ආත් අම්මාගේ පාඩම 185............මල් කඩවලින් නෙලුම්මල් ඇතුලු පූජා භාන්ඩ මිලදීගත් අපි මල්පහන් සුවද දුම් අල්ලමින් කිරිවෙහෙර වන්දනා කලෙමු.....කිරිවෙහෙර අසල නිස්කලංක ස්ථානයකට ගිය අපි බිම වාඩුවුනෙමු......මම ගොඩාක් පින් වැඩවලට කැමතියි නංගි ඒත් මෙච්චර කල් මට ඒකට අත දෙන්න කෙනෙක් හිටියෙ නෑ.....මම මේවගෙ දේවල් කරන කොට ගොඩදෙනෙක් කිව්වෙ නිකන් අපරාදෙ සල්ලි නහත්ති කරන්න එපා කියල....ඒත් මම දන්නෙ නෑ ඔයා මොනව කියයිද කියල.....ඔහු පැවසූවිට....අනේ අයියෙ මම එහෙම කෙනෙක් නෙවෙයි ඔයා ඕනැ දෙයක් කරන්න මම සම්පූරන සහයෝගය දෙන්නම්..මා කීවෙමි...මට ඔයා වගේ එක්කෙනෙක් ලැබුන එක ලොකු දෙයක්.....මට දැන් පුලුවන් මම හිතාගෙන ඉන්න ගමන යන්න....ඔහු සතුටින් කියන්ට විය.....අපි මේ ජීවත් වෙලා මැරිල යන ටික කාලෙට කාලබීල ජොලිකරල මැරිල යන එක නෙවෙයි නංගි කරන්න ඕනැ.....ඒවත් කරන්න ඕනැ තමයි..... ඒත් අපි සුගතිය පිණිස මොනව හරි කරන්න ඕනැ.....ඔයා දන්නවද....අපි අද මේ විදියට කාල බීල සතුටින් හිටියට කී දෙනෙක් බඩ ගින්නෙ ඉන්නවද කියල.....අපිට මේ හැමෝටම කරන්න බෑ.... ඒත් අපි පුලුවන් හැටියට සමාජයට වැඩක් කරමු....ඒවගෙම අපේ ආගම වෙනුවෙන් මොනව හරි දෙයක් කරමු.....හාමුදුරුවන්ට දානෙ ටිකක් වත් නොලැබෙන පන්සල් තියෙනව.... අපි ඒවට උදවු කරමු.....ඔයා මාත් එක්ක එකතුවුනොත් අපිට කරන්න බැරි දෙයක් නෑ කෙල්ලෙ....මාත් එන්නම් අයියෙ මම ඔයා කියන කිසිදේකට විරුද්ධ වෙන්නෙ නෑ උපරිම සහයෝගය දෙන්නම්.....මා පැවසුවෙමි....මා එසේ පැවසූ විට ඔහු කිරි වෙහෙර දෙස බලා කල්පනා කරන්ට විය....ටික වෙලාවක් කල්පනා කල ඔහු.....මම කිව්වනෙ නංගි මගේ හිතේ ඇදිච්ච කෙනෙක් හිටිය කියල..... මට හිතෙනව ඒ ඔක්කොම ඔයාගාව තියෙනව කියල....මට හිතාගන වත් බෑ මගේ හිතේ හිටිය ඒ උත්තමාවිය මාගාවට කොහොම ආවද කියල මම හැමදම ප්‍රාර්තනා කලේ ඒවගේ උතුම් භාර්යාවක් මට ලබා දෙන්න කියල.....මම එහෙම හිතුවෙ මා ගැන හිතලම නෙවෙයි මගේ වැඩ පිලිවෙල ගැන හිතාගෙන.....ඔහු පවසන්ට විය.
මා වැනි බිරිදක් ලැබීමට සුරන්ජිත් ප්‍රාර්ථනා කල බව ඔහුගේ කතාවෙන් තේරුනි. නිමල් වැනි නොහොබිනා පිරිමියෙක් ලෙස සිටි මා ඔහු සදහන් කරන පරිදි මෙතරම් උතුම් කාන්තාවක් බවට පත්වී මෙවැනි උතුම් පුද්ගලයෙකුට භාර්යාව බවට පත්වීමට හේතුව කුමක්ද. කාන්තාවක් බවට පත්වීම අකුසලයක් යනුවෙන් කවුරු කෙසේ කීවත් මා ගැහැනියක් බවට පත්වූවේ විශාල පිනක් පලදීමන් යයි මට සිතුනි....උත්තම කාන්තාවක් බවට පත්වී උත්තම පුරුෂයෙකුට භාර්යාවක් බවට පත්වීම කෙතරම් ලොකු වාසනාවක්ද පිනක්ද....මා කල්පනා කලෙමි....
ඔයා ගොඩාක් පිංකරපු කෙනෙක් නංගි....ඔයාට ඔච්චර ලස්සන රූපයක් ලැබුනෙත් ඒකයි. බලන්න ඔයාට හැම කෙනෙක්ම ආදරෙයිනෙ....අපේ අම්ම අපේ අක්කටත් වැඩිය ඔයාට තමා ආදරේ ....අපේ තාත්ත අක්ක දැන් ඇවිත් ඉන්න නයෝමි අක්ක ඔයාට කොයිතරම් ආදරේද කියල බලන්න....ඒ විතරක් නෙවෙයිනෙ ඔයාගෙ නෑදෑයො ඔයාට කොයිතරම් ආදරෙන් සලකනවද බලන්න...මේ ඔක්කොම ඔයා පෙර කල කුසල්...අපි මේ කුසල් තවතව වැඩිකර ගම්මු.....ඔයාගෙ යාලුවො ටිකත් එහෙමනෙ....විසේසයෙන් නිමන්ති ......ඔයාට දැන් මුදල් අතිනුත් කිසිම අඩුපාඩුවක් නෑනෙ.....අනිත් එක උගත්කම....ඒ හැම දේම ඔයාට අපිට තියෙනව....අපිට දැන් කරන්න තියෙන්නෙ මෙවයෙන් ප්‍රයෝජන අරගෙන රටට ආගමට සේවයක් කරන එක...ඔහු තවදුරටත් පැවසුවේය. ටිකවෙලාවක් මෙලෙස කතා කරමින් සිටි අපි දේවාලයටද පූජා වට්ටියක් තබා දෙවියන්ගේද ආශීර්වාද ලබා ගත්තෙමු.
නැවත හෝටලය වෙත යනවිට රාත්‍රී දහය පමනවිය. රාත්‍රී ආහාරය හෝටලයේ බුෆේ එකෙන් ගත් අපි කාමරයට ගියෙමු. මා ඇදගෙන සිටි සුදු ඇදුම ගලවා රාත්‍රී ගවුමක් ඇදගෙන ඇදේ ඇලවුනෙමි.....මොකද මහන්සිද.....සුදු ඇදුම් මාරුකර සරම පමනක් ඇදගෙන උඩුකය නිරාවරනය කරගෙන සිටි සුරන්ජිත් මා අසලින් ඇලවී ඇසුවේය.....නෑ...කී මා....ඔයාට....ඇසුවෙමි....මටත් නෑ....කී ඔහු මගේ මුහුන සිපගෙන පියයුරු අතගාන්ට වූවේය.....ඔහුගේ අවශ්‍යතාවය තේරුම්ගත් මා....අද ඊයෙ වගේ බයවෙන්න දෙයක් නෑනෙ....යන යකා කොරහත් බිදගෙන ගිහිල්ල ඉවරයි.....කල්පනා කල මා මගේ මුලු සිරුරම ඔහුට බාරකලෙමි.
No comments:
Post a Comment