Friday, July 6, 2018

ආත් අම්මාගේ පාඩම 184.............මෙතැන කියන්න බෑ අනේ මම ඇවිත් විස්තර කියන්නම්කො.....මා කීවෙමි.....ඇයි ඇවිද ඇවිද හිටියද.....අනේ නෑ අක්කෙ....සුදු රෙද්දත් රතුවුනා....මා ලැජ්ජාවෙන්ම පැවසුවෙමි....රිදුනද....ඇය සිනාසෙමින් ඇසුවාය....ටිකක්....කී මා... මේ සුරන්ජිත් අයිය හරි නරකයි අක්කෙ.....ඒ මොකද....ඇය ඇසුවාය....මට බොරු කලානෙ...මා කීවෙමි...ඒ මොකද..ඇය ඇසුවාය.....මම ඇවිත් කියන්නම්කො....හරි හරි ඇවිත් කියන්නකො....ඇය පැවසුවාය.
                                           උදේ ආහාරය ගත් අපි නැවත පිටත්වීම සඳහා සූදාන්ම් වුනෙමු.....අයියේ මම දැන් අදින්නෙ මොකක්ද....මා ඇසුවෙමි....ඔයා කැමති ඇදුමක් අඳින්න.....මම ආශයි සාරියක් හරි ඔසරියක් හරි අදිනන....ඔයා මොකද කියන්නෙ...මා ඇසුවෙමි.....ඔයා ඊයෙත් ඔසරිය ඇදගෙනනෙ හිටියෙ අද සාරියක් අදින්න.... කී ඔහු.....ඇදගන්න පුලුවන්ද.... ඇසුවේය. ...පුලුවන් අම්ම මට කියල දීල තියෙන්නෙ....බෑක් එකට සාරි දෙක තුනක් දාගෙන ආව.... එකක් ඇදගන්නම් ...පැවසූ මා සාරිය ඇදගැනීමට පටන් ගත්තෙමි.....ලස්සනද එය ඇදගෙන සුරන්ජිත් අසලට ගිය මා ඇසුවෙමි.....ගොඩක් ලස්සනයි....ඔහු මගේ හැඩබලමින් පැවසුවේය.....එහෙනම් මේ කටුව මේ සාරි පොටට ගහන්නකො මා සාරි පොට හැට්ට කරට තබා පැවසුවෙමි.....කටුව ඇමිනූ ඔහු පිටුපස සිටම මගේ ගෙල පෙදෙස සිපගන්ට වූවේය.
                                              අපි පිටත් වූවේ කුලී පදනම මත ලබාගත් වාහනයකය.....එලෙස ගමන්කිරීම වග කීමක් නොමැති බව සුරන්ජිත්ගේ මතය විය.අපේ වාහනයක් වගේ නෙවෙයිනෙ අපිට තියෙන්නෙ ගිහින් වාඩිවෙන එකනෙ......ඔහු මා සමඟ පැවසීය...අපි නවය වනවිට ගමන් ඇරබුවෙමු....එහෙත් තවමත් කොහේ යනවා දැයි මට තේරුමක් නොමැති විය.....අයියෙ අර ගාලු කොටුව නේද......මා පින්තූරවලින් පමනක් දැක තිබුනු එය දැකීමෙන් ඇසුවෙමි....ඔව්..ඔයා ඇවිත් නැද්ද....ඔහු ඇසුවේය.....අනේ නෑ.....යමුද බලන්න....අපිට තව දුර යන්න තියෙනවනෙ අපි පස්සෙ වෙලාවක එමු.....ඔහු කීවේය. හෝටලයකින් දිවා ආහාරය ලබාගත් අපි නැවත පිටත්වුනෙමු. ටිකක් දුර ගමන්කරන විට සුරන්ජිත්ගේ උරහිස මත මට නින්ද ගොස් තිබුණි.....මා ඇස් ඇර වටපිට බලනවිට සුපුරුදු ස්තානයක් දිස්විය....මේ හම්බන්තොට ලුනු ලේවාය නේද...ඇසූ මා මම මෙහෙට ඇවිත් තියෙනව.... කීවෙමි.....කවද්ද...සුරන්ජිත් ඇසුවේය.....මට එය එකවරම පැවසීමට නොහැකිවූ බැවින් කල්පනා කරන්ට වුනෙමි.....මට හිතෙන්නෙ කතරගම ආව දවසෙ..... මා කීවෙමි....එහෙතමයි සුරන්ජිත් පැවසුවේය....අපි මේ යන්නෙ කතරගමද ....මා ඇසුවෙමි....එහෙත් යනව ඊට වඩා විශේෂ තැන්ක් පෙන්වන්නත් යනව.....ඒ මොකක්ද මා ඇසුවෙමි.....ගිහින් පෙන්වන්නම්කෝ....ඔහු සිනාසෙමින් කීවේය.....ටික දුරක් යනවිට තිස්ස මහාරාම චෛත්‍යය දිස්විය....මේ තිස්ස චෛත්‍යය නේද එදා මෙහෙටත් ආවනෙ.....මා කීවෙමි. ටික දුරක් ගොස් වැවක් අසල වාහනය නවතන ලෙස සුරන්ජිත් පැවසුවේය.....අපි වාහනයෙන් බිමට බැස්සෙමි.....ඔයාට මේ වැව මතකද....මේ අපි එදා නෑව වැවනෙ.....මා පැවසුවෙමි....සුරන්ජිත් මගේ අතින් අල්ලාගෙන මා නිමන්ති සමඟ  නෑව ස්ථානය දෙසට ගමන් කලේය......මෙන්න මෙතැන මට හොදට මතකයි.....ඔයාට මතක නැද්ද.....ඇයි මතක නැත්තෙ.....කොල්ලො දෙන්නෙක් ඇවිත් අපිත් එක්ක කතා කලා.....ඒ එක කොල්ලෙක් මම මහා ආඩම්බර කාරියෙක් කියල හොදටම බැන්න....මා කියනවිට....කොහොම හරි ඒ කොල්ලවම අල්ල ගත්ත.....කියමින් මගේ ඉනවටේ අතදමා මාව ඔහුට ලංකර ගත්තේය....ඔයාල දෙන්න දිය රෙදි ඇදගෙන නනා ඉන්න කොට මායි අජිතුයි හිටියෙ අතන....මම දැක්ක ලස්සන ගෑනු ලමයෙක් නාල ගොඩට එනව......මගේ හිතේ ඇදිල තිබුන ගෑනු ලමයගෙ රූපෙමයි තිබුනෙ.....මට ඒ වෙනකොට මගේ හිතේ හිටිය ගැනු ලමයට හැර කිසිම ගෑනු ලමයෙකුට කැමැත්තක් තිබුනෙ නෑ.....මට ඕන වුනා මගේ හිතේ ඇදිච්ච ලමය ඔයාද කියල බලන්න.....මම අජිත්ට කිව්ව ගිහින් කතාකරමු කියල....අජිත් ඇවිත් කතා කලා....මට ඕනැවුනා ඔයාගෙන් එක වචනයක් හරි අහගන්න.... ඒත් ඔයා ඒවෙලාවෙ අපිත් එක්ක කතා නොකර අහක බලාගෙන හිටිය....ඒ සැරේ මට තරහ ගියා....මම ඒ වෙනකොට හිතාගෙන හිටිය ලස්සන ගෑනු ලමයි හරිම ආඩම්බර කාරියො කියල.....මට හිතුන ඔයත් ඒ ජාතියෙ කියල....ඒකයි මට තරහ ගිහින් ඔයාට බැන්නෙ.....ඊට පස්සෙ තිස්ස වෙහෙර ගාවදි තමයි...නිමන්තිගෙ අම්ම කිව්වෙ ඔයා හරිම ලැජ්ජකාර අහිංසක කෙල්ලෙක් කියල.....මට ඒ වෙලාවෙ ඔයාට බැන්න එකට දුක හිතුන.....ඔහු අතීත කතාව පවසන්ටවිය.....මෙම ස්තානයේදී ඔහු මගේ චායා රූප කිහිපයක් ගත් අතර ලග සිටි අයියා කෙනෙකුට කියා අපි දෙනා ගේද චායා රූප ගන්ට විය.....අපේ ආරම්භය මෙතැන නංගි ......ඔහු හැගීම්බරව පැවසුවේය.
                                                 එදින නවාතැන් ගත්තේ කතරගම දේවාලය අසල තිබුනු හෝටලයකය එම ස්ථානයට ලගාවනවිට රෑබෝවෙමින් තිබුණි  කාමරයට ගිය අපි නාගත්තෙමු.....අදරෑ කිරි වෙහෙර වැදල දෙවියන්ට පූජා වට්ටියකුත් පූජාකරල එමුනේද...ඔහු යෝජනා කලේය.....යමු අයියෙ මම සුදු ඇදුනුත් ගෙනත් තියෙන්නෙ....මා කීවිට ...මෙයා පන්සල් යන්නත් බලාගෙනනෙ එහෙනම් ඇවිත් තියෙන්නෙ....සුරන්ජිත් සිනාසෙමින් කීවේය.....මා සුදු පැහැති අත්දිග බ්ලවුසයක් සහ සායක් ඇදගත්තෙමි.....සුරන්ජිත් සුදුපැහැති සරමකින් සහ ජාතික ඇදුමට සමාන කමිසයකින් සැරසුනි......මම විතරක් නෙවෙයිනෙ මෙයත් පසල් යන්න බලාගෙනනෙ ඇවිත් තියෙන්නෙ.....මා කීවෙමි.....එක සිත තියෙන කොට එහෙම වෙනව මගෙ රත්තරන්.....ඔහු පැවසුවේය.
                                                අපි පලමුවෙන්ම කිරි වෙහෙර දෙසට ගමන්කලෙමු....පාර දිගට හිඟන්නන් සිටිනු දුටු සුරන්ජිත් ඔවුන්ට මුදල් බෙදීමට පටන්ගත්තේය.......කාසි අරන් පුරුදු මෙම යාචකයාචිකාවන්ට මුදල් කොල විශාල මුදලක් විය.....අයිය මට නිකමට හරි කිව්වෙ නෑනෙ ....කිව්වනම් මාත් සල්ලිටිකක් ගේනවනෙ.....මා කීවෙමි....මම දන්නෙ නෑනෙ ලමයො ඔයා මේවගෙ වැඩවලට කැමතියි කියල....පැවසූ ඔහු.....මට හිතුන මේ වැඩේට ඔයා මට දොස් කියයි කියල.....අනේ අයියේ....මම කව දාවත් එහෙම කරන්නෙ නෑ මම හරි ආසයි මේවගෙ වැඩවලට.....මා පැවසුවෙමි. අපි මල්කඩ ගාවට යනවිට ඔව්න්ගේ ඝෝෂාව ඇසෙන්ට විය.....අනේ අපෙනුත් මල් ගන්නකෝ.....ඔව්න් වැඩිදෙනෙක් පවසන වැකිය විය.......බලන්න මේ අය ජීවත්වෙන්න මොනතරම් මහන්සියක් වෙනවද කියල.....නංගි අපි පෙර ජාති වලදි ගොඩක් පින්කරල තියෙනව ඒකයි අපිට කිසිම අඩුපාඩුවක් නැතුව හැම දේම ලැබිල තියෙන්නෙ....අපි ඒ පින ගෙවෙන්න දෙන්න හොද නෑ මොනව හරි කරල තව පින් එකතු කරන්න ඕනැ.....ඔහු පවසන්ට විය.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: