වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 24...........චිත්‍රා ගෙදර සිටින බැවින් වික්‍රම වැඩට ගියත් මට පාලුවක් තිබුනෙ නෑ.....ඇය වැඩිපුර කතා කලේ කෑමජාති හදන හැටි සහ ඇදුම් පැලදුම් ගැන...සමහර කැම වර්ග පිලියෙල කරන ආකාරය ඇය මටද කියල දුන්න.....මීට අමතරව ඇය නොයෙක් වර්ගයේ කැවිලි වර්ග සෑදීමට හැකි තැනැත්තියක් බව තේරුම් ගත්තේ ඇය ඒවා පිලියෙල කරන විටදීය.ඇය සමග වැඩකිරීම නිසා මටද ඒවා පිලියෙල කිරීමට පුලුවන්වුනා....උදේට ඉදි ආප්ප අප්ප ආදිය සෑදීමට ඉගෙන ගත්තේ ඇය නිසාය. ඇය ඇදුම් පලදුම් ගැන මෝස්තර ගැන කතා කිරීම නිසා මාත් ඇය සමග ඒවා ගැන කතා කිරීමට හුරුවුනා..මේ නිසා..... දවසින් දවස මගේ ගැහැනු ආකල්ප වර්ධනය වූවේ මා නොදැනුවත්වමය.....මාස කිහිපයක් ගතවනවිට මා පිරිමියෙක් ලෙස සිටියාද කියාවත් නොදැනෙන ලෙස මා ගැහැනු කමට හුරුවී තිබුන.
ඈ වසන්ති දැන් ඔයා මාස කීයකින් ගෙදර ගියෙ නැද්ද.....දිනක් වික්‍රම ඇසුවා.....මම කොහොමද මේ විදියට ගෙදර යන්නෙ.....ඒකනෙ මම කිව්වෙ ඉක්මනට අර බේත හොයාගන්න කියල ඒත් දැන් මාස කීයක් ගියාද......මම ඇහුව....ඒකනෙ.... මට තාම ඒක හොයාගන්න බැරිවුනානෙ......අනේ මන්ද කවද මේවැඩේ කරන්න පුලුවන් වෙයිද කියල.....ඔහු නලලෙ අත තියාගෙන කිව්ව. මම කියන්නද වැඩක් ....මට ගෙවල් පැත්තෙ යන්න බැරිවුනානෙ.....මම මේ සති අන්තෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්නම්....දැන් ඔයාට තනිවට චිත්‍රා ඉන්නවනෙ....මම ගිහින් ඔයාගෙ ගෙදර තත්වෙත් බලල එන්නම්..... ඔහු කිව්ව.
ඔහු කිව්ව විදියට සෙනසුරාදා උදේ ගෙදර ගියා....ඒ දවස්දෙක මම චිත්‍රා එක්ක දවස ගතකලා....ඉරිද සවස වෙනකොට වික්‍රම ආපහු ආවට පස්සෙ.....ගෙදර අය මොකද කියන්නෙ....මම ඇහුව.....ගෙවල් දොරවල් අමතක කරල මෙහෙට වෙලා ඉන්නව කියල ඔයාගෙ අම්ම දොස් කිව්ව.....මම කිව්ව ලසන්තට වැඩ වැඩියි කියල තව මාස තුන හතරකින් එයි කියල......මට හිතෙනව වසන්ති තව මාස තුන හතරක් යනකොට බෙහෙත හොයාගන්න පුලුවන් වෙයි කියල.....ඔහු බලා පොරොත්තු සහගත ලෙස කිව්ව......එහෙම කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.....මම සතුටින් කිව්ව.....ඒක නෙවෙයි.....දැන් මට ගෙදරින් කටයුත්තක් හොයනව.....එයාල කිහිප තැනකින් බලල....මට කියනව දිනයක් දාගෙන බලන්න යමු කියල.....මම කිව්ව මම බදින්නෙ නෑ කියල...ඒ වුනාට එයාලගෙන් බේරෙන්න බෑ.....මට බල කරනව තනියම බැරිනම් ලසන්තත් අඩගහගෙන ගිහින් බලමු කියල.....මම දැන් ලසන්ත හොයන්නෙ කොහෙන්ද.....ඔහු මාදිහා බලල කිව්ව....දැන් මේකට මොකද කරන්නෙ මම ඇහුව.....බල කරන හින්ද යනව පස්සෙ කැමති නෑ කියනව.....ඔහු කිව්ව.
ඇත්තටම වික්‍රම ඔයාට කසාද බදින්න ඕනැ කමක් නැද්ද.... මම ඇහුව.....නෑම කියන්නෙ නෑ මට සුදුසු කෙනෙක් ලැබුනොත් බදිනව.....ඔහු පිලිතුරු දුන්න.....ඔය හොයපු කෙල්ලො අතරෙ හොද කෙනෙක් ඇතිනෙ..... මම කිව්ව.....මට හිතන්න බෑ....ඔහු එය පතික්ශේප කරමින් කිව්ව. මොහු හොයන්නේ මොනවගේ කෙනෙක් ද මගේ සිතට ගැටලුවක් ඇතිවුනා.....මට හිතෙන්නෙ එයාට ඕනැ කරල තියෙන්නෙ මම වගේ කෙනෙක්.....ඒ උනාට මට පුලුවන්ද එයාව කසාද බදින්න.....මට නම් බෑ මට ඕනැ ආපහු කොහොමහරි හිටපු තත්වෙට පත්වෙන්න.....මම ඔහු දිහා බලාගෙන කල්පනා කලා....මම එහෙම හිතුවත් මාත් ඔහුට ආදරේ බව වැටහුනා....ඒ වුනාට වික්‍රමට ගැහැනියක් වසයෙන් මගේ ආදරේ පෙන්වන්න ගියොත් අර බේත හොයාගන්න එක නවත්වල මාව එයාගෙ කරගන්න බලයි......එයාට කිසිදෙයක් නොකිය වෙන කසාදයක් කරගන්න උදවුකරන ඕනැ......මම තවදුරටත් කල්පනා කලා.
මැඩම් මම මෙහෙම ඇහුවට මාගැන වරදවා හිතන්න එපා.....දවසක් චිත්‍රා කියන්න ගත්ත.....මොකක්ද....මම ඇහුව......ඇයි මැඩම් ඔය දෙන්න කාමර දෙකක නිදාගන්නෙ......ඇහුව.....එයා නිතරම පරීක්ෂණ වැඩ කරනවනෙ....ඒ හින්ද එයාට කල්පනා කරන්න ඉඩදෙන්න ඕනැ.......මම කිව්ව.....විවාහය කියන්නෙ වැඩම නෙවෙයිනෙ මැඩම්....ඇය කිව්ව....ඇයට අපි හඟවල තියෙන්නෙ අපි දෙදෙනා කසාද බැදල කියල ඒ හින්දයි එහෙම කිව්වෙ කියල මට තේරුන......ඒක ඇත්ත එත් එයා මේදවස්වල ලොකු වැඩකට අතගහල තියෙන්නෙ.....ඒක ඉවරවුනාම හරියයි....මම කිව්ව....
දින කිහිපයකින් වික්‍රමට ගෙදර එන්න කියල ගෙදරින් පනිවිඩ එවල තියෙනව කියල වික්‍රම කිව්ව.....මට හිතෙන්නෙ අර ගැහැනු ලමයි බලන්න යන්න වෙන්න ඇති.....මම කිව්ව....ඔව් වසන්ති මටත් එහෙම හිතෙනව....කිව්ව ඔහු...එයාලගෙ හිත් නරක්කරන්න බැරි හින්ද යනව.....ඒත් මම ඔය වැඩේට කැමති නෑ.....පැවසුව......සෙනසුරාදා උදේ වික්‍රම ගෙදර ගියා....මේ දවස් දෙකෙත් මට චිත්‍රා එක්ක ගෙදර ඉන්න වුනා....
No comments:
Post a Comment