Wednesday, July 4, 2018

ආත් අම්මාගේ පාඩම 179..............මංගල දිනය උදාවිය. මාව මනමාලියක් ලෙස ඇන්දීමට අක්කාව ඇන්දවූ ඇන්ටී සමඟ තවත් අක්කලා දෙදෙනෙක් පැමින සිටි බව දක්නට ලැබුණි. මාව ගැහැණු ලමයෙකු ලෙස වෙනස්වූ පසු මගේ ලොකුම සිහිනයක් වී තිබුනු උඩරට මනාලියක් ලෙස හැඩගැසීමේ බලා පොරොත්තුව සැබෑවක් වී ඉටුවන දිනය අද විය. ඇන්ටී මාව මල් වැඩ දමා ලස්සන කර තිබුනු සාරිය අන්දමින් හැඩකරන්ට වූවාය.....කොන්ඩා මෝස්තරයකට අනුව මගේ කොන්ඩය සැකසූ පසු පුංචි අම්මා නැකත අනුව මගේ හිසට තැල්ල පැලැන්දුවාය.මාල හත සහ අත් වලට ඇගිලි වලට නොයෙක් වර්ගයේ ආභරන පලදවන්ට වූවාය.....ක්‍රමක් ක්‍රමයෙන් මාව සුන්දර මනාලියක් වනබව කැඩපත තුලින් දැකගැනීමට  හැකිවිය. ඔයාගෙ මුහුනට ඒ තරම් මේකප් කරන්න දෙයක් නෑ ඔයාගෙ මුහුන හොදට පැහැපත්.....ඇන්ටී මගෙ මුහුන හැඩකරන අතරතුර පැවසුවාය.....උදෑසන පහ මාර පමන වනවිට ඇය මාව අන්දා අවසන් කලාය.....මේ අතර අනිත් අක්කලා මගේ යෙහෙලියන් තිදෙනාවද අන්දා අවසන්කර තිබුනු අතර....මල් කුමාරියන් තිදෙනාව හැඩගස්වමින් සිටියාය......උදෑසන හයහ මාරවනවිට අපිට නිවසින් පිටවීමට නියමිතව තිබුනි. මනාලයාගේ යහලුවෙක් විසින් මා වෙත පිලිගැන්වූ මල් කලබ අත තබාගෙන. තරුනියකගේ ලස්සනම සිහිනය වන මනාලියක් ලෙස නිවසින් පිටත්වීමට සූදානම් වුනෙමි.....අක්කේ අක්කේ...... කියමින් මට කතාකල පුංචි අම්මාගේ සුදු නංගී......මගේ කනට කර......අක්ක අදනම් දිවිය ලෝකෙ ඉදන් ආව දිවිය කුමාරියක් මයි......රහසින් මෙන් කීවාය.....නන්ගිත් අද සුරංගනාවියෙක් වගේ ලස්සනයි......මා ඇයට කීවෙමි.....එයට සතුටින් සිනාසුනු ඇය මා පිටුපසට ගියාය.
                       මංගල වාහනය නිවස ඉදිරි පිට නවතා තිබුනු අතර පුංචි අම්මා සහ නැන්දා මාව වාහනයට නංවා ඔවුන්ද වාහනයේ වාඩිවිය. මීලගට අපි ගියේ චායාරූප ගන්නා ස්තානයටය. අපේ චායාරුප ගැනීම බාරදී තිබුනේ නමගිය ප්‍රසිද්ද පුද්ගලයෙකුටය. අපි එම ස්ථානයට යනවිට නිලමේ ඇදුමින් සැරසී සිටි සුරන්ජිත්  ඔහුගේ යහලුවන් තිදෙනා සහ කුඩා මල්ලිලා තිදෙනා සමග පැමින සිටිබව දක්නට ලැබුනි.....අපිව නොයෙක් ආකාරයට තබමින් චායාරූප ගතකරන්ට විය.....ඔව්න් වැඩිපුරම කැමරාව යොමුකලේ මා දෙසටය. එයට හේතුව මගේ සුන්දරත්වය කැමරාව තුලින් මතුකර ගැනීමට බව තේරුනි. ඔවුන් මගේ මුහුනේ හැගීම් එක් එක් ආකාරයට කැමරාවට ගන්ට විය. මගේ සෑම බැල්මක්ම ඉතාමත්ම සුන්දර බව මාව ගැහැනු ලමයෙකු බවට පත්වුනු දින සිටම මා තේරුම් ගත් දෙයක් විය. මට එදා තිබුනු පිරිමි ජීවිතය අතහැර දමා දිගටම චතුරිකා වීමට කැමත්ත ඇතිවූවේ මෙම සුන්දර රූප විලාසය බව මට මතක්විය..... එදා මාව එතරම් ලස්සනනම් අද මා මනාලියක් වූපසු කෙතරම් ලස්සන වී ඇද්ද....සිතුනු මට මාගෙනම සතුටක් ඇතිවිය.
                  චායාරූප ගතකර අවසන්වූ පසු අප කෙලින්ම හෝටලය බලා පිටත්වුනෙමු. හෝටලවෙත ගිය අපි කෙලින්ම උත්සව ශාලාව තුලට ගියෙමු. මේ වනවිට මගේ නෑදෑයන් සහ යහලු යෙහෙලියන් මේ වනවිට පැමින සිටින බව දක්නට ලැබුනි. අපේ විවාහ ලියා පදින්චියද යොදාගෙන අද දම යොදාගෙන තිබුනු බැවින් අත්සන් කරන මේසය එයට සුදුසු ලෙස සරසා තිබුනුබව දක්නට ලැබුනි......එම මේසය අසල ආසනයක් මත මා වාඩිවී මනාලයා පැමිනෙන තෙක් බලා සිටියෙමි. විවාහ ලියාපදිංචි කිරීම සඳහා පැමිනි රෙජිස්ටාර්තුමා මේ වනවිට පුටුවේ වාඩිවී සිටියේය.
                     ටික වෙලාවක් ගතවිය මනාලයා පැමිණි බව ගැටබෙර නාදයෙන් දැනගැනීමට ලැබුනි. උඩරට නැටුම් සහ ළමා සාරිවලින් සැරසී සිටි ගැහැණු ලමුන් ගායනා කල පිලිගැනීමේ ගීතයට අනතුරුව මනාලයාගේ පාර්සවය ශාලාව තුලට පැමිනෙන්ට වූයේය. ඔවුන් පිලිගනු ලැබුවේ මගේ නැන්දා සහ පුංචි අම්මා විසිනි......ඇතුලට පැමිනි අම්මා සහ අක්කා මා අසලට පැමින......මගෙ දුව අද පුදුම ලස්සනයි.....නංගි කොහොමත් ලස්සනයිනෙ අම්මෙ...අද ගොඩාක් ලස්සනයි.....අක්කා සිනාසෙමින් කීවාය.....ටික වෙලාවකින් අපි රෙජිස්ටාර්තුමා අසල මේසය අසල පුටුවල වාඩිවී විවාහ ලියාපදිංචියට සූදානම් වුනෙමු. සාක්සි සදහා දෙදෙනෙක් වාඩිවිය......රෙජිස්ටර්වරයා විශාල පොතක් දිගහැර එය පරීක්ෂාකර අපිට නැගිටින්ට කියා......අපෙන් විවාහය සදහා දිවුරුම් ගන්ට විය.......ඉන් අනතුරුව අපි අත්සන් තැබූ සාක්සිද අත්සන් තබනු දුටුවෙමු.
                      ඉන්  පසු තිබුනේ පෝරුවේ චාරිත්‍රය විය. එය ඉටුකිරීමට වයස හැටක පමන වන පුද්ගලයෙක් පෝරුව අසල සිටියේය. ඔහු අශ්ඨක  කීම ආරම්භ කල පසු නැකතට මාව පෝරුවට නැංවූවේ මගේ මාමා වන සුරේශ් මාමා විසිනි. මේ වනවිට මා දුටු සියලුම සිහින සැබෑවෙමින් පවතින බව කල්පනා වනවිට සිතට සතුටක් ඇතිවිය.
                       පෝරුවේ චාරිත්‍රයෙන් පසු කේක් කපා අපි දෙදෙනා කවා ගත්තෙමු....මෙච්චර කල් ඔයාට හොරෙන් හොරෙන් කැවුවෙ...... අද ඔක්කොම ඉස්සරහ කවනව....... සුරන්ජිත් මට පමනක් ඇසෙන සේ සෙමින් පැවසුවේය. දහවල් ආහාරයෙන් පසු මා අසලට පැමිනි නයෝමි අක්කා.....අද රෑ ගැන හිතෙන කොට නංගිට බය හිතෙන්නෙ නැද්ද.....සෙමින් ඇසුවාය.....බයත් හිතෙනව අක්කෙ රිදෙනවලු නේද.....මා ඇසුවෙමි....කන්‍යා පටලෙ කැඩෙන කොට සමහරුන්ට රිදෙනව තමයි.....ඒත් නංගි ඒක ගැන කල්පනා නොකර එන්ජෝයි කරන්න......හොදට තෙත් වුනාට පස්සෙ සුරන්ජිත්ට කියන්න.....එතකොට රිදෙන්නෙ නෑ.....මට මේටික නංගිට කියන්න අමතක වුනා ....දැනුයි මතක් වුනේ.....ඇය පැවසුවාය....ඇය වෛද්‍යවරියක් බැවින් මෙලෙස උපදෙස් දුන්නද ....අනිකුත් අය මෙලෙස උපදෙසක් දේවිදැයි මට ගැටලුවක් ඇතිවිය.  .
Transgender body swap ගේ ඡායාරූපය

No comments: