වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 32..................නාන්නනම් බෑ පුතේ...මුහුන පොඩ්ඩක් හෝදගත්තොත් හොදයි.....අම්ම කිව්ව හින්දා මම ඇයව මගේ කාමරේ තියෙන නාන කාමරේ පෙන්නුව. ඇය ඒකට ගිහින් ආපසු ඇවිත් ....මේ ඔයාගෙ කාමරේද....වටපිට බලමින් ඇහුව ඇය මගෙ ඇදුම් රාක්කෙ ගාවට ගිහින් ගැහැණු ඇදුම් ටික අල්ලල බලල....ඔයාට දැන් ලස්සන ඇදුම් ටිකක් තියෙනවනෙ.....කවුද ගත්තෙ ඔයාද....ඇහුව....නෑ අම්මෙ ඔය ඔක්කොම වික්‍රම අරන්දුන්න ඒව.....එතකොට ඔය දාගෙන ඉන්න කරාබු දෙකයි මාලෙයි අරන්දුන්නෙත් එයාද ....මම දාගෙන ඉන්න මාලෙයි කරාබුදෙකයි අතගාල බලල ඇහුව......ඔව් අම්මෙ....මම කිව්ව.....මේව රත්තරන් හින්ද ගොඩක් වටිනව ඇති....ඇය ඇහුව......ඔව් අම්මෙ රත්තරන් බඩු සාප්පුවෙන් ගත්තෙ....මම කිව්ව.....වික්‍රම ලමය ඔයාට ගොඩක් ආදරෙයි වගේ..... සතුටින් කිව්ව ඇය.... මට තවදෙයක් අහන්න ඕනැ දුවේ....සෙමින් කිව්ව.....මොකක්ද.....මම ඇහුව....ඔයා දැන් ගැහැනු ලමයෙක් වෙලානෙ....වික්‍රම ඔයාගෙ යාලුව වුනත් එයා පිරිමියෙක්නෙ.....ඒ හින්ද මෙවගෙ එකට ඉන්නකොට ගැටලුවක් වෙන්නෙ නැද්ද.....ඇය සෙමින් වගේ ඇහුව....එහෙම දෙයක් නෑ අම්මෙ....වික්‍රම කියන්නෙ එහෙම නරක අදහස් තියෙන කෙනෙක් නෙවෙයි.....මම කිව්ව.....එහෙනම් කමක් නෑ.....ඒත් පරිස්සම් වෙන්න පුතේ....ගින්දරයි පුලුනුයි එක ලග තියෙනකොට කොයිවෙලාවෙ ඇවිලෙනවද දන්නෙ නෑනෙ.....අම්මා එසේ පැවසුවේ වික්‍රමගේ ඇත්ත ස්වභාවය නොදැන බව මට තේරුනා....කොයි එකටත් ඔයා ආපහු ගෙදර ආවොත් හොදයි කියල මට හිතෙනව......ටිකවෙලාවකින් කිව්ව....අපෝ මට බෑ අම්මෙ....වික්‍රම බෙහෙත හොයාගන්නකන් මම මෙහෙම ඉන්නව....මම කිව්ව....එයා ඒක හොයාගත්තොත් හොඳයි. එහෙම බැරිවුනොත් ඔයාට මොනව වෙයිද කියල කවුද දන්නෙ.....අම්මා දුකෙන් වගේ කිව්ව.....බැරිම උනොත් මොකක්හරි බලමුකො......මම කිව්ව.....මම මේ අම්ම කෙනෙක් විදියට පුතාගෙන් අහන්නෙ.....අම්ම කෙනෙක්ට දුවෙක් ඉන්නකොට මේව දැනගන්න ඕනැ....තාව කාලිකව හරි දැන් ඔයා මගෙ දුවෙක්නෙ.....කිව්ව ඇය..... දැන් ඔයාට ගෑණු අයට වෙනදේවල් වෙනවද.....ඇහුවා....මට එකවර ඇය අදහස් කල දේ නොතේරුන හින්ද.....මොනවද ඇහුව.....අර මාසෙකට සැරයක් වෙන එක.....රහසෙන් වගේ කිව්ව.....දැන් මාස හතර පහක විතර ඉදන් වෙනව......මම ලැජ්ජාවෙන් වගේ කිව්ව......ඔයා දන්න වද ඒවෙලාවට කරන්න ඕනැ දේවල්.....ඔව් අම්මෙ වික්‍රම ඩොක්ට කෙනෙක් හින්ද ඒ ඔක්කොම කියල දුන්න.....මම කිව්ව.....පාවිච්චි කරන ඒව කඩෙන් ගන්නවද......ඔව් අම්මෙ පෑඩ් පැකැට් තියෙනව.....මම කිව්ව......එහෙනම් ගැටලුවක් නෑ.....ඒත් මගෙ හිත කියන්නෙ ඔයාට ගෙදර එන්න කියල......අනේ අම්මේ....මට ඒකනම් කරන්න බෑ.......මම කවද හරි ගෙදර එන්නෙ හිටපු තත්වෙට පත්වෙලා......මම කිව්ව......අයියයි නංගියි ඔයාව දැක්කෙ නෑනෙ....දැක්කම පුදුම වෙයි....ඇය කිව්ව......ඕනෙ නම් ඇවිත් යන්න එන්නම්....ඉන්නනම් බෑ .....මම කිව්ව.
අපි මෙහෙම කතාකරමින් ඉන්නකොට චිත්‍රා ඇවිත් කෑමට කතාකලා......යමු අම්මෙ කෑම කන්න...කියල අම්මත් එක්ක කාමරෙන් එලියට එනකොට වික්රමත් අපිව හොයාගෙන එනව දැක්ක......මම කෑම කන්න පනිවිඩේ කියන්න එන්න හැදුවෙ.... කිව්ව ඔහු අපිත් එක්ක කෑම කන්න ගියා......ඇන්ටි අද මෙහෙ ඉදල හෙට උදේ යන්න....කෑම කන ගමන් .....වික්‍රම කිව්ව.....අනේ බෑ පුතේ.....නංගි ගෙදරනෙ......ඒ හින්ද යන්න ඕනැ....ඇය කිව්ව.....දැන් ගෙදර යනකොට රෑවෙනවනෙ අම්මෙ.....මම කිව්ව......ටවුමට ගිහිල්ල අයියට කෝල් එකක් දුන්නම එයා වාහනේ අරන් එයි......අම්ම කිව්ව. එහෙනන් කෑම කාල ඉවරවුන ගමන්ම අම්මව පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකට ගිහින් බස්සන්න වික්‍රම....මම කිව්ව.
අම්මා කෑම ගත් පසු ආපසු යෑමට සූදානම් වුනා .....මාත් අම්මව බස්සන්න එන්නද.....මම ඇහුව....එන්න මගෙ ගැටලුවක් නෑ....ඔහු කිව්ව හින්ද මම හොද සායක් සහ බ්ලවුස් එකක් ඇදගත්ත..මම මෙහෙම ඇඳගෙන අම්ම ගාවට ගියහම...ඇය මගේ බ්ලවුස් එකේ නැවුනු තැන් බලමින් තවතවත් හැඩකරන්න ගත්ත අතර කොන්ඩයද අතින් හදමින් තවත් හැඩකරමින් මගේ ලස්සන බලන අයුරු දුටුව......මම ඇගේ දෙපා අසල දනගසා වදිනකොට දුක වාවා ගැනීමට නොහකිව ඇස්වලට කදුලු පිරුන....මම අතේ තිබුනු ලේන්සුවෙන් කදුලු පිසදමන ගමන් ඇය ඉදිරියේ හිටගත්ත.....ඇය මාව තදින් තුරුලුකරගෙන මගේ මුහුන සිපගනිමින්....ඔයා මගෙ පොඩි පුතා....කිව්වා....මම දැක්ක එයාගේ ඇස්වලත් කදුලු පිරිලතියෙනව.....ඇය සාරි පොටෙන් ඒවා පිහදාගෙන ආයෙත් මගේ මුහුන සිපගත්ත......වික්‍රම කාර් එක ගත්තම.....අම්මට ඉස්සරහ ආසනයෙන් වාඩිවෙන්න කිව්ව.....නෑ නෑ මම පස්සෙන් වාඩිවෙන්නම් ඔයා ඉස්සරහට යන්න.....යාලුවො දෙන්නනෙ.....ඇය සිනාසෙමින් කියමින්......පස්සෙ ආසනයේ වාඩිවුනා......අපි පිටකොටුවට ගියාට පස්සෙ ඇයව කුරුනෑගල නගරාන්තර බස් එකකට නග්ගන්න එක්ක ගියාට පස්සෙ වික්‍රම ඇයට රුපියල් දාහක් දෙන්න හැදුවත් එපා කියමින් ප්‍රතික්ෂේප කලා....ගන්න අම්මේ වික්‍රම කැමැත්තෙන් දෙන දේනෙ ....මම කිව්වම අකමැත්තෙන් වගේ අතට ගත්ත......බස් එක පිටත් වුනාට පස්සෙ අපි වාහනයට නැග්ග.
No comments:
Post a Comment