ආත් අම්මාගේ පාඩම 187..............පසුදින පාන්දර අවදිවුනු මට රාත්රී අක්කා සුරන්ජිත්ට කතා කල බව මතක් විය....අක්ක ඊයෙ රෑ කතා කලේ මොකද දන්නනෑ....අහල බලන්න.... මා සුරන්ජිත්ට කීවෙමි....මට අමතක උනානෙ මතක්කල එක හොඳයි කී ඔහු....අක්කාට දුරකථන ඇමතුම ගන්ට විය...ඔහු අක්කා සමඟ කතාකරන අතරතුර මා නාන කාමරයට ගියෙමි. මා නැවත පැමිණෙන විට ඔහු දුරකථනය විසන්ධි කර තිබුණි. ....අක්ක ඔයා කෝ කියල ඇහුව....මම කිව්ව බාත් රූම් එකේ කියල....දැන් ඔයාගෙ සෙම ගතිය හොඳද කියල ඇහුව....ඔයාට සෙම ගතියක් තිබුනද ......ඔහු මගෙන් ඇසුවේය.....නෑ අනේ.....සිනාසෙමින් කී මා ......ඊයෙ රෑ අක්ක එක්ක කතාකරකර ඉන්න කොට ඔයා කරපු ඒවට මට හීක් ගාල හුස්ම ඉහලට ඇදුන අනේ.... ඒක ඇහිල අක්ක ඇහුව ඇයි කියල....මට ඕව කියන්න පුලුවන්ද....මම කිව්ව සෙම ගතියක් තියෙනව කියල.....එයට සිනාසුනු ඔහු....මම ඔය වගක් දන්නවනම් එවෙලෙ බේතක් දුන්න ඒකෙන් හොදවුනා කියනවනෙ....මොන බේතක්ද මට ඔයා බේතක් දුන්නෙ නෑනෙ.....මා ඇසුවෙමි....ඇයි ඔයාගෙ අතට දීපු කිරිපාට බේත..ඒටික ඔක්කොම බිව්ව නේද......ඔහු මතක් කලේය.....අම්මෝ ඕව කියන්න යන්න එපා...ලැජ්ජාවෙ බෑ....මා කීවෙමි.....මම බාත්රූම් එකට ගිහින් එනකන් ඔයා අක්කට කෝල් එකක් ගන්න....ඔයාට කතා කරන්න කිව්ව....පැවසූ ඔහු නාන කාමරය තුලට ගියේය.....මා අක්කාට ඇමතුමක් ගත්තෙමි.
කොහොමද නංගි සෙමගතිය හොදයිද....ඇය ඇසුවාය.....හොදයි අක්කෙ.....අද ඔයාල කොහේද යන්නෙ....ඇසුවාය.....දන්නෙ නෑ අක්කෙ එයා කියන දිහාක යනව.....මා කීවෙමි.....ඇයි නංගි.... ඔයා දැන ගන්න ඕනැනෙ කොහේද යන්නෙ කියල...ඇය කීවාය.....මම ඇහුවෙ නෑ අක්කෙ කොහේ හරි එක්ක යයිනෙ.....මා පැවසුවෙමි.....ඇයි ඔයා ඇහුවෙ නැත්තෙ ඉස්සර වගේ නෙවෙයි දැන් ඔයාට අයිතියක් තියෙනව එයා කරන වැඩ ගැන අහන්න.....සුරන්ජිත් කියන්නෙ මගෙ මල්ලි වෙන්න පුලුවන් ඒත් නංගි ඕනැවට වඩා හස්බන්ට නිවට වෙලා ඉන්න එපා....ඔයා අහන්න කොහේද යන්නෙ මොනවද කරන්නෙ කියල......හා අක්කෙ..මා කීවෙමි......යන ගමන්..... පරිස්සමින් යන්න නංගි ....කීවාය.....අම්ම ලග ඉන්නවද අක්කෙ මා ඇසුවෙමි.....එයා තාම නිදි ඇහැරුනාම කෝල් එකක් ගන්න කියන්නම්.....නයෝමි අක්ක වැඩට ගියාද ...අද යයි ආයෙත් නිවාඩු දාන්න ඕනැනෙ....ඇය පැවසුවාය.....සුබ ගමන් නංගි කී ඇය අපිට සුබපතා දුරකතනය විසන්ධි කලේය.
එලියට පැමිනි සුරන්ජිත්....අක්කට කතා කලාද ඇසුවේය.....ඔව් අයියෙ එයා අහනව අද කොහේද යන්නෙ කියල.....මම කිව්ව දන්නෙ නෑ කියල....ඒ සැරේ මට කියනව ඇයි ඇහුවෙ නැත්තෙ ඔයා වයිෆ් විදියට ඕව දැන ගන්න ඕනැ නේද කියල..මට කිව්ව අහන්න කියල.....මම හා...කිව්ව ...ඒත් මට පුලුවන්ද ඔව අහන්න...ඔයා එක්ක යන තැනකට යනව මිසක්.....මා කීවෙමි....ඇයි ඔයා එහෙම කියන්නෙ....ඇසුවේය.....මම දැන් ඔයාගෙ වයිෆ්..කීකරු බිරිදක් හැටියට....මම කැමති නෑ එක එක ප්රශ්න අහ අහ ඔයාට කරදර කරන්න.....මා කීවිට මා අසලින් වාඩිවූ ඔහු මගේ මුහුන සිප.....මම හිතාගෙන හිටියටත් වඩා ඔයා ගොඩාක් හොදයි මගේ රත්තරන්..මාව තුරුලට ගෙන කී ඔහු.....ඒත් ඔයා කියනවිදියට.... සාම්ප්රදායික බිරිදක් වෙන්න ඕනැ නෑ මගේ රත්තරන් කෙල්ලෙ.....අපේ අක්ක කියනව වගේ ඔයාට දැන් අයිතියක් තියෙනව අපි කරන වැඩ ගැන හොයන්න....මම අතින් උනත් වැරැද්දක් වෙන්න පුලුවන් ඔයා ඒක දැක්ක ගමන් අහක බලාගෙන ඉන්නෙ නැතුව කියන්න ඕනැ....යසෝදරා දේවිය බෝසතුන් වහන්සේ එක්ක ලඟින්ම හිටියත් ....කුස ජාතකයේ කුස රජ්ජුරුවන්ට කැවුමක් වගේ මුහුනක් ලැබුනෙ යසෝදරා දේවිය සාප කර කර බැන්න හින්ද...එයා එහෙම කලේ නැත්නම් උන්වහන්සේ අපාගතවෙන්න තිබුන....එයා එහෙම කරපු හින්ද තමයි....මුහුන කැතවුනත් රජවෙන්න පුලුවන්වුනේ.....ඔයා ඒ කතාව අහල තියෙනවද...ඔහු ඇසුවේය.....මම අහල තියනව....මම කියන්නෙ නෑ හැමදේටම ඇගිලිගහන්න කියල ඒත් හොඳ අවදියෙන් ඉන්න.... කී ඔහු අද වැඩසටහන ගැන විස්තර කියන්ට විය....අද අපි යන්නෙ යාල උදේට කාල නවයට විතර යන්න ඕනැ.....ඊට පස්සෙ මෙහෙට ඇවිත් දවල්ට කාල කිරින්ද ගිහින් එමු.... පැවසූ ඔහු අද රෑ මෙහෙ ඉදල හෙට උදෙන්ම බදුල්ලෙ යනව දුන්හිඳ ඇල්ල එහෙම බලල එහෙ ඉදල පහුවදා උදේ ආපහු කොළඹ යනව.....ඕක හොඳට මතක තියාගෙන ඉදල අක්ක ඇහුවොත් කියන්න.....ඔහු මගේ කම්මුල මිරිකා පැවසුවේය.
සුලු වේලවකින් අම්මාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි....කොහොමද මගේ දුවේ....අක්ක කිව්ව සනීප නෑ කිව්ව කියල....ඇය කීවාය.....අනේ නෑ අම්මෙ දැන් හොදයි....අද අපි යාල යන්න ඉන්නෙ....මා කීවෙමි.....කොහේ ගියත් කමක් නෑ රෑට ඇවිදලා පිනීබන්න එහෙම එපා.....දුවගෙ පුංචි අම්මයි නැන්දයි ඊයෙ මෙහෙ ඇවිත් ගියා එයාල මේ දවස් ටිකේ දුවගෙ ගෙදර ඉන්නෙ....දූල කෑවද...ඇය ඇසුවාය...තාම නෑ අම්මෙ...තව පොඩ්ඩකින් කනව....කී මා අයියට දෙන්නද ඇසුවෙමි.....හා දෙන්නකො....ඇය කීවාය. ටික වෙලාවක් කතා කල සුරන්ජිත් දුරකතනය තබා....අද අම්ම කියනව පිනී බාවලා දුවව අසනීප කරවන්න එපා කියල.....සිනාසෙමින් කීවේය.
උදෑසන ආහාර ගත් පසු.....දැනුත් සාරියක් අදින්න ඕනැද ඇසුවෙමි.....සාරි ඇදගෙන පුලුවන්ද මෝඩියෙ සෆාරි යන්න..මගේ හිසට සෙමින් ටොකක් ඇන්න ඔහු...ගවුමක් හරි සාය බ්ලවුස් එකක් හරි ඇදගන්න....කීවේය.
No comments:
Post a Comment