වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 26...........දැන් මෙයාල හිතාගෙන ඉන්නෙ අපි කසාද බැඳල දැන් ඉතින් මොනව කරනද අපි ඒ විදියට රඟපාමු......වික්‍රම යෝජනා කලා....එහෙම කලා කියමුකො.....මම හිටපු තත්වෙට පත්වුනාම මොකද කියන්නෙ....මම ඇහුව....ටිකක් කල්පනාකල ඔහු....එතකොට මම කියනම් එයා ගෙදර ගිහින් හරි රට ගිහින් හරි කියල....ඔහු පැවසුව...වික්‍රම පවසන පරිදි අපිට එම උත්සවය මග හරින්න විදියක් තිබුනෙ නෑ....මා කෙල්ලෙක් විදියට එම පාටියට යැමට අකමැතිවුනත් අවසානයේ එයට සහභාගී වීමට හිතහදාගත්ත.....දැන් මේ පාටියට යන්න හොඳ ඇදුමක් ගන්න ඕනැ නේද..... වික්‍රම ඇහුව....එම උත්සවයට උසස් පවුල්වල කාන්තාවන් සහභාගී වන බැවින් කාන්තාවක් වශයෙන් මට සාමාන්‍ය ඇදුමකින් සැරසී යෑම වික්‍රමගේ තත්වයට නොගැලපෙන බව දැනගත් මා.....සාප්පුවකට ගිහින් ගන්න වෙනව නේද.... ඇහුව....මේ නිසා පසුදා සවස ඔහු පැමිණි පසු සාප්පුවකට යැමට කතිකා කරගත්ත.
පසුදින අපි මුල්දිනවල ගිය රෙදිසාප්පුවට ගියා......පාටිවලට අදින වර්ගයේ ගවුන් කිහිපයක් තෝරාගතත මා ඒවා එකින් එක ඇදිමින් ගැලපෙන එක තෝරාගත්ත....ගවුම ගත්තට හරියන්නෙ නෑ වසන්ති.....එදාට යනකොට මේකප් ටිකක් කරගන්න වෙයි..කොන්ඩෙ එහෙමත් ලස්සනට හදාගන්න වෙයි......මේ පැත්තෙ ගැහැනු එහෙම තමයි යන්නෙ.....ඔහු කිව්ව.....ඒව ගැනනම් මම එච්චර දන්නෙ නෑ වික්‍රම.....චිත්‍රත් ගමේ ගෑනියෙක් හින්ද ඔය නගෙරෙ විච්චූරන දන්නෙ නෑනෙ..නැත්නම් එයාට කියන්න තිබුන...මම එහෙම කිව්වම.....ඒකට බයවෙන්න එපා වසන්ති.....මම ඔයාව බියුටි සැලුන් එකකට එක්ක යන්නම්....එයාල ඔයාව ලස්සන කරල ගනියි......ඔහු සිනාසෙමින් කිව්ව..... ගවුමට ගැලපෙන කරාබු සහ මාලයක් එම සාප්පුවෙන්ම මිලදී ගත් අපි ආපහු ගෙදර ගියා.
උපන්දින උත්සවය තිබුනේ සෙනසුරාදා සවස බැවින් දහවල් ආහාරයෙන් පස්සෙ වික්‍රම මාව රූප ලාවන්‍ය සැලුන් එකකට එක්ක ගියා.....මම එහෙට යනකොට මිලදී ගත්ත ගවුම ඇදගෙනමයි ගියේ....එන්න නංගි එහිසිටි අක්ක කෙනෙක් මට ඇතුලට කතාකලා.....මම ගිහින් පුටුවෙ වාඩිවුනා.....නංගිට ඕනැ පාටියකට යන්නද ඇහුව ඇය.....මගේ මුහුණ ලස්සන කරන්න පටන්ගත්ත. ඇහිබැමි සහ ඇස්පිහාටු සකසමින් ....නංගිගෙ මුහුන ඒතරම් හැඩකරන්න දෙයක් නෑ.....ස්වභාවිකවම නංගි ලස්සනයි.....ඇය කියන ගමන් පොඩි පොඩි අඩුපාඩු හදන්න ගත්ත......ඔයාගෙ තොල් දෙක දැනටමත් රතු හින්ද යන්තමට රතු ගාමු.....තොල්වල සායම් ගානගමන් කිව්ව.....ඔයාගෙ මුහුන ලස්සන හින්ද ඕනැවට වඩා එක ඒව කරන්න ගියොත් කැතවෙන්න පුලුවන්.....ඇය මගේ මුහුනේ හැඩ බලමින් කිව්ව.....මීලගට ඇය මගේ කොන්ඩය සකස් කරන්න වුනා.....නංගි කොන්ඩෙ කොට කලේ ඇයි.....දිගට තිබුනනම් තමා ඔයාට ගැලපෙන්නෙ.....ඇය එසේ කීවේ මා කෙල්ලෙක් බවට පත්වූ දාසිට කොන්ඩය කැපුවේ නැතත් තවමත් එතරම් දිගට වැවී නොමැති නිසාය.....දිගටම වවන්න හිතාගෙන ඉන්නෙ අක්කෙ....මම කිව්ව.....ඒක හොදයි.....දිග කොන්ඩෙ ඔයාට ලස්සනයි.....ඇය නැවත කිව්ව....මගේ ලස්සන කිරිම නිමාවන විට මාව මටම හදුනාගැනීමට නොහැකිවන ලෙස ලස්සන තරුනියක් බවට පත්වී ඇතිබව කන්නාඩිය තුලින් දැකගන්න ලැබුන.....ගවුමට ගැලපෙන එල්ලෙන කරාබු දෙකත් මාලයත් නිසා ...එම සුන්දරත්වය තවත් වැඩිවෙලා කියල මට තේරුනා. සියල්ල අවසන් වූපසු එලියට ගියහම වික්‍රම පත්තරයක් බලමින් ඉදල මාව දැක්කම ඒක නවල පැත්තකින් තියල මගේ දිහා පුදුමයෙන් වගේ බලනව දැක්ක. මම මේ බැලුවෙ බියුටි කුවීන් කෙනෙක් කොහෙන්ද ආවෙ කියල...ඔහු සිනාවෙමින් කියල. මුදල් ගෙවන්න ගියා.
අපි උත්සවය තියෙන තැනට යනකොට සවස හය විතර වුනා....මේවෙනකොටත් කිහිපදෙනෙක් ඇවිත් ඉන්න බව වටපිට බලනකොට දැකගන්න ලැබුන.....එන්න එන්න ඩොක්ට වික්‍රම අපිව දැක්ක මැටිල්ඩා අපිව පිලිගත් අතර මිසිස් වික්රමත් ආපු එක ලොකුදෙයක්....මාව බදාගෙන සිපගනිමින් පිලිගත්ත ඇය කිව්ව...අපි ටිකක් ඇතුලට යනකොට මැටිල්ඩගෙ මහත්තය වික්රමත් එක්ක අතට අත දීල කතා කලා......බලන්නකො සුරේශ්.....ඩොක්ට වික්‍රම තනිකඩය වගේ හිටියට නෝන කෙනෙකුත් ඉන්නව කියල දන්නෙ එහෙගියාමනෙ......මැටිල්ඩා ඔහුට කිව්ව.....මොනව කරන්නද අපිටත් ඉතින් මෙයාලට ඇත්ත පහදල දෙන්න පුලුවන්යෑ.....ඔහේ ඕනැ එකක් හිතාගත්තාවෙ.....මම පුටුවක වාඩිවෙලා කල්පනා කලා......මම මෙතෙනට ආව වෙලාවෙ ඉදල හැමෝම මාදිහා බලනව මට හොදට තේරුනා.....බලන්නකො වික්‍රම මේ හැමෝම මාදිහා බලනවනෙ......මම සෙමින් කිව්ව......ලස්සන දේවල් දකිනකොට බලන්න කැමතියිනෙ.....ඔහු මගේ කනට කරල වගේ සෙමින් කිව්ව...මට ලැජයි අනේ....මම කිව්ව.....ලැජ්ජවෙන්න එපා.....මේ හැම ගෑනියෙකුටම වඩා ඔයා ගොඩක් ලස්සනයි.....ඒ හින්ද ඔයා ඒ ගැන හිතල ආඩම්බරවෙන්න.....ඔහු එහෙම කිව්වම මගේ හිතට අමුතු අභිමානයක් වගේ දැනෙන්න ගත්ත....සංගීතරාවයක් උත්සව භූමිය පුරා පැතිරගිය අතර.....වයිවර්න විදුලි බුබුලු තැනින් තැන දැල්වෙන්ට විය.....කුඩාලමුන්ගේ සහ තරුන මහලු සැමදෙනා සතුටින් කතාකරන හඬ සංගීත රාවය යටපත් කරමින් ඇසෙන්ට විය.....
No comments:
Post a Comment