වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 22.............අප දෙදෙනා එකම නිවසක ජීවත්වූවද නිදාගන්නේ කාමර දෙකක නිසා අද ඇතිවුනු ගැටලුව වෙනත් දිනවල ඇති නොවන බව තේරුම් ගත්තේ දැන්ය. එකම කාමරයක් ගැනීමට වික්‍රමට පැවසීම මා කරගත්තේ බරපතල වැරද්දක් බව මට වැටහුනි. දැන් එම වරද නිවැරදි කිරීමටත් නොහැක. මා වැනි රූමත් තරුණියක් සමඟ පිරිමියෙකුට....එක ඇදේ සන්සුන්ව නිදාගත් හැකිනම් ඔහුට යම්කිසි රෝගයක් තිබිය යුතුය. එසේ නොමැතිනම් ඔහු අනාගාමී ඵලයවත් ලබා සිටියයුතුය. වික්‍රමට ඒ දෙකම නොමැත....දැන් මොකද කරන්නෙ.....මා කල්පනා කරන්ට වුනා.
දැන් මොකද වික්‍රම කරන්නෙ....මම ඇහුව....කමක් නෑ වසන්ති මම කොහොමහරි ඉන්නම් ඔයා බයවෙන්න එපා....ඔහු කිව්ව.....මේකෙ ඇතුලෙ ඉන්නකොටනෙ ප්‍රශ්නෙ අපි එලියට වෙලා ඉම්මු....ඔහුගේ එම යෝජනාව පිලිගත් මා හොද ඇදුමක් ඇදගෙන ඔහු සමග මුහුදු වෙරලේ තිබුනු හෝටලයට අයිති හට් එකකට ගියා....අපි එතැන ඉර බසිනකම්ම හිටිය.
රාත්‍රී ආහාරයෙන් පස්සෙ අපි ආයෙත් කාමරේ තුලට ගිය මට තේරුනා දවල් ආව ගැටලුව ආයෙත් එනව කියල..ඒත් වෙන විසදුමක් තිබුනෙ නෑ....වික්‍රම බැනියමක් සහ කොට කලිසමක් ඇඳගෙන ඇදේ ඇලවුනා....මම රාත්‍රී ගවුම ඇදගෙන අනිත් පැත්තෙන් ඇලවුනා... අපි උදේ ඇහැරුනාට පස්සෙ වික්‍රම ගේ ඉවසීම ගැන පුදුම හිතුන....අනේ වික්‍රම අර බෙහෙත ඉක්මනට හොයාගන්න එතකොට අපිට මෙහෙම දුක් විදින්න ඕනැ වෙන්නෙ නෑනෙ...සවස අපි ගෙදර ගියාට පස්සෙ මම කිව්ව.....මම මේ නිතරම කල්පනා කරන්නෙ ඒක ගැනම තමයි වසන්ති....ඔහු කිව්ව.
අපි හික්කඩුවෙ ගිහින් දවස් දෙකකට විතර පස්සෙ....මට අසනීප උනා වික්‍රම කිව්වෙ මේක වෛරස් උනයක් කියල.මාව පරීක්ෂා කරල බෙහෙත් දුන්න ඔහු ඇදට වෙලා විවේක ගන්න කිව්ව. පහුවදා උදේ ඇහැරෙන කොට ඇඟට පනනෑ වගේ තේරුනත් උයන්න කුස්සියට ගියා. උදෙන් නැගිටල හිටිය වික්‍රම.....මොකද ඔය කරන්නෙ....මම කිව්ව නේද ඇදට වෙලා ඉන්න කියල...ඔහු සැරෙන් වගේ කිව්ව.....මොනව හරි හදන්න ඕනැනෙ වික්‍රම.....ඔයාට වැඩට ගෙනියන්නත් ඕනැනෙ....මම කිව්ව.....මම අද වැඩට යන්නෙ නෑ.....මම මොනව හරි කඩෙන් ගේන්නම් ඔය ගිහින් නිදාගන්න.....ඔහු කියන්න වුනා....ඇයි වික්‍රම වැඩට යන්නෙ නැත්තෙ මට දැන් බේත් තියෙනවනෙ බේත් ටික බීල ඉන්නම්.....මම කිව්ව......ඔයා දැන් කෙල්ලෙක් කෙල්ලෙක් උනාම මලක් වගේ බලා ගන්න ඕනැ.....මේ ඔක්කොම උනේ මම හින්ද වසන්ති....ඔයාව ඉස්සර හිටිය තත්වෙට පත්කරනකන් මම ඒ වගකීම බාරගන්නව ....ඔහු කනගාටුවෙන් වගේ කියන්න උනා.
මගේ අසනීප තත්තවය නිසා ඔහු දවස් දෙකක් වැඩට ගියෙ නෑ..මම ඔහුට වැඩට යන්න බල කලත් ඔහු කිව්වෙ මාව තනියම දාල යන්න බෑ කියල......වික්‍රම කිව්ව වගේම ඒ දවස් දෙකේ මාව මලක් වගේ බලා ගත්ත කියල තේරුනා....මම ඇදේ ඉන්න කොට ඔහු වරින් වර ඇවිත් මගෙ දුක සැප බලන්න ගත්ත......මම අමරුවෙන් කෙදිරිගානකොට එයා මගේ හිස අතගාමින් මාව සනසන්ට වුනා.....මේ දවස් දෙක තුල මගේ සිත තුල වික්‍රම කෙරෙහි පුදුමාකාර ආදරයක් ඇතිවුනා...එය මගේ හොදම යහලුවා වසයෙන් ඇතිවූ ආදරයක් ද එසේ නැතහොත් ඊටත් එහා ගිය ආදරයක් ද යන්න මට හිතා ගැනීමට නොහැකිවුනා...මගේ අසනීපය හොදවුනාට පස්සෙ එයා ආපහු වැඩට ගියා......
මට සනීපවෙලා දවස් කිහිපයක් ගියාට පස්සෙ උදේ දහයට විතර ගෙදර සීනුව නාදවුනා.....කවුද මේවෙලාවෙ....මම බයෙන් වගේ ගිහින් ජනේලයෙන් බැලුව......වයස පනහක් විතර පිරිමි කෙනෙක් එක්ක වයස තිහක විතර ගැහැනු කෙනෙක් ඇවිත් ඇති බව දුටු මම ජනේලෙ ඇරල ඇයි කියල ඇහුව.......අපේ වික්‍රම සර් ඉන්නවද....පිරිමි එක්කෙනා ඇහුව....වැඩට ගිහින්.....මම කිව්ව......වික්‍රම සර් කිව්ව ගෙදර වැඩට කෙනෙක් හොයල දෙන්න කියල.....අද එක්ක ආව.....ඔහු කිව්ව.....මට එහෙම දෙයක් කිව්වෙ නෑනෙ..... මම කිව්ව.....සර් ට කෝල් එකක් දාල කියන්න මැඩම්....ඔහු කිව්ව හින්ද මම වික්‍රමට දුරකතන ඇමතුමක් ගත්ත.....ඇයි වසන්ති....ඔහු ඇහුව. ....කවුද පිරිමි කෙනෙක් අවිත් ඉන්නව වැඩට ගැනු කෙනෙක් එක්ක එන්න කිව්ව කියල....ඔයා එහෙම කිව්වද....මම ඇහුව.....ඔව් ඔව්....ඒ මනුස්සය ට පෝන් එක දෙන්න....ඔහු කිව්ව.....මම දොර ඇරල ඔහුට කතා කරල දුරකතනය ඔහුට දුන්න......එක්ක ආව සර්....ඔහු කියනව ඇහුන......මගෙ නංගි කෙනෙක් වෙනව සර්....ඔහු කිව්ව....ටිකක් වෙලා වික්‍රම එක්ක කතා කල ඔහු.....මැඩම්ට කතාකරන්න කිව්ව.....ඔහු මෙගේ අතට දුර කතනය දීල කිව්ව....වසන්ති.....ඔය මනිස්සය මගේ ගාව වැඩ කරන කෙනෙක්.....එයා එක්ක ආව ගෑනු කෙනා හොද්ද කියල බලල තියා ගන්න.......මම හවස ආවට පස්සෙ කතා කරන්නම්කො.....ඔහු කිව්ව......මම ගෑනු කෙනාට ගේ ඇතුලට කතාකලා....එයාගෙ කරේ බෑක් එකක් තිබුන අතර ඒකෙ ඇදුම් වෙන්න ඇති කියල මට හිතුන....වසන්ති....ඒ ගෑනු එක්කෙනාගෙන් අහල බලන්න ගෙදර වැඩ මොනවද පුලුවන් කියල.....ඔයාට හොදයි කියල හිතෙනවනම් තියාගන්න....ඔහු කිව්ව.....දුර කතනය තිබ්බ මම ඇයගෙන් ගෙදර වැඩ ගැන ප්රස්නකරන විට වැරද්දක් තිබුනෙ නැති හින්ද ඇයට ඉන්න කිව්ව....ඊට පස්සෙ ඇයව එක්කගෙන ආව පිරිමි එක්කෙනා ආපහුගියා.....මම ඇයව කුස්සිය දිහාට එක්ක ගිහින් වික්‍රම කිව්ව විදියට කුස්සිය ගාව තිබුනු කාමරේ ඇයට දුන්න....
No comments:
Post a Comment