වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 21...............වික්‍රම කලිසම ඇඳගෙන මාත් එක්ක මුහුදට බැස්සෙ.....මුහුදෙ ඒ හරිය රැල්ල නැති තැනක් හින්ද අපිට හොඳට පීනමින් නාන්න පුලුවන් කම ලැබුණා. එදාවගේ ගැහැණු ලමයි කට්ටියක් වත් හම්බවුනොත් මරු තමයි...මම වටපිට බලමින් කල්පනා කලා.....අපිට ටිකක් එහායින් පිරිමි ලමයි කට්ටියක් නානව දැක්ක.එයාල අවුරුදු දහයෙ දොලහෙ පොඩිලමයි ඉස්කෝලෙක ලමයි කට්ටියක් වෙන්න ඇති ...මට හිතුන. මම වටපිට බනකොට .....මොකද යාලුවො ටිකක් ඉන්නවද කියලද බලුවෙ.....අතන පිරිමි ළමයි ටිකක්නම් ඉන්නව......වික්‍රම කිව්ව....එයාල පිරිමි ලමයිනෙ.....මම කිව්ව....පිරිමි ලමයි උනාම මොකද පොඩි එවුන්නෙ.....එන්න.....මාවත් එක්කගෙන ඒ පැත්තට පීනුව.....වික්‍රම දන්නව මම ඉස්සර ඉදන්ම පොඩි අයට ආදරෙයි කියල. ඒත් මම එදා ඉදන් වැඩිය ගෑනු ළමයි ඇසුරු කරල තිබුනෙ න්හති උනට මේවගෙ පිරිමි ළමයි ආස්සරේ කරල තිබුන....වික්‍රම මම වගේ පොඩි අය එක්ක සෙල්ලමට යන්නෙ නැතිවුනාට එයා හිතෙන් ආදරේ කරනව කියල මට තේරිලා තිබුනේ.....ඔයාල කොහේද..වික්‍රම ඇහුව.....අපි දෙහිවල......එහෙනම් ඇඹුල් ඇති නේද......මම සිනාසෙමින් විහිලු කලා.....අක්ක ඉන්දියවෙද ...එක්කෙනෙක් ඇහුව.....ඉන්දියාවෙ අය සිංහල කතාකරනවද බන්.....ඔහුගේ යහලුවෙක් ඔහුට විහිලු කලා.....මම ඇහුවෙ අක්ක හින්දි පික්චර් වල ඉන්න නිලියෙක් වගේ හින්ද....අපි මෙහෙම කතා කරන අතරතුර ගෑනු කෙනෙක් මම ගාවට ආව...මට හිතුනෙ මේ ගැහැණු කෙනා ලමයි බලා ගන්න එක්කෙනා කියල......මොකද මෙයාල කියන්නෙ....ඇය මගෙන් ඇහුව.....බලන්න මිස් මේ අක්ක හරියට හින්දි චිත්‍රපට වල ඉන්න නිලියෙක් වගේ නේද .....ඔහු ඇයගෙන් ඇහුව.....ඔයා ෆිල්ම් වල රග පානවද.....ඇය මගෙන් ඇහුව....අනේ නෑ....කිව්ව මම....ඇයි එහෙම ඇහුවෙ.....ඇයගෙන් ප්‍රශ්නකලා....අර පුතා කියන්න වගේ....ඔයා ගොඩක් ලස්සන හින්ද ඇහුවෙ.......කිව්ව ඇය.....ඔයාල හනිමූන් කපල් එකක්ද......මම අසල හිටිය වික්‍රම දිහා බලල මගෙන් ඇහුව.....මට නෑ කියන්නත් බෑ ඔව් කියන්නත් බෑ...මොකක්ද කියන්නෙ....මම කල්පනා කලා.....අපි බදින්න ඉන්නෙ....මම කිව්ව.....ඒක ඇහිලද කොහේද වික්‍රම හිනාවෙනව දැක්ක.....ඔයාවගේ ලස්සන මනමාලියෙක් ලැබෙන්න මහත්තය ගොඩක් පින්කරන්න ඇති......ඇය සිනාසෙමින් .....කිව්ව.....එතකොට කොල්ලොටික ඇයට වතුර ගහන්න ගත්ත......ඒ වතුර පාරවල් මගෙ ඇගටත් වැදුන හින්ද අපි දෙන්න එක්ක ඔවුන්ට වතුර ගසමින් විනෝද උනා....මෙයාලගෙ අම්මල තාත්තල ආවෙ නැද්ද අක්කෙ.....ටික වෙලාවකින් මම ඇහුව.....අර එහායින් නාන්නෙ එයාල තමයි.....කටියක් පෙන්නල කිව්ව....මේ මගෙ ටියුසන් පන්තියෙ කට්ටියනෙ....මුහුදෙ නාන්න යමු කියල කිව්වම බේරුමක් නැතුව ගියා.....ඇය කිව්ව......ගැහැනු ලමයි ටික අදිමදි කල ඉතින් මෙයාල එක්ක ආව.....ඇය කිව්ව.....ටික වෙලාවක් යනකොට පිරිමි ලමයි ටිකත් මාත් එක්ක යාලුවුනා. අපි ගොඩක් වෙලා නාමින් විනෝද වෙලා ගොඩට ගියා. අපි හෝටලේ දෙසට යනකොට එයාල ආපහුයන්න පිටත්වෙනව දැකගැනීමට ලැබුන. කාමරේට ගිහින් ඇදුම් මාරුකරගෙන ...දහවල් කෑම වේල ගත්තෙ කාමරේ ඇතුලෙ ඉදගෙනමයි....කෑම කාල ඉවරවුනු මම ඇදේ ඇලවුනු අතර වික්‍රම මුහුද පැත්තෙ තිබුන බැල්කනියට ගිහින් පුටුවක වාඩිවෙලා මුහුද දිහා බලා ඉන්නව දැකගන්ට ලැබුන...ටික වෙලාවකින් මම ඇදගෙන හිටිය සාය එහෙට මෙහෙට වෙනව දැනුන හින්ද.. නින්දෙන් වගේ යන්තම් ඇස් ඇරල බලන කොට ගවුමෙ සාය ඉස්සිලා මගෙ නිරුවත පේන හින්ද වික්‍රම ඒක වහන බව තේරුනා. මම නොදැක්ක වගේ නැවත ඇස්දෙක පියා ගත්ත. ඔහුත් මා අසලින් ඇලවෙන බව දැක්කත් මට ඒක ගැන අමුත්තක් දැනුනෙ නෑ.
නින්ද ගිය මට ආපසු ඇහැරෙන කොට වික්‍රම කාමරේ ඇතුල හිටියෙ නෑ...වික්‍රම කොහේ ගිහින්ද මන්ද ....හිතුව මම මුහුන සෝදාගත්ත බල්කනියට වෙලා මුහුද දිහා බලාගෙන හිටිය. මුහුදේ නාන අයත් වෙරලේ දුව පැන සෙල්ලම්කරන කුඩා ලමයිනුත් මා සිටින ස්ථානයට හොදින් දිස්වුණා ..ට්කවෙලාවක් මා ඒ දෙස බලා ඉන්නකොට...ආ ඔයා ඇහැරුනාද....වික්‍රම කාමරය තුලට ඇවිත් ඇහුව....ඔයා කොහේද ගියේ.....මම ඇහුව.....ඔයා නිදි හින්ද මෙතැන ඉන්න එක හරි නෑ කියල හිතිල පොඩ්ඩක් එලියට ගියා....මා අසලට පැමිනි ඔහු කිව්ව.....ඇයි හරි නැත්තෙ.....මම ඇහුව....මොනව උනත් දැන් ඔයා කෙල්ලෙක් නෙ වසන්ති.....ඒවගේම මම කොල්ලෙක්...ඔහු එහෙම කිව්වම ....මම අඩ නින්දෙන් වගේ දැක්කනෙ ඔයත් ඇදේ නිදාගෙන ඉන්නව....මම ඇහුව. .......ඔයා දැන් ගොඩක් ලස්සන කෙල්ලෙක් ....මම කොහොමද වසන්ති කොල්ලෙක් විදියට ඔයත් එක්ක එක ඇදේ නිදාගන්නෙ....ඇසූ ඔහු....ඔයත් කොල්ලෙක් වෙලා හිටිය නේද.....ඉතින් ඔයාට තේරෙන්නෙ නැද්ද ඔය වෙලාවට කොල්ලෙක්ට දැනෙන හැගීම්....ඔහු ලැජ්ජාවෙන් මෙන් පැවසුවා....
No comments:
Post a Comment