Tuesday, July 3, 2018

ආත් අම්මාගේ පාඩම 177............නැන්දා පැවසූ පරිදි අපි නුවර යෑමට දිනයක් යොදාගත්තෙමු. මා සුරන්ජිත් සමඟ මමාගේ වාහනයෙන් නුවර ගියෙමු. පුංචි අම්මාගේ නිවස පිහිටා තිබුනේ නුවර තෙල්දෙනිය මාර්ගයේය. ප්‍රධාන පාර අයිනේ පිහිටා තිබුනු නිසා අපිට අතුරුමර්ගවල යෑමට අවශ්‍යතාවයක් නොමැතිවිය. නිවසේ ඉදිරි පස කොටස ඇදුම් සාප්පුවක් විය.පුන්චි අම්මත් බාප්පත් එම සාප්පුව බලාගන්නා බව ඇය අපිට පැවසුවාය. ඇයට මට වඩා බාල දියෙනියක් සහ පුතෙක් සිටි අතර දෙදෙනාම පාසැල් යන වියේ පසුවන බව පෙනෙන්ට තිබුණි.....මාව දුටු පුන්චි අම්මා මාව බදාගෙන සිපගන්ට වූවාය.....මම වඩාගෙන හුරතල් කල පුංචි කෙල්ල නේද මේ දැන් ලොකු ලමිස්සියෙක් වෙලා ඉන්නේ....ඇය සතුටින් පවසන්ට වූවාය.....නංගී සහ මල්ලී අපිදෙස පුදුමයෙන් මෙන් බලා සිටිනවිට....මේ ඔයාලගෙ අක්ක....ඔයාලගෙ මැරුන ලොකු අම්මගෙ දුව.....පුංචි අම්මා ඔවුන්ට මාව හදුන්වා දුන්නාය....ඇයි අම්මෙ මේ අක්ක මෙච්චර කාලයක් අපි දැක්කෙ නැත්තෙ.....දිවිය ලෝකෙද හිටියෙ.....නංගී ඇසුවාය.......ඇයි දුවේ එහෙම ඇහුවෙ......පුංචි අම්මා ඇගෙන් ඇසුවාය.....අක්කා දිවියාංගනාවියෙක් වගේ ලස්සනයි.....ඇය එසේ කියන විට සැම දෙනාම සිනහ වන්ට විය. නැන්දා පුංචි අම්මා සමඟ අපේ විවාහ උට්සවය ගැන කතාකරන්ට වූවාය. අක්ක ඔයා කැමති දෙයක් කරන්න....අපි ඕනැ සහයෝගයක් දෙන්නම්....ඇය පැවසුවාය.
                   දහවල් ආහාරය ගැනීමට නවතින ලෙස පුංචි අම්මා අපිට පැවසීම නිසා අපිට දහවල් වනතුරු නැවතීමට සිදුවිය. මේ අතර ටිකෙන් ටික මා අසලට කිට්ටුවූ නංගී ඇත්තටම අක්ක කොහේද මෙච්ච කල් හිටියෙ....ඇසුවාය.......අපි කොළඹනෙ නංගි මා කීවෙමි....ඒක වෙන්න බෑ....අක්ක දිවිය ලෝකෙ ඉදන් මෙහාට ඇවිල්ල අතරමන් වෙලා නේද.....ඇය ඇසූවිට....ඇය පැවසූ දෙය සත්‍යයක් දැයි කල්පනා කලෙමි......මම උපන්න විදියට මාව මෙච්චර ලස්සන කෙල්ලෙක් වෙන්න බෑ......මම කොල්ලෙක් වෙලා ඉදල මේ තරම් ලස්සන කෙල්ලෙක් උනේ කොහොමද.....කට්ටඩි අන්කල්ගෙ මන්තර වලින් දිවිය ලෝකෙ හිටිය දිවියාංගනාවක් මගේ ඇගට වැටිල මම එයා වුනාද දන්නෙ නෑ.....ඒ දවස්වල මාව කෙල්ලෙක් වෙනකොට ඇඟ හිරවෙනව වගේ දෙනෙන්නෙ ඒ දිවියාංගනාවගේ ශරීරය ඇතුලට මාව හිරවෙන කොටද.....මා කල්පනා කලෙමි.....ඇයි අක්කෙ කල්පනා කරන්නෙ.....මම කියන එක ඇත්ත නේද....අපේ ටීචත් කිව්ව ලස්සන ගෑනු ලමයි දිවිය ලෝකෙ ඉදන් ආව අය කියල.....ඇය පැවසුවාය.....එහෙනම් නංගිත් දිවිය ලෝකෙ ඉදන්නෙ ඇවිත් තියෙන්නෙ.....මා කීවෙමි.....මම අක්ක තරම් ලස්සන නෑනෙ....ඇය කීවාය....මොකද නැත්තෙ නංගිත් ගොඩක් ලස්සනයි......මා කීවෙමි......නංගි දැන් කීය වසරෙද මා අසුවෙමි.....මම අට වසරෙ අයිය දහය වසරෙ......ඇය පැවසුවාය.....නංගිට එන්න පුලුවන්ද මම කසාද බදින දවසට මල් කුමාරිට.....මා ඇසුවෙමි.....ශෝක්නෙ අක්කෙ....මම මීට ඉස්සෙල්ලත් මල්කුමාරිට ඉදල තියෙනව......මොකද නංගි කියන්නෙ...පුන්චි අම්මා ඇසුවාය......මගෙ මල් කුමාරිට මේ නංගි එන්නම් කියනව.....මෙයාව ගන්න මීට ඉස්සෙල්ලත් නංගි ඉදල තියෙනව.....ඇන්දුවහම හරි ලස්සනයි.....පුංචි අම්මා පැවසුවාය....ඒක නෙවෙයි දුවේ ඔයාට ගවුමක් අපේ සාප්පුවෙන් බලල තෝරගන්න.....ඇය කීවාය.....ඕනැ නෑ පුන්චි අම්මෙ මට ඕනැ තරම් ගවුන් තියෙනව.....මා කීවෙමි....ගෑනු ලමයින්ට කොච්චර ඇදුම් තිබුනත් වැඩිවෙන්නෙ නෑ දුවේ යන්න ගිහින් තෝරගන්න...සුදු දුවේ ඔය අක්කත් එක්ක ගිහින් අක්කට ගවුමක් තෝරල දෙන්න.....ඇය නංගිට පැවසුවාය..... යමු අක්කෙ අපේ කඩේ ලස්සන ලස්සන ඇදුම් තියෙනව.....අක්ක ලස්සන හින්ද තවත් ලස්සන වෙයි....ඇය කීවාය....නංගීට සුදු දුවේ යනුවෙන් ඇමතුවේ ඇගේ සම පැහැපත් නිසාදැයි මා කල්පනා කලෙමි. මම සාප්පුව දෙසට යෑමට අදිමදි කරන විට ඇය මගේ අතින් අදිමින් බලකිරීමට පටන්ගත් බැවින් ඇය සමග ගියෙමි.....එය තරමක් විශාල ඇදුම් සාප්පුවක් විය.  එහි වැඩකරන ගැහැනු ලමුන් කිහිප දෙනෙක් සිටිනු දක්නට ලැබුනි.....දිල්කි අක්කෙ මේ අපේ අක්ක කෙනෙක් මෙයාට ලස්සන ගවුමක් හොයල දෙන්න ආවෙ.... වැඩකරන තැනැත්තියට පැවසූ නංගී ඇදුම් තෝරන්ට වූවාය. ලස්සන ගවුමක් අතට ගත් නංගී එය මගේ ඇගට තබා මේක ලස්සනයි නේද ඇසුවාය.....මම මේ ඔයා කොහේද කියල බැලුවෙ.....මෙතැන ඇදුම් තෝරනවනෙ.....පැවසූ සුරන්ජිත් ගෑනුන්ට ඉතින් ඇඳුම් කිව්වම ඊටවඩා දෙයක් නෑනෙ......සිනාසෙමින් කීවේය.....පුංචි අම්මගෙන් බෙරෙන්න බෑ අනේ..... ගවුමක් තෝරගන්න කියල......අයිය කැමති ගවුමක් තියනවනම් බලන්න....මේ සුදු නංගි තෝරපු ගවුම ලස්සනද අනේ....මා ඔහුට එය පෙන්වමින් ඇසුවෙමි....අනේ මට තේරෙන්නෙ නෑ ඕව ගැන.....ඔයාට කැමති එකක් තෝරගන්න....අනේ අයියේ මම ලස්සනට ඇන්දම මගෙ ලසස්සන පේන්නෙ ඔයාටනෙ.....මට පේන්නෙ නෑනෙ.....ඔයා ලස්සනට ඇන්දම කාටත් ලස්සනට පෙනෙයි..ඔහු පැවසූවිට...මම ලස්සනට අදින්නෙ ඔයාට පේන්න මිසක් කාටවත් පේන්න නෙවෙයි.....මා කීවෙමි.

No comments: