ආත් අම්මාගේ පාඩම 178...............ඔයා කැමති එකක් ගන්න නංගි ඔය කැමති එකට මාත් කැමතියි.....ඔහු කීවේය.....එහෙම බෑ එහෙනම් අපි දෙන්නම කැමතිවෙන්න ඕනැ.....මා කීවෙමි...... ඕක ගන්න ඔය ගවුම ලස්සනයි වගේ....ඔහු කීවිට කාමරයට ගිය මා එය ඇද බැලුවෙමි.....ඔය ගවුමට ඔයා හරි ලස්සනයි අක්කේ....සුදු නංගී මාදෙස බලා කීවාය. මගේ සිරුරට හරියන බැවින් මා එය අරගත්තෙමි......පුංචි අම්මෙ මම මේක ගත්ත.... එය පුංචි අම්මාට පෙන්වා පැවසූ මා....මම හින්ද පුංචි අම්මාට පාඩුත් උනානෙ.....මොන පාඩුවක්ද මගෙ දුවේ....ඔයාගෙ ආත් අම්මත් එක්ක තිබුන ප්‍රශ්න හින්ද මම එහාට ආවෙ නැති වුනාට.....මම ඔයාට ආදරෙයි දුවේ.....ඇය මගේ මුහුන සිපගනිමින් කීවාය.....මට ඔයාව දකින කොට මගෙ නැතිවුන අක්ක මතක් වෙනව මගෙ දුවේ...කනගාටුවෙන් මෙන් කී ඇය මාව තුරුල් කරගත්තාය.
අපේ මංගල්‍යයට ඔවුන්ගේ උපරිම සහාය ලබාදීමට පොරොන්දු වීම ගැන මගේ සිතට විශාල සතුටක් ඇතිවිය....මට දැන් මගේම කියල නෑදෑයො ඉන්නව යාලුවො ඉන්නව මම දැන් තනි නෑ මම තව දුරටත් අනාතයෙක් කියල කාගෙන්වත් අහන්න ඕනැ නෑ....මා කල්පනා කලෙමි.
අපේ කේන්දරවල ආකාරයට අපේ මංගල උත්සවය සදහා දින යොදාගෙන තිබුණි එයට තිබුනේ තව මාස දෙකක කාලයක් පමනි.....මෙම උත්සවයද අනිත් ඒවා මෙන් ඉතාමත්ම ඉහලින් පැවැත්වීමට තාත්තා තීරනය කල බැවින් මගේ මංගල දින උත්සවය සහ ඔවුන්ගේ නිවසට පැමිනීමේ දින උත්සවය කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් දෙකක යෙදීමට තීරනය කර තිබුනි....මේ අතර මා ජීවත්වූ නිවසද අලුත් වැඩියා කිරීම සදහා පීතර මාමාට වගකීම පැවරුවෙමු. මගේ හොදම යෙහෙලිය වන නිමන්තී සහ ඇගේ පවුලේ සැමදෙනාද ම්ට සහයෝගය දිමට පොරොන්දු වූ අතර ඇය මගේ යෙහෙලිය ලෙස පැමිනීමටද සූදානම් වූවාය.....මා ඇය සමග තවත් යෙහෙලියන් දෙදෙනෙකු සොයා ගත්තෙමි....මල් කුමරියන් ලෙස පුංචි අම්මාගේ දියනිය සහ නැන්දා සොයා දුන් තවත් නංගිලා දෙදෙනෙක් සූදානම් කර ගන්ට විය......සුරන්ජිත්ද ඔහුගේ යහලුවන් තිදෙනෙක් සහ කුඩා මල්ලිලා තුන්දෙනෙකු සොයා ගත් බව දැන්වීය.
වෙඩින් එකට පස්සෙ ඔයාල කොහෙද යන්නෙ......ඕනෙ නම් වෙන රටක ඉදල හෝම් කමින් එකට ලංකාවට එන්න...... එදාට උත්සවේ ලෑස්ති කරමු....තාත්තා අපෙන් ඇසුවේය....නංගි මොකටද කැමති....සුරන්ජිත් මගෙන් ඇසුවේය....අයිය කැමති ඕනැ දේකට.....මා කීවෙමි....මම නම් කැමති ලංකාවෙ ලස්සන තැන්වල ඇවිදින්න.....සුරන්ජිත් පැවසුවේය.....පුතා ඉතින් කවදත් කැමති දේනෙ..... සිනාසෙමින් කී අම්මා....දුව ඒ ගැන මොකද කියන්නෙ....ඇසුවාය....හරි ශෝක් අම්මෙ මම ගොඩක් තැන්වල ගිහිල්ලත් නෑනෙ.....මා සතුටින් පැවසුවෙමි.....මේ සාකච්චාව පවත්වන විට...නයෝමි අක්කාද මා අසල සිටියාය.....මේ සුරන්ජිත්ට කියන්න....ඔහේ ගිහින් ඇවිද ඇවිද ඉදල හරියන්නෙ නෑ කියල.....මගේ කනට කර රහසින් කීවාය....ඇය එසේ පැවසූවිට මට එක්වරම සිනාගිය නිසා....මොකද දෙන්න එක්ක.....අම්මා ඇසුවාය....නෑ අම්මෙ මේ අක්ක විහිලු කරනව.....මා සිනාසෙමින් කීවෙමි.
බන්ඩාරවෙල සිට නිතර පැමිනෙන අක්කාද මගේ මංගල්‍යය ගැන උපදෙස් දෙමින් කටයුතු කරන්ට වූවාය.නයෝමි අක්කාද ඇයට නොදෙවෙනි ලෙස මට උදවු කිරීමට ඉදිරිපත් වූවාය.....මගේ මනමාලිට ඇන්දීමේ කටයුතු අක්කාට ඇන්දවූ සැලූන් එකටම දීමට අක්කා උපදෙස් දුන්නාය.....අපේ නිවසේ අලුත් වැඩියා කටයුතු මා සුරන්ජිත් සමග ගොස් විටින් විට සොයා බැලුවෙමි....සුරන්ජිත්ගේ අදහස් අනුව එහි වෙනස් කිරීමේ කටයුතුද සිදුකෙරුනි.
මේ වනවිට මගේ ප්‍රායෝගික පුහුනු කාලය අවසන්වී නැවත දේශන සදහා සහභාගී වීමට සිදුවිය. මංගල්‍යය සදහා පලමුවරට බුලත් දීමේ කාර්යය නැන්දා විසින් ඉටු කරදෙන ලද අතර එයට පුංචි අම්මාද සහභාගී වූවාය.....මගේ පුන්චි අම්මා සහ නැන්දා මගේ මවු පියන් නොමැති පාඩුව මගහැරෙන ලෙස කටයුතු කරන බව මට තේරුනි.....මේ තරම් හොද ගතිගුන තියෙන අය ඇයි දන්නෙ නෑ ආත් අම්ම අයින් කලේ.....මා කල්පනා කලෙමි. .....ආත් අම්මත් අමුතුම ජාතියෙ කෙනෙක් නෙ ...එයා කිව්වොත් කිව්ව තමයි.....මගේ නරක ගති ගුන කොහොම හරි හදනව කිව්ව.....ඒ කිව්ව වගේම මම අද හොද වැදගත් ගැහැණු ලමයෙක්නෙ.....මා තව දුරටත් කල්පනා කරන්ට වුනෙමි.
උත්සව දිනට සති දෙකක් පමන වනවිට නිවස අලුත්වැඩියා කර අවසන්විය. එහි පරන පෙනුම රැකගෙන අලුත් ගාම්භීරත්වයක් නිවසින් දිස්වනබව දුටුවෙමු...උත්සවයයට පෙර සතියක පමන කාලයක් නිවසේ නැවතීමට සිදුවිය. නැන්දා සහ පුංචි අම්ම ඒ සතිය තුල මා සමඟ එම නිවසේ නතර වී උත්සවයේ වැඩකටයුතු සංවිධාන කරන්ට විය..... නිමන්තී සහ ඇගේ අම්මා සහ තාත්තාද මට සෑහෙන සහයෝගයක් දැක්වීය.
No comments:
Post a Comment