ආත් අම්මාගේ පාඩම 197...........මෙම ගමන දුර බැවින් සෙනසුරා දින එහියෑමට යොදාගත්තෙමු... තාත්තා සහ අම්මාද අපිසමඟ පැමිණෙන බව පැවසූ නිසා තාත්තාගේ පැජරෝ රථයේ ගමන යෑමට හැකිවිය. එම විහාරස්ථානයේ නවාතැන් ගැනීමට පහසුකම් නොතිබුනු බැවින් අසල නවාතැන් පලක නවාතැන් ගැනිමට සිදුවිය. උත්සවය තිබුනේ පසුදින උදෑසන බැවින් උදෙන් නැගිට්ට අපි ඒසදහා සූදානම් උනෙමු......මා සුදු පැහැති ඔසරියකින් සැරසුනු අතර අම්මාද සුදු ඔසරියක් ඇදගත්තාය...සුරන්ජිත් ජාතික ඇදුමට හුරු ඇදුමක්ද තාත්තා සුදුපහැති කමිසයකින් සහ කලිසමකින් සැරසී සිටියෝය....අපි විහාරස්ථානයට ලගාවනවිට පාර දෙපස බෞද්ධ කොඩිවලින් සරසා තිබුනි.....විහාර භූමිය ගමේ සෙනඟින් පිරී තිබුනු බව දක්නට ලැබුනි.....අපි වාහනයෙන් බිමට බසින විට සුදු ඇදගත් දායක දායිකාවන් කිහිප දෙනෙක් අපිව පිලිගැනීමට ඉදිරියට පැමිනෙන්ට විය..ස්වාමීන් වහන්සේ මුනගැසුනු පසු සුරන්ජිත් අම්මාව සහ තාත්තාව උන්වහසේට හදුන්වා දුන්නේය........විශේසයෙන් තැනූ ස්ථානයකට අපිව රැගෙන ගිය ඔව්න් අපිට තේ පැන් වලින් සංග්‍රහ කරන්ට විය....ශාලාව විවුර්ත කිරීමට නියමිතව තිබුනේ අපි දෙදෙනාටය සුරන්ජිත් එය තාත්තාට සහ අම්මාට පැවරුවේය.....ධර්ම ශාලාව අපි සිතුවාට වඩා හොදින් ගොඩනගා තිබුනු බව දක්නට ලැබුනි....එහි පැමිනි කිහිප දෙනෙක් අපිට පින්දෙන අයුරු අසන්ට ලැබුනි.....විවුර්ත කිරීමේ උත්සවය ආරම්භවිය....හේවිසි සහ පිරිත් හඩ මධ්‍යයයේ තාත්තා සහ අම්මා අතින් ශාලාව විවුර්තවිය.....පලාතේ ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ද මෙම උත්සවයට පැමින සිටින බව දක්නට ලැබුනි.....අපි සැවොම ශාලාවේ වාඩිවූ පසු අපිව පංච සීලයේ පිහිවූ ස්වාමීන් වහන්සේ අනුශාසනාවක් කරන්ට විය.....අපි දැන් අවුරුදු ගානක ඉදන් මේ ධර්ම ශාලාව ගොඩනගන්න උත්සාහ ගත්ත එත් ඒකට අපේ ගමේ දායක දායිකාවන්ට පුලුවන්වුනේ නෑ....මොකද මේ ගමේ ඉන්නෙ ඉතාමත් දුකසේ එදාවේල හම්බකරගෙන ජිවත්වෙන පිරිසක් හින්ද.......ඔහොම ඉන්නකොට කොළඹ පලාතෙ ඉදන් ආව මේ පින්වත් සුරන්ජිත් මහත්තයයි චතුරිකා නෝනයි.....මගෙන් ඇහුව හාමුදුරුවනේ මොකක්ද මේ පන්සල වෙනුවෙන් කරන්න ඕනැ කියල....මම කිව්ව මේ පන්සලේ ගොඩක් අඩුපාඩු තියෙනව ...ඒත් ඒ ඔකොටම ඉස්සෙල මේ ධර්ම ශාලාව හදන්න ඕනැ කියල....මේ කට පුලුවන් උදවුවක් කරන්න කිව්වම මේ පින්වත් දෙපොල මේක ගොඩනගන්න යන සම්පූරන වියදම දරන්න පොරොන්දුවුනා.....මේකට ලක්‍ෂ පහලවක මුදලක් දරල තියෙනව....ඒ මුද ලැබුනු නිසා තමයි අපේ ගමේ දායක මහත්ම මහත්මියන්න්ගේ ශ්‍රම දායකත්වයෙන් මේ ධර්ම ශාලාව මෙච්චර ලස්සනට මෙච්චර ඉක්මනට ගොඩනගන්න පුලුවන්වුනේ....දේශනාව පටන්ගත් උන්වහන්සේ මෙහි වටිනාකම පැහැදිලි කරමින් තවදුරටත් දේශනා කරන්ටවිය..... මේ කරගත් කුසල්...මේ දෙපොලටත් පවුලේ අයටත් නිවන් දකින තුරු කිසිම කරදරයක් නොවේවා කියල ප්රාර්තනා කරනව.....මම හිතන්නෙ මේ දෙන්නට තවම දරුමල්ලො නෑ කියල....පැවසූ උන්වහන්සේ....එහෙම නේද සුරන්ජිත් මහත්තය.....සෙමින් ඇසුවේය.....තාම නෑ හාමුදුරුවනේ.....සුරන්ජිත් කීවේය....මේවගෙ පින්වත් දෙපලකට පින්වත් දූදරුවො හම්බවෙන්න ඕනැ....මේවගේ අම්ම තාත්ත කෙනෙකුගේ කුසේ පිලිසිදගන්න බලාගෙන ඉන්න පින්වත් අය කොහේහරි ඉන්න පුලුවන්.....මම ආරාධනා කරනව ඒවගේ පින්වත් කෙනෙක් ඇවිත් මේ චතුරිකා නෝනගේ කුසේ පිලිසිද ගන්න කියල.....පැවසූ උන්වහන්සේ....ගැමුනු කුමාරයාගේ උප්පත්තිය ගැන දේශනා කරන්ට විය. දහවල් දානයෙන් අනතුරුව උත්සවය නිමාවට පත්වූ අතර අපි නිවස බලා පිටත්වූවෙමු......ඔන්න දුවේ හාමුදුරුවොත් ප්‍රාර්ථනා කලා ඔයාට දරුවෙක් ලැබෙන්න කියල.....අපි පැමිනෙන අතර තුර අම්මා සිනාසෙමින් කීවාය......අපිට දරුවො නොලැබෙන්න අපි මොකක් හරි අකුසලයක් කරල ඇති අම්මෙ.....මා කනගාටුවෙන් යුක්තව කීවෙමි....එහෙම කියන්න එපා දුවේ ඔයාල කොච්චර පින්කරනවද....අද මේ කරපු පිනම ඇතිනෙ.....අම්මා කීවාය....කොච්චර පින්කලත් අම්මේ ගිය ආත්මවල කරපු පවු තිබුනොත් ඒව පඩිසන් දෙනව....සුරන්ජිත් කීවේය.....එහෙම හිතන්න එපා පොඩි පුතේ ඔයාලට දරුවො හම්බවෙනව කියල මට හොදටම විශ්වාසයි.....අම්මා දැඩි බලාපොරොත්තු සහගතව කීවාය.....දරුවො නැති වුනාම ඒ වරද ලේලිලා පිට දාල ආපහු ගෙදර යවන නැන්දම්මල ඉන්න රටේ......මේ අම්මනම් පුදුමාකාර අම්ම කෙනෙක්......කල්පනා කල මා.....අම්මෙ ඔයානම් පුදුම අම්ම කෙනෙක්.....මෙච්චර ගැටලුවක් වෙලත් අම්ම මෙගෙ හිත රිදෙන විදියට තාම කතා කලේ නෑනෙ....වෙන නැන්දම්මල නම් ලේලිත් එක්ක රංඩු අල්ලනව ගෙදර යන්න කියල.....මා පැවසූ විට.....ඒ නැන්දම්මලනෙ දුවේ....මම ඔයාගෙ නැන්දම්ම නෙවෙයිනෙ අම්මනේ.....ඇය මගේ හිස අතගාමින් කීවාය.....ඔයා අහල තියෙනවද චතුරිකා.... බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටිය බන්දුල මල්ලිකාට වෙච්ච දේ.....සුරන්ජිත් කීවාය......නෑ සුරන්ජ්ත්.... කියන්නකො.....මා කීවෙමි....බන්දුල මල්ලිකා කියන්නෙ කොසොල් රජුරුවන්ගෙ මහ සෙනෙවි.... එයාගෙ බිරිද තමා බන්දුල මල්ලිකා......
No comments:
Post a Comment