වෛද්‍ය වික්‍රමගේ දෙමවුපියන් සල්ලි තියෙන අය. එයාල ජීවත්වුනේ කුරුණෑගල පැත්තෙ. තාත්ත ඒ පලාතෙ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. මල්ලි කෙනෙකුගෙයි නංගි කෙනෙකුයි ඉන්න එයා පවුලේ වැඩිමලා..... කොළඹ පලාතෙ නිවසක් හදාගෙන ඒකෙ පදිංචි වුනේ කරදරයක් නැතුව නිදහසේ ඔහුගේ පරීක්ෂණ කටවුතුටික කරගන්න ඕනැයි කියල. වික්‍රම මට හදුන ගන්න ලැබුනෙ පාසැල් කාලෙදිමයි. එතකොට එයා උසස්පෙල පන්තියෙ හිටියෙ. එතකොට මම සාමාන්‍ය පෙල පන්තියෙ. මම මගෙ පන්තියට පහල පන්තියෙ ගෑණු ලමයෙක් ගැන බලා පොරොත්තුවක් තිබුන. මම කීපදවසක් එයත් එක්ක කතා කරන්න උත්සහ කලා. මම ඒ ලමය පස්සෙන් යනව කියල කොල්ලො කට්ටියක් මට අල්ලගෙන ගැහුව.එතැන අර ගැහැනු ලමයගෙ අයියත් ඉදල තියෙනව.මට හිතෙන්නෙ අයිය මම කරන වැඩේ දැකල මට ගහන්න ඇතිකියල. එදා තමයි වික්‍රම මට හඳුනාගන්න පුලුවන්වුනේ....මොනවද බන්.... කෙල්ලො පස්සෙ ගිහින් නිකන් පීචන් වෙන්නෙ....ඕව අතහැරල දාල හොදට ඉගෙනගන්න බලපන්....උඹ හොද තැනකට ගියොත් කෙල්ලො ඕනැතරන් ලැබෙයි.....එයා මම ගුටිකාල තැලුනු තැන්වලට බාන් ගාන අතරතුර කිව්ව.....එදා මට තේරුනා වික්‍රම කියන්නෙ හිත හොද කෙනෙක් කියල. අපේ ඇසුර ආරම්භවුනේ එදා ඉදන්.
වික්‍රම කියන්නෙ වැඩිය යාලුවො ඇසුරු කරන කෙනෙක් නොවන බව එදා ඉදන්ම මට තෙරුනා. ඒත් අපි දෙන්නගෙ ඇසුර තවත් වැඩිවුනා මිසක් අඩුවුනේ නෑ. මට සාමාන්‍ය පෙල පාස්වෙන්න වික්‍රමගෙ උදවු කලා. මම ඒදවස්වල පාඩම් අහගන්න එයාගෙ ගෙදර ගිය හින්ද වික්‍රමගෙ ගෙදර අයත් හදුනගන්න ලැබුනා
එයා කොළඹ පදින්චියට ගියාට පස්සෙ වික්‍රම කසාදයක් කරගන්න උනන්දුවක් නෑ කියල ඒ ගෙදරට ගිය හැම වෙලවෙම එයාගෙ අම්ම කියනව.....අනේ ලසන්ත පුතේ ඔයලමයවත් යාලුවව මේකට උනන්දු කරවන්නකො......ඔහුගේ අම්මා මට නිතරම කියන්න උනා. ඒත් වික්‍රම කියන්නෙ එයගෙ මතේට වැඩ කරන කෙනෙක් හින්ද මම කොච්චර කිව්වත් එයා ඇහුවෙ නෑ....
මම උසස් පෙල පාස්වුනත් විශ්වවිද්‍යාලයට යන්න බැරිවුනා. වික්‍රමගෙ උදවුවෙන් එයා වැඩකරන තැන ලිපිකාර වැඩක් හොයාගන්න පුලුවන්වුනා. ...උඹ බෝඩින් හොයන්න යන්න එපා මගේ ගෙදර නවතින පුලුවන්..... අපේ නිවස තිබුනෙ කුරුනෑගල හින්ද ලගින් බෝඩිමක් හොයාගන්න ඕනැ කිව්වම වික්‍රම එහෙම කිව්ව....මම ඉන්නකොට උඹේ වැඩවලට කරදරයිනෙ බන්....මම වෙන කොහේහරි තැනක් හොයාගන්නම්....මම කිව්වත් ඔහු ඒකට විරුද්ද වුනා....උඹෙන් මට කරදරයක් නෑ බන් මෙන්න මෙහාට වෙලා හිටහන්....ඔහු කිව්ව....ඒ හින්ද මම එයාගෙ ගෙදර නැවතුනා.
වික්‍රම මෙච්චරකල් කල් කෑම කාල තියෙන්නෙ කඩෙන්......මචන් උඹ කසාදයක් කරගත්තනන් මෙහෙම කඩෙන් කන්න ඕනැ නෑනෙ....මම ඔහුට කිව්වම .....මම මේ හොදට නිදහසේ ඉදගෙන මගේ පරීක්ෂණ කටයුතුටික කරනව....උඹ හදන්නෙ ඒව කඩාකප්පල් කරන්නද...ඔහු දොස් කියන්න වුනා.
එහෙ නැවතිලා ටික දවසක් ගියාම මට හිතුන කඩෙන් කන්නෙ නැතුව උයාගෙන කන්න....මචන් මේ විදියට කඩේ ජරා කෑම කකා ඉන්න බෑනෙ බන්....මම උයන්නම්.....මම ඔහුට යෝජනා කලා....මේ විකාර කියවන්න එපා බන් උඹට උයන්න පුලුවන්ද....ඔහු කිව්ව....මට ටිකක් පුලුවන්බන්....උත්සාහ කරල බලන්නම්.....මා කීවුවහම.....උබේ කැමැත්තනෙ උයල බලහන්කො....මගේ බලකිරීම මත අවසානයේ ඔහු කැමතිවුනා.
පහුවදා වැඩට ගිහින් එනකොට උයන්න අවශ්‍යය බඩු අරන් ආව. ගෙදර කුසියට අවශ්‍ය කරන උපකරන තිබුන හින්ද....උයන්න අවශ්‍ය කරන දේවල් විතරයි ගේන්න ඕනැකම තිබුනෙ.....මම රෑ කෑමට පරිප්පු හදල ගොටුකොල සම්බලයක් හැදුව.....මම දැක්ක වික්‍රම ඒව රසකරකර කනව.....කාලෙකින් අද තමයි බන් රසට කෑවෙ.....මම හිතුවෙ නෑනෙ උඹට මෙච්චර හොදට උයන්න පුලුවන් කියල.....ඔහු ප්‍රසංසාත්මකව කතා කලා.
මම උදේ පාන්දරින්ම නැගිටල උයන්න ගත්ත.... උදේට කාල දවල්ට කන්න බත් පාර්සල් හදාගෙන එයාටත් එකක් දුන්න.....මචන් හැමදාම උබට මේ වැඩේ කරන්න බෑනෙ බන්..උබට මේක කරදරයක්නෙ....දවසක් වික්‍රම කිව්ව.....මට මොන කරදරයක් ද බන් උඹ මගෙන් ඉන්නවට සල්ලි ගන්නෙ නැති එකේ මේවගෙ දෙයක් කරන්නවත් ඕනැනෙ.....මම කිව්ව.....එහෙනම් මම කියන්නද වැඩක්.....උයන්න ඕනැ කරන පහේ මම ගානෙ දෙන්නම්....උබ ඒවට වියදම් කරන්න යන්න එපා.....ඔහු කිව්ව....ඒක හරි නෑනෙ බන්....යාලුව උනත් නිකන් කනව වගේ වැඩක්නෙ....මම කිව්ව....එහෙම කරන්න බැරිනම් උඹ උයන්නත් එපා.....මමත් කැමති නෑ යාලුව ලවා මේවගෙ වැඩ ගන්න....ඔහු එහෙම කිව්වම....මම උයල දෙන්න කැමති වුනා......
No comments:
Post a Comment