ආත් අම්මාගේ පාඩම 182...............මා ඇදෙන් නැගිට සුදු රෙද්ද දෙස බැලුවෙමි. එහි තිබුනු මගේ සිරුරින් ගලා ගිය රුධිර පැල්ලම් මාගේ පිරිසිදු කමට සාක්ෂියක් විය. මා එය සුරන්ජිත්ට පෙන්නූවෙමි. .....ඕක හොදට පරිස්සම් කරල තියාගන්න අපේ අම්මට පෙන්වන්න....... ඔහු පැවසූ බැවින් මා එය නවා බෑගය තුලට දමාගත්තෙමි. නාන කාමරයට ගොස් සෝදා ගත් මා නැවත දුහුල් රාත්රී ගවුම ඇදගත්තෙමි. ටික වේලාවකින් දොරට තට්ටුකරන හඬ ඇසුනු බැවින් සුරන්ජිත් දොර ඇරියේය . අපිට රාත්රී ආහාරය රැගෙන විත් ඇතිබව දැක ගැනීමට ලැබුණි.අපි කාමරය තුලම ආහාර ගත් අතර සුරන්ජ්ත්ට මා අතින්ම කැවුවෙමි. ආහාර ගැනීමෙන් අනතුරුව අපි නින්දට ගියෙමු. මා සුරන්ජිත්ගේ පපුවට තුරුලුව නිදාගත් අතර ඔහු මාව තුරුලුකර ගත්තේය. පෙර දින රාත්රී නිදි මැරූ නිසාත් දහවල් කාලයේ ඇතිවූ මහන්සිය නිසාත් අපිට හොදින් නින්ද ගොස් තිබුනු බව පාන්දරින් ඇහැරුනු මට තේරුනි.සුරන්ජිත්ට තවමත් නින්දගොස් තිබුනි ඔහුට භාධාවක් නොවන සේ සෙමින් ඇදෙන් නැගිට්ට මා නාන කාමරය තුලට ගොස් මුහුන සෝදාගෙන ගවුමක් ඇදගත්තෙමි. යෑමට කිසි තැනක් නොමැති බැවින් ජනෙල් රෙද්ද මෑත් කර මුහුද දෙස බැලුවෙමි.....මේ වනවිට මුහුදට අරුනලු වැටී අමුතු පැහැයක් ගෙනදී තිබුණි. කෑම සොයා ඉගිලෙන මුහුදු ලිහිනියන් අහසේ නාදකරමින් එහෙමෙහෙ ඉගිලෙනු දුටුවෙමි. ඊයේ රාත්රියේ මුහුදු ගොස් තිබුනු ධීවර බෝට්ටු තැනින් තැන ගොඩබිම දෙසට පැමිනෙන අයුරු දැක ගැනීමට ලැබුනි. ඈත මුහුදේ නැවු කිහිපයක් දක්නට ලැබුනු අතර ඒවා ගමන්කරනවාද එසේ නැතහොත් නවතා තැබූ ඒවාදැයි සිතා ගැනීමට නොහැකිවිය. මා මෙසේ සිටින විට සුරන්ජිත්ගේ ජංගම දුරකතනය නාදවන හඩ ඇසුනු මා එය අතට ගෙන ඔහුට කතා කලෙමි....නින්දෙන් නැගිට්ට ඔහු එය අතට ගෙන..... හෙලෝ මම සුරන්ජිත්.... යනුවෙන් පැවසුවේය....ආ අම්මේ....මට දැනුයි අම්මෙ ඇහැරුනෙ...මොකුත් ගැටලුවක් නෑ අම්මෙ.......එයා උදෙන්ම ඇහැරිලා ජැනේලෙ ගාව ඉදගෙන මුහුද දිහා බලාගෙන ඉන්නව......අම්මද මා රහසින් ඇසුවෙමි....ඔව්....ඔහු හිසෙන් කීවේය.....දෙන්නම් අම්මෙ කී ඔහු මා අතට දුරකතනය දුන්නේය....අම්මේ...මා කතා කලෙමි.....කොහොමද දුව....ඇසුවාය......මෙහෙ කිසි කරදරයක් නෑ අම්මෙ හොදින් ඉන්නව....කෑවද....අම්මා ඇසුවාය.....ඊයෙ රෑ කෑව දැන් බෙඩ්ටී එක එයි.....මා කීවෙමි....මම උදෙම ඇහැරිලා කරන්න වැඩකුත් නැති හින්ද මුහුද දිහා බලා ගෙන හිටිය.....මෙතැන හරි ලස්සනයි අම්මෙ.....මා කීවෙමි.....සුරන්ජිත්ට දෙන්නකො දුවේ.....ඇය කීවිට මා ඔහුට නැවත දුරකථනය දුන්නෙමි.....අම්මේ....ඔහු කතා කලේය......ඔහු ඇය පවසන දේවල්වලට සවන් දෙමින්.....අනේ නෑ අම්මෙ....මම එහෙම කරන්නෙ නෑ.....ඔහු කියන්ට විය.....හරි අම්මෙ මම පස්සෙ කතා කරන්නම් පැවසූ ඔහු දුරකතනය විසන්දි කලේය...මොනවද අම්ම කියන්නෙ....මා ඇසුවෙමි......අම්ම කියනව ඔයාව මලක් වගේ බලා ගන්න කියල....ඉතින් මම කිව්ව පෙති කැඩෙයි කියල බයට තවම ඇගටවත් අත තිබ්බෙ නෑ කියල.....ඔහු සිනාසෙමින් කීවේය....අයිය බොරු කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි කිව්වෙ.....මා උරහිස ගස්සමින් අමනාපයෙන් මෙන් කීවෙමි......අම්ම බයවෙලා මම ඔයාගෙ හිත රිදෙන්න කතා කරයි කියල.....එයා කියනව අහිංසක කෙල්ලගෙ හිත රිද්දන්න එපා කියල....මට කියන්න හිතුන හිතනම් රිද්දුවෙ නෑ ඒ වුනාට ඊයෙ රෑ රිදිල කෑගැහුව කියල.....ඔහු සිනාසෙමින් කීවිට ලැජ්ජා හිතුනු මා....අනේ යනව යන්න. මා අසල තිබුනු කොට්ටයෙන් ඔහුට පහර දෙන්ට වුනෙමි.....දැම්ම තමන්ගෙ මිනිහට ගහන්න පටන්ගත්තද....ඔහු එකවරම ඇසුවේය. මා කල දේ වැරැද්ද තේරුනේ එවිටය.....අනේ මට සමාවෙන්න අයියෙ....කොට්ටය විසිකල මා ඔහුට වැඳගෙන කීවෙමි. බියපත්වූ මගේ ගත වෙව්ලන්ට වූ අතර ඇස්වල කදුලු පිරෙන බව තේරුනි.
No comments:
Post a Comment