වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 30......................වික්‍රම ගෙදර ගියාම මොකක්වෙයිද කියල බයෙන් හිටිය. දැන් මාගැන ගෙදරට කිව්වම කෙල්ලෙක් විදියට කොහොමද එයාලට මුහුන දෙන්නෙ කියන එක මට තියෙන ගැටලුව වුනා...මගෙ තාත්ත අපි පොඩිකාලෙ නැතිවුන හින්ද තාත්ත ගැන හිතන්න ඕනැ නෑ ඒත් අම්ම අයිය නංගි මම මෙයාලට මුහුන දෙන්නෙ කොහොමද. කොල්ලෙක් කෙල්ලෙක් උනා කිව්වම මේ සමාජය කෙතරම් නරක විදියට පහත්විදියට සලකයිද සමාජය මාගැන කෙතරම් පහත් විදියට බලයිද. කෙතරම් මට නින්දා අපහාස කරයිද....මා කල්පනා කලා....සවස් වෙනකොට මොකක්ද උනේ කියල දැනගන්න වික්‍රම ගෙදර එනකන් බලා හිටිය.
සවස් වෙනකොට වික්රමගෙන් දුරකථන පනිවිඩයක් ආව....මට හෙට උදේට තමයි ගෙදර එන්න වෙන්නෙ....ඔයාල පරිස්සමින් ඉන්න....ඔහු කිව්ව....අපේ ගෙදර ගියාද....මම ඇහුව.....ඔව් ගියා ...මම ඒක ගැන කියන්නත් එක්ක කතාකලේ....ඉතින් මොකද වුනේ....මම ඇහුව... ඔයා ගැන කිව්ව.....අම්ම කිව්ව ඔයා අන්තිම දවසෙ ගෙදර ආවම මොකක්ද වෙනසක් තියෙනව දැක්ක කියල....අම්ම මට දොස් කිව්ව.....මෙච්චර කල් මේ ගැන කිව්වෙ නෑ කියල.....මම කිව්ව ඔයාට ලැජ්ජ හින්ද කිව්වෙ නෑ කියල.....එහෙනම් දැන් ප්‍රස්නයක් නැද්ද....මම ඇහුව..... අම්ම කියනව ඔයාව බලන්න හෙට මාත් එක්ක එනව කියල.....ඔහු කිව්වම.....හරි වැඩේ දැන් මොකද කරන්නෙ.....කලබලයට පත්වූ මම ඇහුව.....මොකුත් කරන්න ඕනැ නෑ....මම එක්ක එන්නම්...දවල්ට කන්න ටිකක් හදල තියන්න....ඔහු ගනනකට නොගෙන කිව්ව.....අම්මෝ මට ලැජ්ජාවෙ බෑ අනේ......මම කිව්ව.....ලැජ්ජවෙලා හරියන්නෙ නෑ...එන දේකට මුහුන දෙන්න වසන්ති....ඔහු කිව්ව. දැන් හෙට අම්ම එයි....අනේ මන්ද මොකද කරන්නෙ කියල....මම ලැජ්ජාසහගත ලෙස කල්පනාකලා.
පසු දින උදේ දහය පමන වනවිට වික්‍රමගේ වාහනය ආව. මම දැක්ක වික්රමත් එක්ක අම්ම එනව. හරි වැඩේ දැන් මාව දකියි...අම්ම මොනව කියයිද දන්නෙ නෑ....කියල හිතාගෙන දොර ඇරිය.....ඇතුලට ආව අම්ම අමුතු විදියට මාදිහා බලනව දැක්ක. වික්‍රම....කාමරේට ගිහින් කතාකරමුකො අම්මෙ.....කියල අම්මව ඔහුගේ රසායනාගාරය ඇතුලට එක්ක යනකොට....කෝ එතකොට අපේ පුතා...... අහනව ඇහුනෙ ඇය මාව හදුනාගෙන නැති හින්ද කියල මට තේරුනා.....අම්මව කාමරේ ඇතුලෙ නවත්වලා මට කතාකලා.....මම ලැජ්ජාවෙන් ඇබරෙනකොට....ඔහොම ලැජ්ජවෙලා හරියන්නෙ නෑ මේ ගැටලුව අදම විසදගන්න ඕනැ....කිව්ව ඔහු...මගේ අතින් ඇදගෙන වගේ කාමරේ ඇතුලට ගියා.....අම්මා පුදුම වෙලාවගේ මාදිහා බලනව දැක්කම....මම ලැජ්ජවෙන් බිමබලාගත්ත.....මේතමයි අම්මගෙ හිටපු පුතා.....මෙයාද... අම්මෝ..... අදුනගන්නවත් බැරිවෙන්න වෙනස් වෙලානෙ.....ගෙට එනකොට මම හිතුවෙ වික්‍රම පුතා කිව්ව වැඩකරන ගෑනු කෙනා කියල.....එත් මම හිතුව එච්චර ලස්සන ගෑනු ලමයෙක් වැඩකාර කමට ආවෙ ඇයිකියල....වික්‍රම දොරේ අගුලදමා වසා දැමුවේ අපේ කතා චිත්‍රාට ඇසෙන නිසාය....මටනම් විශ්වාස නෑ මේ මගේ පුතාද කියල......මෙයා පුදුම ලස්සන ගැහැනු ලමයෙක්නෙ......ඇය මා දිහා බලා කිව්ව.......ඇන්ටිට විතරක් නෙවෙයි ඇන්ටි මටත් හිතාගන්න බෑ ලසන්ත මේතරම් ලස්සන ගැහැණු ලමයෙක් උනේ කොහොමද කියල.....වික්‍රම කිව්ව.....දැන් පුතා මොකද කරන්නෙ.....අම්ම මගෙන් ඇහුව.....අනේ මන්ද අම්මෙ....වික්‍රම කිව්වනෙ අනිත් බේත හොයාගත්ත ගමන් මේක වෙනස් කරගන්න පුලුවන් කියල......මම කිව්ව.....වික්‍රම පුතා කියනවනෙ ඒකට හරියට දිනයක් කියන්න බෑ කියල.....අම්ම කිව්ව....කමක් නෑ අම්මෙ එතකන් මම මේ විදියට ඉන්නම්...කිව්ව මම....මොනව කරන්නද.....කියල සුසුමක් හෙලුව...අම්ම බයවෙන්න එපා අම්මෙ මට ලසන්තව ආයෙමත් වෙනස්කරන්න බැරිවුනොත් මෙයගෙ අනාගත වගකීම මම බාරගන්නව......වික්‍රම ඇයට කිව්ව.....ඒ කිව්වෙ පුතේ....අම්ම ඇහුව.....ඔයාලත් කැමතිනම් ලසන්තත් කැමතිනම් මම මෙයාව කසාද බදින්නම්.....වික්‍රම එහෙම කිව්වම අම්ම ඔහු දිහා පුදුමවෙලා වගේ බලා හිටිය.....අපෝ මටනම් බෑ....කොල්ලෙක් වෙලා හිටිය මම කොහොමද තවත් කොල්ලෙක්ව කසාද බදින්නෙ.....මම කල්පනා කලා.
No comments:
Post a Comment