ආත් අම්මාගේ පාඩම 191...............මම නයොමි අක්ක එක්ක කතාකලේවත් නැතුව කොහොමද කියන්නෙ......අනිත් එක ඕව පිට ගැනුත් එක්ක කියන එවද.....හැබැයි අපි එන්න ඉස්සෙල්ලනම් මට පොඩි උපදෙස් ටිකක් දුන්න.....ඔහු කීවිට....ඒ මොනවද....මා ඇසුවෙමි.....දැන් ඒව වැඩක් නෑ....ඒ ඔක්කොම ඉවරයි....ඔහු සිනාසෙමින් කීවෙය.....සුරන්ජිත් මට බොරු කියන්නෙ නෑ....එතකොට අක්ක මේව දැනගත්තෙ කොහොමද....මා කල්පනා කලෙමි.
රාත්රී ආහාර ගත් අපි ඇදට යනවිට දහය පමන විය...අපිට උදෙන්ම නැගිටින්නත් තියෙන හින්ද නිදාගම්මු නේද ඔහුට යෝජනා කල මා ඇදේ ඇලවුනෙමි.....මා අසලින් ඇලවුනු ඔහු එහෙම නිදාගෙන කොහොමද....අපිට තව කොච්චර වැඩ තියෙනවද කී ඔහු මාව තුරුලු කරගෙන වෙනදා මෙන් සුරතල් කරන්ට විය....ඔයවෙලාවට පනනැති බෝනික්කි වගේ ඉන්න එපා....නයෝමි අක්කාගේ උපදේසය එකවරම සිහිපත්විය. ඔහු මාව සුරතල් කරන්නා මෙන් මාද ඔහුව බදාගෙන සිපගන්ට වුනෙමි. ඔහු වෙනදාට වෙනදාට වඩා සතුටු වෙනබව දුටු මා තවතවත් සිපගන්ට වුනෙමි. සෑහෙන වේලාවක් සතුටු වූ අපි. ඔහුගේ අවසානයට ළඟා වූපසු අවසන් කලෙමු....අද ඔයා හරි හොදයිනෙ..... නයෝමි අක්කද කියාදුන්නෙ.....අවසානයේදී ඔහු ඇසුවේය....පොඩි උපදෙසක් දුන්න....මා කියනවිට.....නයෝමි අක්ක මේගැන ගොඩක් දන්නව.....අනික එයා කිසිම බයක් ලැජ්ජාවක් නැතුව මේව ගැන කෙලින් කතාකරනව....මම හිතන්නෙ එයා ඩොක්ට කෙනෙක් හින්ද වෙන්න ඇති.....සුරන්ජිත් පැවසුවේය.....මටත් එහෙම හිතෙනව....මා පැවසුවෙමි.
උදෙන්ම ඇහැරුනු අපි සූදානම් වනවිට දොරට තට්ටුකරන හඬ ඇසුනි.....අක්කා සහ ඔහුගේ සැමියා සමග අන්දන ඇන්ටී පැමින සිටි බව දක්නට ලැබුනි..ඒ අතර සුරන්ජිත්ගේ ලගින්ම සිටි අජිත්ද පැමින සිටියේය..මා යට ඇදුම් සහ හැට්ටය ඇදගත් පසු ඇය සාරිය අන්දන්ට වූවාය...ඇය මාව නැවත ඔසරි මෝස්තරයකට අන්දන්ට විය.....කොන්ඩය නොයෙක් ආකාරයෙන් හැඩ දැමූ ඇය එය මල් වලින් සරසන්ට විය.....අනිකුත් ආභරනද සාරියට ඔබිනසේ පලදවන්ට වූවාය.....අපේ විවාහ උත්සව තිබුනේ වෙනත් හෝටලයක බැවින් අපිට එම ස්තානය බලා යෑම නියමිතව තිබුණි. රතු පැහැති ඔසරියෙන් සැරසී රතු පැහැති මල් කළබ අතට ගත් මා සුරන්ජිත් සමග එලියට ගියෙමි. අද දින ඔහුගේ මංගල ඇදුම වුයේ කලිසම සහ කෝට් එකය. සෙමින් සෙමින් එලියට ගිය අපි රතු පැහැති මල්වලින් සරසා තිබුනු මංගල රථයේ වාඩිවුනෙමු. යහලුවාට සැරසී සිටි අජිත් ඉදිරිපස අසුනේ වාඩිවිය.මගෙ නෑදැයන් එකතුවනතුරු අපි එම ස්ථානයේ ටික වෙලාවක් රැදී සිටියෙමු. සුලු වෙලාවකින් මාමාගේ රථය පැමිනි අතර. පුන්චි අම්මලාගේ රථය පැමිනියේය. නිමන්තී සමග ඇගේ දෙමාපියන්ද ඉන්පසුව පැමිනෙනු දුටුවෙමි. මාගේ නෑදෑයන් සහ හිතවතුන් පැමිනි පසු අපි උත්සවය තිබෙන හෝටලය කරා ගමන් කලෙමු. උත්සව ශාලාවට ඇතුලු වීමට නියමිතව තිබුනේ නමය පසුවී මිනිත්තු ගනනකට පසුවය. අපි එතෙක් එලියේ රැදී සිටියෙමු. උඩරට නැටුම් කන්ඩායම අපිව කැදවාගෙන යෑමට සූදානමින් සිටිනබව දක්නට ලැබුනි....පුතේ වෙලාව හරි ....මාමා සුරන්ජිත්ට කියනු ඇසුනි. වාහනයෙන් බැස්ස අපි. ගැටබෙර හොරනෑ තාලයට රඟදෙන වෙස් නැටුම් කන්ඩායම සමග සෙමින් සෙමින් උත්සව සාලාව දෙසට පා නැගුවෙමු....හතර දිසාවෙන් කැමරා ක්රියා කරවනු දුටුවෙමි...කුඩා යුවතියන් විසින් ගායනා කල ජයමංගල ගාථා සහ පිලිගනීමේ ගීතයෙන් පසුව උත්සව ශාලාව තුලට ගමන් කලෙමු.....අපිව පිලිගැනීමට සිටි අම්මාගේ සහ තාත්තාගේ දෙපා වැන්දෙමු.....අම්මා මාව තුරුලු කරගනිමුන් ආදරයෙන් පිලිගත්තාය.... පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කල අපි සරසා තිබුනු විශාල කේක් ගෙඩිය කපා අපි දෙදනා කවා ගත්තෙමු.
මියුරු සංගීත රාවය උත්සව ශාලාව පුරා ගලායන්ටවිය....සියල්ලන්ගේම සතුටු සිනා මැද අපි සරසා තිබුනු ආසනවල වාඩිවුනෙමු.........ටික වෙලාවක් ගතවිය.....අක්කෙ... අර රෙදි කෑල්ල බලනවද...මගේ පුංචි අම්මා අම්මාට කියනු ඇසුනි..මොන රෙදි කෑලද....අම්මා ඇසුවාය. ඇයි දුව අරන්ගිය සුදු රෙදි කෑල්ල....ඇය සෙමින් පවසනු ....මට යාන්තමට මෙන් ඇසුනි.....මට ඕව බලන්න ඕනැ නෑ නංගියේ..... මගෙ දුව මට හොදට විශ්වාසයි....එය අසා සිටි අක්කා....මොකක්ද අම්මෙ..අක්කා ඇසුවාය.....අම්මා සෙමින් ඇයට කියනු දුටුවෙමි....අපේ නංගි අපිට විශ්වාසයි ඇන්ටි ආයෙ ඒකෙ බලන්න දෙයක් නෑ... අක්කාද කියන්ට විය.....මම කිව්වෙ අපේ සිරිතක් හින්ද ...සමහරු බලන්නම ඕනැ කියනවනෙ.....පුංචි අම්මා කීවාය....ඒ අම්මල නෙවෙයි ඒ නැන්දම්මල....මම දුවගෙ නැන්දම්ම නෙවෙයි අම්ම...මේ අම්මට තමන්ගෙ දුවල ගැන හොද විස්වාසයක් තියෙනව.......අම්මා හැගුම් බරව පවසනු අසාසිටි මගේ දැස්වල කදුලු පිරෙන්ට විය...මගේ සිත තුල ජනිතවූ ආදරය නිසා ඇයව තුරුලු කරගෙන සිපගන්ට සිතුනි....එහෙත් මේ වෙලාව එයට සුදුසු වෙලාවක් නොව......මා ඇස් පිස දමන විට මොකද අඩන්නෙ....සුරන්ජිත් ඇසුවේය...ඇස්වලට මොකක්ද ගියා වගේ දැනුන..දැන් හරි වගේ....ඇස් පිස දමමින් ඔහු දෙස බලා පැවසුවෙමි..කීවෙමි.
No comments:
Post a Comment