Sunday, July 22, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 11...........වික්‍රම වැඩට ගිහින් එනකොට ගෙදරට අවශ්‍යය ඒව ගේන හින්ද මට කඩේට යන්න ඕනැකමක් තිබුනෙ නෑ.....ඒත් මිරිස් කුඩු නෑ කියල තෙරුනේ හවස උයන්න ගියාට පස්සෙ....ඒක මගේ වරද.... මම වික්‍රමට අඩුපාඩු තුන්ඩුව ලියල දෙනකොට ඒව ලියල තිබිල නෑ....දැන් මොකද කරන්නෙ....කල්පනාකල මම කඩේට යන්න කලිසම ඇන්ද ඒත් කලිසම තට්ටම් ප්‍රදේශයෙන් ඉහලට ගන්න බෑ ඒ හරිය එච්චරට මහත්වෙලා....මේ ද්වස්ටිකේ කොහේවත් ගියෙ නැති හින්ද ඒක දැනුනෙ නෑ....කලිසන් කිහිපයක් මාරුකරකර ඇදල බැලුව ඒ එකක්වත් හරි නෑ....දැන් මොකද කරන්නෙ.....මේ සරම ඇදගෙන කොහොමද කඩේයන්නෙ...හිතුව මම.....වික්‍රමට දුරකතන ඇමතුමක් ගත්ත.....අනේ වික්‍රම උයන්න මිරිස්කුඩු නෑනෙ.....මම කිව්ව....මම ඔයා ලිව්ව ලිස්ට් එකේ බඩුටික ඔක්කොම ගෙනාව.... ඔහු කිව්ව.....සොරි මචන්...මට ඒක ලියන්න බැරිවෙලානෙ.....මම කිව්ව....හරි හරි මම එනකොට ගේන්නම්....ඔහු කිව්ව. වික්‍රම එනකොට ඒව ගෙනත් තිබුන හින්ද රෑ කෑම පිලියෙල කලා.
                   මම මිරිස් කුඩු නෑ කියල උඹට කියන්නෙ නෑ කඩේට ගිහින් ගේනව මිසක්...... ඒත් මට හරි වැඩේනෙ බන් වුනේ....රෑ කෑම ගන්න අතරතුර වික්‍රමට කිව්ව....ඒ මොකක්ද ඔහු මා දිහා බලල ඇහුව....දැන් මගෙ කලිසන් එකක්වත් අදින්න බෑනෙ ....උකුල මහත්වෙලාද කොහෙද උකුලෙන් උඩට ගන්නම බෑ.....මගෙ කොන්ඩෙත් හොදටම වැවිල බන් කොන්ඩෙත් කපාගන්න ඕනැ...මොකක්ද දැන් මම ඇදගෙන යන්නෙ.....මම ඇහුවම.....කොන්ඩෙ කපන්න?....ඔහු බරකරල ඇහුව.....ඔව් ඇයි.....මම ඇහුව.....යකෝ ගෑනියෙක් වුනාම කොන්ඩෙ කපන්නෙ නෑ.....කොන්ඩෙ වවහන් එතකොටයි ලස්සන.....අනික උබට දැන් පිරිමි ඇදුම් අදින්නත් බෑනෙ බන්.... මම ඇදුම් ටිකක් අරන් දෙන්නම්......ඔහු කිව්ව....උඹ හදන්නෙ ඉක්මනටම මාව කෙල්ලෙක් කරන්නද.....මම අමනාපයෙන් වගේ ඇහුව....දැනටමත් කෙල්ලෙක් වෙලා තියෙන එකේ තව මොනව කරන්නද  බන්.... කිව්ව ඔහු..... ඇදුම් ගන්නනම් උබත් එක්ක තමා යන්න වෙන්නෙ....ඒත් මොකක් ඇදගෙනද යන්නෙ.....ඔහු කල්පනා කලා.....අනේ මචන් මට ගෑනු ඇදුම් අදින්නනම් බෑ....මම කිව්ව....එහෙම කියල හරියන්නෙ නෑනෙ බන් වෙලාවෙ හැටියට ඒක කරන්න වෙනව.....ඔහු කිව්ව.
                     පහුවදා වික්‍රම වැඩ ඇරිල ගෙදර ඇවිත් සීනුව නාදකලා.....මම දොර ඇරිය.....ඔහු සමග තවත් මැදිවියේ ගැහැනු කෙනෙක් ඉන්නව  දැක්ක.....ඇයගෙ කරේ ලොකු බෑක් එකක් එල්ලගෙන හිටිය.....එන්න ඇතුලට.... වික්‍රම ඇයට ගේ ඇතුලට පැමින වාඩිවෙන්න ලෙස පැවසුවා....මම ඇය දිහා පුදුමයෙන් වගේ බැලුව...මන්න මේ නෝනට තමා ඇදුන් ඕනැ.....ඔහු මාව පෙන්වල කිව්ව.....ඇය මා දිහා හොදට බලල බෑක් එක අරින්න වුනා......ඒකෙ තිබුනෙ ගවුන් සාය බ්ලවුස් වගේ කාන්තා ඇදුම් කියල දැකගන්න ලැබුන. ඒව එලියට ගන්න කොට ලැජ්ජ හිතුන මම ඉක්මනට කුස්සිය දිහාට ගියා.....වික්‍රමත් මා පස්සෙන් ආව......මොනවදෙ මේ ගෙනත් තියෙන්නෙ....මට බෑ ඔය ගෑනු ඇදුම් අදින්න.....මම ඔහුට ඇසෙනසේ සෙමින් කිව්ව....දැන් වෙන කරන්න දෙයක් නෑනෙ බන් අකමැත්තෙන් හරි ඕව ඇදහන්......ඔහු කිව්ව.... අනේ මට බෑ බන් ....මට ඕව ඇදගෙන ඉදල පුරුදුත් නෑ.....මම ඔහුට දුක්බරව කිව්ව.......අනේ සුදූ ඔයා ගිහින් මොනව හරි ගන්න.....මට ඒ ගෑනු එක්කෙනාව ආපහු යවන්නත් බෑ නෙ.....ඔහු මට බැගෑපත්වෙමින් කිව්ව......මට වික්‍රමගෙ හිත රිද්දවන්න බැරිකමට ආයෙත් ඇය ගාවට ගියා....බලන්න මැඩම් මේක හොදද කියල.....ඇය ගවුමක් පෙන්වල ඇහුව.....හොදයි ....මම කටට ආවට කිව්ව මිසක් ඒකෙ තියෙන හොදකට නෙවෙයි කිව්වෙ.....ඇදල බලන්න හරිද කියල ......ඇය එය මට දීල කිව්ව .....මම ඒක අතට අරගෙන මොනව කරන්නද කියල කල්පනා කරන්න වුනා......මා දිහා බැලුව වික්‍රම මගේ අතින් ඇදගෙන කාමරේ ඇතුලට ගියා.....මේ ඔය සර්ට් එක ගලවල ඕක ඇදල බලනව...ඔහු කිව්ව..මට තේරෙන්නෙ නෑ බන්.....මම ගවුම එහෙට මෙහෙට හරවමින් කිව්ව.....මේ බැනියම් අදිනව වගේ තමයි මේක අදින්නෙ....වෙන රටාවක් නෑ.....ඔහු කිව්වම මම කමිසය ගලවන්න බොත්තම් අරින ගමන් ඔහු දිහා ලැජ්ජා සහගතව බැලුවේ මගේ විශාල වී ඇති පියයුරු ඔහුට පෙනෙන නිසාය.....මගේ සිතැඟි දැනගත් ඔහු කාමරයෙන් පිටවිය. කමිසය ගැලවූ මා ගවුම හිසෙන් පහලට ගෙන අත් දෙකද දමා පහලට අදින්නවුනා......තරමක් ඇගට තදවුනත් ගැටලුවක් නැතිබව තේරුනා.....ජීවිතයේ පලමු වරට කාන්තා ඇදුමක් ඇන්දේ අදබව මගේ රුව කන්නාඩිය තුලින් බලන ගමන් හිතුවා...හරිද... වික්‍රම දොරගාව ඉදන් ඇහුව....මම ඒක ඇදගෙන ඔහු ගාවට ගියා.....ඔය තියෙන්නෙ අපූරුවට....ඔහු ගවුම දිහා බලල සිනාසෙමින් කිව්ව.....මම ඒක ඇදගෙන කාන්තාව ගාවට යනකොට මැඩම් ඕක ඇදල තියෙන්නෙ ඉස්සරහ පස්සටනෙ......හරිගස්ස ගන්න.....ඇය කියන කොට මම ආපහු කාමරේට ගියා....හරි සවුත්තුවනෙ වික්‍රම වත් ඒක දැක්කෙ නැද්ද.....මම ගවුම ගලවන ගමන් හිතුවා.... වික්‍රම කොහොම දන්නවද වික්‍රමත් මම වගේ ගවුන් ඇදල තියෙනඑකක්යෑ......සිතුව මම ගවුම අනිත් පැත්ත හරවල ඇදගෙන ආපහුගියා....ඕකනම් හරි වගේ නෙද කිව්ව ඇය තවත් සාය බ්ලවුස් කීපයක් දීල ඒවත් ඇදල බලන්න කිව්ව....

No comments: