ආත් අම්මාගේ පාඩම 199..............ඕව බැලුවෙ නැති වුනාට මට කියන්න පුලුවන් මහත්තය.....අම්මා එසේ පැවසුවේ කවුරු කෙසේ කීවත් ඇය මා කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටිනිසා බව වැටහුනි.......මේක බැලුවම හරියටම කියන්න පුලුවන්නෙ වත්සලා.....තාත්තා පැවසූවිට.....අම්මා මාදෙස ආදරණීය බැල්මක් යොමුකලාය....පසු දින උදැසන අවදිවූ මා තාත්තා දුන් කුඩා කුප්පිය රැගෙන නාන කාමරය තුලට ගියෙමි....මේ කුප්පියෙ කට පුංචි හින්ද මේකට දාගන්නෙ කොහොමද.....තාත්ත කිව්ව මොහොකටවත් දාල එහෙම දාන්න එපා කියල....කෙලින්ම මේකට ගන්න කියල.....මම ඉස්සර කොල්ල වෙලා ඉන්න කාලෙනම් කිසිම ගැටලුවක් නැතුව මේක ඇතුලටම මුත්රා කරන්න තිබුන....දැන් මට ඒක නැති හින්ද ......මොකද කරන්නෙ...... කල්පනා කල මා ගලායන දියර පහරට එය ඇල්ලිවෙමි ...වැඩි හරියක් කුප්පියෙන් පිතටතට ගලාගිය නිසා අල්ලාගෙන සිටින අත සහ කුප්පිය එවායෙන් තෙත්වෙන්ට විය.....මගේ අත තෙත්වුවද කුප්පිය පිරී තිබුණි ...එහි මූඩිය තදකල මා එය සමග අතද සොදාගත්තෙමි. එය පැත්තකින් තැබූ මා තේ පිලියෙල කිරීම සදහා කුස්සිය දෙසට ගියෙමි.....ඊයෙ වගේ අදත් වමනෙ යැයිද මන්ද....කල්පනා කරමින් තේ පිලියෙල කලෙමි. අම්මාට සහ තාත්තාට තේ දෙක රැගෙන ගිය මා ඉන් අනතුරුව අපි දෙදෙනාගේ තේ දෙක රැගෙන කාමරය තුලට ගියෙමි....ඒ වෙනවිට සුරන්ජිත් නැගිට සිටිනබව දුටුවෙමි....තේ කෝප්පය ඔහුට පිලිගැන්වූ මා මගේ තේ එක රැගෙන පානය කිරීම සඳහා ඇදේ වාඩිවුනෙමි.....බීමට ලැබුනේ උගුරු දෙක තුනක් පමණි. ඔක්කාරයට පැමිනි මා එය තද කරගෙන නාන කාමරට ගොස් කොමඩය තුලට වමනය කරන්ට වුනෙමි.....සුරන්ජිත් මාව අල්ලාගෙන මගේ පිට අතගාන්ට විය.....වමනය අවසන් වූ පසු ඔහුගේ අතින් මගේ මුහුන සෝදන්ට විය....මාව තුරුලු කරගෙන ඇද උඩින් වාඩිකරවූ ඔහු මෙය අම්මාට පැවසීම සදහා කාමරයෙන් පිටවිය....අදත් වමනෙ ගියා නේද....දැන් හරි.... සිනාසෙමින් කී අම්මා....මුත්රා ටික ගත්තද ඇසුවාය.....ගත්ත අම්මෙ..... කී මා එය අම්මා අතට දුනෙමි.....දැන් මේව ඕනැ නෑ දුවේ.....තාත්ත කියන හින්ද දෙන්නම්.....පැවසූ අම්මා....එය රැගෙන කාමරයෙන් පිටවූවාය.....අද වැඩට යන්න පුලුවන්ද....සුරන්ජිත් ඇසුවේය.....අපෝ පුලුවන් මට අමාරුවක් නෑ....කී මා රැකියාවට යාම සඳහා සූදානම් වුනෙමි.....අපි සූදානම් වී අම්මා තාත්තාට වැදීම සදහා ගිය විට....වාහනේ යන්කොට හිමින් යන්න වැඩිය බ්රේක් ගගහ යන්න එපා....දුවට වැඩිය ගැස්සෙන්න හොද නෑ....දුවත් බර දේවල් උස්සන්න එහෙම යන්න එපා.....අම්මා අපිට උපදෙස් කිහිපයක් ලබා දුන්නාය.....ඔන්න බ්රේක් ගහන්නෙ එහෙම නෑ....වාහනයේ ගමන් කරන අතරතුර මා සිනාසෙමින් කීවෙමි.....හිමින් ගියහම වැඩිය බ්රේක් ගහන්න ඕනැ වෙන එකක් නෑ.....ඒක ගැන නෙවෙයි මම මේ කල්පනා කරන්නෙ..ඔයාට බර උස්සන්න එපා කිව්ව එක ගැන.....මම අනිත් අය වගේ බර උසන්නෙ නෑනෙ.....මා කීවෙමි......ඒ වුනාට මගෙ බර කිලෝ කීයක් කියලද හිතන්නෙ.....ඔහු පැවසූ විට.....ඔහු පැවසූ දේ තේරුම් ගත් මට එකවරටම සිනායන්ට විය....ඔයාගෙ බරනම් එච්චර දැනෙන්නෙ නෑ ඒත් සමහර වෙලාවට ඔයාගෙ අත් වලට මාව අහුවුනාම දඩුඅඩුවට අහුවුනාවගේ....හෙල්ලෙන්නවත් බෑ....මා එසේ කීවේ....ඔහු මට ආදරය කරන විට ඔහුගේ ශක්තිමත් දෑත්වලින් මාව තදින් තුරුලු කරගෙන සිපගන්නා නිසාය. .......ඇයි ඔයා ඒකට කැමති නැද්ද....ඔහු ඇසුවේය....අනේ නෑ සුරන්ජිත් ඔයා කැමති එකක් කරන්න.....මම නිකන්කිව්වෙ.....මාත් හරි ආශයි මගෙ මේ සියුමැලි ශරීරෙ ඔය ශක්තිමත් දෑත්වලට දඩු අඩුවකට අහුවුනා වගේ හිරවෙන්න.....මා එසේ කියන විට සිනාසුනු ඔහු....ඔයාටත් තියෙන ආශාවල්.... පැවසුවේය.....
වැඩට ගිය අපි වෙනදා මෙන් වැඩවල නිරත වන්ට වුනෙමු. සවස් වරුවේ මා කර්යාලය තුලට වී වාර්තා කිහිපයක් පිලියෙල කරමින් සිටි අතර සුරන්ජිත් වෙනත් ස්ථානයක සිදුවී තිබුනු දෝෂයක් නිවැරදි කිරීමට උපදෙස් දීමට ගොස් සිටියේය. සවස තුනට පමන මගේ රාජකාරී දුරකතනයට ඇමතුමක් ලැබුණි.....මම මේ දුවගෙ තාත්ත කතා කරන්නෙ....සුරන්ජිත් පුතා.... ළඟ ඉන්නවද ඇසුවේය.....මොකද දන්නෙ නෑ වෙලා තියෙන්න....සිතූ මා......වැඩකට ගිහින් තාත්තෙ....තව පොඩ්ඩකින් එයි... පැවසුවෙමි.
No comments:
Post a Comment