඇය ඇසුවාය....අර ඉස්සෙල්ලම දවසෙ කෝල් කලාම කිව්ව එකද.....මා ඇසුවෙමි....ඒක තමයි ...කී ඇය පලවෙනි දවසෙ මගෙ උපදෙස් පිලිපැද්දද.....ඇසුවාය.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: