Tuesday, July 3, 2018

ආත් අම්මාගේ පාඩම 175.............අයියාගේ විවාහයෙන් පසු මට තවත් අක්කා කෙනෙක් ලැබීම ගැන සතුටට පත්වුනෙමි. ඔවුන් පදිංචියට  පැමිණියේ අලුතින් සාදන ලද නිවසටය. එය අපේ නිවසට නොදුරින් පිහිටා තිබුනු බැවින් අපිට පයින්ම එම ස්ථානයට යෑම ඒමට හැකිවිය.මේ නිසා මට නයෝමි අක්කාව නිතර ඇසුරුකිරීමට ලැබුණි. ඇයගේ අපේක්‍ෂාව වූවේ හැකිතරම් ඉක්මනින් මාවද මේ පවුලට සම්භන්දකර ගැනීමටය.සති කිහිපයකින් මගේ ප්‍රායෝගික පුහුණුව සුරන්ජිත් වැඩකරන ස්ථානයටම යෑමට හැකිවීම නිසා එය මට විශාල පහසුවක් විය. උදෙන් සුරන්ජිත් සමගම පිටත්වන මා සවස ඔහුගේ වාහනයේම ගෙදරට පැමිනීමට හැකිවිය. සමහර දිනවල ඔහුට රෑවෙනතෙක් වැඩකිරීමට සිදුවූවත් මා ඔහු එනතෙක් කාර්යාලයේ රැදී සිටීම හෝ ඔහු සමග වැඩකිරීමට ගියෙමි.
              එදා නිවාඩු දිනයක් බැවින් තාත්තාත් අම්මාත් සුරන්ජිත් සමඟ මා නිවස තුල සිටියෙමි. වෑන් රථයක් නිවස ඉදිරිපිට නවතනු දුටු සුරන්ජිත් දොර ඇරිය අතර මා ඔහු අසලට ගියෙමි.පීතර මාමා සමඟ ඔහුගේ වයසට සමාන පිරිමි කෙනෙක් සහ ගැහැනු කෙනෙක් වාහනයෙන් බසිනු දුටුවෙමි...ගැහැනු කෙනා ඔසරියකින් සැරසී සිටි අතර....පිරිමි කෙනා සුදු පැහැති ජාතික ඇදුමෙන් සැරසී සිටිබව දක්නට ලැබුනි.....කවුරු හරි මන්ත්‍රී කෙනෙක්ද මන්ද...සුරන්ජිත් සෙමින් කියනු ඇසුනි......කවුද දුවේ....අම්මා ගේ ඇතුලේ සිට ඇසුවාය.....දන්නෙ නෑ අම්මෙ....පීතර මාම එක්ක කවුද ඇවිල්ල..... මා පිලිතුරු දුන්නෙමි.ඔහු සමග පැමිනි කාන්තාවට ආත් අමාගේ හැඩහුරුකම තිබුනි.එහෙත් ඇයව කවදාවත් දැක තිබුනු බවක් මතක තිබුනේ නැත.....මේ ඉන්නෙ නෝනා... අපේ මැරුන ලොකු මහත්තයගෙ දුව චතුරිකා නෝන....පීතර මාමා ඇයට මාව හදුන්වා දෙමින් පැවසුවේය.....අනේ... දුව දැන් ලොකු ලමිස්සියෙක්නේ..... සතුටින් සිනාසෙමින් මා අසලට පැමින පැවසූ ඇය....දුවට මාව අදුනන්න බැරුව ඇති....මම දුවගෙ නැන්ද....ඔයාගෙ නැතිවුන තාත්තගෙ නංගි .....මා ඇය දෙස පුදුමයෙන් මෙන් බැලුවේ ඇයව කිසිම දිනක දැක නොමැති නිසාය.....එන්නකො නැන්දෙ ඇතුලට ඇවිත් වාඩිවෙලා කතාකරමු........පැවසූ සුරන්ජිත් ඔවුන්ට ඇතුලට පැමිනෙන ලෙස ආරාධනා කලේය....දුවගෙ ආත් අම්ම නැති වුනාලු නේද....ඇසූ ඇය මගෙ අම්ම නැතිවුනා කියල යන්තම් හරි දනගත්තනම් මම එනව....මේ ඊයෙ පෙරේද තමා ආරන්චි වුනේ....එතකොට මට ඔයාව මතක් වුනා.....මට හිතුන ඔයාව බලල එන්න ඕනැ කියල....අපි මේ අද උදේ කොත්මලේ ඉදල ආවෙ.....ඔයලගෙ ගෙදරට ආවහම මේ පීතර අයිය තමා කිව්වෙ ඔයා ඉන්නෙ මහෙ කියල.....ඇය මෙසේ පවසන විට.....තාත්තා සහ අම්මා අපි අසලට පැමින වාඩිවිය...කාත් කවුරුවත් නැතුව හිටිය මේ දුවව බලාගත්ත එක.....නෝනයි මහත්තයයි ලොකු උදව්වක් තමයි කරල තියෙන්නෙ......මේ පීතර අයිය ඔක්කොම විස්තර කිව්ව..... ඇය අම්මා සහ තාත්තා දෙස බලා පැවසුවාය.
             ඇයි ඔයාල මෙච්චර දවසක් අම්මව බලන්න ආවෙ නැත්තෙ.....තාත්තා ඇසුවේය. මම එයාව බලන්න එනවට අම්ම කැමති වුනේ නෑ..ඩොක්ට....එයාට විරුද්ධව කසාදෙ කරගත්ත කියල එයා මාව බලන්නවත් කැමති වුනේ නෑ. මම එයාව බලන්න ආව හැමවෙලාවෙම මට හොදටම බැනල පන්නගත්ත.....අයිය ඉන්න කොටනම් මම අම්මට හොරෙන් හරි ආව ගියා.....ඒත් අයියයි අක්කයි හදිස්සියෙ නැති උනාට පස්සෙ ආවෙ නෑ.....ඇය දුක්බරව විස්තර කියන්ට වූවාය....මෙයාගෙ ආත් අම්ම මැරුනු වෙලාවෙ අපි චතුරිකා දුවගෙන් ඇහුව නෑදෑයො ඉන්නවනම් පනිවිඩ අරින්න කියල.....දුවත් කිව්ව.... කොත්මලේ නෑ දෑයො ඉන්නව ඒත් කොහේ ඉන්නවද කියල දන්නෙ නෑ කියල....අම්මා කීවාය.....එහෙතමයි නෝන මේ දුවගෙ නෑදෑයො ඉන්නෙ....අපේ අම්ම නෑදෑයො ආස්සරේ කලේ නෑනෙ.....අපේ අම්මත් කිවුවොත් කිව්ව නෝන...ඇය කනගාටුවෙන් මෙන් කීවේය.  මේ දුවට නෑදෑයො ඉන්නව කියල දැනගත්ත එකත් ලොකු දෙයක්.....ඇගේ කතාව අසාසිටි තාත්තා පැවසුවේය.....  
                 ඉන් අනතුරුව මා සමග කතාකල නැන්දා....මගෙන් පැරනි විස්තර අසන්ට වූවාය.....ආත් අම්මා මාව ගැහැණු ලමයෙකු බවට පත්කල කතාව හැර අනිකුත් දේවල් ඇයට පැවසුවෙමි. මේ අම්මටයි තාත්තටයි පින්දෙන්න දුවේ මෙයාල ඔයාව පරිස්සම් කරල බලාගත්තට.....මගේ කතාව අසාසිටි ඇය කීවාය.....දුව දන්නෙ නැතිවුනාට මේ මාම එහෙලොකු බිස්නස් කාරයෙන් සුරේශ් මුදලාලි කිව්වම ඕනැ කෙනෙක් දන්නව....ඔහුගේ කරේ තිබුනු මහත රත්තරං  චේන් පොට සහ අතවල තිබුනු මැනික් ඔබ්බවා තිබුනු මහත මුදුවලින් ඔහු මුදලාලි කෙනෙක් ලෙස පෙනෙන්ට තිබුනි....ඔයාට මතකද දන්නෙ නෑ අයියල දෙන්න...... ඒ දෙන්නත් එහෙ බිස්නස් කරන්නෙ.....දෙන්නටම තොග බඩු කඩ තියෙනව.....දුව වෙලාවක එන්න ඒ පැත්තෙ....ඇය මගෙන් ඉල්ලා සිටියාය.....මා සුරන්ජිත් දෙස බැලුවෙමි...ඔයාල දෙන්න බැදලද.....ඇය ඇසුවාය.....තාම නෑ නැන්දෙ අපි බදින්න ඉන්නෙ.....මා කීවෙමි.
                    මේ චතුරිකා දුවගෙ නැන්ද හම්බවුන එක ලොකු දෙයක්. අපිට මේ දුවගැන කතා කරගන්න දුවගෙ පැත්තෙ කෙනෙක් නැතුව හිටියෙ.....දැන් ඒක හරි....මේ ඉන්නෙ අපේ පුතා සුරන්ජිත්..... ටෙලිකොම් එකේ ඉංගිනියර් කෙනෙක්.....අපේ අදහසක් තියෙනව මේ දෙන්නව කසාද බන්දල මෙහෙ නවත්ත ගන්න....තාත්තා කීවේය.....ඒකනම් ලොකු දෙයක් ඩොක්ටර්.... අපිත් ඕනැ උදවුවක් කරන්නම්.....ඇය සතුටින් පැවසුවාය. මේ දුවට නැදෑයෙක් නැතුව හිටියෙ.....නෑදැයො ටික හදුන්වල දීල උත්සවේට සහභාගී කරගත්තොත් ලොකු දෙයක්.....තාත්තා පැවසුවේය.
                   ඔවුන් පිටවිමට සූදානම් වනවිට මෙහෙ ඉදල හෙට උදේ යන්න....අපි දැන් පිට අය නෙවෙයිනෙ....අම්මා කීවාය.....අනේ බෑ නෝන අපේ මහත්තයගෙ බිස්නස් වැඩ තියෙනවනෙ.... එක පාරට නවතින්න බෑනෙ....අපි වෙලාවක එන්නම්කො....කී ඇය මාව තුරුලු කරගෙන සිප ගත්තාය.....මා ඔවුන්ගේ දෙපා නමැද ඔවුන්ට සමුදුන් අතර සුරන්ජිත්ද ඔවුන්ගේ දෙපා වදිනු දුටුවෙමි....

No comments: