ආත් අම්මාගේ පාඩම 176............ඔයාගෙ නැන්ද ආව එක හොදයි දුවේ.....දැන් ඔයාට කත් කවුරුවත් නෑ කියන්න බැනෙ....නැන්දලා ගියපසු පැවසූ තාත්තා....අපි වෙලාවක එහෙ ගිහින් එමු.....කීවේය....හරි වැඩේනෙ තාත්තෙ එයාලගෙ ගෙවල් අහගන්න බැරිවුනානෙ.....මා කීවෙමි.....මම ඒක ඔයාගෙ මාමගෙන් අහගත්ත.....තාත්තා සිනාසෙමින් පැවසුවේය. මා අක්කා සමග නැන්දා හමුවුනු කතාව පැවසුවෙමි....මගේ නෑදෑයන් හමුවීම ගැන අක්කා සතුටට පත්වූවාය....දැන් ඔයා අනාතයෙක් නෙවෙයිනෙ නේද නංගි.... ඇය සතුටින් පැවසුවාය.
ලබන ඉරිද අපි කොත්මලේ යන්න ඕනැ.....නැන්දා ඇවිත් සති දෙකකින් පමන පසු තාත්තා පැවසුවේය.....එදාට පුතාටයි දූටයි වැඩක් තියෙනවද.....තාත්තා වැඩිදුරටත් ඇසුවේය....මොකුත් වැඩක් නෑ තාත්තෙ....අපි දෙදෙනා කිවෙමු.....එහෙනම් වත්සලා එදාට දුවගෙ නෑදෑයො ටික මුනගැහෙන්න යන්න ඕනැ....තාත්තා අම්මාට පැවසුවේය. අපි ඉරිදා උදෙන්ම අබේවෙල දක්වා පිටත් වූ වෙමු.එම ගමනට මා ඇදගෙන ගියේ මා සහ සුරන්ජිත් බෙහෙවින්ම කැමති ඔසරිය විය.අපි ගමන්කලේ තාත්තාගේ ජීප් රථයෙන් වූ අතර එය පැදවූවේ සුපුරුදු රියදුරු මහතාය.
අපි කොත්මලයට ළඟාවනවිට උදෑසන දහය පමන විය. සුරේශ් මුදලාලිගෙ ගේ කොහේද...තාත්තා කඩයකින් ඇසුවේය....ඔහු පාර කී නිසා අපි එම පාරින් ගමන් කලෙමු.....අවසානයේ අපි පැමිනියේ ගගක් අයිනක පිහිටා තිබුනු විශාල නිවසක් අසලටය.....එම නිවස ඉදිරිපිට ලොරි රථ කිහිපයක් නවතා ඇතිබව දුටුවෙමි.....මේ සුරේශ් මුදලාලිගෙ ගෙදරද... අසල සිටි කෙනෙකුගෙන් සුරන්ජිත් ඇසුවේය....ඔව් මහත්තය බෙල් එක ගහන්න ....කීවේය....වාහනයෙන් බැස්ස තාත්තා නිවසේ සීනුව නාදකලේය....අම්මේ.....මේ අපේ දුවගෙ ගෙදර අයනෙ.....නැන්දා අපිව පිලිගනිමින් කීවාය.....එන්න ගෙට දුවට පොඩිකාලෙ මෙහෙ ආව මතකත් නැතුව ඇති නේද....මතක නෑ නැන්දෙ ඒ වුනාට මේ ගඟනම් මතකයි....මා කීවෙමි.....ඒ දවස්වල දුව මෙහෙ ආවම මේ ගගෙන් නාන්න ඕනැ කියල පොරේ.....නැන්දා මගේ හිස අතගාමින් පැවසුවාය.....මේ නිවස තුලට පැමිනි විට ඔව්න්ගේ ධනවත් බව පෙනෙන්ට තිබුනි......මේ ගේත් අපේ ගෙදෙට්ට දෙවෙනි නෑ වගේ......මා සැටියේ වාඩිවෙමින් කල්පනා කලෙමි....අපේ සුරේශ් වැඩකට ගියා දැන් එයි.....කී නැන්දා ලොකු පුතේ.... වසන්ත....අයියාට කතාකරනු ඇසුනි...උස මහත..හැඩි දැඩි කෙනෙක් අපි අසලට එනු දුටු මා පුටුවෙන් නැගිට්ටෙමි.....මේ ඉන්නෙ ඔයාගෙ මාමගෙ දුව.....ඔයාල චූටි කාලෙ එකට සෙල්ලම් කලාට දැන් මතක නැතිව ඇති.....නැන්දා කීවාය.....මාමට හිටියෙ නංගියෙක් ද මල්ලියෙක්ද කියලවත් මතක නෑ...කොහේද ඉතින් අම්ම අපිව එහෙ එක්ක යන්නෙ නෑ නෙ....මගෙ අම්ම මාත් එක්ක තරහ උනේ නැත්නම් මම එක්ක යනව තමයි.....නැන්දා කීවාය.....ටික වේලාවකින් මාමා නිවසට පැමිනියේය.....මට ආරන්චි වුනා ඔයාල ආව කියල ටක්ගාල ආවෙ ඒකයි.....කී ඔහු ගේ ඇතුලට යන අතරතුර......මැනිකෙ මෙයාලට තේ ලෑස්ති කලාද.....ඇසුවේය.....ඔහු සමග තවත් තරුනයෙකු ගෙට එනු දුටුවෙමි.....පොඩි පුතේ මේ ඉන්නෙ ඔයාගෙ මාමගෙ දුව තමයි....නැන්දා මාව ඔහුට හදුන්වා දුන්නේය....අපේ අම්ම ආච්චි අම්මට බයේ එහෙ ගියෙ නෑනෙ....ඉතින් කොහොමද නංගිලව අදුනන්නෙ.....ඔහු කීවේය.......ටික වේලාවකින් නැන්දා මමා සමග අපි අසල වාඩිවිය.....පුතාල තාම බැදල නැද්ද නංගි .....අම්මා ඇසුවාය.....තාම නෑ නෝන.....ලොකු එක්කෙනානම් එක්කෙනෙක් හොයාගෙන....ඒක ලගදි කෙරෙයි......පොඩි පුතාට ඒව ගානක් නෑ එයාට ඉතින් බිස්නස් වලට වඩා දෙයක් නෑ......නැන්දා පැවසුවාය....
අපි ආවෙ වැදගත් කාරනයකට.... පැවසූ තාත්තා....ඔයාලට මම කිව්වනෙ අපේ මංගල යෝජනාව ගැන..කීවිට...අපි ඒකට කැමතියි නේද මැනිකෙ..නැන්දාගෙන් ඇසූ මාමා..අපෙන් මොකක්ද කෙරෙන්න ඕනැ...තාත්තාගෙන් ඇසුවේය. අපේ මේ මංගල්‍යයට දුවගෙ පැත්තෙ නෑදෑයො ඕනැනෙ.....මෙයාගෙ නෑයො කවුරුවත් මේ දුව අදුනන්නෙ නෑ....පුලුවන්නම් එයාලට කියන්න.....මේ දුවත් එක්ක ගිහින් කියන්න පුලුවන්නෙ.....තාත්තා පැවසුවේය.....දුවගෙ නුවර පුංචි අම්මත් ඉන්නව ඒකියන්නෙ දුවගෙ අම්මගෙ නංගි.....ඒ නංගි හරි ආදරෙන් හිටියෙ මේ දුවට.....කොහේද ඉතින් අපේ අම්ම හින්ද එයාලවත් අයින් කලානෙ.......අපි වෙලාවක එහෙ යමු.....නැන්දා යෝජනා කලාය.....අපි දැන් නැකතක් බලල දිනය කියන්නම්.....තාත්තා පැවසූ විට....මගෙ මැරුන අයිය වෙනුවෙන් අපි මේ දුවට ඕනැ උදවුවක් කරන්නම්.....නැන්දා පැවසූ විට වෙඩින් එක අපේ ගානෙ....මාමා කීවේය.....එච්චරම ඕනැ නෑ මේ දුවටත් මුදල් තියෙනව....වතු පිටිවල ආදායම ඔක්කොම දැන් දුවටනෙ......අම්මා කීවාය.....නෑ නෝන මගෙ අයිය වෙනුවෙන් මමත් මොනවහරි කරන්න ඕනැ.....නැන්දා කීවාය.
දින කිහිපයකින් නැන්දා අපේ නිවසට පැමින අපේ උත්සවය යෙදෙන ආකාරය සාකච්චා කරන්ට විය. අපි දුවගෙ ගේ රෙපයාර් කරල මනමාලිව එහෙ ඉදන් හෝටලයට එක්ක යන්න ලෑස්ති කරමු.....එහෙම හොදයි නේද ඩොක්ට....නැන්දා ඇසුවාය.....ඒක හොද අදහසක් එතකොට දුවට ගෙවල් දොරවල් නෑ කියල කියන්නත් බෑනෙ.....තාත්තා පැවසුවේය.....එතකොට ඔයාල එහෙ ඉන්න ඕනැ.....හරි අපි ඒ වගකීම ගන්නම්....මෙයාගෙ පුංචි අම්මත් එක්කත් කතා කලා මම හිතන්නෙ එයාලත් එයි.....අපි ලගදිම නුවර යමු දුවේ....නැන්දා කීවාය....
No comments:
Post a Comment