Thursday, July 19, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 5...................පහුවදා උදේ මම රැවුල කපන්න ගිහින් මුහුනෙ සබන් ගෑව වෙනද වගේ නෙවෙයි අද මුහුන වෙනස් කියල මට තේරුණා. ඒත් රේසර් තලය මුහුනට තියල ඇද්ද ඒක නිකම්ම ඇතිල්ලෙනව මිසක් රැවුල කැපෙන බව තෙරුනේ නෑ....මේකෙ තලේ මොට්ට වෙලාද මන්ද.....කල්පනාකල මම රෙසරය හෝදල ආයෙමත් මුහුනට තියෙල ඇද්ද ඒත් කැපුනෙ නෑ....මේ මොකද....මම මුහුනෙ තියෙන සබන්ටික හෝදල අතගාල බැලුව...රැවුල් කොට එකකවත් අත ගැවෙන්නෙ නෑ....මුහුන සිනිදුවෙලා මිසක් රැවුල වැවිල නෑ....ඊයෙ බීපු බේතට රැවුල වැවෙන්නෙ නැද්ද දන්නෙ නෑ.....එක අතකට එකත් හොඳයි හැමදාම රැවුල කපන්න ඕනැ නෑනෙ.....කල්පනා කල මම මුහුන සෝදාගෙන වැඩට යන්න ලෑස්තිවුනා.
                වැඩට ගිය මට කිහිප සැරයක් වමනෙ ගියා.....මොකද බන් සනීප නැද්ද....වැඩපලේ යහලුවො ඇහුව.....අනේ මන්ද මොකක් හරි බඩේ අජීරනයක් වගේ..... මම කිව්ව....හොද නැත්නම් ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් බේතක් ගනින්....ඔවුන් කිව්ව....හවසට ගෙදර ගිහින් ඩොක්ට වික්‍රම ගෙන් බෙහෙතක් ගන්නව.....මා එය හවස්වනතුරු කල්දමමින් කිව්ව.
                  හවස ගෙදර ගිය මට වමනෙ යෑම නැවතිල තිබුන හින්ද වික්‍රමට මොකුත් කිව්වෙ නෑ...ඒත් රෑ කිහිප වරක් වමනෙ ගිය හින්ද....වික්‍රමට කතාකලා ....මම ඕකට බේතක් දෙන්නම්.....කිව්ව ඔහු.....මට හිතෙන්නෙ අර ඩ්‍රග් එක ඉෆෙක්ට් වෙන්න දැන්....ශරීරෙ අභ්‍යන්තරය වෙනස් වෙනකොට ඔහොම වෙනව....මාව පරීක්‍ෂාකරමින් කිව්ව ඔහු....නලලෙ අත තබාගෙන හරිවැඩේ....නලලේ අත තබාගෙන දුකෙන් වගේ කිව්ව.....මොක්ද මචන් වෙන්නෙ....මාව මැරෙයිද.....මම ඇහුව....උබේ ජිවිතේට මොකුත් වෙන්නෙ නෑ බන් උඹ බයවෙන්න එපා....අපි බලමුකො මොකද වෙන්නෙ කියල....ඔහු කිව්ව.
                   මම උදේ රැවුල කපන්න ගියාට රැවුල වැවිල තිබුනෙ නැති හින්ද කැපුවෙනෑ...මේකනන් නියම වැඩේ මට දැන් රැවුල කපන්න ඕනැ නෑ....මම සතුටින් කල්පනා කලා.....අදත් මම වෙනද වගේ කෑමත් හදාගෙන වැඩට ගියා....අද දවල් වමනෙ ගියෙ නැතිවුනාට ගෙදර ආවට පස්සෙ කිහිප සැරයක්ම වමනෙ ගියා.......මේ වමනෙ නවතින්නෙ නෑ වගේ බන් දැන් මොකක්ද මේකට කරන්නෙ....මම වික්‍රම ගෙන් ඇහුව....ඕකට වෙන කරන්න දෙයක් නෑ....ටික දවසක් ගිහින් ඉබේම නවතියි.....ඔහු කිව්ව. ඔහු කිව්ව දේ පිලිඅරගෙන නාගන්න නාන කාමරේට ගිහින් ඇදගෙන හිටිය ටී සර්ට් එක ගැලවලා ඒක රාක්කෙ එල්ලලා නිකමට වගේ පපුව අතගෑව.....වෙනද වගේ නෙවෙයි.....පියයුරු දෙකේ පියයුරු තුඩුලඟ පුංචි ගෙඩි දෙකක් වගේ අහුවෙන්න ගත්ත....මේ මොකද වෙලා තියෙන්නෙ කියල කන්ණාඩිය ගාවට ගිහින් බැලුව....ඇත්තටම ඒ දෙක පුංචි ඉදිමුමක් වගේ එලියට ඇවිත් තිබුන.....අපේ නංගි ලොකු ලමයෙක් වෙන්න කිට්ටුව මෙහෙම තිබුන බව මට මේක දැක්කහම  මතක් වුනා....මම කල්පනා කරමින් නාන කොට කකුල්වල වැවිල තිබුන මවිල් ඉවත්වෙලා කියල දැක්ක.....දැන් කකුල්වල කලව දෙක  හරියට කෙල්ලෙක්ගෙ වගේ....මට හිතුන....මොකක්ද මේ මට වෙන්න යන්නෙ.....කල්පනා කරමින් නාල එලියට ගියා.
            අද වමනෙ ගියෙ නැද්ද.....මාව දැක්ක වික්‍රම ඇහුව.....අද උදේ එක සැරයක් ගියා ඊට පස්සෙ ගියෙ නෑ....මම කිව්ව....මචන් මගේ අතින් උඹට ලොකු වැරැද්දක් බන් වුනේ...අර ලැබ් එකේ ප්‍රිජ් එක වැඩකලානම් ඔහොම දෙයක් වෙන්නෙ නෑනෙ.....ඔහු දුකෙන් වගේ කිව්ව....උඹේ විතරක් නෙවෙයිනෙ බන් මගෙත් වැරැද්ද....දැන්නෙ නැති කෑම බීම ගත්තම ඔහොම තමයි.....මම කිව්ව.....හොද වෙලාවට ඕක තිබුනෙ......බැරි වෙලාවත් වසක් විසක් තිබුනනම්.....ඔහු බැරෑරුම් ලෙස කිව්ව......පහුවදා මම වැඩට ගියහම කතාකරන කොට අමුතු කටහඬක් පිටවෙන්න ගත්ත. හරියට සෙම හිරවෙලා වගේ......මොකද බන් උබේ උගුරට වෙලා තියෙන්නෙ.....මගෙත් එක්ක කතාකරපු යාලුවො ඇහුව.....අනේ මන්ද බන් සෙමද කොහේද......මම උගුර අතගාමින් පිලිතුරු දුන්න.....වික්‍රම හම්බවෙලා මේ උගුරෙ අමාරුවට බෙත්ටිකක් ඉල්ලගන්න ඕනැ කියල සවස වැඩ ඇරිල ගෙදර ගියා.
               මචන් ලසන්ත උබට මට මේක කියන්නත් බෑ නොකියත් බෑ....කිව්ව වික්‍රම කනගාටුවෙන් වගේ කල්පනාකරන්න ගත්ත....මොකක්ද.....උගුරෙ පිලිකාවක්වත් හැදෙන්න එනවද.....මම ඇහුව....උගුරෙ විතරක් නෙවෙයි බන්....කිව්ව ඔහු මා දිහා දුක්බරව බලා හිටිය.....එහෙනම් පිලිකාව මුලු ඇගේම දුවලද.....මා විශ්මිතව ප්‍රශ්නකලා.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: