Sunday, July 22, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 9................මට තියෙන මේ ගැහැණු පෙනුම හින්ද ගෙදර ගියාට.... වැඩිය කොහේවත් ගියෙ නෑ....ගෙටම වෙලා හිටිය.....මොකද පුතේ අද ගෙටම වෙලා ඉන්නෙ...අම්ම ඇහුව.....නිවඩු දවසනෙ අම්මෙ ආයෙත් සදුද ඉදන් වැඩට යන්න ඕනැනෙ....ඒ හින්ද මෙහෙම ඉන්නව....මම කිව්ව...මගෙ නංගි මේදවස්වල උසස් පෙල කරන හින්ද එයා පන්ති යනව. එයා පන්ති ගිහින් ගෙදර එනකොට සවස හයට විතර ඇති. මම දැක්ක මම ඇවිදින දිහා නංගි වෙනදට වඩා අමුතු විදියට බලනව....ඒත් එයා මොකුත් කිව්වෙ නෑ....ඒ වුනාට මගේ කටහඬ ඇහිල මොකද උගුරට උනේ කියලනම් ඇහුව. මම අම්මට දීපු උත්තරේ දීල යන්තම් සේප්වුනා....
                පහුවදා උදේ නංගි පන්ති ගියාට පස්සෙ... .මම මේ පුතාගෙන් අහන්න කියල හිටියෙ....මම ලග තිබුන පුටුවෙ වාඩිවෙලා අම්ම කිව්ව....මොකක්ද මගුලක් ද දන්නෙ නෑ....දැන් ඉතින් මට කෙල්ලො හරියන්නෙ නෑ.....හිතුව මම අම්ම දිහා බැලුව. ...ඉස්සර ඔයා මහතටනෙ හිටියෙ දැන් ඇගත් බැහැල.....ඒ උනාට ගෑනු ලමයෙක් වගේ ඇග පාට වැටිල....කතා කරන කොටත් ගෑණු ලමයෙකුගෙ කටහඬක් එන්නෙ....මට පුතාව පේන්නෙ හරියට ගෑනු ලමයෙක් වගේ........ඔයාගෙ යාලුව වික්‍රමට කියල ටිකක් බැලුවෙ නැද්ද මොකද වෙලා තියෙන්නෙ කියල....නෑ අම්මෙ එහෙම දෙයක් නෑ....මම මේ හොදට ඉන්නෙ....උගුර සවුත්තු වුනේනම් දූවිලි හින්ද ඒකත් හොදවෙයි....මම කිව්ව.....ඔයාට වෙනසක් තේරුනේ නැති වුනාට මට තේරෙනව ඒකයි කිව්වෙ....කී ඇය..මම විතරක් නෙවෙයි නංගිත් ඇහුව අයියට මොකක් හරි අසනීපයක්ද කියල....ලෙඩක් තියනවනම් ඒක හංගගෙන ඉන්නෙ නැතුව දැන්ම සනීප කරගන්න ඕනැ හින්දයි මම මේ පුතාට කියන්නෙ.....ඇය මට දොස් කියන ආකාරයට කියන්න උනා.....හරි අම්මෙ මම වික්‍රමට කියල බලන්නම්.....මම අම්මට කිව්ව.
                 පහුවදා සවස කොළඹ එන්න පිටත්වුනා....බෑක් එකත් කරේ එල්ලගෙන අම්මගෙ දෙපා වැද්ල පිටත් වෙන්න හදන කොට වික්‍රමට කියල ඔය ලෙඩේ මොකක්ද කියල මතක ඇතුව බලා ගන්න පුතේ.....ඇය මගේ හිස අතගාමින් කිව්ව. කොළඹට යන බස් එක ගන්න අපේ ගේ ගාවින් යන බස් එකේ නැඟලා කිලෝමීටර තුනක් විතර නගරෙට යන්න ඕනැ. මම වෙනද වගේ බස් නැවතුම් පොලේ ඉන්න කොට එතෙන්ට සාමාන්‍යය පෙල කරන වයසෙ ඉන්න ගෑණු ලමයි දෙන්නෙක් ආව....ටිකක් වෙලා හිටිය එයාලගෙන් එක්කෙනෙක් මා දිහා හොදට බලල....අක්ක ගොඩක් වෙලාද මෙතෙන්ට ඇවිල්ල.....මට අක්ක කියල අමතල ඇහුව....මෙයාලටත් වැරදිලා...ඒත් ඒක හදන්න ඕනැ නෑ කියල හිතුව මම....නෑ නංගි මාත් මේ දැනුයි ආවෙ කිව්ව.....මම මෙහෙම කිව්වම....අක්ක කොහාටද යන්නෙ....ඇහුවෙ මගේ කටහඬ හින්ද මාව ඇත්තටම ගැහැනු ලමයෙක් කියල හිතුන හින්ද කියල මට තේරුනා.....දැන් ඉතින් මම අයිය කෙනෙක් කියල කිව්වත් මෙයාල විශ්වාස කරන්නෙ නෑ.....හිතුව මම....මම වැඩකරන්නෙ කොළඹ නංගි.... ඒ බස් එක අල්ල ගන්න යන්නෙ....අපිනම් මේලග පන්තියකට යන්නෙ අක්කෙ....ඔවුන් කිව්ව....ටිකක් වෙලා යනකොට බස් එක ආව . ටවුමෙ ඉදන් එනකොට වගේ නෙවෙයි යනකොට ගොඩක් සෙනග ඉන්නව....ඒ හින්ද අපිට හිටගෙන යන්න වුනා....බස් එකේ වැඩිපුර හිටගෙන හිටියෙ පිරිමි.....නංගිල දෙන්න මා ගාවටම ඇවිත් හිටගත්තෙ මාත් අක්ක කෙනෙක් කියල හිතාගෙන එයාලගෙ ආරක්ෂාවට කියල මට තේරුනා....අක්කෙ අපි මෙතැනින් බහිනව බස් නැවතුම්පලවල් දෙකකට විතර පස්සෙ එයාල බැහැල ගියා.....එයාල මට අක්ක කිව්ව හින්ද එතැන හිටිය අය මම ඇත්තටම කෙල්ලෙක් කියල හිතාගන්න ඇති කියල මට තේරුනේ මම ලග හිටිය පිරිමි කෙනෙක් මගේ ඇගට තද නොවී ඉන්න උත්සාකරන හින්ද....නරක මිනිස්සු හිටියට මේවගෙ වැදගත් පිරිමි අයත් ඉන්නව.....මම ඔහු දිහා බලල කල්පනා කලා....
                 එන්න නෝන නගින්න.....මම කොළඹ බස් එක ගාවට යනකොට කොන්දොස්තර අයිය කතාකලා....මේ හැම කෙනෙක්ටම දැන් මාව පේනව ඇත්තෙ....ගෑනු කෙනෙක් විදියට....මම කොන්ඩෙ කොටට කපල තිබුනත් පිරිමි ඇදුම් ඇදගෙන හිටියත් මට තියෙන ගැහැනු පෙනුමනම් හංගන්න බෑ වගේ.....මට හිතුන. හොඳ වෙලාවට ජනේලෙ අයිනෙ තියෙන ආසනයක් හම්බවුනා......බස් එකට නැග්ග ගැනු කෙනෙක් පිරිමි කෙනෙක් වාඩිවෙලා ඉන්න ආසනයක වාඩිවෙන්න හදල මාගාව ආසනය දැකල මා ගාවින් වාඩිවුනා. මට හිතෙන්නෙ එයත් දැකල තියෙන්නෙ මාව කෙල්ලෙක් විදියට. ටිකෙට් ගන්නකොට මට තේරුනා එයත් යන්නෙ කොළඹ කියල.....කොළඹට යනකොට රෑවෙයි නේද දුවෙ...ඇය ඇහුව.....මාව දැන් හැමෝටම ගැහැණු ලමයෙක් විදියට පේන හින්ද....දුවේ කිව්ව එක ගනන් ගන්නෙ නැතුව....ටිකක් රැවෙයි මම කිව්ව....ඔය ලමය කොළඹ ගිහින් කොහාටද යන්නෙ....ඇය ප්‍රශ්න කරන්න උනා.....බොරැල්ලෙ අපේ බෝඩිමට.....එහෙනම් තව බස් එකක යන්න තියෙනවනෙ.....රෑ වෙලා කොළඹ යනකොට ටිකක් පරිස්සම් වෙන්න දුවේ.....ඇය මට අවවාද කලේ මාත් අනිත් ගෑණු ලමයි වගේ ගැහැණු ළමයෙක් කියල හිතාගෙන. මමත් මොකුත් නොකිය හිනාවුනා......

No comments: