Saturday, July 7, 2018

ආත් අම්මාගේ පාඩම 188.............ගවුමකින් සැරසුනු මා ....ලස්සනද......ගවුම පෙන්වා ඇසුවෙමි......මටනම් ලස්සනයි...අපි..යාලනෙ යන්නෙ එහෙ ඉන්න සත්තුටික කැමතිවෙයිද දන්නෙ නෑ.... සිනාසෙමින් කී ඔහු.....මම වගේ කලිසමක් ඇදගත්තනම් තවත් ලේසියි .....කීවේය.....ඊය මතක් කරන්න එපා.... මම ආසනෑ...... ගැහැනියෙක් බවට පත්වූ පසු පිරිමි ඇදුම් වලට සමාන  ඇදුම් පවා ඇදීම පිලිකුල් කල මා පැවසුවෙමි.
                  අපි යාල ගියේ සෆාරි වාහනයකය දෙපස ඇර තිබුනු බැවින් වටපිට හොඳින් නැරබීමට හැකිවිය....උදෑසන පැමිනි නිසා සතුන් වැඩිපුර දක්නට ලැබෙන බව එහි රියදුරු පැවසීය. අලි ඇතුන් සමඟ නොයෙක් වර්ගයේ සතුන් දක්නට ලැබුනි. අපි ආපසු පැමිනෙන විට දහවල් එක පමන විය. දහවල් ආහාර ගත් අපි කිරින්ද ගියෙමු......මුහුදේ රැලි නගින විට නිල් ජලය කිරිපාටට දිවිය.....ගල් තලාව මත වඩිවූ අපි මුහුදේ චමත්කාරය නරඹන්ට වූවෙමු.....මෙතෙන්ටලු නේද විහාර මහා දේවි ගොඩබැස්ස කියන්නෙ....මා සුරන්ජිත් ගෙන් ඇසුවෙමි....ඔවු.විහාර මහා දේවිය ගොඩබැස්සෙ මෙතෙන්ටලු...චතුරිකා දෙවි ගොඩබැස්සෙ යෝද වැව ගාවට..සුරන්ජිත් මුහුද දෙස බලාගෙනම පැවසුවේය......ඒ කවුද.....මා එසේ ඇසුවේ එවනි දෙයක් අසා නොමැති නිසාය.....ඇයි චතුරිකා සඳමාලි දන්නෙ නැද්ද.....විහාර මහා දේවි ගොඩට ආවෙ නැවේ ඉදන්....චතුරිකා දේවි ගොඩබැස්සෙ නාන ඇදුමෙන්.....ඔහු කීවේය.....විහාරමහා දේවිට මුන ගැහුනෙ කාවන්තිස්ස රජ්ජුරුවො.....චතුරිකාට මුන ගැහුනෙ ඔටුන්නක් නැති සුරන්ජිත්.....මා සිනාසෙමින් කීවෙමි.....මෙතැන දවසක් උනත් ඉන්න පුලුවන් නේද.....සුරන්ජිත් මාව තුරුලු කරගෙන කීවේය.....රැල්ල ගල්වල වදිනකොට වතුර මල් වගේ ලස්සනයි නේද මා ඇසුවෙමි.....සැන්දෑ හිරු අවරට යනවිට ලා හිරු රැස් දහර අවට පැතිරෙන්ටවිය.......සිහිල් සුලග ගත සිසිල් කරමින් හමා යනු දැනුනි...ගවුමේ සාය සුලගට ලෙල දුන්නත් එය දිග සායක් බැවින් ඉහලට එසවීමෙන් වැලකුනි.....දිගු කෙහෙරැලි සුලඟට පාවීමට ඉඩදුන් මා ඉදහිට නුහුනට වැටෙන කෙස්රොද හරිගස්සමින්අත් වැල් අල්ලා ගත් නව යුවලක් වන අපි දෙදෙනා ගල්තලාව මත ඇවිදින්ටවිය. ඇදිරි වැටී එනවිට අපි නැවත හෝටලය වෙත පැමිනියෙමු.....කාමරයට ගොස් ඇදුම් මාරුකල අපි නාගත්තෙමු.......මා රාත්රී ඇදුම අදිනු දුටු සුරන්ජිත් ඕක නවෙයි වෙන ගවුමක් ඇදගන්න අපි ටිකක් එලියෙ ඇවිදලා කෑම කාල කාමරේට එමු....කී ඔහු කොට කලිසමක් සහ ටී සර්ට් එකක් ඇදගත්තේය.....ගවුමක් ඇදගත් මා කොන්ඩයද පීරාගෙන ඔහු සමග එලියට ගියෙමි.විදුලි බුබුලුවලින් ඒකාලොක වී ඇති හෝටල් භූමිය දකිනවිට කාමරය තුල සිටිනවාට වඩා චමත් කාර්යක් සහ සිතට සැහැල්ලුවක් දැනෙන්ට විය. එලියේ පිහිටා තිබුනු ආසනවල වාඩිවූ අපි දෙදෙනා නොයෙක් දේ ගැන කතා කරමින් සිටියෙමි.මාව ඉතාමත් රූමත් ගැහැනු ලමයෙක් බවට පත්වී මෙතරම් සතුටින් සිටීමට තරම් මා කල පින කුමක් ද...ඒ සමගම ගැටලුවක් ද ඇතිවිය....මා එය සුරන්ජිත්ගෙන් ඇසුවෙමි.....ඔයා කිව්ව නෙද මම ගොඩක් පින්කරපු හින්දයි මේ තරම් ලස්සන රූපයක් ලැබුනෙ කියල.....ඔව්....ඒක ඇත්ත තමයි.....ඔහුගේ පිලිතුර විය.....ඔච්චර පින් තියෙනවනම් අයි මාව කෙල්ලෙක් ව්ය්නේ.....ගොඩක් අය කියන්නෙ ගෑනු වෙන්නෙ පවු කලාම කියලනෙ.....මා ඇසුවෙමි.....එයට සිනසුනු ඔහු......ඔයා පිරිමියෙක් වෙන්න ආසද.....ඇසුවේය....අපෝ නෑ....මටනම් එපා....මම ආසම නෑ.....කිවුවෙමි....අස නැති ඒව ලැබෙනවනම්  පවකටද පිනක්ද.....නැවත ඇසුවේය.....පවකට...මා කීවෙමි.....කැමති ඒව ලැබෙන්නෙ....ප්‍රශ්නකලේය.....පිනකට.....මා එසේ කීවිට.....ඉතින් ඔයා කැමති දේ ලැබිල තියෙන්නෙ පිනකට කියල තේරෙන්නෙ නැද්ද....ඔන්න ඔයා බැරිවෙලාවත් පිරිමියෙක් උනානම් ඒක පවක්....මොකද ඔයා ඒකට කැමති නෑනෙ....ඔහු එසේ පැවසූ විට කල්පනා කල මා....ඒක තමයි....හුඟදෙනෙක් කියන්නෙ බොරුනෙ.....මා කීවෙමි......හැබැයි පවු කලාමත් ගෑනු වෙලා උපදිනව....හුගක් වෙලාවට ගෑනු අයට කරදර කරන පිරිමි.....එයාල ගෑනු වෙලා ඉපදිලා ඒ පවු විදින්න පුලුවන්....නැතුව ඔයා වගේ කැමැත්තෙන් ගෑනු වෙලා උපදින්නෙ නෑ.....ඔන්න මම ගැනියෙක් උනොත් ඒක පවක්.....මොකද මම ගෑනුවෙන්න කැමති නෑ....ඔහු සිනාසෙමින් කීවේය.....අනේ ඔයා නම් කිසිම ආත්මෙක ගෑනියෙක් වෙන්න එපා....මමත්...ඉපදෙන කිසිම ආත්මෙක පිරිමියෙක් වෙන්න එපා....අපි දෙන්න ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා මේවගේ එකට ඉන්න ඕනැ....මා ඔහුගේ අත තදින් සිපගනිමින් පැවසුවෙමි....
                 රාත්රී ආහාර ගත් අපි කාමරය තුලට ගියෙමි....මා ඇදුම් මරුකර රාත්රී ඇදුම ඇදගැනීමට සූදානම් වනවිට....ආයෙත් ඕක අදිනවද....ඇසුවේය...මේ රෑවෙලා..දැන් කොහේද යන්නෙ.....මා පුදුමයෙන් මෙන් ඇසුවෙමි.....මා අසලට පැමින මාව කුඩා දර්රියක මෙන් ඈතට වඩාගෙන වටයක් කැරකෙන්ට විය.....අනේ අයියේ වැටෙයි ඔහුගේ ගෙලේ එල්ලී කීවෙමි.....මම කීයටවත් ඔයාව වට්ටන්නෙ නෑ මගෙ රත්තරන්......මම මේ හදනෙ ඔයාව අදත් දිවිය ලෝකෙ වටේ රවුමක් එක්ක යන්න....මාව ඇද මත තබා අසලින් ඇලවී මගේ මුහුන සිපමින් පැවසුවේය.....
               Transgender body swap ගේ ඡායාරූපය

No comments: