Tuesday, July 31, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 28.......................මේ ඒකට කමක් නෑ මාව කොහොමහරි හිටපු තත්වෙට පත්කරන්න ඕනැ.....මම ඔහුට එසේ කීවේ මාගැන වැරදි අදහසක් ගෙන බෙහෙත හොයාගන්න එක නවත්තයිද කියල සැකයෙන්. ඒකට බයවෙන්න එපා මම ඒක කොහොමහරි කරල දෙන්නම් ඔහු කිව්ව......අපි ගෙදර ආවට පස්සෙ මාදිහා බලසිටිය චිත්‍රා .....මැඩම් අද හරිම ලස්සනයි.....කිව්ව....ඇය දිහා බලල සිනසුනු මම මැටිල්ඩා දුන්න කෑම පාර්සලේ ඇයට දුන්න.
               දවස් කිහිපයකට පස්සෙ දවල් කෑම කාල රූපවාහිණිය බලමින් ඉන්නකොට ගෙදර සීනුව නාදවුනා....මම ජනේලයෙන් කවුද කියල බැලුවම ශ්‍රීයානි තවත් ඒවයසෙම ගැහැනු කෙනෙක් එක්ක ඇවිත් ඉන්නව කියල දැක්ක. එම තැනැත්තියද එදා උත්සවයට පැමිනි තැනැත්තියක් කියල මතක්වුනා....මම දොර ඇරල ඔවුන්ට ගෙට එන්න කතාකලාම ඔව්න් දෙදෙනා එදාවගේ මාව බදාගෙන මුහුන සිපගත්ත....එදාට පස්සෙ අපිට හම්බවෙන්න බැරිවුනානෙ වසන්ති .....අපි මේ ආවෙ ඔයාව බලල යන්න....ශ්‍රියානි කිව්ව.....අපි එනගමන් මිසිස් මැටිල්ඩටත් කතා කලා....එයාට වැඩක් තියෙනව කියල පස්සෙ එන්නම් කිව්ව....ඇය තවදුරටත් කිව්ව.....ඔයා දවල්ට මොකද කරන්නෙ.....අනෙක් තැනැත්තිය ඇහුව....විශේස වැඩක් නෑ අනේ... ටීවී එක බලනව....හවසට මල් පැලවලට සාත්තු කරනව.....මම කිව්ව.....ඒකනෙ කරන්න වැඩ නැති වුනාම හරි කම්මැලියි නේද....ශ්‍රියානි ඇහුව.....දැන් බලන කොට අපි තුන් හතර දෙනා විතරයි මේ ලේන් එකේ ගෑණු අයගෙන් වැඩකට යන්නෙ නැතුව ඉන්නෙ...නේද මාලි.....ඇය අනිත් තැත්තියගෙන් ඇහුව.....මැටිල්ඩත් දවල්ට ඇදුම් මහනවනෙ....කිව්ව ශ්‍රියානී ....එයාට ඒව කරන්න ඕනැ නෑ අනේ.... හොදට සල්ලි තියෙනව.....ඒත් නිකන් ඉන්න කම්මැලියි කියලනෙ ඔය ඇදුම් මහන්නෙ.....මාලි...කිව්ව.....එයා මොනවද මහන්නෙ.....මම ඇහුව....ඕනැදෙයක් මහනව....මේ ගවුම මහල දුන්නෙත් එයා....ශ්‍රියානි ඇදගෙන ඉන්න ගවුම පෙන්වලා කිව්ව.....එය ලස්සනට මැසූ ගවුමක් බව පෙනීමෙන් ඇයට හොදට ඇදුම් මහන්න පුලුවන් බව තේරුම් ගියා....මිසිස් මැටිල්ඩට හොඳට මහන්න පුලුවන්නෙ......මම ඇගේ ගවුමේ හැඩ බලමින් කිව්ව.....ඔව් සාරි ජැකට් එහෙමත් මහනව.....ඔයත් එයාට දීල මහගන්න.....ඇය මට කිව්ව.....ඔයා සාරි අදින්නෙ නැද්ද...වසන්ති.....මාලි ඇහුව....මම වැඩිය සාරි අදින්නෙ නැති හින්ද සාරි අදින්න තේරෙන්නෙ නෑ....මම කිව්ව.......ඔයා ගොඩක් හැඩ හින්ද සාරිය ඇන්දම ලස්සනට හිටියි.....ශ්‍රියානි කිව්ව....අනිත් දවසෙ පාටියකට එනකොට සාරියක් ඇදගෙන එන්න ....මාලි කිව්ව.....මම මොකුත් නොකිය සිනාසුනා පමනි.......ඔයා එදා ලස්සනට නැටුවා... අපි දැනගෙන හිටියෙ නෑනෙ ඔයාට ලස්සනට නටන්න පුලුවන් කියල.....මාලි කිව්ව.....ඔව් වික්‍රමත් එහෙම කිව්ව.....මම කිව්ව......ඇයි ඔයා ඔය විදියට නටනව ඩොක්ට මීට ඉස්සර දැකල නැද්ද.....ශ්‍රියානි ඇහුව.....නෑ අනේ ඔයා බලකල හින්දයි නැටුවෙ.....මම කිව්ව.....මමත් ඉස්සර නැටුම් ඉගෙන ගත්තනෙ...ඔයත් නැටුම් කලාද....ඇය ඇහුව.....නෑ අනේ... මම කිව්ව.....ඔයාගෙ ඇගේ හැඩේ බැලුවම ඉගෙන ගත්තොත් ලස්සනට නටන්න පුලුවන්වෙයි....වික්‍රම ඒකට ඉඩදෙන එකක් නෑ.....මම කිව්වම....පිරිමි ඔහොමම තමයි අනේ....ගැහැණු අපේ හැකියාවන් හඳුනගන්නෙ නෑ.....ඇය අමනාපයෙන් වගේ කිව්ව.
                   ටික වෙලාවකින් චිත්‍රා තේ ගෙනාව.....තේ බොන ගමන් අපි තවත් දේවල් ගැන කතා කරමින් හිටිය......ඔවුන් ආපසු යන්න සැරසෙන විට අපි අතරෙ හිතවත්කම තවත් වැඩිවුනා කියල දැනුන. මම ඔවුන්ව බදාගෙන සිපගත්තෙ ඒ හිතවත් කම වැඩිවුනු නිසයි කියල මට හිතුන.....ඔවුන් ගියහම මගේ හිතට පාලුවක් හටගත්ත.....මට හැමදාම ශ්‍රීයානි වගේ යෙහෙලියක් එක්ක කතාකරකර ඉන්න ඇත්නම් කියල හිතුන.
                   අද ශ්‍රියානිල ආවනේ .....සවස වැඩ ඇරිල ආව වික්‍රමට කිව්ව.....ශ්‍රියානි කිව්වෙ......ඔහු ඇහුව.....ඇයි අනේ පාටියෙදි හම්බවුනේ...අර මගේ වයසෙම වගේ හිටිය ලස්සන ගෑනු කෙනා....මම කිව්ව.....රතුපාටට හුරු ගවුමක් ඇදගෙන හිටිය එක්කෙනාද.....ඔහු ඇහුව.....ඔව් එයා තමයි......ඒ කැප්ටන් සරච්චන්ද්‍රයන්ගේ වයිප් නෙ.....ඔහු කිව්ව.....එයාගෙ හස්බන්ඩ් හමුදාවෙ ලොක්කෙක්ද.....මම පුදුමයෙන් ඇහුව.....ඔව් කිව්වෙ නැද්ද....ඔහු ඇහුව.....ඒ වගක්වත් මට හැගෙව්වෙ නෑනෙ.....මම කිව්ව......එතකොට මාලි...මට නිකමට වගේ කියවුනා....ඒකිව්වෙ...ඔහු ඇහුව.....ශ්‍රියානිත් එක්ක තමා එයා ආවෙ..නම මාලි..මම කිව්වම.....නම කිව්වට දන්නෙ නෑ දැක්කොත් දන්නව.....ඔහු කිව්ව.....මම හිතුවෙ නැතිවුනාට මේ ලේන් එකේ ඉන්නෙ ලොකු මිනිස්සුනෙ......මම කල්පනා කලා.....එතකොට මැටිල්ඩගෙ හස්බන්ඩ් මොකද කරන්නෙ.....මම ඇහුව....අපි එනකොට ජයසේකර හාඩ්වෙයාර් කියල තියෙන්නෙ ඒක එයාගෙ....අර ලොකු හාඩ්වෙයාර් එකද...මම පුදුමයෙන් ඇහුව......ඔව්....ඔහු කිව්ව......එයාලට හොදට සල්ලි තියෙනව කියල මාලි කිව්වෙ ඒක තමයි.... මම කල්පනා කලා.....එතකොට මලිගෙ මහත්තය කවුද.....මට ගැටලුවක් ඇතිවුනා..
  Transgender body swap ගේ ඡායාරූපය

No comments: