ආත් අම්මාගේ පාඩම 200.අවසන් කොටස...........ඔයාගෙ රිපොර්ට් හරි කියන්න ගත්තෙ.....සුරන්ජිත්ට කියන්න එයා තාත්ත කෙනෙක් වෙන්න යනව කියල.....ඔහු ඉංග්‍රීසියෙන් කියාගෙන ගියේය.....එය ඇසුනු විට මට ඇතිවුනු සතුට නිසා කුමක් කියන්න දැයි සිතාගැනීමට නොහැකිව....බලා සිටියෙමි.....මොකද දුවේ කතා නැත්තෙ..ඔහු ඇසුවේය.....අනේ තාත්තෙ මට සතුට දරාගන්න බැරුවගියා....මම සුරන්ජිත්ට දැම්ම පනිවිඩේ අරින්නම් මේ දැම්ම.....කලබලයට පත්වූ මා සිංහල ඉංග්‍රීසි පටලවමින් කතාකරන්ට වුනෙමි.....එය අසා සිටි තාත්තා සිනාසෙන ශබ්දය ඇසුණි......කලබල නොවී සුරන්ජිත්ට කියන්න දුවේ...පැවසූ ඔහු දුරකථනය විසන්ධි කලේය.....මොකද මිසිස් චතුරිකා.....මොකක් හරි ගැටලුවක්ද....මා සුරන්ජිත්ට දුරකතන ඇමතුම ගන්නා විට මගේ සහායිකාව ලෙස සේවයකරන දේවිකා...ඇසුවාය.....නෑ දේවිකා සුබ ආරංචියක් .....කියනවිටම....සුරන්ජිත්ගේ කටහඩ ඇසුණි......සුරන්ජිත් ඔයා වැඩක්ද...මා ඇසුවෙමි..පොඩි වැඩක් ඇයි.....පොඩ්ඩක් මෙහාට එන්න පුලුවන්ද....මා ඇසූ විට.....ඇයි ආයෙත් වමනෙ යනවද.....ඔහු ඇසුවේය....නෑ අනේ ඊට වඩා ලොකු දෙයක්.....ඉතින් ටෙලිපෝන් එකෙන් කියන්නකො....ඔහු කීවිට.....ඒක ටෙලිපෝන් එකෙන් කියල වැඩක් නෑ අනේ..... ටිකක් එන්නකො.....මා කීවෙමි.....මා දුරකතනය තබා සිතට දැනුනු සතුට නිසා ගීතයක් මිමිනුවෙමි.....මොකද මිසිස් චතුරිකාට කවදාවත් නැති සතුටක් ඇවිත් තියෙන්නෙ.....සතුටු නැද්ද අනේ..... මා ඇයට පැවසුවෙමි.....ඉතින් කියන්නකො අපිටත් දැනගන්න එක්ක.....ඇය ඇසුවාය.....සුරන්ජිත් කලබලයෙන් මෙන් මා අසලට ආවේය.....මොකද වුනේ.....ඔහු කලබලයෙන් මෙන් ඇසුවේය.....තාත්තගෙන් කෝල් එකක් ආව.....අපි හිතාගෙන හිටිය දේ හරිලු සුරන්ජිත්.....මා සතුටින් පැවසුවෙමි.....මගේ අත අල්ලා සිපගත් ඔහු.....මගේ මුහුනදෙස ආදරෙයන් බලාසිටින්ට විය...මෙම මොහොතේ මේ ස්ථානයේ නැතුව අපි දෙදෙනා තනිව සිටියානම් ඔහුට ඇතිවූ ආදර හැගීම නිසා මට කුමන ආකාරයකින් ආදරය දක්වයිදැයි සිතාගැනීමට නොහැකිවිය.......මොකක්ද වෙලා තියෙන්නෙ...මිස්ට සුරන්ජිත්.....දේවිකා ඔහුගෙන් ඇසුවේය.....මේ චතුරිකා මිස්ව ටිකක් හොදින් බලා ගන්න වෙනව...එයා අම්ම කෙනෙක් වෙන්න යනවලු......එය ඇසූ ඇය සිනාසෙමින් මා අසලට පැමින මට අතට අත දී සුබපැතුවාය.....මොකද මචං..... සුලු වේලාවකින් ඔහු සමඟ සේවය කරන ඔහුගේ මිතුරෙකු පැමින ඇසුවේය......මම ඒ වෙලාවෙ බයවෙලා ආවට වෙන දේකට බන් කතාකරල තියෙන්නෙ....මොකක්ද.....තාත්ත කතා කරල කිව්වලු.....චතුරිකාගෙ යූරීන් රිපෝට් එක පොසිටිව් කියල....මචන් උඹත් තාත්ත කෙනෙක් උනා එහෙනම්.....ඔහු සුරන්ජිත්ව බදාගෙන කීවේය.....චතුරිකා අපේ සුබ පැතුම්..... ඉන් අනතුරුව මට අතට අත දුන් ඔහු කීවෙය....ඕක කෝල් කරපු වෙලාවෙ කිව්වනම් ඉවරෙනෙ......මේ යකා බයවෙලා ඔක්කොම දාල දුවගෙන ආව.....මාත් වැඩේ නවත්වල ආවෙ මොකද කියල බලන්න.....ඔහු මට දොස් කියන ආකාරයෙන් කියන්ට විය....කෝල් එකෙන් කිව්වම කිසි ගතියක් නෑනෙ නේද මිසිස් චතුරිකා....දේවිකා සිනාසෙමින් කීවාය.....ගෑනුන්ගෙ හැටි ඔහොමම තමයි....පොඩි දේටත් මිනිස්සු කලබල කරනව.... දැන් හරිනෙ...යමු මචන්...ඔහු සුරන්ජිත් සමග ආපසු ගියේය.....මා අම්මාට සහ අක්කලා දෙදෙනාට මේ ආරංචිය දුන්නෙමි.....අපිට පාටියක් ඕනැ නංගී.... නයෝමී අක්කා පැවසුවාය.
අපි නිවසට ගිය විගස මාව බදාගෙන මුහුන සිපගත් අම්මා.....මම කිව්ව නේද දුවේ දුවට කවදාවත් වරදින්නෙ නෑ කියල.... දැන් ඉතින් ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනැ....අන්නාසි වගේ සැරජාති කනව එහෙම නෙවෙයි.....ඇය නියෝග දෙන ආකාරයට පැවසුවේ මට ඇති දැඩි සෙනෙහසට බව තේරුනි.
දුවේ දුවට කන්න කැමති ඒව එහෙම තියනවනම් කියන්න......හිතේ තියාගෙන එහෙම ඉන්න එපා ඒක බබාට හොද නෑ.....අපි ඇදුම් මාරු කරගෙන සාලයට ගිය පසු අම්මා කීවාය.....අම්මෙ හෙට උදේට කිරිබත් හදමුද.....මා ඇසුවෙමි....ඕකනෙ මම කිව්වෙ....හිතේ තියාගෙන ඉන්නව මිසක් කියන්නෙ නෑ....මගේ කම්මුල අල්ලා මිරිකා කීවාය.....මගේ කම්මුල හොඳින් ඉස්සී තිබුනු බැවින් අම්මා සහ සුරන්ජිත් විටින් විට එසේ කරන බව මා දැනගෙන සිටියෙමි.....සුරන්ජිත් ඒවා සෙමින් සැපීමටද පුරුදුව සිටියේය.
දිනෙන්දින මගේ කුස විශාල වන්ටවිය. අපහසු තාවයන් ඇතිවූවද මා ගැහැනියක වශයෙන් සියලු අපහසුතාවයන් ඉවසාගෙන උත්තරීතර මවු පදවිය සඳහා සූදානම් වුනෙමි.....අපේ පවුලේ බාලයා මා බැවින් සියල්න්ගේ ආදරය සහ අවධානය මාවෙත යොමුවී තිබුණි. මේ නිසා කිසිම අඩුපාඩුවක් නොදැනුනි....ස්කෑන් පරීක්ෂාවකින් ලැබෙන්න සිටින්නේ දුවෙක් බව දැනගැනීමට ලැබුණි.....දින සම්පූරන වූවිට දියනිය බිහිවිය එදින ගැහැනියක් වසයෙන් මවක් වසයෙන් විදින්න සිදුවන ලොකුම වේදනාව විදීමට සිදුවූවද ගැහැණු ජීවිතය ගැන මගේ සිතතුල තිබුනු බලවත් කැමැත්ත බිදකින්වත් අඩුනොවීය.මට මවක් වීමටලැබීම ගැන ආඩම්බරයක් ඇතිවිය. සිගිත්තිය මාගේ පියයුරු වලින් කිරිඋරා බොනවිට ඇතිවන ආදර බර හැගීම මා පිරිමියෙක්ලෙස සිටියානම්වි කිසිම දිනක විදගැනීමට නොලැබෙන බව මා කල්පනා කලෙමි.
අපේ පවුලේ සියල්ලන්ටම කුඩා දරුදැරියන් සිටින බැවින් අම්මා ඉතාමත් සතුටින් සිටින බව දක්නට ලැබුනි..මට හිතෙන්නෙ..මේ චූටි පැටික්කිනම් දිවිය ලෝකෙ ඉදන් ආපු දිව්‍ය කුමාරියක්ම කියල තමයි.....මොකද එදා අර හාමුදුරුවො ආරාධනා කලානෙ පින්වත් කෙනෙක් මගෙ දුවගෙ කුසේ උපදින්න කියල....ඊට පස්සෙනෙ මේ දුව බඩට ආවෙ....අම්මා දුවව වඩාගෙන සිනාසෙමින්....කීවාය
දියනියට අවුරුදු දෙකක් පමන වනවිට මා නැවත අම්මා කෙනෙක් වීමේ ලකුනු පහල විය. මේ අතර මා නිමල් ලෙස සිටින සමයේ මා ළඟින් ඇසුරු කල යහලුවන් ගැන විටින් විට දැන ගැනීමට ලැබුණි. ඔව්න් ගෙන් සමහෙරෙක් හ්රගෙවල් වලවිය. සමහරු පාතාල කන්ඩායම් වලට එකතුවී මැර කටයුතු වල නිරත වන බව ආරන්චිවිය. මා මෙලෙස චතුරිකා බවට පත් නොවුනානම් මේ වනවිට මගේ තත්වය කුමක් විය හැකිදැයි කල්පනා කරන්ට වුනෙමි. එසේනම් මාත් මෙලහකට මැරයෙකි. නැතහොත් හිරගෙදරය එසේ නැතිනම් කාගේ අතින් හෝ මැරුම් කා ඇත..... මාව ගැහැනු ළමයෙක් බවට පත් කරල මට මේවගෙ තත්වයකට පත් කලාට ආත් අම්මට ගොඩාක් පින්දෙන්න ඕනැ.....මා කල්පනා කලෙමි..... ආත් අම්ම මට පාඩමක් උගන්වන්න කෙල්ලෙක් බවට පත් කල මුල් දිනවල මා සිතා සිටියේ ගැහැනු ජීවිතය යනු මහ මෝඩ කරදර කාරී කිසිම වැඩක් නැති ජරා ජීවිතයක් ලෙසටය. එහෙත් දිනෙන්දින එහි යම් සුන්ද්රත්වයක් ඇති බව අවභෝදවනවිට ගැහැනු කමට කෙතරම් ඇලුම්කලාද කියත හොත් මට පිරිමි ජීවිතය එපාම විය. මා අද නිතර ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකිනා තුරු උපදින උපදින සෑම ආත්මයකම මෙවැනි සුන්දර කාන්තාවක් වී ඉපදී සුරන්ජිත් ගේම බිරිද වීමටය.
නිමල් චතුරිකා බවට පත්වූ ආත් අම්මාගේ කතාව මින් අවසන් විය.
No comments:
Post a Comment