වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 27.......................ටිකවෙලාවකට පස්සෙ කේක් එකක් කපල ඔව්න්ගේ දියනියට සුබපැතුව....ඊටපස්සෙ ටිකක්වෙලා ඉන්නකොට වික්‍රම ළඟට ආව මැටිල්ඩාගේ මහත්තයා වන ජයසේකර මහත්තය....වික්‍රම සමඟ සෙමින් කිව්ව දේ මට තේරුනත් මා නොතේරෙන විදියට හිටිය. .....යමු ඩොක්ට අතන ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ....වික්‍රම ඔහු කියනදෙයට විරුද්ධ වූනිසා ටිකක් හයියෙන් කියනව ඇහුන.....වසන්ති....ඔයා මෙතැන ඉන්න.....මේ මිස්ට ජයසේකරගෙන් බෙරෙන්න බෑනෙ......සෙමින් කියල මා අසලින් ගියා.....වික්‍රම සහ මා නිතර මත්පැන් පානය නොකලත් මෙවැනි උත්සව අවස්ථාවකදී බියර් ටිකක් බීමට පුරුදුවෙලා හිටිය..ඒත්...අද මට එම අවස්ථාව අහිමිවුනේ මා ගැහැනියක් බවට පත්වීම නිසා බව තේරුනි. මේ නිසා මා මෙම ස්ථානයේ තනිවිය.....ඔයා ඩොක්ට වික්‍රමගෙ වයිෆ් නේද......මා අසලට පැමිණි ගැහැනු කෙනෙක් මගෙන් ඇහුව...ඇය මගේ වයසට කිට්ටු තැනත්තියක් බව පෙනෙන්ට තිබුන......බලන්න ශ්‍රීයානි අපි කොච්චර ළඟ හිටියත් මේ වික්‍රමගෙ වයිෆ් කියල මාත් දැනගත්තෙ මේ ඊයෙ පෙරෙයිදනෙ......මැටිල්ඩ මාව ඇයට හඳුන්වලා දෙන අතරතුර කිව්ව....මටත් හිතුන හින්ද මිසිස් මැටිල්ඩ මෙයාගෙන් දැන් ඇහුවෙ.....ඇය සිනාසෙමින් කිව්ව.....ඔයා කොහේද ඉන්නෙ.... මා ශ්රීයානිගෙන් ඇහුව......ඔයාලගෙ ගෙදරට ගෙවල් පහකට විතර එහා....කී ඇය ඕයාගෙ නම මොකක්ද ඇහුව.....වසන්ති....මම කිව්ව.....ඔයාව හදුනගන්න ලැබුන එක ලොකුදෙයක්.....කිව්ව ඇය . මහත්තය පොඩ්ඩක් එහාට ගිය හින්ද මට හිතුන ඔයාව හදුනගන්න....ඩොක්ටත් එතෙන්ට ගියානේද.....ඇය සිනාසෙමින් මගෙන් ඇහුව.....මම මොකුත් නොකිය සිනාසුනා......පිරිමි උනාම ඔහොම තමයි අනේ....මේවගෙ වෙලාවට එපා කියන්නත් බෑනෙ....ඇය කිව්ව.... ටිකවෙලාවකින් තවත් කාන්තාවන් කිහිප දෙනෙක් අපි ළඟින් වාඩිවෙලා කතාකරන්න වුනා....ඒ කතා අතර දරුවන් ගැන කතාකරන්න උනා.....වසන්ති ඔයත් දැන් දරුවෙක් ගැන හිතන්න...ශ්‍රියානි කිව්ව......ඇය මෙහෙම කිව්වම මට මොකක්ද කියන්නෙ කියල හිතාගන්න බැරුව ගියා....මම මොකුත් නොකියා ඇය දිහා බලල ලැජ්ජාසහගත විදියට සිනාසුනා......ඔවුන්ගෙන් සමහරු මගේ ලස්සන ගැන වර්ණනා කරන්න වුනා.....ඔයාට මෙවගෙ මේකප් ඕනැත් නැ අනේ මට හිතෙන්නෙ නිකන් හිටියත් ඔයා ලස්සනයි...... එක්කෙනෙක් කිව්ව.....නෑ අනේ මම සැලුන් එකකට ගිහින් පොඩ්ඩක් මුහුනයි කොන්ඩෙයි හදාගත්ත....මම පැවසුව......මාව කෙල්ලෙක් උනාට පස්සෙ මේතරම් ගැහැණු අය වටකරගෙන කතාකල පලවෙනි දවස අද වුනා. අපි නොයෙක් දෙවල් කතා කරමින් සහ විහිලුතහලුකරමින් ඉන්නකොට දන්නෙම නැතුව කාලය ගෙවිල ගියා. මේ අතර කිහිපදෙනෙක් මාත් එක්ක හිතවත් උනා...ටිකවෙලාවකින් වික්‍රම මාලගට ඇවිත් වාඩිවුනා......බියර් ටිකක්බිව්ව.....ඉස්සරනම් අපි දෙන්න එක්ක එකටනෙ බොන්නෙ....අපරාදෙ අද ඔයාට ඒක කරන්න බැරිවුනානෙ....ඔහු කනගාටුවෙන් වගේ කිව්ව එයා....මම එනකන් කම්මැලි කමේ ඉන්න ඇති නෙද.....ඇහුව....නෑ අනේ ඔයා මාලඟින් ගියාට පස්සෙ ගෑණු ටික මාව වටකරගත්තනෙ....හැමකෙනාම හිතාගෙන ඉන්නෙ අපි දෙන්න බැදල කියල.....මම සිනාසෙමින් කිව්ව....මොනව කරන්නද වසන්ති....එයාල ඕනැ එකක් හිතාගත්තාවෙ......ඔහු කිව්ව.....ඉතින් ගෑණු ටික වටකරගෙන ඔයත් එක්ක කතාකරනකොට බය හිතුනෙ නැද්ද.....ඔහු ඇහුව. මුලදිනම් ලැජ්ජවක් එක්ක බයක් හිතුන....ඒත් ටිකක්වෙලා යනකොට මම නොදැනුවත්වම මාත් එයාලවගේ ගැහැනියෙක් කියල තේරුණා ඊටපස්සෙ ගානක් නැතුව ගියා......මම සිනාසෙමින් කිව්ව.
ටිකවෙලාවකින් කිහිපදෙනෙක් සංගීත තාලයට අනුව නටන්න ගත්ත. මම දැක්ක ශ්රීයානිත් ඔව්න්ට එකතුවෙලා නටනව. මාව දැක්ක ඇය මටත් නටන්න කතා කලා.....මම එය ප්‍රතික්ෂේප කරන කොට මා ලගට ආව ඇය මගේ අතින් අදිමින් බලකරන්න වුනා. මාත් එක්ක කතාකල කාන්තාවන් කිහිපදෙනෙකුත් මට බලකරන්න පටන්ගත්ත හින්ද මටත් ඔව්න්සමග නටන්න වුනා.....මම ගැහැනු කෙනෙක් වෙන්න ඉස්සෙල්ලවත් මේවගෙ පාටිවලට නටන්න ලැජ්ජාවක් තිබුන....අද ඊට වඩා ලැජ්ජාවක් ඇතිවුනත් ඔවුන්ගේ බලකිරීම හින්ද නටන්න පටන්ගත්ත. ටිකක්වෙලා නටපු මම වික්‍රම ගාවට ගියා......ඔයා නටනකොට හරිම ලස්සනයිනෙ වසන්ති.....මට හිතුනෙ ඉන්දියාවෙ ශ්රීදේවිද කියල.....කීදෙනෙක් නැටුවත් මේ හැමකෙනාම ඔයා නටන දිහා තමා බලා හිටියෙ.....ඔහු සතුටින් යුතුව කිව්ව...අපි රාත්‍රී ආහාරය අරගෙන යන්න හදනකොට මැටිල්ඩා කෑම පාර්සලයක් අරන් ඇවිත් මගෙ අතට දීල... මේක ගෙදර වැඩකරන ගෑනු කෙනාට දෙන්න....කියල මාව බදාගෙන මගේ මුහුන සිපගෙන සමුදුන්න.....ඔයා යනවද වසන්ති....ශ්‍රීයානි මා ගාවට ආවිත් කියල මාව බදාගෙන මගේ මුහුන සිපගත්ත. සුලුවෙලාවකින් මාත් එක්ක කතාකල අනිත් ගැහැනු අයද මාගේ මුහුන සිපගනිමින් සමුදුන්න. මාත් ඔව්න්ගේ මුහුනු සිපගනිමින් සමුදුන්න. අපි ආයෙත් හම්බවෙමුකෝ ඔවුන් මට කිව්වෙ අපි මේ පැය කීපයට හුඟක් හිතවත්වුන හින්ද කියල තේරුනා.....
බලාගෙන යනකොට ගැහැනියෙක් වෙන එකත් නරකම නෑ......එපි ගෙදර එනකොට වික්‍රම සිනාසෙමින් කිව්ව.....ඒ මොකද....මම පුදුමයෙන් වගේ ඇහුව.....දැන් ගෑණු කීදෙනෙක් ඔයාගෙ මුහුණ ඉම්ඹද ....ඔයාටත් ගැහැනු කීදෙනෙක්ගෙ මුහුනු ඉඹගන්න හම්බවුනාද.....ඔහු තවදුරටත් සිනාසෙමින් කිව්ව....
No comments:
Post a Comment